Watch Trailer

Gremlins (1984) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න හුරු වුන කෙනෙක් නම් Joe Dante, Chris Columbus, Steven Spielberg කියන සිනමා ලෝකේ නම් දැරූ අධ්‍යක්ෂකවරු ගැන අහලා නැති වෙන්න බෑ. ඔව්, Steven Spielberg තමයි අතිශය ජනප්‍රිය ජුරාසික් පාක්, ඉන්ඩියානා ‌ජෝන්ස් වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම Chris Columbus තමයි Harry Pott…

ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න හුරු වුන කෙනෙක් නම් Joe Dante, Chris Columbus, Steven Spielberg කියන සිනමා ලෝකේ නම් දැරූ අධ්‍යක්ෂකවරු ගැන අහලා නැති වෙන්න බෑ. ඔව්, Steven Spielberg තමයි අතිශය ජනප්‍රිය ජුරාසික් පාක්, ඉන්ඩියානා ‌ජෝන්ස් වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම Chris Columbus තමයි Harry Potter පළමු හා දෙවන චිත්‍රපට, Pixels(2015) Percy Jackson පළමු චිත්‍රපටය ව‌ගේ තවත් දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ. ඒ ව‌ගේම Joe Dante තමයි Small Soldiers(1998), Innerspace(1987), The Howling(1981) වගේ ජනප්‍රිය චිත්‍රපටි ලෝකෙට දායාද කළේ. ඉතින් ඔයාලා කැමති නැද්ද සිනමාවේ මෙන්න මේ දැවැන්තයො තුකන් දෙනා‌ගෙ එකතුවෙන් හදපු මේ Gremlins (1984) චිත්‍රපටය බලන්න? මං හිතන්නේ චිත්‍රපටිවල නිකුත් වුන වුරුද්ද හොය හොය චිත්‍රපටි බලන අය ඇරුණම අනිත් කවුරුවත් අකමැති වෙන එකක් නෑ.  මනාප 194,937 කින් IMDB අගය 7.3 ක් දිනාගත්ත මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Joe Dante ගෙන්. කතාව ලියලා තියෙන්නේ Chris Columbus. නිෂ්පාදනය Steven Spielberg ඇතුළු තවත් කිහිප දෙනෙක්ගෙන්. ඒ වගේම Zach Galligan, Phoebe Cates, Hoyt Axton වගේ අය රංගන දායකත්වය දීලා තියෙන මේ චිත්‍රපටය අයත් වෙන්නේ Comedy, Horror, Fantacy කියන තේමා යටතට.

කතාවෙ වෙන දේ චුට්ටක් කියනව නම් රෑන්ඩ් පෙල්ට්සර් එයාගෙ පුතාට චයිනාටවුන් වලින් හොයාගත්ත අමුතු හුරතලෙක්ව ගිහින් දෙනවා. ඒත් ඒ හුරතලාව බලාගන්න අය නීති 3 කට යටත් වෙන්න ඕනි. ඒ තමයි එයාව ආලෝකයෙන් ඈත් කරලා තියන්න ඕනි, වතුරෙන් ඈත් කරලා තියන්න ඕනි සහ රෑ 12 පහු වුනාට පස්සෙ මේ හුරතලාට කෑම දෙන්න බෑ. මෙහෙම නීති තුනක් දාලා තියෙන්නෙ නිකන් නෙමෙයිනේ. ලොකු හේතුවක් ඇතුව. ඔතනින් එහාට වෙන දේ බලන එක ඔයාලට බාරයි.

ඒ ව‌‌ගේම මේ චිත්‍රපටියේ එන Gremlin කියන සංකල්පය ගැන අන්තර්ජාලේ විස්තර හොයද්දි මට හම්බුන දේ තමයි ලෝක යුද්ධ කාලවලදි ප්ලේන් ඇතුලේ තියෙන වයර්, පරිපථ වගේ දේවල් විනාශ කරලා ප්ලේන් බිමට වට්ටන්න හේතු වුන අද්භූත ජීවීන් වර්ගයක් කියලයි කියන්නේ. ඒ වගේම කතාවට අනුව නම් Gremlin කෙනෙක් වෙන්න පෙර අවධිය තමයි Mogwai කියන්නේ. මේ කතාවෙ එන හුරතලා ගිස්මෝ කියන්නෙත් මොග්වායි කෙනෙක්. එයාගෙන් තමයි Gremlins ලව බිහි වෙන්නේ. ඒ කොහොමද කියලා ඔයාලට ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙයි. කතාවෙ එහෙම තිබුනත් චීන සම්ප්‍රදායට අනුව මොග්වායි කියන්නේ මිනිස්සුන්ට කරදර කරන්නම බලන් ඉන්න යක්ෂ බලවේගයක් වගේ එකක්. ඒ වුනත් ෆිල්ම් එකේ මොග්වායි කියන්නේ අහිංසකයෙක්. ග්‍රෙම්ලින්ස්ලා තමයි මිනිස්සුන්ට මාරක විහිළු කරන්නේ. ඒ වුනත් මේ ජීවීන්‌‌ගේ ප්‍රජනනය ගැන චීන සම්ප්‍රදායේ එන විදිහයි, ෆිල්ම් එකේ තියෙන විදිහයි ‌ගොඩක් දුරටම සමානයි. ඉතිං මේ සංකල්ප එකිනෙකට මොන තරම් දුරට සම්බන්ධද කියන්න නම් මං දන්නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් මටත් කියන්න. එහෙනම් Gremlins දෙවෙනි චිත්‍රපටිය Gremlins:The New Batch (1990) චිත්‍රපටයෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

ඒ ව‌‌ගේම කියන්න ඕනි එන්න එන්නම සබ් වලට කමෙන්ට් වැටෙන ප්‍රමාණය නම් අඩු වෙනවා. ඒ හින්දම දැන් සබ් කළත් ගොඩක් දුරටම ඉස්සර වගේ ආසාවකින් නෙමෙයි කරන්නේ. මේ කරන දේ ගැන හිතට සතුටකුත් දැනෙන්නෙ ඔයාලගෙ කමෙන්ට්ස් බලද්දි. කමෙන්ට්ස් වැඩිය ලැබෙන්නැත්නම් දවස් දෙක තුනක් මහන්සි වෙලා මේ කන කට්ට තේරුමක් නෑනේ. එහෙනම් හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR  පිටපත් සඳහා අදාළ වේ.

2,158 downloadsDownload Gremlins-1984.zip82 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

2,158 downloadsDownload Subtitles82 KB

32 comments

  1. රොෂාන් ශමීර ජයසිංහ

    නියමයි...
    ~ ජය වේවා ~

  2. Malith

    ග්‍රෙම්ලින්ස් අලුත්ම එකටත් සබ් දෙන්න.

    1. Sohan Jayasooriya

      ඔයා කියන්නෙ ග්‍රෙම්ලින්ස් 2017 ආපු එකද? ඒකයි මේකයි කිසිම සම්බන්ධයක් නෑ සහෝ.. නම විතරයි පොදු.. 2017 ආපු එක ලෝ බජට් නිකම් ෆිල්ම් එකක්.. බලන්න පුලුවන් මට්ටමකවත් නෑ.. මේ ස්ටීවන් ස්පිල්බර්ග්ලා සෙට් උන ග්‍රෙම්ලින්ස් එකේ දැනට ඇවිත් තියෙන්නෙ මේ දීලා තියෙන එකයි 1990 ආපු එකයි විතරයි.. ඒ නිසා 2017 එකට සබ් දෙන්න නම් අදහසක් නෑ සහෝ..

    2. Malith

      ආ හරි හරි machoo

  3. Anonymous

    thanx

  4. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    බයිස්කෝප් අඩවියෙන් මින් පෙර උපසිරැසි ලබාදුන් The Silence of Lambs - 1991 ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ අනෙකුත් චිත්‍රපට කිහිපයට උපසිරැසි දෙන්න පුලුවන්ද?

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

    1. කාල්ටන්

      මේ ටිකට සබ් එක දීලා බලපන්කෝ. මූ තව ලිස්ට් එකක් උස්සන් එනවා. කඩකාරයෙක්ද මන්දා.

    2. Sohan Jayasooriya

    3. Shamal manojan

      අනේ මැට්ටෝ, මං කඩකාරයෙක් නෙමෙයි. මං ආසාවෙන් චිත්‍රපට බලන සිනමා රසිකයෙක් විතරයි. ගොඩ දෙනෙක් ගෙන් ඉල්ලුවත් තාම Hannibal collection එකට සබ් හම්බුනේ නෑ. The Silence of the Lambs (1991) චිත්‍රපටයට විතරයි බයිස්කෝප් එකෙන් සබ් දීලා තියෙන්නේ. කාල්ටන් කියන්නේ තමුසේ කඩකාරයෙක් වෙන්න ඇති. අපි චිත්‍රපට එකතු කරන අය විතරයි. බලනවකෝ කෑගහන්නේ නැතිව ඔය මං කියපු චිත්‍රපට ටිකේ trailer ටික කොහොම ෆිල්ම් ටිකක්ද කියලා.

    4. Anonymous

      එල බොක්ක ආඩම්බරයි...

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. sahan wicramasinghe

    bohoma sthuthiy

  7. යුරාන් ධනුක (දනුවා)

    නියමයි සොහාන් මල්ලී
    බොහෝම ස්තූතියි

  8. Arjuna krishantha

    Great job bro good & best of luck tnx again.❣️❣️

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  10. Hashan M. Priyadarshana

    ගොඩක් ස්තුතියි සබ් එකට :) :)

  11. Pasindu Madumal

    දවස සුබ වේවා,
    ඔබට ජය වේවා ❤️

  12. Deegayu Abeysekera

    bohoma isthuthi

    digatama sub denna

    adairya wenna epa

  13. rkkasun

    thanx

  14. indika75

    thanks..

  15. Anonymous

    THANKS A LOT

  16. Anonymous

    Than you

  17. Sureka

    Thank you

  18. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  19. Dewadithya

    Thanks for sub!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Hasith Dulanjana

    සබ් එකට thanks bro
    පොඩි උදව්වක් ඉල්ලනවා,baiscopelk එකේ සිංහල සබ් දිල තියන මෙම film ටිකේ සබ් අඩු පාඩු තියනවා, එක්කෝ සබ් එක නැ. පුළුවන්නම් කවුරු හරි සාමාජිකයෙක් මෙ සබ් වල වැරදි හදලා blu ray වලට හෝ හොඳ කොපියකට update කරන්න.

    • Apocalypse now (1979)
    •The Deer Hunter(1978)
    •The boondock saints (1999)
    •Meet the fockers(2004)
    •12 monkeys(1995)
    •The Town(2010)-blu ray plz
    •the pianist(2002)-blu rau plz

    තවද මෙම විශිෂ්ට සිනමාපට වලටත් පුළුවන් කමක් තිබේ නම් සබ් දෙන්න. මෙ movies වලට සිංහල සබ් දුන්නොත් baiscopelk site එකේ ලොකු අඩූ පාඩුවක් සපිරෙවි සහ ඒක මෙ movies බලන්න ඉන්න අයට ලොකු උදව්වක් වේවි.

    •Dead poets society(1989)
    •Trainspotting(1996)
    •untouchables(1987)
    •A Bronx Tale(1993)
    •Jackie brown (1997)
    •True romance(1993)
    •Traffic (2000)
    •The master(2012)
    •Ray (2004)
    •Thelma and louise(1991)

    1. Shamal manojan

      හසිත දුලංජන සහෝ දීලා තියන මේ list එකේ තියන පරණ ෆිල්ම් දෙනවානම් කොච්චර වටිනවාද?

    2. Anonymous

      A Bronx tale sinhala subs na neda

  22. Shamal manojan

    Gremlins 02 - 1990 චිත්‍රපටය දෙනතුරු තවම බලා හිදිමි සහෝ.

  23. Shaggy

    Thank you very much

  24. Lasitha

    බොහෝම ස්තූතියි උපසිරැසියට…