Watch Trailer

Gunpowder Milkshake (2021) Sinhala Subtitles | දීර්ඝ රාත්‍රියකින් ජීවිත කීයක් වෙනස් වෙයිද? [සිංහල උපසිරසි] [18+]

මෙන්න එහෙනම් ජූලි මාසේ රිලීස් වුනු අලුත්ම R රේටඩ් ඇක්ශන් ෆිල්ම් එක Gunpowder Milkshake චිත්‍රපටයේ උපසිරැසි අරගෙන ආවා. සාමාන්‍ය පිරි වැයක් දරලා නිර්මානය කරල තිබුණත් හොද හයිප් එකක් දිනාගන්න මේ චිත්‍රපටය සමත් වුණා. මොකද හුඟක් ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් මේ චිත්‍රපටයට දායක් වෙන නිසා. එහෙනම් තව වෙන ක…

මෙන්න එහෙනම් ජූලි මාසේ රිලීස් වුනු අලුත්ම R රේටඩ් ඇක්ශන් ෆිල්ම් එක Gunpowder Milkshake චිත්‍රපටයේ උපසිරැසි අරගෙන ආවා. සාමාන්‍ය පිරි වැයක් දරලා නිර්මානය කරල තිබුණත් හොද හයිප් එකක් දිනාගන්න මේ චිත්‍රපටය සමත් වුණා. මොකද හුඟක් ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් මේ චිත්‍රපටයට දායක් වෙන නිසා. එහෙනම් තව වෙන කතා නැතුව මේකෙ තොරතුරු පොඩ්ඩක් අවුස්සලා බලමු.

මේ චිත්‍රපටය ලිපිය ලියන මොහොතට දවසකට කලින්, ඒ කියන්නේ ජූලි 14 තමා රිලීස් වුනේ. සිනමාශාලා කිහිපයක වගේම Netflix ස්ට්‍රීමින් සර්විස් එකෙනුයි චිත්‍රපටය රිලීස් වුණේ. ඒ නිසා ඉක්මණින්ම වගේ හොඳ කොපියක් අන්තර්ජාලයට පිට වුණා. Action | Thriller | Dark Comedy ගණයට වැටෙන මේ චිත්‍රපටයට අපි දන්න කියන රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ම දායක වෙනවා.ඒ අතරින් ප්‍රධාන චරිතය වෙන සැමැන්තා විදිහට රඟපාන්නේ MCU එකේ නෙබියුලාට වගේම Jumanji අලුත් චිත්‍රපට මාලාවටත් දායක වුනු Karen Gillian. ඒ වගේම සැමැන්තාගේ අම්මා විදිහට ඉන්නේ Game Of Thrones සිරීස් එකේ සර්සි ලැනිස්ටර් විදිහට රංගනය ලබා දුන් Lena Headey. ඊට අමතරව තරුණ සැමැන්තා විදිහට Freya Allen, එමිලි විදිහට Chloe Coleman, මැඩලීන් විදිහට Carla Gugino, ෆ්ලෝරන්ස් විදිහට Michell Yeoh සහ ඇනා මේ ලෙසින් Angela Basset දායක වෙනවා. ඉතිං පේන විදිහට ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට බාගෙට බාගයක් ඉන්නේ කාන්තා චරිත. රේටින් අතින් ගත්තොත් Rotten Tomatoes මීටරේ 67% ක හොඳ අගයක් කැරකිලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ R rated චිත්‍රපටයක් නිසා ප්‍රචන්ඩකාරි දර්ශන වගේම වචන භාවිතයත් නිසා පොඩි අයට මේක එච්චර හොඳ නැහැ.

කතාව සිද්ද වෙන්නෙ මෙන්න මෙහෙමයි. අවුරුදු පහලොවකට කලින් වෙන සිදුවීමක් නිසා සැමැන්තා කියන අපේ ප්‍රධාන චරිතයේ අම්මා ඇයව ෆර්ම් නම් සංවිදානයක ලොක්කෙකුට බාර දීලා ඇතුරුදහන්වෙනවා. කතාව වෙන කාලය වෙද්දි සැමැන්තා කියන්නේ ෆර්ම් සංවිදානයේ කුලී ඝාතක රැකියාවෙ යෙදෙනෙ කෙල්ලෙක්. ඇත්තටම මේ ෆර්ම් එකෙන් කරන්නේ මොනවද කියලා හරියටම ෆිල්ම් එකේ පෙන්වන්නෙ නැහැ. කොහොම හරි මේ ෆර්ම් එකෙන් තමන්ගෙන් හොරකන් කරපු හරි, නමන්ට හිසරදයක් වෙන හරි මිනිස්සුන්ව හොයලා තර්ජනය කරනවා. ඒත් හරි ගියෙ නැත්තම් මරලා දානවා. ඉතිං කතාව පටන් ගද්දිම සැමැන්තා අතින් වැරැදිලා වෙනත් අපරාධ සංවිදානයක ලොක්කෙක් වුනු මැක්ඇලෙස්ටර්ගේ එකම පුතාට මැරෙනවා.

කොහොම හරි මේ සිදුවීම වෙන දවසෙ රෑම සැමැන්තාට තව වැඩක් ලැබෙනවා ෆර්ම් එකෙන් සල්ලි හොරකම් කරපු මනුස්සයෙක්ගෙන් සල්ලි අරන් එන්න. එතනට ගියාම තමා සැමැන්තාට දැනගන්න ලැබෙන්නේ ඒ මනුස්සයා සල්ලි හොරකම් කරලා තියෙන්නේ තමන්ගේ දුවව පැහැරගත්තු මිනිස්සු වගයෙකින් ඇයව බේරගන්න කියලා. නමුත් ඒක දැනගද්දි පරක්කු වැඩී. ඒ වෙනකොටත් සැමැන්තා ඔහුට වෙඩි තියලා ඉවරයි. ඉතිං මේ ගෑනු ළමයා ගැන දුක හිතුනු සැමැන්තා යනවා ඇයව බේරගන්න. ඔය දේවල් වෙද්දි ෆර්ම් එකෙන් මිනිස්සු වගයක් එවනවා සෑම් එක්ක සාකච්ඡා කරලා සල්ලි ටික ආයෙත් අරන් එන්න. ඒත් සැමැන්තා ඒ මිනිස්සුන්ටත් හොඳට පහර දීලා අර ගෑනු ළමයව බේරගන්නවා. ඒත් ඒ අතර මැද වෙන අනතුරකින් සල්ලි සේරම විනාශ වෙනවා. ඉතිං මේකට තරහා ගිය ෆර්ම් එකේ ලොක්කො ටික එකතු වෙලා මැක් ඇලෙස්ටර්ට ඔහුගේ පුතාව මැරුවේ සැමැන්තා බව එලිකරලා ඇයව පාවල දෙනවා. ඉතිං මැක්ඇලෙස්ටර්ට සැමැන්තව අහුවෙයිද, සැමැන්තගේ අම්මට ඇත්තටම මොකද වුනේ, පුංචි ගෑණු ළමයට මොනවා වෙයිද කියලා දැනගන්න එක ඔබට බාරයි.

එහෙනම් මේ වැඩේ මෙතනින් අවසන් කරලා මම සමුගන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින් ෆිල්ම් එක මට බාරදුන්නු ශාන් විමුක්ති අයියටත්, හොද කොපියක් ආපු ගමන් මාව දැනුවත් කරපු චාමර සම්පත් අයියටත් විශේෂ ස්තූතියක් පිරිනමන්න ඕනේ. පහළින් කොමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලමින් මං දැනට බයිස්කෝප් අඩවියෙන් සමුගන්නවා.

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,304 downloadsDownload Gunpowder-Milkshake-2021.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

8,304 downloadsDownload Subtitles38 KB

39 comments

  1. PCVENOM

    bang bang #1

    Thawa subakin hamuwemu

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් මේ ෆිල්ම් ලිස්ට් එකටත් සබ් දෙන්න බලන්න ඉස්සරහට.

    Who Framed Roger Rabbit - 1988

    The Neverending Story II- 1990
    The Neverending Story III - 1994

    Honey, I Blew Up the Kid - 1992
    Honey, We Shrunk Ourselves - 1997

    Problem Child - 1990
    Problem Child 2 - 1991
    Problem Child 3 - 1995

    Teenage Mutant Ninja Turtles III - 1993

    The Adventures of Pinocchio - 1996

    The Nightmare Before Christmas - 1993

    Mars Attacks! - 1996

  4. indika75

    thanks..

  5. Anonymous

    Thanks

  6. Kavindu

    මේක නම් දෙනකන් බලන් හිටියේ බන්
    Fear Street සෙට් එකත් ඉක්මනට දෙමු

  7. Anton priyahantha

    Great! Thank you for the sub!

  8. Anonymous

    Thanks saho..jaya wewa..

  9. Naveen

    උපසිරසියට තුති

  10. Neo

    Thanks brother
    Keep it up

  11. Kushan

    Sub akta thanks

  12. Anonymous

    Thanks bn

  13. kolitha4

    ස්තුතියි......✌️✌️

  14. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  15. Anonymous

    Thanks brother

  16. Isuru

    thank you malli

  17. Roshan

    Tnx bro...Good Luck....

  18. Anonymous

    Thanks bro...

  19. Anonymous

    Thanks poddo

  20. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  21. Suranjan

    Thanks jayawewa.....!

  22. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  23. Anonymous

    Nice work bro ..

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  25. Sandeep

    Sub eka supiri

  26. Ramesh

    Thanks wewa saho

  27. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  28. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  29. jagath55

    Thanks

  30. Udara Damith

    ellllll

  31. Pramukmili

    Thanx bro........

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  33. lakshan

    thanks .......................

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Praveen Ranasinghe

    Bluray වලට අප්ඩේට් ඕනි

  36. Dewadithya

    Thanks for Sub!

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  38. Mathew sheron

    Thank you

  39. jack

    පට්ටම ෆිල්ම් එකක් සබට thanks