Watch Trailer

Green Lantern: First Flight (2009) Sinhala Subtitles | විශ්වයේ ආරක්ෂකයෝ. [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕන මේක තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය. මෙච්චරකල් මමත් කරේ නිකංම සබ් බාගෙන ගියපු එක විතරයි. පස්සෙදි මටත් හිත්න උපසිරැසියක් කරන්න. වැඩේ බාර අරගෙන නම් ගොඩක් දවස්. උපසිරැසිය කරන්න පටන් ගත්තම තමයි ඒකෙ අමාරුව තේරුණේ. ඉංග්‍රීසි උපසිරැසිය නිකංම සිංහලේට පරිවර්තනය කරල හරියන්නෙත් නැහැනෙ. සමහර…

Green Lantern First Flight (2009)

මුලින්ම කියන්න ඕන මේක තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය. මෙච්චරකල් මමත් කරේ නිකංම සබ් බාගෙන ගියපු එක විතරයි. පස්සෙදි මටත් හිත්න උපසිරැසියක් කරන්න. වැඩේ බාර අරගෙන නම් ගොඩක් දවස්. උපසිරැසිය කරන්න පටන් ගත්තම තමයි ඒකෙ අමාරුව තේරුණේ. ඉංග්‍රීසි උපසිරැසිය නිකංම සිංහලේට පරිවර්තනය කරල හරියන්නෙත් නැහැනෙ. සමහර කොටස් තේරුම් ගන්න නම් තේරෙන විදිහට අපටම වෙනස් කරල දාන්න වෙනවා. නැත්තං එතන ඔයාලට නොගැලපීමක් තේරේවි. ඒ වගේම අමාරුවෙන් හරි අපිට හැම උපසිරැසියක්ම හදල දෙන බයිස්කෝප් එකේ යාළුවන්ට අපි අනිවාරෙන් ස්තූති කරන්න ඕන. කොහොම වුණත් මේ අවස්ථාව ලබා දීම ගැන රොයිලි ප්‍රනාන්දු අයියටත් ස්තූති කරන්න ඕන.

මේක Animation Movie එකක්. 2009 කිවුවට 2010 ජනවාරි මාසයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. DC Comics ලගෙ වීරයන්ට කැමැත්තක් දක්වන අයනම් මේක බලන්නම ඕන කියලයි මම නම් හිතන්නෙ. වර්ගීකරණය: Action, Animation, Sci Fi, Adventure, Fantasy. මේක IMDb 7.2 (8,351 votes)ක් වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියනව. ඉතින් හොඳයි කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

ග්‍රීන් ලෑන්ටර්න් ගැනනම් අපි හැමෝම වගේ දන්නවනෙ. ග්‍රීන් ලෑන්ටර්න්ල කියන්නෙ කවුද? එතකොට අපේ ප්‍රධාන චරිතය වෙන ‘හැල් ජෝර්ඩ්න්’ ග්‍රීන් ලෑන්ටර්න් කෙනෙක් වුණේ කොහොමද? කියල මේකෙදි ඔයාලට දැනගන්න පුළුවන්. හැබැයි මේක ග්‍රීන් ලෑන්ටර්න් චිත්‍රපටියට වඩා නම් වෙනස්. මොකද මේක හදල තියෙන්නේ ඊටත් කලින්. ඒ විතරක් නෙවෙයි Justice League කතා පෙළ බලපු අයටනම් මේකත් බලන්නම අවශ්‍යයි.

කොහොම වුණත් මේ ෆිලුම නම් හොද ඇති කියල මම හිතනවා. කැමති අය අරගෙන බලන්න. එහෙනම්.., හැමෝටම ජය වේවා..! ඒ විතරක් නෙවෙයි, සුබම සුබ නව වසරක් වේවා…!!! කියලත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්..>>>

මේ කතාවෙ මෙන්න මෙහෙම දෙබසකුත් තියනව…

-This weapon is a mighty force.
The most powerful and absolute
in your universe.
With one exception.
One… …slight… …imperfection.

-What?

-The imperfection…
…every weapon has.

Its user.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,806 downloadsDownload Green-Lantern-First-Flight-2009-Blu-Ray-Update.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුවන්ත – හෑෂ් [#]” සොහොයුරා‍ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-01-03

Subtitles by

හෂාන් මධුවන්ත

Subtitles

4,806 downloadsDownload Subtitles31 KB

39 comments

  1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මං ඒත් බැළුවා මේකේ සබ තාම නැත්තේ මොකෝ කියලා.
    බොාහෝම ස්තුතියි කොල්ලෝ.

    1. Hashan

      Comment එකක් දාල හරි අපිව දිරිමත් කරන ඔය හැමෝටම ස්තුතියි.

  2. thisal

    එල තැන්ක්ස් සබට

  3. Lakshitha

    Good luck mcn...!!!

  4. darshana

    sub ekta thanks saho.. meka m kalin balala tiyanwa dan sub ekka ayema balanawa
    good luck

    1. Hashan

      මමත් මේක ඉස්සර බලපු එකක්(2010දි විතර). ඒත් එතකොට මේකෙ සිංහල උපසිරැසි තිබුණෙ නෑ. මම ආයිත් මේ ළඟකදි තමයි මේක ආයිත් බාගත්තෙ. ඒත් සිංහල සබ් නෑනෙ, ඊට පස්සෙ තමයි මටම සබ් දාන්න හිතුනෙ.

      *ඇත්තමයි, comments වැටෙනකොට තව සබ් හදන්න හිතෙනවා.

  5. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASHAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  6. lakshan

    ස්තුතියි සහෝ උපසිරැසියට​…

  7. thili

    thankz bro.....supr wrk.........wel dne

  8. Amila Kaushalya

    good Work bro keep it up

  9. නලින්

    ස්තුතියි හැෂ් සහෝ.. මෙකෙ තව කථා සෙ‍ට් එක් තියෙනවා නේද.. එ ටිකත් හිමිට බස්සමු..

    ජය වේවා!

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. ruwan

    niyamai sahooo... suba gamanakata wish karanawa
    digatahama yamu
    elaz
    tnks

  12. දීප්ත තුෂාර

    සාදරෙන් පිළිගන්නවා බයිස්කොප් සිංහලෙන් උපිසිරැසි මණ්ඩලයට. මේ අවුරුද්දෙත් අළුත් අය හුගක් ආපු එක ගැන ගොඩාක් සතුටුයි. ඉදිරියටම යමු.

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයි හෂාන් සහෝ..
    පළමු නිර්මාණයට සුබපැතුම්..
    සාදරයෙන් බයිස්කෝප් එකට පිළිගන්නවා..
    ජයම වේවා..!!!

  14. I.W.M.S Ilangakoon

    ELA ,, SUPIRI FILUMAK WAGE,,,
    THANKZ WEWA,,,,,
    DIGATAMA DEMU,,,

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  18. thisura hirushan

    thanku so mutch saho.oyage 2veni upasiyat langadima ei kiyala blaporottu venava.

  19. “චූටී මල්ලි”

    බලන එකනම් ශුවර් නෑ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  20. රොයිලි

    බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  21. Ruchira

    sub 1ට ස්තුතියි........

  22. Melaka

    Pattai machoooo.. thankssss....

  23. පැතුම් අරෝෂණ වනිගසේකර

    බොහොම ස්තූතියි මචන් :)

  24. බුකියේ සුදු කොල්ලා.

    තැන්ක්ස් මචං

  25. kavinda

    thank you

    1. Hashan--#_HASH_#--

      Thanks for your comment...

  26. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    1. Hashan Madhuwantha

      :) Thanks...

  27. Stranger

    thanks

    1. Hashan Madhuwantha

      Thank you!

  28. Hashan M. Priyadarshana

    Thank you

    1. Hashan Madhuwantha

      thnx... :)

  29. rockz2020

    පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම් සහෝ! ✊❤
    බොහොම ස්තූතියි සිංහල සබ් එක වෙනුවෙන්, තව මේ වගේ කාටුන් ඕනේ.
    දිගටම සබ් කරන්න ජය වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)

    The Dark Crystal: Age of Resistance (2019)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

  30. Shaggy

    බොහොම ස්තූතියි

  31. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට.... ඔබට ජය....❤️❤️❤️

  32. Ravidu kaushan

    ගැම්මක් බොසා තෑම්ස්

  33. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !