Watch Trailer

Apt (2006) AKA Apeteu Sinhala Subtitles | අද්භූත මහල් නිවාසයේ අභිරහස [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේ ඉක්මනටම තවත් ෆිලුමක් ගෙනාවා. මේ පාර අරන් ආවේ කොරියානු හොල්මන් චිත්‍රපටයක්. ආසියානු සිනමාවේ ඉන්දියාව හැරුනු කොට අපිට ඊළඟට හුරුපුරුදුම චිත්‍රපට නිපදවන්නේ කොරියාවේ කිව්වොත් මම නිවැරදියි. විශේෂයෙන්ම අපේ කෙල්ලො කොරියන් ටීවී සීරීස් සහ කොරියානු නළුවන්ට වහ වැටිලනේ ඉන්නේ. ඉතිං ම…

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේ ඉක්මනටම තවත් ෆිලුමක් ගෙනාවා. මේ පාර අරන් ආවේ කොරියානු හොල්මන් චිත්‍රපටයක්. ආසියානු සිනමාවේ ඉන්දියාව හැරුනු කොට අපිට ඊළඟට හුරුපුරුදුම චිත්‍රපට නිපදවන්නේ කොරියාවේ කිව්වොත් මම නිවැරදියි. විශේෂයෙන්ම අපේ කෙල්ලො කොරියන් ටීවී සීරීස් සහ කොරියානු නළුවන්ට වහ වැටිලනේ ඉන්නේ. ඉතිං මේ කොරියානු චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට නිර්මාණ වෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. බලලා නැති අයට A Tale of Two Sisters (2003), The Wailing (2016), The Closet (2020), Warning: Do not Play (2019), Gonjiam: The Haunted Asylum (2018), Horror Stories (2012), Death Bell (2008) වගේ ෆිල්ම් බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්. අද මම ගෙනාපු Apt. (2006) කියන චිත්‍රපටය 90%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, හොල්මන් චිත්‍රපට වලට සාමාන්‍යයෙන් නොලැබෙන 5.8ක හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2006 ජූලි 06 නිකුත් උන මේ ෆිලුම Horror/ Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය Byeong – Ki Ahn විසින් සිදු කරලා තියෙනවා. So- Young Ko, Seong – Jin Kang, Jang Hie- Jin, Dong – Wook Kim යන නළු නිළියන් මෙහි ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය ලබාදෙනවා.

සෝ ජින්, ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පිනියක් විදියට රැකියාව කරන කෙනෙක්. ඇය ජීවත් වෙන්නේ මහල් නිවාස සංකීර්ණයක. දවසක් එයාගේ අසල්වැසියෝ අමුතු විදියට හැසිරෙනවා කියලා සෝ ජින්ගේ කාමරේ ජනෙලෙන් ඇයට පේනවා. ඒ වගේම හැමදාම රෑ 9.56 වෙනකොට මුළු මහල් නිවාසයේම විදුලිය එකවර විසන්ධි වෙනවා කියලත් ඇයට තේරෙනවා. මේ අතර හදිස්සියේම මේ මහල් නිවාසයේ මිනිස්සු අමුතු අමුතු විදියට මියයන්න පටන් ගන්නවා. මොකක්ද මේ වෙන්නේ ? රෑ 9.56ම විදුලිය විසන්ධි වෙන්නේ ඇයි ? රෑ 9.56 අතර තියෙන සම්බන්ධය මොකක්ද ? සෝ ජින්ට මේ ගැන හොයාගන්න පුළුවන් වෙයිද ? ඒ ඔක්කොටම පිළිතුරු මේ චිත්‍රපටයේ තියෙනවා. ගොඩක් අය ෆිල්ම් නම් කරලා ඉල්ලීම් කරලා තිබුනා. වෙලාව තියෙන විදියට ඒවටත් උපසිරැසි ලබාදෙන්න බලන්නම්. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත්, කොමෙන්ට් කරලා දිරි ගන්වන සහෝදර , සහෝදරියන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

ඉක්මනටම Covid-19 උවදුර තුරන් වේවා ! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

 

 

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,107 downloadsDownload Apt-2006.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

3,107 downloadsDownload Subtitles21 KB

29 comments

  1. Roshan Amaranayake

    ස්තුතියි සහෝදරයා ..

  2. Harshi Gangodawilage

    ලස්සන කතාවක් වගේ.. ස්තුතියි උපසිරසියට.

  3. Anonymous

    Thanks bn
    Mehema holman ewa blala apith holman weweda dnna

  4. Kasun Lakshan

    උපසිරසට ගොඩාක් ස්තුතියි
    Recalled 2021 කොරියානු චිත්‍රපටත් උපසිරස ලබා දෙන්නකෝ

    1. කවිඳු ජයවර්ධන

      මේ කමෙන්ට් එක හින්දම ෆිල්ම් එක බැලුවා.සබ් දෙන්න වටින නියම ෆිලුමක්.thriller ගතිය ලෙසටම තිබ්බා.ending එකත් මරු..

  5. indika 75

    thanks..

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සුපිරි මේ ෆිල්ම් ටික Mata Batin දෙවනි කොටසත් ගේන්න ආයෙ Tag-Alone 3යි

  7. Anonymous

    Thanks brother
    Wade athaharinna epa hodai

  8. සාරංග ජේ. ලියනගම

    Thanks

  9. Neo

    Thanks brother
    Keep it up

  10. Anonymous

    Thanks machi

  11. Anonymous

    Thwa mewwa denna

  12. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  13. Naveen

    උපසිරසියට තුති

  14. Ishan Madusha

    බොහෝම ස්තූතියි සහෝ.පුළුවන්නම් මේවටත් සබ් දෙන්න ඉදිරියෙදී
    suicide club (2001),noriko's dinner table (2005),sadako (2019)

  15. Anonymous

    පරන ඒවා දෙනකොට මේ වගේ මිස් වුනු බලන්න තරම් කතාවක් තියන ෆිල්ම් දෙන එක නම් වටිනෝ

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Shaggy

    Thank you very much

  18. Anonymous

    thnkz bro

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. NM

    Ela filuma
    Hollywood horror laginwath thynna ba bn mewa
    Thwa mewage sub nodeepu supiri ewa deepn mcho

    1. charitha

      සිරාවටම බන්.Bollywood,Hollywood horror කැලේ බන් මේවත් එක්ක.East Asian සිනමාව කියන්නෙ වෙනමම රහක්..

  21. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  22. Kasun Niranga

    §¨©ª ඉස්තුති..!! §¨©ª

  23. Wasanth

    Harang nadada

  24. Kasun Lakshan

    උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!!

    පුළුවන් නම් Recalled 2021 කොරියානු චිත්‍රපටයටත් උපසිරස ලබා දෙන්න..

  25. Dewadithya

    Thanks for sub!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!