ආයුබෝවන් බයිස්කෝප්වාසි හැමෝටම, ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරන් මේ පැත්තට ආවා. මේක ගොඩක් ඉස්සර VCR එහෙමත් නැත්තම් ඩෙක් පීස් එකකින් මම බලපු ෆිලුමක්, ළගදි අහම්බෙන් හම්බෙලා ආපහු බලද්දි නිකමට සයිට් එකේ සබ් එක තියෙනවද බලද්දි තිබුනේ නෑ. මේ ෆිලුමට උපසිරැසියක් නැති එක ලොකු අඩුපාඩුවක් නිසා මම සබ් එක කරන්න භාර…

ආයුබෝවන් බයිස්කෝප්වාසි හැමෝටම, ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරන් මේ පැත්තට ආවා. මේක ගොඩක් ඉස්සර VCR එහෙමත් නැත්තම් ඩෙක් පීස් එකකින් මම බලපු ෆිලුමක්, ළගදි අහම්බෙන් හම්බෙලා ආපහු බලද්දි නිකමට සයිට් එකේ සබ් එක තියෙනවද බලද්දි තිබුනේ නෑ. මේ ෆිලුමට උපසිරැසියක් නැති එක ලොකු අඩුපාඩුවක් නිසා මම සබ් එක කරන්න භාර ගත්තා මොකද මේකත් ලෝක ප්‍රසිද්ධ ස්ටීවන් කිං මහත්මයාගේ නවකතාවක් ඇසුරින් නිපද උන චිත්‍රපටයක් වගේම 80 දශකයේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් නිසා. 6.1ක IMDb අගයක් ගන්න සමත් උන මෙම සිනමාපටය Horror/Thriller යන කාණ්ඩවලට අයත් වෙනවා. 1983 වර්ශයේ තිරගත වූ මෙය ඩොලර් මිලියන 8ක වියදමකින් නිෂ්පාදනය කර ඇති අතර අදායම ලෙස ඩොලර් මිලියන 21.2ක් ලබාගෙන බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක් වි තිබෙනවා.

Stephen King
හොලිවුඩ් චිත්‍රපට රසිකයෙක්නම් ඔයාලා හැමෝම ස්ටීවන් කිං කියන නම නොදන්නවා වෙන්න බෑ. ලොව එදාමෙදාතුර හොඳම චිත්‍රපටය ලෙස සැලකෙන The Shawshank Redemption (1994) චිත්‍රපටය සහ Pet Sematary (2019), Gerald’s Game (2017), The Shining (1980), In The Tall Grass (2019), Children of The Corn (2018), 1922 (2017), Thinner (1996), The Dark Tower (2017) යන චිත්‍රපට වගේම අපි ඔක්කොවම භීතියට පත් කල පෙනිවයිස් කවටයා ඉන්න It චිත්‍රපටයද මේ ස්ටීවන් කිං මහතාගේ හෙළි තුඩින් නිමැවු පොත් ඇසුරින් කරන ලද නිර්මාණයි. ඔයාලට මෙතුමා ගැන වැඩි විස්තර දැන ගන්න ඕනනම් It Chapter Two (2019) ෆිලුමේ බේනුක සහෝ දීලා තියෙන ලිපිය කියවන්නකෝ.

කූජෝ නවකතාවේ කවරය
ඔයාලා දන්නවා ඇතිනේ ස්ටීවන් කිං මහත්මයා ඉතා වෙනස් සහ අමුතු තේමා තමයි තමන්ගේ පොත්වලට යොදාගන්නේ ඉතිං මේ කූජෝ කියන සුනඛයෙකුගේ නමින් තමයි ස්ටීවන් කිං ඔහුගේ පොත නම් කරලා තියෙන්නෙ ඒ වගේම මේ සිනමාපටය නම් කරලා තියෙන්නෙත් එනමින්ම තමයි. ස්ටීවන් කිං මහත්මයාට සිදු උන අපූරූ සිදුවීමක් පාදක කාරගෙන තමයි තමයි ඔහු මේ නවකතාව රචනා කරලා තියෙන්නේ. ස්ටීවන් දිනක් තමන්ගේ යතුරු පැදිය අලුත්වැඩියා කරගන්න ගරාජ් එකකට ගිය අවස්ථාවේ එම ගරාජයේ හිමිකරුගේ සෙන්ට් බර්නාඩ් වර්ගයේ දැවැන්ත සුනඛයෙක් ස්ටීවන්ට පහර දෙන්න උත්සහ කරලා තියෙනවා ඒ සිදුවීමෙන් දින කීපයකට පසු පෝට්ලන්ඩ්හි පුවත්පතක එම වර්ගයේම සුනඛයෙක් කුඩා දරුවෙක්ට පහරදීමේ සිදුවීමක් වාර්තාවක් ස්ටීවන්ට කියවන්න ලැබෙනවා. ඒ සිද්දියට පසුව තමයි ස්ටීවන් කිංට මේ නවකතාව රචනා කරන්න අදහසක් පහල වෙන්නේ. මෙම නවකතාව 80 දශකයේ අතිශය ජනප්‍රිය වෙනවා වගේම මේ නවකතාව 1982දී British Fantacy සම්මානය දිනාගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතිං මම කිව්වනේ මේ කතාව සුනඛයෙක් ගැන කියලා. ඔයාලත් මම වගේ බව්වන්ට ආස කෙනෙක්නම් පහල පොඩි විස්තරයක් දාලා තියෙනවා.

සෙන්ට් බර්නාඩ් වර්ගයේ සුනඛයෙක්
බල්ලන් එහෙමත් නැත්තම් සුනඛයින් ඈත අතීතයේ ඉදන්ම මිනිසාගේ හොදම මිතුරා බවට සනාථ කරලා තියෙනවා, දඩයමට, ආරක්ෂාවට මෙන්ම සුරතලයටත් සුනඛයන්ගෙන් අපිට ලැබෙන්නේ විශාල සේවයක්. ලොකේ ඉන්න ජනප්‍රියම සුරතල් සතුන් වර්ගය කවුද කියලා ඇහුවොත් උත්තරය බව්වෝ කියලා කියන්න දෙපාරක් හිතන්න ඕන නෑ මොකද බව්වෝ කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට ඉතා හිතෛෂි සත්ව කොට්ඨාශයක්. ලොව වටා වෙසෙන සුනඛ විශේෂ අතරින් දැවැන්ත සුනඛ විශේෂයක් ලෙස මේ සෙන්ට් බර්නාඩ් (Saint Bernard) සුනඛයන් හැඳින්වීමට පුලුවන්. හොදින් වැඩුනු පිරිමි සත්වයෙකුගේ බර කිලෝග්‍රෑම් 65 ත් 82 ත් )රාත්තල් 140 සහ 180) අතර හෝ ඊට වැඩි වන අතර ආසන්න උස සෙන්ටිමීටර 71 සිට 76 (අගල් 28 සිට 35) අතර වෙනවා. ගැහැණු සත්වයෙකු කිලෝග්‍රෑම් 54 ත් 64 ත් )රාත්තල් 120 සහ 140) අතර හෝ ඊට වැඩි වන අතර උස සෙන්ටිමීටර 66 සිට 71 (අගල් 26 සිට 28) අතර වෙනවා එමෙන්ම ලොව විශාලම සුනඛයන් අතර 3න් වන ස්ථානය හිමි වෙන මොවුන්ගේ නිජබිම වෙන්නේ ඉතාලිය හා ස්විට්සර්ලන්තයයි. මෙම සුනඛයින් 1707 සියවසේ ස්විට්සර්ලන්තයේ සෙන්ට් බර්නාඩ් එහෙමත් නැතිනම් ශාන්ත බර්නාඩ් නම් පූජක ගිලන් හල ආරක්ෂා කිරීමට යොදාගෙන තියෙනවා. ඒ නිසා තමයි එතැන් පටන් මොවුන්ව සෙන්ට් බර්නාඩ් යන නමින් හඳුන්වලා තියෙන්නේ. ස්වභාවිකව ඉතා කම්මැලි සහ මිත්‍රශීලි වන මෙම විශේෂය වියරු වැටුනහොත් ඉතා දරුණු, පාලනය කීරිමට අපහසු වෙනවා. හදිස්සියෙවත් එහෙම උනොත් වෙන්නේ මොකක්ද කියලා මේ ෆිලුමෙන් බලාගන්නකෝ.
ලිපිය දිග වැඩි උනානම් සමාවෙන්න ඕන. ඒ නිසා කතාවේ වැඩි විස්තර කියන්නේ නෑ. ඔයාලත් ගුණ දොස් කොමෙන්ටුවකින් දාගෙන යන්න, ඒ වගේම මේ ෆිලුම උපසිරැසි ගැන්වීමට අවසර දුන් අපේ හසා අයියටත් ස්තූතිවනත වෙනවා. මේ වගේ මග ඇරුනු ෆිල්ම් තියෙනවනම් දැනුවත් කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් ඉක්මනටම මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙමු, එතකන් ජය වේවා !
තෙරුවන් සරණයි !!!
අපි සුරතල් සතුන්ට ආසයි වගේම එයාලව ආදරයෙන් බලාගන්න ඕන, ඒ වගේම විශේෂයෙන්ම එයාලගේ සෞඛ්‍ය තත්වය ගැනත් ගොඩක් සලකිලිමත් වෙන්න ඕන !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,103 downloadsDownload Cujo-1983.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
16 comments
gihan perera
Bruce___Wayne
බොහොම ස්තූති යාලුවා
ජය ✌️✌️✌️Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
suneth_ ranasinghe
American Honey sub danna
Anju
We go on horror movie Kath Deanna plzzz. Tnx
Udaya Saman
නියමයි දනුව.පරණ ඒව මග ඇරැන ඒවට සබ් දෙන එක වටිනවා.උපසිරසියට බොහොම තුති.
kumaramanoj
ලොකු දෙයක් පරණ ෆිල්ම් වලට පුළුවන් තරම් සබ් දෙන්න අලුත් ෆිල්ම් ඔක්කොම කුණු ගොඩවල් උබලගේ මහන්සිය අපරාදේ
Dewadithya
Thanks for sub!
Suranjan
Thanks jayawewa......!
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Shamal manojan
බොහොම ස්තූතියි මේ ලබාදුන්නු පැරණි උපසිරැසියට.
මඟ හැරුණු චිත්‍රපට කියන්න කියපු නිසා stephen king ගේම චිත්‍රපට ටිකක් කියන්නම්. සුපිරිම කුතුහලයෙන් පිරි චිත්‍රපට.Creepshow - 1982
Creepshow 2 - 1987
Thinner - 1996
Maximum Overdrive - 1986
Salem's Lot - 1979
Carrie - 1976
The Dead Zone - 1983
Sleepwalkers - 1992
Graveyard shift - 1990
Silver Bullet - 1985
The Mangler - 1995
Cat's Eye - 1985
Dolores Claiborne - 1995
Firestarter - 1985
Riding the Bullet - 2004
Apt pupil - 1998
A Good Marriage - 2014
The Dark Half - 1993
The Lawnmower Man - 1992
Needful Things - 1993
Sometimes They Come Back - 1991
Sometimes They Come Back Again - 1996
Tales From The Darkside - 1990මේ ඔක්කොම stephen king ගේ තමා. ආයේ කුතුහලය ගැන වචන කියන්න දෙයක් නැහැනේ. මේ ෆිල්ම් වල bluray පිටපත් yts සයිට් එකේ තියනවා.
පුලුවන් නම් සබ් කරන්න කියලා පැරණි චිත්‍රපට වලට සබ් කරන සෑම දෙනාටම ආරාධනා කරනවා.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ......................good luck .....................
Praween_madhusanka
Thanks for subtitle
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....පරණ උනත් පට්ට ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....