Watch Trailer

Great Grand Masti (2016) Sinhala Subtitles | විනෝදජනක බූත බංගලාවේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම! ඉතින් කොහොමද යාලුවනේ…..හැමදාමත් සබ් බල බල ඉන්න නිසා මටත් හිතුනා සබ් එකක් කරන්න…මම මගේ පලවෙනි උපසිරැසිය විදිහට ගෙනාවේ Great Grand Masthi චිත්‍රපටයේ උපසිරසියයි… මට මේ වැඩේට ගොඩක්ම උදවු කරේ රවිඳු රුක්ෂාන් අයියා…විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනි රවිඳු රුක්ෂාන් අයියට. මේකේ වැරදි අඩුපා…

Great Grand Masti (2016)

සුභ දවසක් වේවා හැමෝටම! ඉතින් කොහොමද යාලුවනේ…..හැමදාමත් සබ් බල බල ඉන්න නිසා මටත් හිතුනා සබ් එකක් කරන්න…මම මගේ පලවෙනි උපසිරැසිය විදිහට ගෙනාවේ Great Grand Masthi චිත්‍රපටයේ උපසිරසියයි… මට මේ වැඩේට ගොඩක්ම උදවු කරේ රවිඳු රුක්ෂාන් අයියා…විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනි රවිඳු රුක්ෂාන් අයියට. මේකේ වැරදි අඩුපාඩු තියෙනවනම් මට පෙන්නලා දීල යන්න අමතක කරන්න එපා .මේකේ පලවෙනි චිත්‍රපටියේ Grand Masti (2013) උපසිරැසිය කරන්නේ නම් සමීර චතුරංග සොහොයුරා. එහෙනම් අපි චිත්‍රපටිය දිහාවට හැරෙමු……

චිත්‍රපටිය ගැන කිව්වොත් 3.7 ක imdb අගයක් මේ චිත්‍රපටියට ලැබිලා තියෙනවා.මේක නිකුත් උනේ 2016 ජූලි 15. විනාඩි 127 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වන්නෙ කොමඩි කාණ්ඩයට . චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Indra Kumar විසින්. මේකේ ප්‍රදාන චරිත 3 ක් ඉන්නවා..ඒ තමයි අමර්,ප්‍රේම් සහ මිත්. මේකේ අමරගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Ritesh Deshmukh.. ප්‍රේම්ගේ චරිතය රගපාන්නේ Aftab Shivdasani….ඒ වගේම මිත්ගේ චරිතය රගපාන්නේ Vivek Oberoi….බූතයගේ චරිතය රගපාන්නේ Urvashi Rautela…..කතාව සාරාංශයක් විදිහට ගත්තොත් මේ තුන් දෙනාට නිතරම විනෝද වෙන්න ඕනි….කොහොම හරි මෙයාලා හැමවෙලේම විනෝද වෙන්න ක්‍රමයක් හොයා ගන්නවා.හැම කතාවකම කරදර කාරයෙක් ඉන්නවනේ…..ඒ වගේම මේකෙත් ඒ වගේ තුන්දෙනෙක් ඉන්නවා…ඒ තමයි අමර්ගේ නන්දම්මයි,මිත්ගේ මස්සිනයි,ප්‍රේම්ගේ නෑනයි. මේ තුන් දෙනාව තමාගේ ගෙදරින් පන්නගන්න අපේ චරිත තුන ඕනිම දෙයක් කරයි. අමර්ට පාලු බංගලාවක් තියෙනවා එයා ඉපදුන dudwadi ගමේ.

මේ තුන් දෙනා අමුතු අදහසක් හිතේ තියාගෙන dudwadi ගමට එනවා.. dudwadi වලට එන්න හේතුව ඔයාලට බලනකොට තේරෙයි. මේ පාලු බංගලාවේ සාමදානයේ සැතපෙන්න බැරි උන බූතයෙක් ඉන්නවා..ගමේ මිනිස්සු මේ බංගලාව දිහා බලාගෙන බත් කන්නෙවත් නෑ..ගමේ මින්ස්සු දන්නවා මේකේ බූතයෙක් ඉන්නවා කියලා.එත් අපේ ප්‍රදාන චරිත තුන නම් ඔහොම දෙයක් දැනගෙන හිටියේ නෑ.ගමේ මිනිස්සු බූතයා ගැන කිව්වත් මෙයාලා එව්වා විශ්වාස කරන්නෙත් නෑ.බංගලාවට ගියාට පස්සේ මේ තුන් දෙනා අර බූතයට අහු වෙනවා….බූතයටත් තරමක විතර පහත් ආශාවක් ඇති වෙලා තියෙනවා.. ඉතින් මේ තුන් දෙනා මේ බූතයගෙන් බේරෙන්නේ කොහොමද කියල දන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා…ෆිල්ම් එක මැදදී අපේ චරිත තුනගේ මුළු පවුලේ අයම මේ බංගලාවට එනවා…අන්තිමට එයාලත් මේකේ හිර වෙනවා.

ෆිල්ම් එක මැද්දෙදි තව අපූරු චරිත ටිකක් හම්බවෙනවා…හරියට බාබූ රන්ගීලා වගේ…බාබූ රන්ගීලගේ චරිතයට පන පොවන්නේ Shreyas Talpade.ඔයාලනම් මේ චර්තේ හොදට අදුරනව..මොකද golmaal ෆිල්ම් එකේ ලක්ෂ්මන්ගේ චරිතය රගපන්නෙත් මෙයාම තමයි. මේකේ තියෙන සමහරක් විහිලු නිසා මේක පවුලේ සැමට නරබන්න පුළුවන් එකක් නෙමෙයි…… හැබැයි ෆිල්ම් එක පට්ටම අතල් එකක් තමයි……එහෙනම් ඔයාල ෆිල්ම් එක රසවිඳලා ඔයාලගේ අදහස් පහලින් කොටාගෙන යන්න…එහෙනම් හැමෝටම බුදු සරණයි..ජය වේවා

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

14,497 downloadsDownload Great-Grand-Masti-2016.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Hiran-Eranda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

14,497 downloadsDownload Subtitles58 KB

43 comments

  1. supun bro

    good luck bro digatama sub demu...
    aluth hindi film ekakata sub dennako plz...
    jaya wewa...!

  2. JL Fernando.

    Thanks.

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  4. Udara Damith Dissanayaka

    ස්තුර්තියි

  5. subhash

    1st sub ekata subapathum, thnx sub ekata bro

  6. Gandhaka Indrajith

    thanks for subtitle

  7. Suranjan

    Thanks machan......jayawewa.....!

  8. kasunkavinda

    supiriii

  9. itamilapc

    sabata thanks jaya weva machan( Godzilla (1999) – (2004) sinhala sub deyanlako machan)kauru hari kamak na

  10. UK_Fernando

    Thanks Hiran

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. දිල්ශාන් සචින්ත

    නියමයි මලේ. බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. ඔය රවිදු රුක්සාන් අයියව ආශ්‍රය කරන්නේ බලාගෙන හැබැයි...

  13. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති.
    ඔබට ජය!

  14. zec2211

    Good Job keep it up

  15. suren123

    ela bn

  16. Lahiru Lakshan

    thanks machn....

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Lahiru W

    thanks for sub.

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
    ජයෙන් ජය.

  20. sunni1936

    sub ekta tanx malli..keep it up.

  21. hiruni

    Thankzzzz bro

  22. Wijith666

    thnaks

  23. Sandeepmadushan

    Thanx

  24. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසියට සුභපැතුම් මලේ...
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  25. Gayan_madushanka_

    Thanks bro

  26. Prasad Randunu

    Bohooooooma sthuthi sahodaraya mahansiyen kepawimen ape Nerambima wenuwen sub eka karata ! Digatama denna jaya wewa !

  27. sasala

    thanks sub ekata

  28. dilshalu

    meka ganne kohomada

  29. dil_shan

    tnz sub ekata

  30. ishanhansanajayalath

    Thanq මචන් .උබට මේවගේ උපසිරසි හදන්ඩ ශක්තිය ,වාසනාව ලැබේවා .... බුදු සරනයි

  31. gayan1

    Tnx bokka

  32. geethkamal

    tnx saho sub ekata.jaya wewa

  33. chamith555

    ft

  34. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  35. මොළ කකුලුස්

    Thanks for your subtitles...උපසිරසි වැඩේ හොදටම නියමෙට ජයටම කරල තියනව.ඉදිරියට ම සාර්ථකව ඉදිරියට යමු ..ජය වේවා යාළුව....

  36. MadawaDJ

    Me film eka ganne kohomada site ka mokada

  37. Indika Aruna Kumara

    thanks bro

  38. 1997avishka

    Thanks saho

    1. RishanDewthilina

      මෙ ෆිල්ම් එක බාන්න ලින්ක් තියෙන කෙනෙක් දෙන්න ප්ලීස්...ජය වේවා...මේ ෆිල්ම් එක ගන්න ලින්ක් තියෙද් බ්‍රො...??? ප්ලීස් ..

  39. RishanDewthilina

    මෙ ෆිල්ම් එක බාන්න ලින්ක් තියෙන කෙනෙක් දෙන්න ප්ලීස්...ජය වේවා...

    1. Lakmal

      Link එකක් හම්බවුණා නම් කමෙන්ට් කරන්නකෝ

  40. Lakmal

    Great grand masti film එක download කරගන්න පුළුවන් ලින්ක් එකක් දෙන්නකෝ. මේ තියෙන එක ලින්ක් එකක් වත් වැඩ නෑ. හොයල හොයල හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.

    1. RansH

      Index of great grand masthi kyl ghpn