Watch Trailer

Grave Encounters 2 (2012) | සොහොන් මුණගැසෙන්නෝ ඉදිරියට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පොරොන්දු වුණ විදිහටම මම Grave Encounters දෙවෙනි කොටසත් සිංහල උපසිරැසි එක්ක ඔයාලට අරගෙන ආවා. ටිකක් පරක්කු උණාට සොරි හොඳේ. කලින් බයිස්කෝප් එකට කමෙන්ට් කරපු, බලපු හැමෝටම ස්තූති කරන ගමන්ම හැරෙන්නම් මේ බයිස්කෝප් එක දිහාට. මේ කථාව ගලාගෙන යන්නේ සළරූ පාසලක ඉගෙන ගන්න ‘ඇලෙක්ස්’ නැමැති සිසුවා සහ…

Grave Encounters 2 (2012)ඔන්න යාළුවනේ පොරොන්දු වුණ විදිහටම මම Grave Encounters දෙවෙනි කොටසත් සිංහල උපසිරැසි එක්ක ඔයාලට අරගෙන ආවා. ටිකක් පරක්කු උණාට සොරි හොඳේ. කලින් බයිස්කෝප් එකට කමෙන්ට් කරපු, බලපු හැමෝටම ස්තූති කරන ගමන්ම හැරෙන්නම් මේ බයිස්කෝප් එක දිහාට.

මේ කථාව ගලාගෙන යන්නේ සළරූ පාසලක ඉගෙන ගන්න ‘ඇලෙක්ස්’ නැමැති සිසුවා සහ ඔහුගේ යහළු පිරිස වටායි.මේ වනවිට “සොහොන් මුණගැසෙන්නෝ” නිෂ්පාදනය කර වසර 9ක් ගතවෙලා. ’ඇලෙක්ස්’ ට අවශ්‍ය වෙනවා “සොහොන් මුණගැසෙන්නෝ” සළරුව වටා බැඳුණු අභිරහස සොයා ගන්නට.ඒ කියන්නේ මෙය සත්‍යම නිර්මාණයක්ද නැතිද යන්න ඔහුට සොයාගැනීමට කුතුහලයක් ඇති වෙනවා. ඒ අනුව ඔහු තම යහළුවන් පිරිසත් සමඟ පෙර සළරුවේදී ‘ලාන්ස්’ විසින් “සොහොන් මුණගැසෙන්නෝ” රූගත කළ ‘කොලින්වුඩ්’ රෝහල කරා පැමිණෙනවා. මේ රෝහල සොයාගැනීම නම් ඔහුට එතරම් පහසු වන්නේ නෑ. මොකද ඇත්තටම ‘කොලින්වුඩ්’ නමින් රෝහලක් පවතින්නේ නෑ. එය වැඩසටහනට ‘ලාන්ස්’ විසින් යොදාගත් අන්වර්ථ නාමයක්. ඒ වගේම මෙහි රඟපෑ කිසිදු කෙනෙකුත් ඔහුට සොයාගන්නට නොහැකි වෙනවා.

මේ සම්බන්ධව විස්තර සොයමින් සිටින අතරතුරේදි දිනක් ඔහුට ‘මරණය බලාසිටිනවා’ නැමැති පුද්ගලයෙක් සමාජ වෙබ් අඩවියක් හරහා පණිවුඩයක් එවනවා. ඇත්තටම මොහු කවුරුන්ද? ”සොහොන් මුණගැසෙන්නෝ” ඇත්තටම තවත් එක් මනඃකල්පිතයක් ද? ’කොලින්වුඩ්’ රෝහලේ ඇත්ත වශයෙන්ම සිදු වුණේ කුමක්ද?’ලාන්ස්’,’කෙනී’ ඇතුළු පිරිසට සිදු වුණේ කුමක්ද?..

ඇත්තටම මේ බයිස්කෝප් එකේ කලින් එකට වඩා තරමක් අසභ්‍ය වචන අඩංගු වෙනවා. මොකද මෙහි එන චරිත වල වයස් සීමාව අනුව තමයි මෙහි වචන භාවිතා වෙන්නේ. මොකද ඉතින් වයස අවු. 21 කොල්ලෝ කෙල්ලෝ යහළුවන් අතරේ බොහෝ වෙලාවට ‘ඔයා, මෙයා’ වැනි වචන පාවිච්චියක් නැති නිසා.. :D.. ඉතින් මට හැකි උපරිම ආකාරයට තමයි ඒවායේ සැබෑ අර්ථය පිලිබිඹු වෙන විදියට විකල්ප වචන වලින් ලබා දීලා තියෙන්නේ. තවත් විස්තර කියනවා නම්, මේක IMDB දර්ශකයේ දැනට 5/10 වැනි අගයක් ලබාගෙන තියෙනවා. මේක නරඹන්න හවස 5-7 වගේ වෙලාව ගන්නවා නම් හොඳයි. කළුවර වැටීගෙන එන වෙලාව නේ..:)

අවසාන වශයෙන්…. ’කවදාවත් කොලින්වුඩ් රෝහල හොයාගෙන යන්න එපා!!!’

එහෙනම් ආයේ දවසක හමුවෙමු. එතෙක් ඔබට සහ බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!!

Grave Encounters 2 (2012) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 8368544ae2dcd867392874092d1a86ff69ea5ef5 800 MB කොපිය මෙතනින් බාගන්න 9f4f29c75878e62a22d2727089e7f8e6ed20e8d7 1.5 GB කොපිය මෙතනින් බාගන්න 395ad5a344c477a533dfbc282a7e3afd84fb6b57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,505 downloadsDownload Grave-Encounters-2-2012.zip172 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසන්ත චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසන්ත චාමර

Subtitles

1,505 downloadsDownload Subtitles172 KB

33 comments

  1. pubudu

    thanks macho

  2. elakiri

    elakiri saho digatama subs demu :)

  3. tharanga

    ජය වේවා බයිස්කෝප්

  4. quick

    thankss

  5. upali

    ela ela ela

  6. was

    නියමයි සහෝ තවත් මේ වගේ ඒවා දෙමු

  7. dilshan

    ela pattai machan .meke palaweni ekat beluwa

  8. naleen

    maru 2 weni kotasa denakam hitiye thxxx

  9. yasas

    bohoma thuthi

  10. kalinga

    ජය වේවා :)

  11. geeth

    thawath sub demu

  12. mudiya / මුදියා

    හපොයි පෝස්ටරේ දැක්කමත් කකුල් වෙව්ලනව.අනේ මන්ද මේව බලන්නෙ කොහොමද කියල.ලොකු පොර වගේ හිටියට ඇඟ පතත් තිබ්බට මේ විදිහ ඒව බැලුවම හදිසි අවශ්‍යතාවයකට රෑ පානෙ එළියට බහින්නවත් බෑනෙ.එහෙම කියල නොබල පුළුවන්ද.නියම වැඩක් යසන්ත.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  13. නලින්

    ස්තුතියි චාමර සහෝ.

    ජය වේවා!

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි චාමරයො

  15. charith

    මේවා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් බෑද? :(

  16. සුනෙත්

    ඉස්තුතියි චාමර සහෝ ඔයාගේ

  17. nirosha

    මෙකෙ 1 සුපිරි ෆිල්ම් එක. 2 ඩෙනකන් බලන් හිටියෙ.තැන්ක්ස්
    මෙකෙ 3 තියනවනම් එකත් ඉක්මනට දෙන්න

  18. dimuthu123

    අපි කලින්ම Grave Encounters 2 (2012)බාගෙන තිව්නේ සහො සබි එක දෙනක්න්.බොහොම පින් සහෝ.අපිට මෙ වගේ සත්‍ය සිදුවිමි ඇදුරෙන් හදපු පටිට හොල්මන් එවා ටිකක් දෙනවානන් සහොට තවත් පින්............

  19. “චූටී මල්ලි”

    එලස් මල්ලි
    සබට තුති
    ඔබට ජය.......

  20. tharindu

    Ela ela sahoo....1 supiri....
    mekath aniva balanava....meka pattama kathava....thanks machan sub ekatahhh ahhh...godak thanks....
    jaya wewa.....

  21. කැලුම් ගුණසේකර

    ඔන්න පළවෙනි එකත් එක්ක ම ගත්තා. ස්තුතියි සහෝ උපසිරැසියට.

  22. සoජය

    බොහොම ස්තුතියි සහෝ...

  23. යසන්ත චාමර

    ස්තූතියි සහෝලා හැමෝටම.ඔයාලගේ අදහස් සෑහෙන්න වටිනවා මට.මටත් හරි සතුටුයි.තවත් හොඳ බයිස්කෝප් එකකින් ළඟදීම හම්බවෙමු...:D

    හැමෝටම සුබ!!!

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොමත්ම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  25. ARA

    maxxx.....

  26. me

    Thanks

  27. ශාන් විමුක්ති [විමා]

    නෑ සහෝ මම කවදාවත්ම කොලින්වුඩ් රෝහල හොයාගෙන යන්නෙ නෑ
    උපසිරසට බොහොම තුති
    දෙවැන්න ඉක්මනටම අරන් ආවනෙ ආ ;)

  28. රොයිලි

    බොහොම ස්තූතියි යසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  31. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  32. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  33. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති