Watch Trailer

The Last of the Mohicans (1992) | මොහිකන්ස් ගෝත්‍රයේ අවසන් පුරුක [සිංහල උපසිරසි සමඟ]

ඇමෙරිකානු ගෝත්‍රික පෙළපතක අවසානය ගැන කියවෙන ඉතා අනගි සිනමා සිතුවමක්. Uncas ලෙසින් Eric Schweig ද, ඔහුගේ පියා Chingachgook ලෙසින් Russell Means ද, ඔහු විසින් හදාවඩා ගත් දරුවා Hawkeye ලෙසින් Daniel Day-Lewis ද රංගනයෙන් දායක වෙයි. මොහිකන්ස් නම් ගෝත්‍රයකට අයත් මොවුන් කිසිදු හැල හැප්පීමකින් තොරව බ්‍රිතා…

The Last of the Mohicans (1992)

ඇමෙරිකානු ගෝත්‍රික පෙළපතක අවසානය ගැන කියවෙන ඉතා අනගි සිනමා සිතුවමක්. Uncas ලෙසින් Eric Schweig ද, ඔහුගේ පියා Chingachgook ලෙසින් Russell Means ද, ඔහු විසින් හදාවඩා ගත් දරුවා Hawkeye ලෙසින් Daniel Day-Lewis ද රංගනයෙන් දායක වෙයි. මොහිකන්ස් නම් ගෝත්‍රයකට අයත් මොවුන් කිසිදු හැල හැප්පීමකින් තොරව බ්‍රිතාන්‍යය කොලණියක සහයෝගයෙන් හා සාමයෙන් ජීවත් වෙයි. නිර්භීත ගෝත්‍රික ජනතාවක් වන මොවුන්ට හදිසියේ නොසිතූ විරූ අන්දමක සිදුවීමකට මුහුණ පෑමට සිදුවෙයි. බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකුගේ දුවරු දෙදෙනෙක් ( Madeleine Stowe හා Jodhi May) කැලය මැදින් පිරිවර භටයින් සමඟ ගමන් කරද්දී වෙනත් ගෝත්‍රයක ද්‍රෝහී චරපුරුෂයෙකු විසින් ඔවුන්ව පැහැර ගැනීමට තැත් කරයි. අහඹුවෙන් මෙන් මෙම සිදුවීම ඇස ගැටෙන මේ ගොත්‍රිකයින් තිදෙනා වෙඩි වරුසා හා ප්‍රහාර මැදින් මෙම කාන්තාවන් දෙදෙනා බේරා ගෙන ඔවුන් ආ ගමන නොනවත්වා යාමට කැලය මැදින් ආරක්ෂාව සපයයි. තමන්ට අවශ්‍ය නොවූ සිදුවීමකට සම්බන්ධ වන මේ තිදෙනාට අවසානයේ තමන්ගේ ජීවිතය අහිමි වෙන තැනට කටයුතු යෙදෙයි. මොවුන ජීවිත බේරා ගනීවිදි? කාන්තාවන් දෙදෙනාගේ ජීවිත රැකෙයිද?

IMDb දර්ශකයේ 7.8 ක අගයක් අරන් තියෙන සුපිරි සලරුවක් මේ. අධ්‍යක්ෂණය Public Enemies (2009), Collateral (2004) වගේ චිත්‍රපටි කරපු Michael Mann නම් අධ්‍යක්ෂවරයාගෙන්. ඔහුගෙම Blackhat (2015) කියලා සලරුවකින් ලබන වසරේ එන්න නියමිතයි. චිත්‍රපටියට පාදක කරගෙන තියෙන වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ ඉතාමත් ලස්සනට අරන් තියෙනවා. පරණ චිත්‍රපටියක් වුණත් ගුණාත්මක භාවයෙන් හා කැමරාකරණයෙන් විශිෂ්ටයි. මෙහි ගෝත්‍රිකයින් කතා කරන භාෂාව වෙනුවෙන් අලුතෙන් Time lines හදලා උපසිරැසි යෙදීමට සිදුවන බව මතක තබා ගන්න. මොකද චිත්‍රපටිය බලද්දීTime line එකේ පොඩි පොඩි වෙනස් කම් දැනෙන්න පුළුවන් නිසයි එහෙම කීවේ…

The Last of the Mohicans (1992) on IMDb

 

 

4,833 downloadsDownload The.Last_.of_.the_.M.1992.baiscopelk.zip31 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

4,833 downloadsDownload Subtitles31 KB

23 comments

  1. deanuwan

    iam 1st tnx for sub

    1. kasun

      niyamai hode./.........

  2. deanuwan

    patta filuma ahhhhhhh

  3. thisal

    අනිවා බැමක් පරන උනත් මැක්සා බඩුවක්

  4. Kulanjana Maduranga

    niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Waruna

    මම ලගදි මේ ෆිල්ම් එක බැලුවා බන් ...පට්ට එකක් ..Daniel Day-Lewis ඉන්න ෆිල්ම් එකක් නම් ඉතින් නොබලා කොහොමද.....!

  6. නලින්

    ස්තුතියි දමිත් සහෝ!.. නියම කථාවක් වගේ.. මෙක නම්.. බලමු.

    ‍ජය වේවා!

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දමිත්..
    තැන්කු..
    ජය

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. anura

    pattaiiii thnzzzz............

  11. lahiru

    Thanks machan. Hari aasawen balanna hitapu film ekak. :-)

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. lahiru

    THank you so much for this sub.. :-)

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  15. “චූටී මල්ලි”

    බලන එකන්ම් ශුවර් නෑ
    එල
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  16. anura

    filam eka hodai..subata bohama thnz honde....film eka katawa galagana yana eke podi apahadili kamak mata tynawa a unata film eka hodai chalz dikenzge a tail of two citez matak una film eka balagana yanakota ayet watawak godakma thnzzz sub ekata ...jayawewa...

  17. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. sujith lasantha

    thanks

  19. Asitha

    elama thanks

  20. Raveesha Sandamin

    සබ් එකට thanx ahhh....

  21. SHASHIKA SRI RAJAWICKRAMA

    sub eka wada naha plz

    1. Pavith Wijesooriya

      දැන් වැඩ කරනවා සහෝ