මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්හතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය කාහටත් පොදුවේ නැරඹිය හැකි සුන්දර සිනමාපටයක්. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්හතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය කාහටත් පොදුවේ නැරඹිය හැකි සුන්දර සිනමාපටයක්. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, “කුසුම්” යනු ඇගේ පියා, සහෝදරයා සහ නෑනා සමඟ ජීවත් වන, දඟකාර පාසල් සිසුවියකි. කුසුම්ට සිනමා තරුවක් වන ධර්මේන්ද්‍ර කෙරෙහි දැඩි ඇල්මක් ඇති වන අතර, ඔහුගේ තිරයේ ප්‍රතිරූපය අනුව සුපිරි වීර තරුවක් ලෙස ඇය සලකයි. මේ අතර කුසුමට විවාහයක් කර දිය යුතු යයි ඇගේ පියා සහ සොහොයුරා තීරණය කරයි. මේ සඳහා නෑනාගේ සොහොයුරා වන “නවීන්ව” යෝජනා කෙරේ. නමුත් විවාහක දරුවන් දෙදෙනෙකු සිටින ධර්මෙන්ද්‍රට කුසුම් ආදරය කරන නිසා ඒ වෙනුවෙන් තමා අවිවාහකව සිටින බවට ඇය තීරණය කරයි. කුසුම්ට යෝජනා කර සිටින නවීන් මේ සියල්ල ඇයගෙන් දැන ගනී.
නවීන්, මානසික උපදේශක මහාචාර්යවරයෙක් වන තම මාමා සමඟ මේ ගැන සාකච්ඡා කරයි. මෙහිදී ඇති එකම විසඳුම කුසුමට සිනමාවේ මායාව හා යථාර්ථය අතර වෙනස අවබෝධ කර දීම බව ඔවුන් දෙදෙනා තීරණය කරයි. ඒ අනුව මාමා ධර්මේන්ද්‍ර සමඟ මිතුරෙකු මාර්ගයෙන් සම්බන්ධ වේ. ඔහුගේ උදව්වෙන් රූගත කරන සිනමා දර්ශනතලවලට කුසුම්ව රැගෙන ගොස් සැබෑ ලෝකය සහ සිනමාවේ විශ්වාස කළ හැකි ලෝකය අතර වෙනස පෙන්වයි. චිත්‍රපටය අවසන් වන්නේ නවීන් සමඟ විවාහ වීමට කුසුම් එකඟ වීමෙනි. ධර්මේන්ද්‍ර, ජයා බහදුරි සහ උත්පාල් දත් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, හාස්‍ය ජනක සිදුවීම් රාශියක් සහ “සුන්දර කතා පුවතක්” රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.
මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් එදා සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සිනමාපට සබ් කරන්නන් තව එකතු වෙනවා නම් කොපමණ වටිනවාද?
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ धर्मेंद्र की सुपरहिट मूवी “गुड्डी” | जया बच्चन, उत्पाल दत्त | Guddi (1971) යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය එකයි, මිනිත්තු පනස්තුනයි, තත්පර හතළිහක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,194 downloadsDownload Guddi-1971.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
17 comments
මයුර
Priyantha Dayakeerthi
කවිඳු සහ මයුර සොයුරන් දෙදෙනා වෙත,
ඔයාලා දෙදෙනාගේම අදහස් නිවැරදියි. එයට ගොඩක් ස්තුතියි! ඒ මන්ද මම ෆිල්ම් එකකට සබ් දෙන්නේ එය කම්මැලි නැතුව පොදුවේ "කලාත්මක සිනමාපට සොයන" කාටත් නරඹන්නට පුළුවන් නම් පමණයි. මා මීටපෙර සබ් දුන් "ගෝල් මාල්" සිනමාපටය මීටත් වඩා ඉතාමත් හොඳ සිනමාපටයක්. (හැබැයි මේවා කලාත්මක සිනමාපට නොබලන පරිගණක ක්‍රීඩා වැනි සිනමාපට වලට හුරුවෙලා සිටින අයට නම් ගැළපෙන්නේ නැහැ) එහෙත් ඒ අයගේ රුචිකත්වයටත් මම ගරු කරනවා.95 ekek
Priya , oya new generation ekath ekka awlak thynow wage,hmadama oya banema ghnne ekneh....priya, kalayath ekka hmadema issarahata ynna epai oyath poddak fast forward wennko ane...priya oya top rated film list eka poddak blnnko eke kochchara 2000n passe aapu film thyeda kiyla,aiyoo priya?
kavindu Jayawardhane
"සැබෑ ලෝකය සහ සිනමාවේ විශ්වාස කල හැකි ලෝකය අතර වෙනස පෙන්වයි"
නිවාඩු දවස හින්දා ඔන්න අද ෆිලුම බලලම ආවා.අද කාලේ සිනමා රසිකයන් අනිවා බලන්නම ඕන එකක්. බොහොම ස්තූති සහෝ උපසිරැසියට.දිගටම පැරණි හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න !ඔබට ජය!W T Ajith
විතානගේ මහත්මයා,
මෙය මා විසින් බලපු අමතක නොවන චිත්‍රපටයක්. අනිවාර්යයෙන් නැවත බලනවා. ඔබට තුති පුදමි!!! ඔබේ කලින් ඒවාත් බැලුවා.Shamal manojan
ඔබේ කැපවීමට ස්තූතියි. ඉදලා හිටලා පැරණි විදේශ ෆිල්ම් සඳහා ද උපසිරැසි දෙන මෙන් ඉල්ලමි. ඔබ වැනි කැපවීමෙන් පැරණි හින්දි ෆිල්ම් දෙන එක්කෙනෙකු හෝ 90 දශකයේ හින්දි ෆිල්ම් දෙන්න හිටියා නම් කොච්චර හොදද? බයිස්කෝප් වෙබ් අඩවිය කොච්චර වර්ණවත් වෙයිද? 90 දශකයේ කොච්චර අපූරු ෆිල්ම් තියනවා ද? 90 දශකයේ හින්දි චිත්‍රපට උපසිරැසි කරුවන්ට මා ආරාධනා කරනවා ප්‍රියන්ත විතානගේ මහතා ආදර්ශයට අරගෙන නැවත වතාවක් බයිස්කෝප් අඩවියට පැමිණෙන ලෙසට.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
D P Gamage
මේකත් හොඳ ෆිල්ම් එකක්. අමිතාබ් බච්චන්ගේ 70 දශකයේ එකකට සබ් දෙන්න පුළුවන්ද? ඔබට ස්තුතියි.....
Prabuddha
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..මෙවැනි පැරනි චිත්‍රපටි වලට උපසිරැසි දෙන්න තවතවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..පුළුවන්නම් අම්තාබ් බච්චන් රගපෑ, පුකාර්, ගංගා ජමුනා සරස්වතී, මාර්ඩ්, කුදා ගවාහ්,ලවාරිස්,නමක් හලාල්,ගිරෆ්තාර් (මමයි රජා),ටූෆාන්, වගේ ජනප්‍රිය විජය කුමාරතුංග වගේ නළුවන් දාලා සිංහලට රීමේක් කරපු චිත්‍රපට කිහිපයක සිංහල උපසිරැසි දෙන්න..ජයවේවා...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!රොෂාන් ශමීර
බොහොම ස්තූතියි සිංහල උපසිරසියට ප්‍රියන්ත අයියා..
~ ජය වේවා ~kavinda gamage
බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට .
හසිත මධුෂාන්
*සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!*
Ajith
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
link eka wada naa broo..thanks...
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අම්මෝ ඒ අතීතේ. මට මතක විදිහට සිරසේ හිට් ටීවී එකෙන් මේක පට්ට ගැහුවා ඒ කාලේ නම් දැක්ක ගමන් ටීවී එක වහලා ගියා. ඒත් පස්සෙ කාලෙක බලද්දි තමා මේකේ නියම රහ දැනුනේ. මං හරිම ආදරේ ෆිල්ම් එකක්. දැන් තියාගතහැකි සිංහල සබ් එකත් එක්ක හැමදාම. තෑන්ක්ස් අයියේ