Watch Trailer

Gu (2024) Sinhala Subtitles | යක්කු එක්ක නිවාඩුවක් [සිංහල උපසිරැසි]

Gu (2024) Sinhala Subtitles ආයුබෝවන්. මෙන්න ගිය සතියෙ නිකුත් උන තවත් ලස්සන මලයාලමක්. 2024 තිරයට මුදා හැරියත් ඒක අන්තර් ජාලයට නිකුත් වෙන්නෙ ටිකක් කල් ගිහින්. ඒ කොහොම වෙතත් මේක හරි ලස්සන මනෝවිද්‍යාත්මක හොරර් ඝනයේ චිත්‍රපටයක්. ඒ වගේම විවිධ සම්මාන උළෙල වලදී ඇගැයීමට ලක් උන චිත්‍රපටයක්. ඒකයි කියන්නෙ මේක…

Gu (2024) Sinhala Subtitles

ආයුබෝවන්. මෙන්න ගිය සතියෙ නිකුත් උන තවත් ලස්සන මලයාලමක්. 2024 තිරයට මුදා හැරියත් ඒක අන්තර් ජාලයට නිකුත් වෙන්නෙ ටිකක් කල් ගිහින්. ඒ කොහොම වෙතත් මේක හරි ලස්සන මනෝවිද්‍යාත්මක හොරර් ඝනයේ චිත්‍රපටයක්. ඒ වගේම විවිධ සම්මාන උළෙල වලදී ඇගැයීමට ලක් උන චිත්‍රපටයක්. ඒකයි කියන්නෙ මේක නොවැරදීම නරඹන්න.

හොරර් කිව්වට මේක දැකපු ගම පේන්නෙ ළමා චිත්‍රපටයක් වගේ. මේකෙ ප්‍රධාන චරිත ටික ළමයි. ඒ වගේම අති සුන්දර ගම් පෙදෙසක දුව පැන ඇවිදින ළමයි රංචුවක් එක්ක ගලා යන්න චිත්‍රපටියක්.

සුන්දර ගමක තම පියාගෙ මහ ගෙදරට එන පුංචි දැරියක් මෙහි ප්‍රධාන චරිතය. ඇය මෙන්ම ඇගේ පවුලේ කීප දෙනෙක්ම මේ ගෙදරට එක් වෙන්නේ කාලෙකින් එහි පවත්වන්න යන චාරිත්‍ර කීපයකට සහභාගී වෙන්න. ඉතිං එකට එකතු වෙන පොඩි උන්ට ලස්සන කාලයක්. කාටත් එහෙම තමයි නාගරික පරිසරයකින් මිදිල ගමකට ආවම ඇති වෙන අමුතු හැඟීම කවුරුත් විඳ ගෙන ඇති. විශේෂයෙන්ම ඔබේ ළමා කාලය ගමක ගෙවල දැන් නගරයට ආව නම් ආපසු ගමට ගියාම එන නොස්ටැල්ජියානු මතකයන් මේ චිත්‍රපටියෙන් අවදි වෙයි. ඒ එක්කම ගම් වල පවතින විවිධ පුරාවෘත්ත යක්කු පෙරේතයො භූතයො සහිත කටකතා ඇවිස්සෙන්නත් ඒ හොඳ කාලයක්. දන්නවනෙ ඕනෑම ප්‍රදේශයක ඔවුන්ට ආවේණික යක්කු එක එක පුරාවෘත්ත වලට අනුකූලව ඉන්නවානෙ? ඉතිං මේ දරුවන් පිරිසට අත් දකින්න වෙන්නෙ ඒ වගේ අත් දැකීමක්. ඉතිං මේ නිවාඩුව ඔවුන්ට විනෝද ජනක එකක්ද නැත්නම් භයංකාර එකක්ද කියල බලන්න.

ඉතිං හරි සුන්දර විදිහට යක්කුත් එක්ක හරි ලස්සන වටපිටාවක විශිෂ්ඨ කැමරාකරණයක් සහ ඊටම ගැලපෙන පසුබිම් සංගීතයක් එක්ක මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරන්නේ මනු රාධක්‍රිශ්ණන්. මනියන්පිල්ලේ රාජු කියන ප්‍රවීණ නළුවා නිශ්පාදනය කරන මෙම චිත්‍රපටයේ ඔහු සමග ඔහුගේ පුත් නිරන්ජ් සහ සයිජු කුරුප් ප්‍රධාන චරිත රඟපානවා, තවත් ළමා නළු නිළි කැලක් සමග මෙහි අවුරුදු අටක දැරියක සේ දක්ෂ රඟපෑමක යෙදෙන දේව නන්දා නම් පොඩි උනාට මේ වෙන කොට සම්මානනීය ජනප්‍රිය නිළියක්, තොට්ටප්පන්. මයි සැන්ටා, මානික්කපුරම්,2018. මින්නල් මුරලි, සුමති වලව් ඇතුලු චිත්‍රපට රැසකම ඇයගේ රඟපෑම් ඔබ දැක ඇති.

එහෙනම් මේක නරඹන්න.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Gu (2024) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

669 downloadsDownload Gu-2024.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Gu Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

669 downloadsDownload Subtitles54 KB

2 comments

  1. Gagan Pabasara

    බොහෝ ම ස්තුතිය උපසිරස ට aadu 1 කරන්නේ නැද්ද ?

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල අයියේ සබ්එකට