Watch Trailer

Jabariya Jodi (2019) Sinhala Subtitles | බලෙන් කරන කසාද..! [සිංහල උපසිරැසි සමඟ]

දෑවැද්ද තහනම්ද, නැද්ද? පවක්ද, පිනක්ද? මේ දෑවැද්ද මුල් කරගෙන ගොඩ නැගුණු කතාවක් විදියට අපිට Jabariya Jodi කියන මේ හින්දි සිනමා පටය හදුන්වන්න පුළුවන්. බිහාරයේ “ජිගාඩු” නම් ප්‍රදේශයේ තහනම්ව ක්‍රියා කෙරෙන “පකද්වා විවාහ්” නම් පදනමකට අනුව ක්‍රියා කෙරෙන ගැහැණු කෙනෙකු හෝ පිරිමි පුද්ගලයෙකු පැහැරගෙන දෙදෙනාගේ…

දෑවැද්ද තහනම්ද, නැද්ද? පවක්ද, පිනක්ද? මේ දෑවැද්ද මුල් කරගෙන ගොඩ නැගුණු කතාවක් විදියට අපිට Jabariya Jodi කියන මේ හින්දි සිනමා පටය හදුන්වන්න පුළුවන්. බිහාරයේ “ජිගාඩු” නම් ප්‍රදේශයේ තහනම්ව ක්‍රියා කෙරෙන “පකද්වා විවාහ්” නම් පදනමකට අනුව ක්‍රියා කෙරෙන ගැහැණු කෙනෙකු හෝ පිරිමි පුද්ගලයෙකු පැහැරගෙන දෙදෙනාගේ අවසරයකින් තොරව කසාද බැන්දවීමේ පිළියමක් එම ගම් වාසි කොට්ඨාසය තුළින් සිදු කරයි. අපට මේ කාතාවෙනුත් බලාගන්න පුළුවන් වෙන්නේ මේ විදියට කෙරෙන කසාද ටිකක් තමයි.තමන්ගේ පුතා වෙනුවෙන් සල්ලි මත යැපෙන කාලෙක විශාල දෑවැද්ද ගැහැණු පාර්ශවයේ අයගෙන් ඉල්ලීම නිසා අසරණ තත්ත්වයකට මුහුණ දෙන පවුල් වලට උදව්වක් වශයෙන් තමයි මැර ක්‍රියාවන් යටතේ එම විශාල දෑවැද්දක් ඉල්ලන අයව බලෙන් කැමති කරගන්න එක තමයි අපිට මේ කතාවේ ඉන්නෙ ප්‍රාධාන චරිතය වන “අබේ සිං” කියන චරිතයට Siddharth Malhothra ගේ චරිතයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. අධ්‍යක්ෂවරයා වන Prashanth Singh හා කතාව ලියූ ලේඛකයා Sanjeev K Jha දෙදෙනා එකතු වී මේ සමාජගත ප්‍රශ්නය කතාවකට හැරෙව්වා. එයාලා මේ චිත්‍රපටයෙන් මිනිසුන්ට පාඩමක් කියල දෙන්න ගත්ත උත්සහයක් ලෙස කියන්න පුළුවන්.

“බලෙන් කරන කිසිම දෙයක්, හොදකින් ඉවර වෙන්නේ නෑ”
“ආදරේකදී වුණත්, කසාදෙකදී වුණත්”
(චිත්‍රපටයේ ගලා ගිය වැදගත් දෙබස් කාණ්ඩයක්)

මැර චරිතයකට රගපාන සිද්ධාර්ත් ගේ රගපෑම් හරි හැටි අධ්‍යක්ෂවරයා යොදා ගෙන නැති බවක් අපට දිස් වේ. ප්‍රධාන නිළියගේ අතින් විය යුතු පැත්ත සාධාරණව ඉටු කළ බවක් අපට පරිනීති චොප්‍රා තුලින් දැක බලාගන්න පුළුවන්. සිද්ධාර්තුයි පරිනීතියි දෙන්නගේ දෙවෙනි එකට හිටිය ෆිල්ම් එක මේක. එයාලා දෙන්නා මුලින්ම හිටිය ෆිල්ම් එක ඔයාලා බලලා ඇත්තේ. Hasee Toh Phasee (2014). දෙන්නගේ සම්බන්ධකම චිත්‍රපටය පුරා වාසි දායකව ගෙවෙන ආකාරය ඔබට මෙය නැරඹීමෙන් තීරණය කරන්න පුළුවන්.

එහෙනම් කතාවට පොඩ්ඩක් හැරෙන්නම්,

කතාව ගැන කිව්වොත් කලින් කිව්වා වගේම, අබේ සිං කියන කෙනාගේ තාත්තා තමයි මේ බලෙන් කරන කසාද වල ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ. ඉස්සරහට එන MLA ඡන්ද සදහා ලෑස්ති වෙන අබේ සිංට තම පියා යන පාරේ ගොස් ආදරය හැගීම් යන කරුණු අමතක වෙලා ගිහින් තියෙනවා. ඒත් ඒ ආදරය හැගීම් යලි ඉස්මතු කරන්න අබේ සිංගේ ළමා කාලයේ සිට පෙම් බැදි යුවතිය නැවතත් තරුණ කාලයෙදී එකට මුණ ගැසී නව ආදර කතාවකට මුල් පුරණවා. මේ සමාජ කතාව අස්සේ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා.ඒක නිසා බලන්න කම්මැළි වෙන එකක් නම් නෑ.ෆිලුමේ විස්තර ටිකක් දැනගෙන ඉමු.

  • IMDb Rate – 4.3/10
  • Genres: Action | Comedy | Drama | Romance
  • Country: India
  • Language: Hindi
  • Release Date: 9 August 2019 (USA)
  • Runtime: 125 min

ඒ වගේම මේ කතාව මන් බාරගත්ත එකක් වගේම. සමාවෙන්න ඕනේ පරක්කු වුනාට. මේකට ගැළපෙන ඉංග්‍රීසි උපසිරසක්වත් අන්තර්ජාලයේ තිබුණේ නැති නිසා, වැඩේ අතාරින්න කියල බැලුවම. ඔයාලගෙත් මගෙත් වාසනාවට ඉංග්‍රීසි උපසිරසක් දාලා තිබුණා. ඉක්මනින් කරන්න කියල අතගැහුවට, විවිධ බාධක මැද්දේ තමයි මේක කලේ. ස්තුතියි අපේ නියෝ අයියට, සිසිල අයියට, සමීර අයියට ඇති වුණු අකරතැබ්බයන් තේරුම් ගත්ත එකට. එහෙනම් තවත් ලස්සන උපසිරසක් අරගෙන එන්නම්.😋

බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD / Proper HD පිටපත් සඳහා අදාළ වේ.

15,387 downloadsDownload Jabariya-Jodi-2019.zip122 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

15,387 downloadsDownload Subtitles122 KB

40 comments

  1. Gathsara Umesh

    බොහෝම ස්තූතියි ❤️

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Sanjeewa2010

    Thnxxxxxxxxx

  4. Achi

    Thank bokka sub ekata

  5. btelgalle

    baiscoedownload eka wada nane

  6. ranga11112

    sthuthiy saho.....

  7. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මලයා ..!! ❤️

    1. PaSindu MaDumal

      එලහ් අයියා❤️

  8. Ayesh Prashan

    Thank You

  9. gihan perera

    ස්තුතියි සහෝ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  10. රොෂාන් අබේවීර

    Thanks Bro.... Jayen Jaya.....

  11. santhusha319

    thanks bro

  12. thilz

    thank u vry much

  13. D.Chamara

    bohoma sthuthi sahoo

  14. Nilush Angana

    Sub ekata thanx

  15. wajira

    Thanks for sub

  16. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  17. arawindasunimal

    thanks sub ekata ------------- jayawewa

  18. Mithusha Dinelka

    Thankuuu ma brother

  19. C lakmal

    thank u ,ජය වේවා.

  20. Kanchaka

    Thanks bro

  21. Asanjana_Lahiru

    tnq saho jaya wewa

  22. jagath_chaminda

    thank bro

  23. Venuri Yasara

    Thanks

  24. nish47

    ස්තූතියි සහෝ

  25. ravindutb

    Thank you

  26. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  27. Suresh Madhusanka

    ස්තූතියි සහෝ

  28. Pramukmili

    Thanxx bro.......

  29. Dilan_Lahiru

    කරුණාකර ambapali 1966 උපසිරැසි ලබාදෙන්න.

  30. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  31. Lahiri

    THANKZ MADUVO

  32. Anu

    Thanks bro.....

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
    [buzz]

  34. MAALnath

    Thanks ...............good luck ...................

  35. aks

    Thanks...

  36. mindika

    thanks !!!

    1. Anonymous

      Thanx pasiya

  37. sahangayantha

    Thanks a lot saho sub ekata

  38. Nalin Priyankara Pemarathana

    උපසිරසට බොහොම ස්තුතිය ,ජය