Watch Trailer

Knocked Up (2007) Sinhala Subtitles | ලස්සන උගත් තරුණියකට මුණ ගැසෙනා මෝඩ පහේ බේබද්දා [සිංහල උපසිරැසි සමග] (18+)

එහෙනම් අද ඔන්න අරන් ඇවිත් තියෙන්නේ කොමඩියට බර සුපිරි නළු Seth Rogen ගේ 2006 වර්ෂයේ චිත්‍රපටයක්. හාස්‍යට බර සෙත් සම්මාන රැසකින්ම පුදුම් ලබා තිබෙන අතර ඔහු චිත්රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කරනු ලබනවා. ඇමරිකානු ඩොලර් මිලියන 30ක පිරිවැයක් දරලා හදපු මෙම චිත්රපටය Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩ…

එහෙනම් අද ඔන්න අරන් ඇවිත් තියෙන්නේ කොමඩියට බර සුපිරි නළු Seth Rogen ගේ 2006 වර්ෂයේ චිත්‍රපටයක්. හාස්‍යට බර සෙත් සම්මාන රැසකින්ම පුදුම් ලබා තිබෙන අතර ඔහු චිත්රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කරනු ලබනවා. ඇමරිකානු ඩොලර් මිලියන 30ක පිරිවැයක් දරලා හදපු මෙම චිත්රපටය Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 219ක් ඉපයීමට සමත් වෙලා තියනවා. 2007 වර්ෂයේ තිරගත වූ මෙම Knocked Up චිත්රපටයේ ඇතුළත් වී තිබෙන්නේ අනපේක්ෂිත අයුරින් ගර්භනී තත්වයට පත්වෙන කාන්තාවක් සහ වගකීම් විරහිත මතට ලොල් පුද්ගලයෙකු මුහුණ දෙන කටුක සහ සුන්දර අත්දැකීම් මාළාවකි. මෙම චිත්රපටිය ජීවිතයේ ඔබ ගන්නා ඇතැම් හදිසි තීරණ පිළිබඳ වඩාත් සැලකිලිමත් වීමට මනා ඔවදනක් ලබා දෙනවා නොවනුමානයි.

මෙන්න Seth Rogen ගේ සුපිරි සිනමාපට පෙළක්,

කතාව මේකයි,

බෙන් රැකියාවක් නොමැති මතට ප්රිය විනෝදකාමී මැදිවියේ හාදයෙක්. නිතරම තම මිතුරන් සමග මත්ද්‍රව්‍යයක් ලබා ගනිමින් මතින් මත් වී සැහැල්ලු ජීවිතයක් මොහු ගත කරයි. අසභ්‍ය නිල් චිත්‍රපට වලට දැඩි ඇලුමක් බෙන් ඇතුළු පිරිස දක්වයි. මොවුන් අසභ්‍ය චිත්රපටි ජවනිකා පිළිබඳ විශේෂ යම් කාර්යයක් කිරිමටද වැඩක්ද අරඹයි. දිනක් රාත්‍රී සමාජ ශාලාවකට බෙන් ඇතුළු පිරිස කාලය මතින් ගත කිරීම සදහා යනු ලබයි. මෙහෙදි බෙන්ට ප්‍රථම වතාවට සුන්දර උගත් බුද්ධිමත් ඇලිසන්ව මුණගැසේ. කතාබහින් හාද වෙන දෙදෙනා අවසානයේ බීමතින් ඇඳක වැතිරි රැය පහන් කරනු ලබයි. මේ සමඟම පසුදින උදෑසන ඇලිසන්ගේ පරිපූර්ණ ජීවිතයේ විනාශයද ඇරඹීමට පටන් ගනියි. ඇලිසන් රූපවාහිනී ආයතනයක වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙස කටයුතු කරන උගත් බුද්ධිමත් මනරම් රූප ස්වභාවයක් තිබෙනා කාන්තාවකි. බෙන් වැනි හිස් පුද්ගලයෙකුට ඇයව කිසිදු අයුරකින් ගැළපෙනු නොලබයි. බෙන් සමග ගතකර එම රැයින් පසුව තමාට බෙන්ගෙන් දරුවකු පිළිසිඳගෙන ඇති බවට ඇලිසන්ට කලක් ගතවීමෙන් පසුව අවබෝධ වෙයි. ඉන් අනතුරුව මානසිකව ඇද වැටෙන ඇය දැඩි බියකින් සහ දුකකින් තනිවී සිටිමින් තම අපූරු සහෝයුරියගෙන් මීට සහයපතයි. අනපේක්ෂිත ලෙස තම කුසට පැමිණ තිබෙන මෙම දරුවා නැති කරගන්නවාද නැද්ද යන්න ඇලිසන් හිතින් වද වී සිතන්නටද පටන් ගනියි. එමෙන්ම නාදුනන තම අමුත්තා වන බෙන්ට මේ පිළිබඳ පවසනවාද යන්නද ඇය දිගින් දිගටම සිතයි. බොහොම අපූරු සිදුවීම් රාශියක්ද මේ ගැබ් ගැන සිටින දරුවා නිසා සිදුවේ. මේ නිසා දුෂ්කර තීරණ ගැනිමට හා අමාරු අවස්ථාව වලටද මුහුණ දීමටද මොවුන්ට සිදුවේ.

මොකක්ද මෙයාලා මේ අසභ්ය චිත්‍රපටි එක්ක කරන්න යන විශේෂ වැඩේ? බෙන් ඇලිසන් මුණ ගැහෙන රෑ මොකක්ද ඇත්තටම වෙන්නේ? ළමයා ඇත්තටම බෙන්ගෙද? ඇලිසන්ට වැරදීමක් වෙලාද? ඇයි ඇලිසන්ගේ ජීවිතය විනාස වෙන්න පටන් ගන්නේ? තමන්ට ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැනගත්තම ඇලිසන් ඒකට කොහොම ප්‍රතිචාර දක්වයිද ? කවුද මේ ඇලිසන්ගේ අක්කා? ඇලිසන් බඩේ ඉන්න තමන්ගේ ළමයා නැති කරගනියිද නැද්ද ? බෙන්ට මේ ගැන ඇලිසන් කියයිද? කිව්වොත් මිනිහට මොනවා වෙයිද? මොනවද මේ අපූරු සිදුවීම්? අවසානයේ වෙන්නේ මොකක්ද?

මේ ප්රශ්න ගොඩටම උත්තර දැනගන්න කැමැත්තක් තියනවා නම් චිත්‍රපටිය අරගෙනම බලන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

8,670 downloadsDownload Knocked-Up-2007.zip102 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

8,670 downloadsDownload Subtitles102 KB

23 comments

  1. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    ජය වේවා.!

  3. Isira janith

    Playing with fire 2019 comedy movie sub dennko please thanks sub dennko please thanks sub ekata

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  5. madhubashana bandara

    thanks bro.

  6. Suranjan

    Thanks jayawewa....!

  7. chani

    The Nutty Professor 1996 movie sub dennko please thanks!!!

  8. manikge

    thanks

  9. D.Chamara

    bohoma sthuthi sahoo

  10. jagath55

    Thanks

  11. Dewadithya

    Thanks for Sub!

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Pramukmili

    thanx bro.....

  14. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  15. Madusara

    තැන්ක්ස් කොල්ලො ගොඩ කාලයක් තිස්සෙ බලන් හිටපු එකක් කරලා දුන්නට. ජයවේවා

  16. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො-
    කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

  17. muditha gayan

    Thankzzzzzzzz

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ashan lankanath

    Thanks ................good luck ..................

  20. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  21. Yasindu Kalana

    Thankyou

  22. Sahan Gayantha

    thanks a lot Shehan saho sub ekata

  23. Sahan Gayantha

    Thanks a lot UD saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.