Sorority Row Sinhala Subtitles මේක 2009 රිලීස් වුණු horror/action කාණ්ඩයට අයිති වෙන slashser චිත්‍රපටියක්. මේකට imdb 5.2 ක අගයක් හම්බෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ stewart handler. Briana Evigan,Jamie chung, Leah pipes, rumer willis, margo harshman, caroline d`amore රංගනයෙන් දායක වෙනවා. මේකෙ…

මේක 2009 රිලීස් වුණු horror/action කාණ්ඩයට අයිති වෙන slashser චිත්‍රපටියක්. මේකට imdb 5.2 ක අගයක් හම්බෙලා තියෙනවා.
අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ stewart handler. Briana Evigan,Jamie chung, Leah pipes, rumer willis, margo harshman, caroline d`amore රංගනයෙන් දායක වෙනවා.
මේකෙත් ඉන්නෙ scream වගේ masked killer කෙනෙක්. 90s slasher වලට ගොඩක් සමානයි.
කතාව ගැන පොඩ්ඩක් කිව්ව්වොත් මේ කතාව සිද්ද වෙන්නෙ කැම්පස් එකක ගර්ල් ගෘප් එකක. මේ ගර්ල් ගෘප් එකේ හිටිය එක කෙල්ලෙක්ගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ට යාළුවො ටික පොඩි ප්‍රෑන්ක් එකක් කරන්න යනවා. හැබැයි මේ ප්‍රෑන්ක් එක ඉවරවෙන්නෙ ගොඩක් නරක විදියට. වැඩිය ස්පොයිල් කරන්න යන්නේ නෑ. ඔයාලම බලන්න. තව දැනගන්න ඕනෙ නං මේක ගැන කලින් ලියපු ලිපියක් බයිස්කෝප් එකේම තියෙනව. තව කියන්න ඕනෙ මේ මගෙ පලවෙනි සබ්ටයිටල් එක. අඩුපාඩු තියෙනව නං සමාව ඉල්ලනවා.
දිනුෂ්ක උදාර ( රොකියා ) සහෝදරයා විසින් මීට පල කරන ලද ලිපිය
ඔන්න කාලෙකට පස්සෙ ටිකක් අමුතු විදියෙ, මොලේ විකාර වෙන බයිස්කෝප් එකක් අරගෙන ආව. මෙය 2009 වසරේ සැප්තැම්බර් මස තිරගත වීමට ආරම්භවුනු බයිස්කෝප් එකක්. මුලින්ම කතාව පොඩ්ඩක් කියල ඉන්නම, ගැහැනු ලමයින් 6 දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් තමයි මේකෙ මූලික කතා නායකයින් වෙලා තියෙන්නෙ. චිත්‍රපටිය පටන් ගන්නෙ, මෙම ගැහැනු ලමුන් විසින් පවත්වන සාදයකිනුයි. අපරාදෙ කියන්න බැ, කන්න බොන්න එක්ක අනිත් හැම දේම මෙම සාදයේ තියෙනවා. මෙහිදී මේ ගැහැනු ලමුන් කන්ඩායමේ සිටින ගැහැනු ලමයකු සමග තවත් එම කන්ඩායමේම ඉන්න ගැහැනු ලමයෙකු සම්බන්දයක් පවත්වනවා. කොහොම හරි සාදය අතරතුර මොවුන් දෙදෙනා හමුවී තනියෙම සිටින මොහොතක, මෙම ගැහැනු ලමයා සිහ සුන්ව වැටෙනවා. මම පිරිමි ලමයා කිසියම් හේතුවක් නිසා සිතන්නේ ඇය මියගොස් ඇති බවයි. කෙසේ හෝ ඔහුගේ සොයුරියටත් එම කන්ඩායමේ අයටත් මෙම සිද්දිය සැල වෙනවා. එහිදී ඔවුන් දැනගන්නව මෙම ගැහැනු ලමයා විහිලුවක් කිරීමේ අදහසින් මෙසේ මියගිය අයුරින් සිටිනව කියල. මෙම ගැහැනු ලමුන් කන්ඩායමත් මියගිය අයුරින් සිටින ගැහැනු ලමයත්, පිරිමි ලමයත් ඇතුලු කන්ඩායම මිය ගිය අයුරින් සිටින ගැහැනු ලමයව පාලු ස්තානයක දමා එන මෙන්, මෙම පිරිමි ලමයාව තව දුරටත් බය කිරීමේ අරමුනින් වාහනයක නැගී ගමන් කරනවා. නමුත් වාහනය නැවැත්වූ පසු හදිසියේම මෙම පිරිමි ලමයා මෙම මිය ගිය අයුරින් සිටින ගැහැනු ලමයට පපුව පසාරු කර යනතෙක් ආයුධයකින් පහර දෙනවා. විහිලුවකින් වුන තරමක්. ඔය අයුරින් මෙම මල මිනිය පාලු ලිඳකට දමා මොවුන් පලා යනවා. නමුත් මාස 9 කට පසු මෙම කන්ඩායමේ එක් එක ගැහැනු ලමයා අතුරු දහන් වෙනව. මේ අභිරහස් අතුරුදහන් වීම ඒ වගේම සහ මිය යැමට හේතුව කුමක්ද ? ඒකනම් හිතාගන්න බැරි විදිහෙ දෙයක්.
කතාව යන්නෙ ඔන්න ඔය විදියටයි. කතාව හරිම රසවත්, ඇත්තටම මොවුන් මිය යන අයුරු නම් …. ඒක ඔයාලම බලලා තීරනය කරන්න.
අපිට Step up 2 චිත්‍රපටියෙන් හමුවුනු , Briana Evigan මෙයට ප්‍රධාන රන්ගනයෙන් දායක වෙනව. ච්ත්‍රපටියේ පෙර දසුන් බලලම තීරනය කරන්න බානවද නැද්ද කියලා.
Sorority Row (2009) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
416 downloadsDownload Sorority-Row-2009.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිඳු දේවින්ද ජයරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-06-25
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sorority Row (2009) Sinhala Subtitles
Subtitles by
හසිඳු දේවින්ද ජයරත්න
Subtitles
36 comments
Manula Nayanatharu
Chameera
Ela ela
Dinushka Udara | රොකියා
කතාව ටිකක් අවුල් වගේ උනාට බය නැතුව බාන්න. අමුතුව ජාතියේ බයිස්කෝප් එකක්!
shiwantha
ela thanx machan :)
හසී
බයිස්කොප් නම් ඉතිං අයෙ බාන්න කියන්න ඕනි නෑ...අනිවා බානවා......
kathu
සුබ අනාගතයක්... කට්ටියටම..!!!
Asanka WC
මොකද මේ බයිස්කෝප් එක ආයෙත් පරන ඇඳුමම ඇන්දගෙන ?
Asanka WC
මේ ෆිල්ම් එක මම බලල තියෙනව. ෆිල්ම් එකනම් එල. නමුත් කතාවනම් චාටර්.
smw8890
පරන පෙනුම නියමය් .මෙක ඉක්මනට ලොඩ් වෙනවා
DRC2krishan
ela ela patta film ekak wage
dushan
movie trailers ballanna puluwan wenna site eke hadamuda saho? :)
gamer
mmmm balama balamu.............
gamer
math kemathi trailers ballanna site ekak tiyanawanam ..........
buddhika
මුලින්ම කිවුව ඔන්න සුභ අනාගතයක් කියල......
බාන්න දැම්මා.. New moon එකෙත් හොද කොපියක් ආපු ගමන් දාන්න හොදේ.......අසේල කුරුවිට
මට නම් දිරවන්නෙ නෑ.
Megaupload ලින්ක් එකක් තියනවා
නුමේෂ් ඩිලූෂ
onna banawaaa tnx hodeee
Dinushka Udara | රොකියා
@ dushan ; මම ලිපියෙ මෙකෙ ට්‍රේලෙර් එක අඩන්ගු ලින්ක් එක දැම්මා. සමහර විට ගෝලයට අමතක වෙන්න ඇති ඒක දාන්න.
Udaya
tikk hodi film eka. awulaka neee
thanksdasun
mama balu wa wada goda
මනෝජ් ධර්මවර්ධන
Constantine මරැ චිත්‍රපටිය. බා ගත්ත ගමන් බැලුව. නියමයි.ඊළගට hurt locker
බොහොම ස්තුතියි බලන්න අවස්ථාව දුන්නට
පස්සෙ හමු වෙමුchamp
me film eke sinhala upasirasa nane...
Pra
meka nam ela.........
gessy
math banawoooooooooooooooo
thanksRamraj
අවසානය වෙන කම් හිතා ගන්න අමාරුයි.
chanaka
ko ithin sinhala sub.
Wijewickrama_Sahan
කෝ සබ් එක නෑ නේ සහෝ
Aravinda Shiran Wickramasinghe
Thanks......
Mahesh
sinhala sub kooooo................
12345Chinthaka12345
Sub nedda
shashi94
Koo sub
.comDevinda
Ko huththo sub eka
Vishwa
කෝ බං subtitle එක
විමා
සිංහල සබ්ටයිටල් කියල කොහෙවත් නෑ නේ මචෝ?
මේ අපි මූවි රිවීව් කල කාලේ පෝස්ට් එකක්.
Buddhika laKMal
මේකට සිංහල සබ්එක දුන්නට තෑන්ක්ස් මචෝ…..
අද ඊයේ මූවිස් සීරිස් බලන්න පටංගත්ත උන්ගෙ හෙන කොමෙන්ට් ගොඩක් තියෙනවා නේ…..නිශාන් සමීර
පලවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ ❤️
දිගටම සබ් දෙමු….එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් හසිඳු සහෝ!
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. 🙂
ජය! ✌
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sorority Row (2009) Sinhala Subtitles | දුර දිග ගිය ප්‍රෑන්ක් එක [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Sorority-Row-2009.jpg)
Chanden passe mulinma awe ada.... Jaya wewa....
Hamotama SUBA ANAGATHAYAK......!
Mekat balama balamu......