Watch Trailer

Tehran Taboo (2017) AKA Teheran Tabu with Sinhala Subtitles | තහනම් ගෙඩි. [සිංහල උපසිරසි සමඟ] 18+

“කව්රුහරි කිව්වොත් ‘ටෙහෙරානයට යන්න එපා‘ කියලා, මං නං කියන්නෙ, ‘එහෙ යන එකම තමයි හොඳ‘ කියලා“ සොඳුරු ඉරානයේ, සුරූපී අගනුවර ටෙහෙරානය! සංචාරක පුරවරය, ලොව විශාලතම කලාලය නිපදවූ රට, කිලෝ මීටර් දහයකට වඩා දිගු කොරිඩෝර ඇති සුප්‍රසිද්ධ “ටෙහෙරාන් බසාර්!!“. ඒත් ඒ නිමක් නැති සොඳුරු බවේ සඟවාගත් අඳුරු පැතිකඩ දන්නේ…

“කව්රුහරි කිව්වොත් ‘ටෙහෙරානයට යන්න එපා‘ කියලා, මං නං කියන්නෙ, ‘එහෙ යන එකම තමයි හොඳ‘ කියලා“

සොඳුරු ඉරානයේ, සුරූපී අගනුවර ටෙහෙරානය! සංචාරක පුරවරය, ලොව විශාලතම කලාලය නිපදවූ රට, කිලෝ මීටර් දහයකට වඩා දිගු කොරිඩෝර ඇති සුප්‍රසිද්ධ “ටෙහෙරාන් බසාර්!!“. ඒත් ඒ නිමක් නැති සොඳුරු බවේ සඟවාගත් අඳුරු පැතිකඩ දන්නේ එරට වැසියන් පමණි. ඔවුන් නිදහසේ ජීවත් වේ. ඒ ඔවුන්ගේ ආගම, සංස්කෘතිය විසින් යෙදූ යම් යම් සීමාවන් තුළ. ඒ බාධක වැට කඩුලු අස්සෙන් රිංගා, “තහනම් ගහේ ගෙඩි කන්නට“ කව්ද අකමැති? යමක් තහනම් කරන්නේ යම් පමණටද, එම තහනම නොතකා එය කිරීමට පෙළඹීම මිනිසාගේ “සහජ දක්ෂතාවයක්“ බව නොරහසක්. මෙය ඉරානයට පමණක් නොව ලොවටම පොදු කාරණයක්. සමාජයේ පිළිගත් අයවලුන් මෙන්ම සමහර ආගමික නායකයන් පවා, අර සංස්කෘතික, ආගමික වැට කඩුලු බිඳ දමන බව ප්‍රසිද්ධ රහසක්.

මත් පැන් ටිකක්, දුම් වැටියක් බොන්න, රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් හිත ගිය තරුණියක් එක්ක විනෝද වෙන්න, වෛශ්‍යාවකගේ පහස ලබන්න, තම සංස්කෘතියෙන් තහනම් වූ කළ, ඒ සියල්ල “දොර පිටිපස්සේ“ සිට සැඟවී කර ගන්නේ, නීති හදන්නෝ සහ නීති කඩන්නෝ එකම බංකුවේ වාඩි වී සිටින නිසාදෝ දැයි සිතෙන ප්‍රශ්නයක්.

ඉරානය තුළ, ගණිකා වෘත්තිය තහනම් වුවත්, දැනට වාර්ථා වී ඇති අන්දමට කාන්තාවන් 85,000 ක් පමණ ගණිකා වෘත්තියේ යෙදී සිටිනවා. විශේෂයෙන්ම ඉස්ලාම් සංස්කෘතිය තුළ කාන්තාවන්ට ඇති නීති රීති ඉතා දැඩි බව අවිවාදාත්මක කරුණක්. මේ චිත්‍රපටයේ අපට හමු වන කාන්තා චරිත ත්‍රිත්වයම, තම සිතුම් පැතුම්, ආශාවන්, නිදහස භුක්ති විඳින්නේ කුමන ආකාරයටදැයි බලන විට, අප රටේ ජනයා කෙතරම් නිදහක් භුක්ති විඳිනවාදැයි සිතෙනවා. මෙහි එක් අවස්ථාවක, එක් මෙහි කාන්තාවක්, “ඔබට හොඳ පවුලක්, නිවසක් ඇති බව“ කියද්දී, අනෙක් කාන්තාව සිතන්නේ, තම මිතුරියගේ පවුල් බරින් තොර, වගකීම් අල්ප, කිරිල්ලයක් සේ ගෙවන නිදහස් ජීවිතය ගැනයි. ගැහැණිය යනු තවත් “වෙළෙඳ භාණ්ඩයක්“ නොව, ඇයත් නිදහසට, ආශාවන්ට කැමති අයෙක් බව මෙම චිත්‍රපටියේ නොකියා කියන දෙයක්.

මෙම චිත්‍රපටිය නිර්මාණය වී ඇති ආකාරය ගැනත් යමක් කිව යුතුයි. මෙය රූගත කර ඇත්තේ සැබෑ නළු නිළියන් යොදාගෙන, මුළුමනින්ම Green screen චිත්‍රාගාරයක් තුළ Rotoscoping ක්‍රමයට (එනම් සැබෑ ඡායාරූප මත ඇඳිමෙන්).


උපසිරසි යෙදීමට මා තෝරාගත්තේ 720p HD Rip පිටපතක්. එමෙන්ම මේ චිත්‍රපටිය නිකුත් වී තිබෙන්නෙ චිත්‍රපටයේම ඉංග්‍රීසි උපසිරස ඇතුළත්වයි. අන්තර්ජාලයේ ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් තිබුණත්, එහි තිබෙන්නෙ පේලි 28ක උපසිරසියක් පමණයි. ඒ නිසා මාහට සිංහල උපසිරසියක් නිර්මාණය කරන්නට සිදු වුණා. එබැවින් සිංහල උපසිරැසිය ක්‍රියාත්මක කිරීමේදී, ඉංග්‍රීසි උපසිරසත් සමඟ බාධාවක් නොවන ආකාරයට, Player එකේ Settings මඟින් සකසා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

එමෙන්ම මෙම චිත්‍රපටිය සම්මාන උළෙලවල් නවයක, අංශ 10 කට නිර්දේශ වී ඉන් සම්මාන 4 ක් දිනාගෙන තිබෙනවා,

1.Baden-Baden TV Film Festival 2017-Winner-“MFG Star”
2.Jerusalem Film Festival 2017-Winner-“FIPRESCI Prize”
3.Montréal Festival of New Cinema 2017-Winner-“Creativity Prize”
4.Portland International Film Festival 2018-Winner-“Audience Award”.

වැඩිහිටියන්ට සුදුසු දර්ශන සහ දෙබස්ද ඇතුළත් බැවින්, නැරඹීමේදී “ප්‍රේක්ෂකාගාරය“ පිළිබඳ සැළකිලිමත් වන්න.

Tehran Taboo
2017 ‧ Drama/Animation ‧ 1h 36m
IMDb 7/10
Rotten Tomatoes 97%
Metacritic 74%
86% Google users liked this film
Initial release: November 16, 2017 (Germany)
Director: Ali Soozandeh
Casting director: Sarah Lee
Language: Persian Language
Producers: Ali Samadi Ahadi, Frank Geiger, Mark Fencer, Armin Hofmann

“…..නැවතත් සිය තිසරපට උනා දැමූ ඈ, තමන්ගේ ‘රාජකාරියට‘ සූදානම් විය. කාමරයට පැමිණි සිය ගණුදෙනුකරු සයනය මත හිඳ ගනු ඇයට දැණුනි. ඔහුගෙන් තවමත් ප්‍රතිචාරයක් නැත. ‘කලින් එක්කෙනා කිව්ව වගේ, මිනිහ ලැජ්ජකාරයෙක් වෙන්න ඇති‘ ඇයට සිතුණි. ඇය මීට පෙරත් සිය දහස් වාරයක් කර ඇති සේ, ඔහුගේ අත අල්වා ගෙන, ඔහුගේ මුහුණ දෙස බැලීය.

එක් වරම ඇයට කෑගැසිණි……..“

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

4,512 downloadsDownload Tehran-Taboo-2017.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

4,512 downloadsDownload Subtitles39 KB

23 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa!

  2. nishannw

    ස්තූතියි උපසිරසියට....ජය වේවා

  3. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
    ඒ වගේම ලිපියත් සුපිරි....

  4. Amalka Himeshan

    Thanks sub ekata

  5. benukanimsena

    සුපිරිම ලිපියක්
    සුපිරිම කතාවක් වෙන්න ඕන
    අනිවාර්යයෙන් බලනවා
    බොහොම ස්තූතියි අයියේ

  6. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  7. baiscopelkishu

    thank u bro sub ekata

  8. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට වගේම මහන්සියටත්.
    ජයෙන් ජය.

  9. Tharaka

    THANKS..................

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. sanuranjana

    thanks bro...

  12. yasith Maduran

    Thanks...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. AsithaDilruwan

    ela saho thanks

  16. suranuwan

    thanks....

  17. C lakmal

    ගොඩක් හොදයි ,තවත් 18+ විඩියෝ වලට, සබ් කරන්න ම බලන්න, ජය වේවා.

  18. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  19. ricadodamien

    Thank U Hirantha Brother & Baiscope team for the sub, all the best to Baiscope team......

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  22. කවිනු වීරක්කොඩි

    වෙලා තියන්නේ එසේ මෙසේ මහන්සියක් නෙමෙයි කියලා හොඳටම පැහැදිලී!!
    බොහොම ස්තූතියි ඒ වෙනුවෙන්...
    හතර වටින්ම හොඳ අහන්න ලැබුණු නිසාම ඔන්න බලන්නයි යන්නේ

    ජය වේවා!!!

  23. Anonymous

    thanks