Watch Trailer

Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්‍රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්. විනී ද පූ ගැන කතා කරද්දී මේ වෙනකොට…

ක්‍රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්‍රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්. විනී ද පූ ගැන කතා කරද්දී මේ වෙනකොට පොත්, චිත්‍රපට වගේම රූපවාහිනී කතා මාලා බොහොමයක් මේ විනී ද පූ චරිතය පාදක කරගෙන නිපදවිලා තියෙනවා. ඔයාල මේ විනී ද පූ කතා සමහරවිට කියවලා හෝ නරඹලා ඇති. (එහෙම නොවුනත් මේ චිත්‍රපටය බලන්න බාධාවක්නම් නැහැ) හැබැයි ඔයාලා දැනගෙන හිටියද විනී ද පූ සහ ඔහුගේ මිතුරන් වන ටිගර්, පිග්ලට්, ඊයෝ පිරිස තිරයෙන් පිටුපස ගොඩක් සංවේදී කතා පුවතක් තිබුණු බව? මේ ඒ පිළිබඳ සත්‍ය කතාව පාදක කරගෙන නිර්මාණය නිර්මාණය වූ, Goodbye Christopher Robin (2017) චිත්‍රපටයයි…

ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් නැත්නම් A. A.මිල්න් කියන්නේ පළමු ලෝක යුද්ධයේදී යුධ වැදුණු හමුදා සෙබළෙක්. ඔහු යුද්ධය අතරතුර ඔහුගේ ටයිප් රයිටරයෙන් විහිළු කතා රචනා කළා. යුද්ධය අවසන් වෙලා ලන්ඩනය බලා නැවත ආව ඔහු කළේ විහිළු කතා දැක්මවල් ඉදිරිපත් කරන්නයි. නමුත් මිල්න්ට යුද්ධය අතරේ ඇසුණු ශෙල් වෙඩි ශබ්ධ මනසේ රැව් පිලි රැව් දුන්නා. බැලුමක් පිපිරෙන හඬටත් ඔහු තිගැස්සුනා. මේ අතරතුර මිල්න් සහ ඔහුගේ බිරිඳ ඩැෆ්නිට දරුවෙක් මෙලොව එලිය දකිනවා, නමින් ඔහු ක්‍රිස්ටෝෆර් රොබින් මිල්න් නොඑසේනම් C.R. මිල්න්. පසුව A. A.මිල්න් හා ඔහුගේ බිරිඳ ඩැෆ්නිට නිවාඩු සඳහා වෙනත් රටවල සංචාරය කරන්න සිදු වන නිසා ඔවුන්ගේ දරුවා වන C.R. මිල්න් රැක බලාගැනීමේ වගකීම හිමි වන්නේ නූ, නැතහොත් ඔලිව් ආයම්මාටයි.

කෙසේ වෙතත් ලන්ඩනයේ යුධ සිදුවීම් දිගින් දිගටම සිහියට එන නිසා පසු කාලයකදී ලන්ඩන්වලින් ගම්බද පළාතකට යන්න A. A.මිල්න් තීරණය කරනවා. වයස මේ වන විට අවුරුද 8ක් වන C.R. මිල්න්ද ඔවුන් හා එක් වනවා. ලියන්න දෙයක් නැතුව හිටිය A. A.මිල්න්ට කදිම අදහසක් පහල වෙනවා…. ඉතින් අපි බලමු කොහොමද , මොන විදිහටද මේ විනී ද පූ ජනතාව අතරට පැමිණෙන්නේ කියලා.

අපිට ගොඩක් ලස්සන කතාවක් මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්. දරුවෙක්ට කොච්චර අවදානයක් ලැබෙන්න ඕනෙද කියලා ලස්සනට පෙන්නලා තියෙනවා. දරුවන්ට විතරක් නෙමෙයි දෙමාපියන්ටත් බලන්න ගොඩක් හොඳ චිත්‍රපටයක් තමයි මේක.

අමතර තොරතුරු

* ලැබුණු සම්මාන සහ නාමයෝජනා

+ British Independent Film Awardsහි හොඳම සහය නිළියට හිමි සම්මානය සඳහා Kelly Macdonald නාමයෝජනා ලැබී ඇත.
+ Heartland Film Festivalහි Truly Moving Picture Award යන සම්මානය Goodbye Christopher Robin චිත්‍රපටයට දිනා ඇත.
+ Mill Valley Film Festivalහි Audience Award — World Cinema සම්මානය දිනා ඇත.

* මෙම චිත්‍රපටයට Simon Curtis අධ්‍යක්ෂණයෙන් දායක වූ අතර රචනා කර මෙම චිත්‍රපටය Frank Cottrell Boyce හා Simon Vaughan විසින් රචිතයි.

* ප්‍රධාන රංගන ශිල්පීන්

+ A. A. මිල්න් ලෙස Domhnall Gleeson
+ ඩැෆ්නි ලෙස Margot Robbie
+ ඔලිව් ලෙස Kelly Macdonald
+ කුඩා ක්‍රිස්ටෝෆර් රොබින් මිල්න් ලෙස Will Tilston
+ වැඩිහිටි ක්‍රිස්ටෝෆර් රොබින් මිල්න් ලෙස Alex Lawther

* මෙම චිත්‍රපටය එක්සත් රාජධානියේදී 2017 සැප්තැම්බර් 29වනදා නිකුත් වූ අතර, එක්සත් ජනපදයේ නිකුත් වූයේ 2017 ඔක්තෝබර් 13වෙනිදායි.

* Margot Robbie හා Domhnall Gleeson’s එක්ව රංගනයේ නිරත වූ දෙවන චිත්‍රපටය මෙය වන අතර මින් පෙර ඔවුන් දෙදෙනා එක්ව රංගනයේ නිරත වූයෙ About Time (2013) චිත්‍රපටයෙයි.

බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා හරියම අවුරුදු තුනක් පිරෙන අද දවසේ මේ වගේ විශිෂ්ට සිනාපටයකට උපසිරසි දෙන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.

ඉතින් තවත් දවසක තවත් චිත්‍රපටයක උපසිරසකිං හමු වෙමු…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

3,373 downloadsDownload Goodbye-Christopher-Robin-2017.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,373 downloadsDownload Subtitles60 KB

33 comments

  1. Madusara

    thanks bro.

  2. AsithaDilruwan

    elama saho thanks

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. suraswv

    tnx

  8. malith

    Ela ela

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. D.Chamara

    bohoma sthuthi sahooo aniwarayan balanna oni

  11. chandima_herath

    onna mamath gannawa

  12. nimantha

    sub ekata stthuthiy, digatama karagena yanna jaya wewa!!! wisthara tikak aduwen danna bro spoil wenw.... thanks btw...!!!!!

    1. එල්.සී. දමැල්

      බය වෙන්න කාරී නැහැ, ඔයිට වඩා විස්තර ඔන්ලයින්ම තියෙනවා. කිසිම දෙයක් ස්පොයිල් වෙලා නැහැ. ඒක කතාව බලද්දී තේරෙයි. ගතිම කොටස තමයි ඔයාලට බලන්න තියෙන්නේ :) ස්තුතියි අදහස් දැක්වීමට. දිගටම බයිස්කෝප් සිංහලෙන් එක්ක ඉන්න...

  13. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. baiscope2017

    godak sthuthiy

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  16. Sanath Perera

    thanks for sub bro...
    keep up...

  17. Wayantha Sandaruwan

    බලන්න ආසම විදියෙ කතාවක්, ලිපියෙන් ලොකු විස්තරයක් හිතාගන්න පුළුවන් ෆිලුම ගැන. ගොඩක් ස්තුතියි සහෝ මේ වගේ වටිනා නිර්මාණ වලින් බයිස්කෝප් අඩවිය ලස්සන කරනවට, දිගටම මේ වගේ නිර්මාණ අරගෙන එන්න. ජය වේවා!

  18. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි........................

  19. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ………!

  20. Wicki

    උපසිරැසියට බොහොම ස්තුතියි

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. ricadodamien

    Thank You එල්.සී.දමැල් brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team

  23. Yohan_Darshana

    උපසිරැසියට ස්තුතියි....

  24. sankalpa99

    thank u

  25. mindika

    Thanks !!!!!!!!!!!!!!

  26. Supun shanika

    ස්තූතියි සබ් එකට ජයවේවා !

  27. Hashan M. Priyadarshana

    Thanks sub ekata bro..
    Jaya wewa!

  28. Nilush Angana

    Sub ekata thanx

  29. sasala

    thanks sub denawata.

  30. MAALnath

    Thanks .................good luck .............

  31. නිමල් දිසානායක

    කදිමයි. ස්තුතියි!

  32. Saranga J. Liyanagama

    Thanks...