Legend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ දායකත්වයෙන් NE ZHA චිත්‍රපටයට සම්බන්ධ කරමින් තිරගත වෙච්ච මෙම සිනමාපටය IMDB දර්ශක අගය 6.4ක් සහ කුණු තක්කාලි දර්ශක අගය 83%ක් තරම් ඉහළ අගයක රදවා ගන්නටත්, කොරෝනා වසංගතය හම…

Legend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ දායකත්වයෙන් NE ZHA චිත්‍රපටයට සම්බන්ධ කරමින් තිරගත වෙච්ච මෙම සිනමාපටය IMDB දර්ශක අගය 6.4ක් සහ කුණු තක්කාලි දර්ශක අගය 83%ක් තරම් ඉහළ අගයක රදවා ගන්නටත්, කොරෝනා වසංගතය හමුවේ වුවත් ඩොලර් මිලියන 243.8ක මුදලක් උපයාගන්නටත් සමත් වෙලා තියෙනවා.
එක්තරා සමයක හට ගන්නා මහා යුද්ධයකින් මනුලොව, දේවලොව, සහ යක්ෂ ලොව යුධයකට පැටලෙනවා. සමස්ත ලෝකයම භීතියෙන් වෙලාගෙන යක්ෂයන් විසින් ව්‍යසන පතුරවද්දි ජින්ෂු ශාලාවේ එහෙමත් නැතිනම් දේව සභාවේ සේනාවන් ඊට මැදිහත් වී දුෂ්ට බව විනාශ කර දමන්නට සමත් වෙනවා. ඒ යක්‍ෂයන්ගෙ නායකයා වෙන නරි රාක්‍ෂයා සහ නරි ගෝත්‍රය පරාජය කරමින්. එම සටනටම නායකත්වය ලබා දුන් ජියැන්ග් සියා අමරණීයයෙකු ලෙස දේවත්වය ලබන්නේ දෙවිවරුන්ගේ නායකයා බවට පත් වෙමින්.
හැබැයි ජියැන්ග් සියාට යම් මොහොතක දැනගන්න ලැබෙනවා, තමන් දුෂ්ඨ බව පමණක් නෙවෙයි ඒ සමගම අහිංසක කෙනෙක්ද මරන්න යනවා කියලා. ඒ නිසාම ජියැන්ග් සියා යක්‍ෂයින්ගෙ නායකයාව මුදවා හරින්නෙ සදාකාලිකව පාළු හිම කතරක ජීවිතය ගෙවන්නට වෙන දණ්ඩනයකට ලක් වෙමින්. ඔහු එම පාළු හිම කතරේ සිටින කාලය තුළ එහි පැමිණෙන නරියෙකු මෙන් හැඩරුව ඇති තරුණියක නිසා ඔහු සැබෑ සත්‍යය සොයා යන්නට පෙළඹෙනවා.ඉතින් සැබවින්ම යක්‍ෂයන් දරුණු අයද? නැතිනම් ඔවුන් යමෙකු විසින් පෙළඹවීමට ලක් කරලද? දේව සභාව විසින් යළි ජියැන්ග් සියාට දෙවිවරුන්ගෙ නායකයා ලෙස තනතුර ලබා දේවිද යන්න ඔබම නරඹලා දැනගන්න.
ලිපිය පොඩ්ඩක් අවුල් වගේනම් කෝකටත් ට්‍රේලර් එකක් බලලම එන්න. එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!
සැ:යු – උපසිරැසිය ලබා දී ඇත්තෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් වූ පිටපතට බව කරුණාවෙන් සළකන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,520 downloadsDownload Legend-of-Deification-2020.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
16 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
හි
Anonymous
Yasuo and Ahri ?
prasanga
thanks.....
Chanu mikhail
thank u
Anonymous
උපසිරැසියට ස්තූතියි අයියෙ.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nishan S. Ariyarathna
ගොඩක් ස්තුතියි....
MAALNATH
Thanks ..............good luck ..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
මේක නම් සුපිරිම ඇනිමේෂන් එක අයියේ.නියමෙටම සබ් එකත් තියෙනවා.ගොඩක් ස්තූතියි මේ සුපිරියට සබ් දුන්නට.මේ වගේ තව චයිනීස් ඇනිමේෂන් වලට සබ් ඕනේ...❤️
Dewadithya
Thanks for sub!
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
blackkklansman 2018 ?????no subtitles