හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම තවත් චිත්රපටියක් ඉක්මනින්ම අරගෙන ආවා. මේ දෙන්න යන්නේ සුන්දර අර්ථයක් තියන කලබලකාරී නැති නිවිසැනසිල්ලේ බලන්න පුළුවන් විදියේ හොඳ චිත්රපටියක්. වැඩිහිටි උදවිය සමග කටයුතු කළ යුත්තේ කෙසේද. ඔවුන්ට උවමනා මොනවද. මේ දේවල් පිළිබඳ හැමෝටම හොඳ ගුරුහරුකමක් මේ චිත්‍රපටයෙන් ගන…

හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම තවත් චිත්රපටියක් ඉක්මනින්ම අරගෙන ආවා. මේ දෙන්න යන්නේ සුන්දර අර්ථයක් තියන කලබලකාරී නැති නිවිසැනසිල්ලේ බලන්න පුළුවන් විදියේ හොඳ චිත්රපටියක්. වැඩිහිටි උදවිය සමග කටයුතු කළ යුත්තේ කෙසේද. ඔවුන්ට උවමනා මොනවද. මේ දේවල් පිළිබඳ හැමෝටම හොඳ ගුරුහරුකමක් මේ චිත්‍රපටයෙන් ගන්න පුළුවන්. ඔයාලා මම කවුරුත් දන්න කැති කිනිසි වලින් වැඩ පෙන්නලා ලේ හොල්ලන සුපිරි වයසක හාදයා Danny Trejo මේකේ ඉන්නවා. Machete (2010) වගේ මෙයාගේ නියම චිත්‍රපටි. තව දෙයක්. මේක පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් චිත්රපටියක් කියලා මට නිර්දේෂ කරන්න පුළුවන්.
දෙයක් විශේෂයෙන්ම මට හැමෝටම කියන්න තියනවා, මිනිස්සු වයසට ගිහාම පොඩි ළමයි වගේ වෙනවා. හැසිරීම් රටා එහෙම එයාලගේ හුඟක් වෙනස් වෙනවා. ඒවයින් එයාලව බලාගන්න උදවියට එහෙම හුඟක් දුෂ්කරතා, අපහසුතා, කරදර, හිරිහැර, හිසරද ඇතිවෙනවා. මේ මිනිස් ස්වභාවය, ඔයාලා මට හැමෝටම දවසක මෙහෙම වෙන්න වෙයි. මේවා අපි හැමෝටම පොදු දේවල්. තියෙන්නේ ඒක දෙයයි, තමන් ඉවසීමෙන් මේවා විඳ දරාගනිමින් ඒ මිනිස්සු ගැන අනුකම්පා කරලා කටයුතු කරන්න.
කතාව මේකයි, ෆ්‍රෑන්ක් කියන්නේ පොත් ලියන සාමාන්ය රචකයෙක්, බිරිඳක් සහ දරුවෙකු සිටින. ආර්ථිකමය අතින් නම් මෙයාලා ඉන්නේ ටිකක් අමාරු තත්වයකයි. නිවසේ කොච්චර ප්රශ්න තිබුනත් තම සැමියට ශක්තියක් වෙමින් නිරන්තරයෙන්ම ඔහුත් සමහ සුහදව ෆ්‍රෑන්ක්ගේ බිරිඳ කල් ගෙවයි. ඉතින් මේ අතරේ දවසක ෆ්‍රෑන්ක්ගේ බිරිඳගේ මහළු දරඳඬු පියා එඩ්වාර්ඩෝ ෆ්‍රෑන්ක්ලාගේ නිවසේ සිට ජීවත් වීමට පැමිණේ. ෆ්‍රෑන්ක් ඇතුළු පවුලේ සියලු දෙනා සුහදව ඔහුව තම පවුලට පිළිගනු ලබයි. ඉතා ඉක්මනින් තම බිරිඳගේ පිය එඩ්වාර්ඩෝගේ ක්රියා කලාපය ෆ්‍රෑන්ක්ට නුරුස්සන්නට පටන් ගනියි. මොවුන්ට එක්වරම ඇතිවෙන යම් ප්රශ්නයකට ඉතා ඉක්මනින් විශාල මුදලක්ද සෙවීමට සිදුවේ. මේ සදහා දවසක් ෆ්‍රෑන්ක්ට අපූරු අදහසක් පහළ වෙනවා වැඩිහිටි උදවිය සුළු කාලයක් සදහා රැක බලාගැනීමට යම්කිසි වැඩිහිටි නිවාසනයක් වැනි දෙයක් ආරම්භ කිරීමට. තමාට සිතුනු අයුරින්ම මෙම අදහස ෆ්‍රෑන්ක් ක්රියාත්මක කරගෙන හොඳින් මුදල් උපයමින්, නිවාසනයේ සිටිනා නොහික්මුණු ඇතැම් වැඩිහිටියන්ගේ ක්රියාත් විඳ දරාගනිමින් කටයුතු පවත්වාගෙන යයි. දිනක් නීතිය බලාත්මක කරන රාජ්ය ආයතනයක් විසින් ෆ්‍රෑන්ක්ගේ මෙම වැඩිහිටි නිවාස කටයුත්තට ලෙඩක් අදියි. මේ නිසා ෆ්‍රෑන්ක් යලිත් අසරණබාවයට පත්වෙනු ලබයි. කෙසේ වූවත් එඩ්වාර්ඩෝගේ දිරි ගැන්වීම හා අපිරිමිත සහය මත මෙම රාජ්ය ආයතනය සමග ෆ්‍රෑන්ක් ඇතුළු පවුල සටන් වදියි.
ඇයි එඩ්වාර්ඩෝ නවතින්න බලාගෙනම එන්නේ? මේ එඩ්වාර්ඩෝගේ හැසිරීම් මොන වගේද? ෆ්‍රෑන්ක් එඩ්වාර්ඩෝ අතර ඇති වෙන්නේ මොනවද? ඇයි මෙයාලට එකපාරට සල්ලි හදිස්සියක් ඇති වෙන්නේ? වැඩිහිටි නිවාසයේ වැඩිහිටියෝ කරන වැඩ මොනවද? මොකක්ද මේ රජයේ ආයතනය? ඇයි ඔවුන් ෆ්‍රෑන්ක්ගේ මේ හොඳ වැඩේට හරස් වෙන්නේ? ෆ්‍රෑන්ක්ට තමන්ගේ මේ වැඩිහිටි නිවාසනය දිගටම පවත්වගෙන යන්න පුළුවන් වෙයිද? වදින සටනින් කවුරු අවසානයේ දිනයිද?
සේරටම උත්තර දැනගන්න චිත්රපටිය දැන්ම ගිහින් අරගෙන බලන්න.

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / DVD පිටපත් සඳහා අදාළ වේ.
2,733 downloadsDownload Grand-Daddy-Day-Care-2019.zip101 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
18 comments
ridmal
Isira janith
Thanks playing with fire comedy film ekata sub dennko please thanks
Isira janith
Sub dennko please playing with fire 2019
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
මේකනම් සුපිරියක් වගේ...arawindasunimal
thanks sub ekata jayawewa,,,,,,,,,,,,,,,,,
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
දිගටම සබ් දෙන්න...
ජයවේවා....!chani
The Nutty Professor 1996 movie sub dennko please thanks!!!
D.Chamara
bohoma sthuthi
දසිත චාමික
thanks saho sub ekata. Jaya!
jagath55
Thanks
Pramukmili
Thanxxxx bro..............
Hiranhiru
ස්තුතියි...
ජයවේවා.....!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
klj
godak thanks bro.....
Ravindra
Thaks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thankz bro...