සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් සියලුම සාමාජික සාමාජිකාවන්ට. ශාන් විමුක්ති සහෝදරයාගෙන් ලැබුනු අවසරයත් එක්ක අදත් මං අරන් එන්නේ ටිකක් පරණ චිත්‍රපටයක්. මේක මගේ දෙවන සිංහල උපසිරැසියයි. ගැඹුරු මහ මුහුද මැද්දේ සබ්මැරීනයක් ගිලුනහොත් එය බේරා ගැනීමට එක්සත් ජනපද නාවික හමුදාව DSRV (Deep Submer…

සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් සියලුම සාමාජික සාමාජිකාවන්ට. ශාන් විමුක්ති සහෝදරයාගෙන් ලැබුනු අවසරයත් එක්ක අදත් මං අරන් එන්නේ ටිකක් පරණ චිත්‍රපටයක්. මේක මගේ දෙවන සිංහල උපසිරැසියයි.

ගැඹුරු මහ මුහුද මැද්දේ සබ්මැරීනයක් ගිලුනහොත් එය බේරා ගැනීමට එක්සත් ජනපද නාවික හමුදාව DSRV (Deep Submergence Rescue Vehicle) නමින් යාත්‍රාවක් නිෂ්පාදනය කරයි. මෙම චිත්‍රපටය එම යාත්‍රාව ලොවට හදුන්වාදීමට තැනු චිත්‍රපටයක් කියලා කිව්වොත් නිවැරදියි.

මේ චිත්‍රපටය 1971 දී David Lavallee විසින් රචනා කරපු Event 1000 නම් නවකතාව ඇසුරෙන් තමයි නිර්මානය කරලා තියෙන්නේ.

කපිතාන් පෝල් ගෞරවණීය වියපත් නිළධාරියෙක්. ඔහු උසස් වීමක් ලැබෙන්න ඉස්සෙල්ලා යාත්‍රා කරන්නේ USS නෙප්චූන් සමගයි. සාර්ථක සංචාරයක් අවසානයේදී නෝර්වේ රටේ නැවක මෙම යාත්‍රාව ගැටෙනවා. එයට හේතුව නැවේ රේඩාර් පද්ධතිය එකවරම අක්‍රීය වීමත් ඒ අවස්ථාවේ පවතින ඝන මීදුමත් හේතුවෙන්. මොවුන් බේරා ගැනීමට කැප්ටන් බෙනට් විසින් මෙහෙයවන මුදවාගැනීමේ බලකාය පැමිණෙයි. ඒ වන විට ගැඹුරු මුද පත්ලේ සිදුවන භූ චලන නිසා නෙප්චූන් ක්‍රම ක්‍රමයෙන් අදුරු පතුලටම ඇදෙයි. කැප්ටන් බෙනට්ගේ සහයට ස්නාර්ක් නම් නිරික්ෂන යාත්‍රාවක් සමග කැප්ටන් ගේට්ස්ද පැමිණෙයි. අවසානය මං කියන එක හරි නැහැනේ. ඔයාලම චිත්‍රපටය බලන්න.

මිනිත්තු 111ක් දිවෙන Walter Mirisch විසින් නිෂ්පාදනය කල මෙම චිත්‍රපටයේ Charlton Heston, David Carradine, Stacy Keach, Ned Beatty, Stephen McHattie, Ronny Cox, Dorian Harewood රංගනයෙන් දායක වේ.

මෙහි අධ්‍යක්ෂණය David Greene විසිනි. 1978 මාර්තු 10 වන දින මෙය තිරගත කිරීම ආරම්භ කෙරිණි.

ස්තූතියි

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

908 downloadsDownload Gray.Lady_.Down_.1978.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

908 downloadsDownload Subtitles50 KB

11 comments

  1. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  2. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa!

  3. gamindu

    thanks! puluwannam "Welcome to Acapulco 2019" meke sub ekath hadala danna

  4. madhubashana bandara

    jaya weewaa !!

  5. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...!
    ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!

  6. jagath55

    Thanks

  7. indika75

    thanks..

  8. Tharaka

    THANKS..................................

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. sunanda shanth

    thanks