Watch Trailer

Ghostland (2018) Sinhala Subtitles | අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

අද අපේ වෙබ් පිටුවේ ඔබ දකින්න ඇති මාතෘකාවක් Gostland (2018) Sinhala Subtitles | අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු…. හැටියට, අපේ වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරසක් නිර්මාණය කරපු හැමෝම දන්නා දෙයක් ඒ උපසිරසට අදාළ කතාව වෙනුවෙන් සිංහල නමක් යෝජනා කල යුතු බව. ඉතින් මේ වෙනුවෙන් මම යෝජනා කරන සිංහල නම වුනේ “අන්ධකාර ම…

අද අපේ වෙබ් පිටුවේ ඔබ දකින්න ඇති මාතෘකාවක් Gostland (2018) Sinhala Subtitles | අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු…. හැටියට, අපේ වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරසක් නිර්මාණය කරපු හැමෝම දන්නා දෙයක් ඒ උපසිරසට අදාළ කතාව වෙනුවෙන් සිංහල නමක් යෝජනා කල යුතු බව. ඉතින් මේ වෙනුවෙන් මම යෝජනා කරන සිංහල නම වුනේ “අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු” මම කැමති මේ මාතෘකාව පැහැදිලි කරන්න මුලින්ම…

“අන්ධකාර මිටියාවතේ” හැටියට නම් වෙන්නේ ඇත්තමට මේ කතාව දිවයන භූමියම නෙමෙයි… කතාව දිව යන්නේ හුදෙකලා ගම්බද ප්‍රදේශයක පිහිටි අමුතුම නිවහනක වුනත් මේ යොදාගෙන ඇති අන්ධකාර මිටියාවත් එය වෙනුවෙන් නෙමෙයි… කෙටියෙන් කියනවා නම් මේ අන්ධකාර මිටියාවත තමයි මේ ඔබ උපසිරස එක්ක බලන්න යැයි මම යෝජනා කරන සලරුව.. මොකද ඔබට ඔවුන් හිතන්නට ඉඩ හරිනවා, තවත් විටෙක ඔබේ හිත කඩා ඉහිරුවා දමනවා, නමුත් ඒ සියල්ල ඇතුලේ ඔවුන් කතාවක් කියන්නට වෙහෙස දරනවා… අවසානයේ ඒ කතාව තුල ඔබ ආලෝකය ලෙස දැක්ක කොටස සැබවින්ම ආලෝකයක් ද? එහෙමත් නැත්නම් ඔබ තවමත් අන්ධකාරයේ ද කියන එක ඇත්තටම තීරණය වෙන්නෙ ඔබ කතාව බලා අවසාන වෙන මොහොතේ ඔබේ හිත තියන තැන අනුව කිව්වැකි…

ඉතින් දැන් ඔබ සමහරෙකුට හිතෙනවා ඇති “සජීවී කෙලිබඩු” කවුදැයි කියා… නමුත් ඔබට තවමත් පැහැදිලි නැත්නම් මම පැහැදිලි කරන්නම්, මේ සජීවී කෙලිබඩු වෙන්නෙ “ඔබ සහ මම” අපි මෙලෙස කෙලිබඩු වෙන්නෙ බොහොම අගනා කතාවකට… ඒ අර කලින් කිව්ව කාරණය නිසාවෙන්, මේක බොහොම පෙරලි සහිත කතාවක් ඒ තුල අපි බොහොම අතට පෙරළෙනවා, අවසානයේ නතර වුන තැතින් අපි නැවතත් හැරිලා බලන්න සිද්ධ වෙනවා අපි දුටු දේ ගැන…

2018 වසරේ ජූනි මාසෙ 17 වැනිදා රාත්‍රී 10.41 වන මේ මොහොතේ මම තවමත් ඉන්නෙ ඇත්තටම දුටු දෙය ආපස්සට හිතමින්, මුල මැද අග හිලා ගන්නට සුදානම් වෙමින්… තවමත් මට පැහදිලි නැහැ ගතවුන පැය 1 කුත් මිනිත්තු 31 ක් තුල මම මම දුටු ඒ සලරුව තුල ගැබ්වෙලා තිබ්බ කොතරම් දර්ශන කතාව තුල දිගහැරුණ මායවන්ද ? එහෙමත් නැත්නම් සම්පුර්ණ වශයෙන් මම මට කතාවේ අවබෝධ වුනාද කියන දේ… කොහොම නමුත් මේ මොහොතේම මේ ලිපිය ලියන්නට සුදානම් වුනේ පොඩි දෙගිඩියාවක් නැතුවම නෙමෙයි මොකද මම දන්නවා මම ලියන සමහර ලිපි කියවන කෙනෙක්ට මහා විකාරයක් වගෙයි, ඒ නිසාම බොහොම පිරිස් ඒ නිසාවෙන්ම මම ලබා දෙන චිත්‍රපට අත්හැර දමා යන අවස්ථා කොතෙකුත් ඇති නමුත් මේ අවස්ථාවේ නම් ඇත්තටම මම පැටලිලා ඉන්නේ…

නමුත් පොතේ හැටියට මේ තුල තියෙන්නෙ බොහොම සරල කතාවක් ඒ කතාව මෙහෙමයි… තමුන්ගේ ඥාති නැන්දා කෙනෙකුගෙන් උරුම වෙන නිවසහන් වෙත මව තමුන්ගේ දුවරුන් දෙන්නා එක්කන් යන්නේ අලුත් ජිවිතයක් හොයාගෙන… මේ නිවහන ටිකක් ගම්බද පරිසරයක පිහිටි පාලු නිවහනක් කිව්වහැකි.. ඉතින් මේ නිවහන වෙත යන මේ පුංචි පවුල පළමු රාත්‍රියේම මහා අවාසනාවන්ත ඉරණමක උරුමකාරයන් වෙන්නේ නොසිතු අයුරින් කියන්න ඇහැකි… ඒ මේ නිවසට ඇතුල් වෙත පිටස්තරයන් දෙන්නෙක් නිසාවෙන් ඔවුන්ට බොහොම අඩම්තේට්ටම් විදින්න සිද්ධ වෙනවා… ඔවුන්ට මේ තුලින් ගැලවෙන්නට හැකි වේවි ද? මේ පාපතර ඝාතකයන් හමුවේ නව යෞවනයේ පිපෙන මල් දෙකක් වන මේ දුවරුන් හට මොන වගේ ඉරණමක් අයිති වේවි ද? ඔවුන්ගේ මව තමුන්ගේ දුවරුන් වෙනුවෙන් කුමක් කරන ඇති ද?

ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මට ඔබට මේ කතාව ගැන කියන්නට පුළුවන් නමුත් ඉතින් ඔය කතාවෙන් 10% වගේ ප්‍රමාණයක්, මොකද මින් එහා කියන්න ගියොත් කතාව තුල මම උඩ කිව පෙරළි ඔබට අනාවරණය කිරීමට මට සිද්ධ වෙන නිසාවෙන්… මේ තුල කතා දෙකක් තුනක් ගලාගෙන යන හැටි ඔබ දකීවි… ඔබට තියෙන්නෙ ඒ තුල ඇත්ත මොකක් වෙන්න හැකි ද? බොරු සිහින මොනවා වෙන්න ඇති ද? කියල තේරුම් අරගෙන ඒ තුලින් කතාවේ කොටස් ගලපා ගැනීම තමයි…

Pascal Laugier ගේ රචනයක් සහ අධ්‍යක්ෂණයක් වුන මේ සලරුව Drama, Horror, Mystery, Thriller කියන කාණ්ඩයන් සියල්ල නියෝජනය කරන්නක්… මේ තුල ඔබට Crystal Reed (Teen Wolf, Gotham), Mylène Farmer, Anastasia Phillips, Emilia Jones, Taylor Hickson, Rob Archer වගේ පිරිසක් දැකගත හැකි වේවි… ලබාගෙන ඇති IMDB අගය වෙන්නේ 6.5 ක් ඒ නිකම්ම චන්ද 50 ක් 60 එක්ක නෙමෙයි ප්‍රේක්ෂක චන්ද 2000+ අදික ප්‍රමාණයකින්. රෝටන් ටෝමාරෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරය වෙන්නෙ 93% ක්. නමුත් මම ඔබෙන් ඉල්ලා සිටිනවා පූර්ව ප්‍රචාරක පටය බලල තීරණයක් ගන්න කියල මොකද ඒ තුල ඔබට මම කියන්න අකමැති බොහොම දේ දැනගන්නට ඉඩක් ලැබෙනවා ඇති…

අවසාන වශයෙන් කියන්න ඕන මේක 18 + නොවන පිරිස සහ ලෙහෙසියෙන් හිත සසල වෙන පිරිස් නොබලා ඉන්න තරමට හොඳයි… ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

පා.ලි.

  • උපසිරස කරමින් යනකොට මට නොසිතු දෙයක් කතාවේ තවත් දකින්න ලැබුනා… ඒ තමයි H.P. Lovecraft. මම කියනවට ඔය නම ගුගල් කරලා ඔහුගේ පින්තුරයක් බලලම කතාව බලන්න ගන්න, ඔබ සැබවින්ම පුදුම වේවි ඒ වගේම කතාව තේරුම් ගන්න පැටලුම් ලිහාගන්නත් මේක උදව්වක් වේවි…
  • උපසිරස ප්‍රමාද වෙන්න හේතුව මෙතෙක් හොඳ උපසිරසක් නොතිබීම කියන එකත් කියන්න ඕන.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

9,532 downloadsDownload Ghostland-2018.zip26 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,532 downloadsDownload Subtitles26 KB

60 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thank u sub ekata broo...

  2. gihan perera

    Thanks bro....good job and well done...keep continue it...Jurassic world hoda copyak awoth ekmanata danne balanne macho...god bless you....

  3. ERANDA MALITH

    Ela mcn. Thanks sub ekata. Jaya!!!

  4. isuru prabath12

    mewa downlod karanne kohomada

  5. HARSHANA9211

    Thanks..

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Bandaramudiyansi

    බොහොමත්ම ස්තුතියි සමිර ...❤❤❤❤
    ඔයා ගේන එව්ව මිස් කරම් නැ... ❤❤❤
    විශෙෂයෙන් මෙවගෙ කත ....
    තැන්ක්ස් ❤❤❤❤❤❤❤
    අපගේ රසවින්දනය උදෙසා කැපවෙලා කරන මේ සෙවෙට ස්තුතියි ..❤❤❤❤❤
    අපි වැඩකට ගිහිම් ආවත් මේ අඩවියට ඇවිත් බලනව මොනවද හොද චිත්‍රපටයක් අපිට බලන්න තියෙන්නේ කියල ... ඔයාම ඔයාගෙ කඩඉමක ලිපියක කියල තිබ්බ වගේ මල්ලි... අපි ගොඩක් සතුටු වෙන රුක් සෙවනක් බයිස්කෝප් අඩවිය කියන්නෙ .. ❤❤❤ එකේ ඔයාල වගේ රස අදුනන කොටස්කරුවෝ ඉන්න්න එක ඉට වඩා සතුටක්... ස්තුතියි ....❤❤❤❤❤❤

  8. Aruna priyashantha

    සබට ගොඩාක් ස්‍තූතියි.
    ජය වේවා

  9. Suranjan

    Thank you bro.......jayawewa.....!

  10. jstar

    brilliant work bro thanks a lot more

  11. Nuwan_Hero

    trailer ekenma kiyanna puluwan filme eka maru kiyala thanks sub ekata

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සමිර …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. Kingdomd

    Ela bro

  17. Mahesh_Madu

    Thanks saho sub ekata.. jaya wewa

  18. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  19. SAjith Anthony

    උපසිරැසියට ස්තූතියි සහෝ…
    ජය වේවා...!!

  20. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජයවේවා…….

  21. nishannw

    Elaz thnx mcn.... ඇලිසන් ඉන්නවනේ,ඉතිං නොබලා කොහොමද..

  22. Indika Ranaweerage

    Thanks.

  23. Nalin_Indika

    godakma sathutui hithe thiyama ekakri bawen midenna film ekek balanakota hitha nidahas wnawa e hamadetama oyata godak sthuthi mehema web site ekak thiyanawata jaya wewa.... budu saranai

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Udara Damith Dissanayaka

    ලිපිය කියෙවුවට පස්සේ බලන්ඩ හිතුනා

  26. Menaka Niroshan

    Thanks for subtitle..

  27. Hemantha De Silva

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සමීර...
    ස්තුතියි බයිස්.....

  28. බොබී

    ලිපියේ හැටියට නම් ඇත්තටම අවුල් වෙලා වගේ ලියලා තියෙන්නේ. බලමු Sherlock බැලුව අපිටත් මේක අවුලක් වෙයිද කියලා.

  29. Dushandc

    paharak wagei, thanks sahodaraya. digtama sub denna

  30. Amalka Himeshan

    Thanks bro sub ekata

  31. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

  32. ruchiralakmal

    thanks for the sub

  33. Manura Sathsarindu

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.......!

  34. malith

    Ela ela

  35. Hashan M. Priyadarshana

    Thank you මචං.. ජය වේවා!

  36. Dewadithya

    Thanks!!

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. AsithaDilruwan

    Ela saho thanks

  39. Supun Srimal

    Thnq Sahoo

  40. Sahan Bandara

    thx bro. pattama film akka

  41. Kaveen Gayath

    Elama thama bro

  42. Jana

    Thank you for sub ❤

  43. Lahiru Hashan

    thanks movie ekata sub kalata.

  44. Arrow T

    Nicce film.Thank you

  45. shashitha

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  46. indunilala

    THnx bokka

  47. Gayanmanu

    Niyamai tnx bs

  48. Gayanmanu

    Tnx tnx

  49. Ravi_gayan

    Thank bro

  50. nihalpujitha

    Ela saho thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.