1990 ජනවාරි 12වෙනිදා ඉන්දියානු නීතියට අලුත් පිටුවක් පෙරලෙනව. උප පොලිස් පරීක්ෂ රෆිවුද්දින් කාන්, කොස්ශතාපල් ශම්ශර් අලී සහ ගෞරි ශංකර් ශර්මා යන කුර්බාර් පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු වැරදි කරුවන් බවට පත් කරමින් අලුත් නඩු තීන්දුවක් ප්‍රකාශ කෙරෙනවා. ඒ අත්තඩංගුවේ සිටියදී රාම් දිරාජ් නැමති සැක…

1990 ජනවාරි 12වෙනිදා ඉන්දියානු නීතියට අලුත් පිටුවක් පෙරලෙනව. උප පොලිස් පරීක්ෂ රෆිවුද්දින් කාන්, කොස්ශතාපල් ශම්ශර් අලී සහ ගෞරි ශංකර් ශර්මා යන කුර්බාර් පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු වැරදි කරුවන් බවට පත් කරමින් අලුත් නඩු තීන්දුවක් ප්‍රකාශ කෙරෙනවා. ඒ අත්තඩංගුවේ සිටියදී රාම් දිරාජ් නැමති සැක කරුවෙකුට පහරදී ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන්.
“කුමන අකාරයක හෝ වද හින්සා
පමුනුවීමක්, සැඩපරුෂ ක්‍රියාවක්,
ආත්මගෞරවය කෙලෙසන අකාරයේ ක්‍රියවලියක් සිදු
කිරීම උසාවිය විසින් තහනම් කෙරෙනු ලැබුවා.”
ගෞරි ශංකර් ශර්මා එරෙහිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය, 1990 ජනවාරි 12!
(gaurishankar sharma vs state of up)
ප්‍රශ්කිරීම් වලට ගෙන්නගෙන එන සැකකරුවන්
හට වද හින්සා පමුනුවීම නීතියට පටහැනියී…
අත තියන එක විතරක් නෙවෙයි,
අවමන් වන විදිහට ක්‍රියා කිරීමත්…
නීතියට පටහැනියී.
සැක කරුවට අමානුශික ලෙස පහරදීම හේතුවෙන්
පොලිස් සථානයේ SI අතුලු බලාගෙන හිටිය
සියලුම පොලිස් නිළධාරින්ගෙ වැඩ තහනම් කරනු ලබනවා.
ප්‍රීත්පාල් සිං එදිරිව පන්ජාබ් ප්‍රාන්තය!
(Pritpal Singh vs State Of Punjab)
සැකකාරයට ගහන්න කිව්ව
ප්‍රධාන කොස්තාපල්,
ගැහුව කොස්තාපල්ල දෙන්නව උසාවිය
අවුරුදු 8කට හිරේ යැව්ව.
රග්බීර් සිං එරෙහිව හර්‍යානා ප්‍රාන්තය.
(ragbir singh vs state of haryana)
පොලිසියට අවශ්‍ය විදිහට නොමනා ආකාරයට ප්‍රශ්න කිරීම් සදහා ගෙන එන සැකකරුවන් හට වදහින්සා පමුනුවිමට නීතියෙන් ඉඩ දී නොමැති බව ශ්‍රී ලංකාවෙ නිතියෙ වුනත් අපි කවුරුත් දන්න කාරනයක්. හැබැයි ඔය කියන නීති වල තියන හිඩැස් නිසාවෙන් කීයක් නම් අපරාධකාරයින් නීතියේ රැහැනින් පලායනවාද යන්නත් ප්‍රසිද්ධ රහසක්. අපේ හැම භාෂාවකටම ශබ්ද කෝෂයක් තියනව. ඒ වගේම තමයි ඒකට අලුතින් කීයක්නම් වචන නිතර නිතර එකතු වෙනවා ඇතිද? ඒ වගේ තමයි නීතියත් දිනෙන් දින අලුත් වෙමින් අපරාධ කරුවන්ට ගැලවී යන්නට නොහැකි වන ආකාරයෙන් නිතිපතා වෙනස් වෙමින් පැවතෙන්නක්. කොහොම වුනත් ජීව විද්‍යාවේ සමහර කාරණා ඉදිරියේ නීතියත් නිහඩ වෙන අවස්තා අනන්තයි.
Jerome Cooper and Tyrone Cooper
ග්‍රෑන්ඩ් රැපිඩ්-මිචිගන්, 1999 නොවැම්බර් මාසයේ දිනක රාත්‍රියේ, රාත්‍රී පන්තියක් සදහා සහබාගී වී තමන්ගේ රථය වෙත පැමිණෙමින් සිටි වයස අවුරුදු 26ක් වන කාන්තාවක් දූෂනයට ලක් වෙනව. පොලිසිය DNA සාම්පල මාර්ගයෙන් මෙම අපරාධය jerome cooper නැමති පුද්ගලයා සිදු කර ඇති බව අදුනා ගත්තත් පසු විමසුම් වලදී ඔවුනට දැනගන්නට ලැබෙන්නේ ඔහුට තවත් සර්වසම නිවුන් සහෝදරයෙකු ඇති බවටයි. පවසන ආකාරයට මොවුන් දෙදෙනා හටම මීට පෙරත් අතවර කිරීමේ චෝදනා ඇති බවට සදහන් වෙනවා. ඇමෙරිකාවේ මෙවන් තත්ත්වයක් මතුවූ පලමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ. කෙසේ නමුත් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ වරද පිලි නොගැනීමත් සහ DNA සාම්පල මගින් වරදකරුවා කවුරුන්ද යන්න හදුනා ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් මෙම නඩුව විසදීමට පොලිසිය අසමත් වනවා.
Elwin and Yohan
මාසෙයි-දකුණු ප්‍රංශය, 2012 වර්ශ අවසානයේ කාන්තාවන් හය දෙනෙක් දූෂනයට ලක්වෙනවා. එහිදීත් පොලිසිය සැකකරුව දෙදෙනෙකු හසු කරගැනීමට සමත් වනවා. නමුත් DNA පරීක්ෂන මගින් වරදකරු කවුරුන්ද යන්න සොයගැනීමට පොලිසිය අසමත් වනවා. මොකද එල්වින් සහ යොහාන් දෙදෙනා සර්වසම නිවුන් සොහොයුරන් වීම හේතුවෙන්. මේ හේතුවෙන් දෙදෙනාවම නිදහස් කිරීමට උසාවියි තීරණය කරනවා.
අන්ඳයි කියන නීතිය විසින්ම තමයි අපරාධකරුවන්ට ගැලවෙන්නට කරුනු කාරනා සැකසෙන්නෙ. ඒකට උදාහරණ තමයි ඔය උඩින් සදහන් කරල තියන සිද්දීන් දෙක. ඔය දෙක විතරක් නෙවෙයි ඔය අකාරයෙන් සිදු වුනු සිදුවීම් ඕන තරම් ලෝකය පුරා අසන්නට දකින්නට පුලුවන්. IDENTICAL TWINS CRIME කියල ගූගල් සර්ච් කරල බලන්න. ඕන තරම් දැක බලාගන්න පුලුවන් වෙයි. තවද පවතින නීතීන් ප්‍රායෝගික නොවීමත් අපරාධ කරුවන්ට ගැලවෙන්නට ඇති තවත් එක් හේතුවක් වනවා. Thadam (2019) චිත්‍රපටයේ උපසිරැසිය සමග සර්වසම නිවුන් හා සම්බන්ධ ජීව විද්‍යාත්මක විස්තර පුලුල්ව තරිදු අයිය විස්තර කරල තියන නිසා මම ආපහු ඒව සදහන් කරන්න යන්නෙ නැහැ.
RED, 2019 වර්ශයේ නිකුත් වුනු ක්‍රියාදාම අපරාධ ගනයට අයත් වන දමිල චිත්‍රපටයක් වන Thadam චිත්‍රපටයේ තෙලිඟු ප්‍රතිනිර්මාණය තමයි 2021 ජනවාරි 14වෙනිද ප්‍රේක්ෂක අපි හැමෝටම බලාගන්න පුලුවන් වෙන්න තිරගතවීම ආරම්භ වෙන්නෙ. මිනිත්තු 146ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දමිල චිත්‍රපටය නැරඹූ අයට යලි සිහිපත් කිරීමක් වගේම චිත්‍රපට දෙකම නොබැලූ අයට අලුත් අත්දැකීමක් වනවා නොඅනුමානයි.
අධ්‍යක්ෂනය Kishore Tirumala, Vunnadhi Okate Zindagi චිත්‍රපටයෙන් පසු Ram Pothineni සමගින් අවුරුද්දක පමණ නිහඩතාවයකින් අනතුරුව තමයි චිත්‍රපටයක් කරන්න පෙලබෙන්නෙ. Ram Pothineni සමගින් Malavika Sharma, Amritha Aiyer, Nivetha Pethuraj, Sonia Agarwal වැනි නලු නිලියන් පිරිසක් රන්ගනයෙන් දායක වෙනව. Ram pothineni ද්විත්ව රන්ගනයෙන් දායක වෙනව. කොවිඩ් තත්ත්වය හේතුවෙන් ගොඩක් චිත්‍රපට පහු වුනා කියල අපි හැමෝම දන්නව. මේකත් ඒ වගේ සෑහෙන කාලයක් පහුවුනු චිත්‍රපටයක්. බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩවෙලා උපසිරැසිය බාගෙන යයන ගමන් අදහසක් දාගෙන යයි කියල බලාපොරොත්තු වෙනව. තවත් මෙවන් උපසිරැසියකින් හමුවෙමු.
“වැරදි කරුවන් 100දෙනෙක් පැනගත්තත්,
නිර්දෝෂී එක් පුද්ගලයෙක්වත් දඩුවම් විඳිය නොයුතුයි.”

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
24,834 downloadsDownload Red-2021.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
57 comments
isuru srinath sjs
Anonymous
Sira bro
Anonymous
Meka download karana widiya poddak kiyala denna puluwanda
tharidu
thanks machi
Anonymous
නියමයි සහෝ
මේක දෙනකන් බලන් හිටියේ
ජය වේවාගීත් මිහිර සත්සර
සුපුරුදු පරිදි සුපිරියක් අරන් අපිව බලන්න ඇවිත්..
තැන්ක්යූ සහෝ...Tharaka
Thanks bro
Digatama aluth tamil,hindi,telugu ewta sub demu
Ahh kannada ewath demu
Kalekin kannada supiriyak bluweth na
Ela elaneo
tika dawasakin meka indian kolaniyak karamu
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thanks machan
Thadam eka wagema athi neh,Ram inna nisayohan
niyamai..thawath indian ewata sub demu.
Hirushan
Bro project gutenberg 2018 ෆිල්ම් එකේ සබ්ටයිටල් එක දෙන්න පුලුවන්ද
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Buddhika Lakmal
අඩෝ තෑන්ක්ස් මචං සබ් එකට.. අනිත් සයිට්වල මේකෙ දාලා තිබ්බට උඹලගෙ සබ් එක නැත්නං සෙට් වෙන්කෑ බං...
Nimesh
ඒක නම් ඇත්ත බන්
වෙන මගුලෙ සයිට් එකකින් සබ් දුන්නත් බයිස්කෝප් එකෙන් දෙනකන්ම බලන් හිටියාAnonymous
sirawatama bn meke tharam anith ewage gammak na
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Nimesh
ස්තුතියි සහෝ!!!
Anonymous
Thanks bro
Chanaka
Niwadu paduwe balanna supiriyak deela
Ela elaAshen
Thanks bn
Anonymous
කම්මැලි කමේ ඉන්න ගමන් නිකමට බයිස්කෝප් එක පැත්තේ ආවේ සුපිරියක් බස්සලයි කියහන්කෝ.සුපිරියි ඈ
Asira
Thank you brother
Samith
Ram innawanm ithin aniwa baamak tmai
Thannk you machanAnonymous
Ela ela
Keep it upD.Chamara
bohoma sthuthi ...
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
නිර්මාල්
උපසිරසියට ස්තුතියි සහෝ
තෙලුගු ඒවා දිගටම දෙමුAnonymous
Thank bro
Deshan
පහරක් වගේ
දිගටම අලුත් ඒව දෙමුAnonymous
Thadam remake එක නිසා බලන්නත් කම්මැලියි(Thadam බලපු නිසා හොදෙයි)
Ram නිසා නොබල ඉන්න හිතෙන්නෙත් නෑ,බලමුකෝ
ස්තුතියි සහෝ උපසිරසියටdilshan
Thanks saho
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Thanks brother
Muditha Dissanayaka
thanks machan
Malith Samarawickrama
Thanks bro sub ekata
Anonymous
Audio aulak enne mata vithrda
Anonymous
Ehma seen ekak naneh
Anonymous
"EAC3 Codec" kiyala player ekk thiyanwa play store eke eken try karanna
Nadun
Supiri filumak bn
Thanks bn sub ektaAnonymous
Thanks brother!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
කසුන් නිරංග
සුපිරි සබක් දුන්නට බොහෝම ඉස්තුතියි මචං
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Udaya Fdo
Thank you
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
මයිකි
ස්තුතියි සබට
Ravisara Dharmapala
Patta film ekk wadk ne kiyal kwruhri miss krnna innwa nam kiyanna tiyenene aparde kiyala mistry movies hoyana ayta meka ballnnama oni ekk antyma wenkm hithganna beri una mat nm..thnks kollo sub ekta..digatama me wage sub demu..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Anonymous
Thnx for sub...❤
Tharanga
Nice good work oyala hinda thama api film ekak lassanata balanne thnx
Tharangan
Math asai join wenna
Anonymous
Site ekata mail ekak danna
Anonymous
TANKS BROO
Ramitha Theekshana
Apita sub karala join wenna baida
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි බං.. හෙට නිවාඩු දවසෙම බලන්න ඇහැකි... බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට.. ජය!!