හැමෝටම සුභ දවසක්. 2012 දි විතර මං බලපු ෆිල්ම් එකකටයි උපසිරසි ගෙනාවේ. ඇත්තටම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවගේ රඟපෑම නම් අතිවිශිෂ්ටයි. Adventure, Thriller, Psychological thriller යන කාණ්ඩ වලට අයත් මේ නිර්මාණය වේදනාවේ සැබෑ අරුත ඔබට කියාපාන බවට නොඅනුමානයි. All is lost (2013), Cast away (2000), 127 Hours (2…
හැමෝටම සුභ දවසක්. 2012 දි විතර මං බලපු ෆිල්ම් එකකටයි උපසිරසි ගෙනාවේ. ඇත්තටම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවගේ රඟපෑම නම් අතිවිශිෂ්ටයි. Adventure, Thriller, Psychological thriller යන කාණ්ඩ වලට අයත් මේ නිර්මාණය වේදනාවේ සැබෑ අරුත ඔබට කියාපාන බවට නොඅනුමානයි.
All is lost (2013), Cast away (2000), 127 Hours (2010) යන ෆිල්ම් වල වගේම මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන භුමිකාවේ සිටින්නේ එක් පුද්ගලයෙකු පමණයි.ඒ කියන්නේ සම්පුර්ණ කතාවම දිවයන්නේ එක් පුද්ගලයෙකු වටායි. IMDB දර්ශකයේ 5.3/10 , 74% google likes සහ කුණු තක්කාලි 🍅 අගය 48% මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා.
මේක කැනේඩියානු සිනමා නිර්මාණයක්. රූගත කිරීම් කරල තියෙන්නේ British colombia සහ Canada වල. Release කරල තියෙන්නේ 2011 April 1. ඒ වගේම මේ ෆිල්ම් එක තිරගත වූ මුල් සතියේ පමණක් ඇමෙරිකාව තුල $ 2,0543 උපයාගෙන තියෙනවා. ඇමෙරිකාවෙන් පිට $ 8,020 සහ ලොව පුරා ප්‍රදර්ශනයෙන් අනතුරුව උපයාගෙන තිබෙන මුලු ආදායම $ 229,532ක්. Michael Greenspan කියන අධ්‍යක්ෂකවරයගේ තමයි අධ්‍යක්ෂනය. නිශ්පාදනය kyle mann සහ Adrien Brody විසින්ය. එසේම මේ චිත්‍රපටය සඳහා අතිවිශිෂ්ට සංගීතයක් එක් කරලා තියෙන්නේ Michael Brook විසින්. Adrien Brody, Ryan Robbins, LIoyd Adams සහ Caroline Dhavernas කියන නලු නිලි පිරිස රංගනයෙන් දායක වෙලා තියෙනවා. මෙම නිර්මාණය මිනිත්තු 91 ක් පුරා දිවයනවා.
කතාව ගැන කියනවානම්,
කාර් අනතුරක් නිසා වාහනේ ඇතුලේ සිරවී ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. ඔහු දැඩි වේදනාවකින් ඔහුගේ සිතුවිලි සමඟ සංවාද කරමිනුයි ඉන්නේ. ඒ අතරතුර ඔහුට මුණගැහෙන්න පුලුවන් මොන වගේ අයද, ඔහු ඔවුන් සමඟ ගනුදෙනු කරන්නේ මොනවගේ විදියටද, ඇත්තටම ඇයි ඔහුට ඒ විදියට අනතුරට පත්වෙන්න වුනේ? ඔහුට සිද්ධවෙච්ච දේ පිටිපස්සේ ඉන්නේ කවුද, ඒ ගැන දැනගන්න නම් මේ නිර්මාණය නරඔන්නම වෙනවා.
ඉතින් තවත් උපසිරසි නිර්මාණයකින් නැවතත් හමුවෙන තුරු හැමෝටම ජයවේවා!🤘

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
1,457 downloadsDownload Wrecked.2011.zip10 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-09-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික විමුක්ති
Subtitles
16 comments
Gihan@dias
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)
Bandara76
Thanks Chamika Bro....superb ..
instant
niyamai...
D.Chamara
bohoma sthuthi jaya ..
සනිඳු ලක්ඛිත
බෝම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!
kuma.lk
Thank you ...
arawindasunimal
thanks sub ekata..............jayawewa............
superrmls
ela
Lakshansilva18
බලලා තියෙනවා කුතුහලයෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක්. මෙවටත් sub දෙන්නකො
perfect stranger (2007)
American psycho (2000)
Public enemies (2009)හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
chinthaka_priyadrshana
Thank u
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suchroxx
Thanks Bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
AsithaDilruwan
Ela saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro..puluwan nam english comedy ewata sub danna.pls..sub aka supiri..,