පැය 2 විනාඩි 25 පුරාවට හිනාවෙවී එකම හුස්මට බලල දාන්න පුලුවන් චිත්‍රපටියක් අරගෙන තමයි බයිස්කෝප් වාසි ඔබ සියළු දෙනා හමුවට ආවේ.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gurkha (2019) . මුලින්ම මට මේ චිත්…
පැය 2 විනාඩි 25 පුරාවට හිනාවෙවී එකම හුස්මට බලල දාන්න පුලුවන් චිත්‍රපටියක් අරගෙන තමයි බයිස්කෝප් වාසි ඔබ සියළු දෙනා හමුවට ආවේ.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gurkha (2019) . මුලින්ම මට මේ චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, සිසිල ප්‍රසාද් හා තිසර නියෝ සහෝදරයන්ටත් ස්තූතිවන්ත වෙනවා.
කතාවේ නළු නිළියන් ගැන බලද්දි ඔයාලටම ඒක හිතාගන්න පුලුවන්. ප්‍රධාන චරිතය දමිල සිනමාවේ විකට රජෙක් මෙන් සිටින yogi babu (බහුදූර් බාබු) නිරූපණය කරනවා. ඒ වගේම තවත් දමිල විකට නළුවන් රාශියක් මේ සිත්තම තුලින් දැක බලාගන්න පුලුවන්.ඒ අතරින් Anandaraj, manobala, mayilsamy, charle, ravi maria කියන ශිල්පීන් ප්‍රමුඛත්වයක් අරන් තියෙනවා. යෝගි බාබූ සාමාන්‍යෙන් දමිල සිත්තමක පොඩි කොටසකට තමයි සහභාගී වෙන්නේ. ඒ පොඩි කොටසෙන්ම රසිකයන් කීදෙනෙක්වම හිනස්සන්න එයා සමත්වෙලා තියෙනවද?ඉතින් හිතාගන්නකෝ මේ මුළු චිත්‍රපටය පුරාම ඔහුගේ චරිතය දිව යන කොට ඔයාලව කොච්චර නම් හිනස්සයිද?
බාබු කියන්නේ ගුර්කා කියන පරම්පරාවකින් එන කෙනෙක් (ගුර්කා කියන්නේ අතීතයේ තමිල්නාඩුවේ ගම් ආරක්ෂාකරන්න හිටපු මිනිස්සු ජාතියක්).එයා එයාගෙ ආච්චි සහ තවත් ගුර්කාවරයෙක් එක්ක තමයි ඉන්නේ.ගුර්කි පරපුරේ අවසන් පුරුක තමයි අපේ බාබු කියන්නේ.එයා අවුරුදු ගානක් තිස්සෙ පොලිස් රස්සාවට යන්න කැමැත්තෙන් හිටිටත් යම් හේතුවක් නිසා එයාට පොලීසියට බැදෙන්නම වෙන්නෙ නෑ. එයා පොලිස් පුහුණුවට ගියත් එයාගෙ ආතල් නිසා එතනින් එලවගන්නවා.ඉතින් පාර අයිනට වෙලා ඉන්න බාබුට සිකුරුටි සර්විස් එකක සේවකයින් අවශ්‍යයි කියල පත්‍රිකාවක් හම්බෙනවා.ඉතින් බාබූ ඒ රස්සාවට ඇතුලත් වෙනවා.ටික දවසක් රස්සාව කරාට පස්සෙ එයාව ඒ තැනින් සාප්පු සංකීර්ණයකට මාරුකරනවා.එතනින් පස්සෙ තමා හොදම වැඩේ වෙන්නේ.ඒ සාප්පු සංකීර්ණය ත්‍රස්තවාදීන් කල්ලියක් යටත් කරගන්නවා.ඒත් බාබු ඒ සංකීර්ණය ඇතුලෙමයි ඉන්නේ.ඒ බවක් ත්‍රස්තවාදීන් දන්නෙත් නෑ..සාප්පුවේ ත්‍රස්තවාදීන් තියාගෙන ඉන්න ප්‍රාණ ඇපකරුවන්ව බේරගන්න බාබු ගහන ආතල් ගේම් තමයි ඊලඟට වෙන්නේ..ඉතින් කතාව කිව්වා ඇති නේ? කතාව බැලුවම ඔයාටම තේරේවි මේක කොච්චර ආතල්ද කියලා. ඉතින් මෙයා ආදරය කරන පිටරට සුද්දියකුත් ඉන්නවා. එයත් මෙයාට ආදරය කරනවා. ආ තව යෙදක් කියන්න බැරිවුනා මෙයා වගේම මෙයාට තවත් කෙනෙක් ඉන්නවා, ඒ මෙයත් එක්ක ඉන්න ඉල්ලා. ඉතින් එයත් මෙයා වගේම ආතල් ටිකක්නම් දෙනවා.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- කාණ්ඩය : Drama, Comedy
- අධ්‍යක්ෂණය : Sam anton
- නිෂ්පාදනය : Sam anton
- රංගන ශිල්පීන් : yogi babu, elyssa erhardt, anandaraj
- කථාව රචනය : Sam anton
- ධාවන කාලය : 145 minutes
- තිරගත කල දිනය : 12 July 2019
- සංගීතය : Raj aryan
- IMDB අගය : 5.6/10
තවත් සිනමාවකින් යළි හමුවෙනතුරු ඔබ සියළු දෙනාට ජය..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
8,280 downloadsDownload Gurkha-2019.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
27 comments
ඔෂද ධනංජය
ranga11112
thank bro
erandianusha
R
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .⭐
isuru srinath sjs
බොහොම ස්තුතියි සහෝදරයා සිංහල උපසිරැසියට..!! ❤️
dimesh.per
mall cop විත්‍රපටය
Ayesh Prashan
Thank You
Bandara76
Thanks Udaya..superb..
rangika Kariyawasam
තද මචං.ස්තුතියි
nihalpujitha
THANKS sahoo
wajira
Thanks for sub
hatharasingha
ජයවේවා
nish47
ස්තූතියි සහෝ
jagath55
Thanks
C lakmal
thank u, ජය වේවා .
Kanchaka
Thanks bro
mahesh2019
Ela
Sanjeewa wm
thanks broo
Anu_D
sub ekata thanks bro
Thisara karunanayaka
supiri filumak
sub eakata thanks machoniroshan36
උපසිරැසියට බොහෝම ස්තුතියි ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
avishka360
Thanks
utana
Thank you.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි සහෝ..දානකන් බලාගෙන හිටියේ