Watch Trailer

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | රත්තරං මස්සිනාලා දෙන්නෙක් [සිංහල උපසිරැසි]

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles ආයුබෝවන්. අද ආයෙමත් අළුත්ම මලයාලි චිත්‍රපටයක් OTT නිකුත් උනා. මෙන්න උණු උණුවෙම ඒකෙ උපසිරැසිය. ඉතා උණුසුම් මාස හතරකට පස්සෙ අන්තර්ජාලයේ මලයාලි විවේක ගත්ත වගේ දැනුනා චිත්‍රපට නිකුතුව අඩු උන නිසා. දැන් ආයෙ ඒක සක්‍රිය වේගන එනවා. නම ටිකක් කියව ගන්න නම් අම…

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles

ආයුබෝවන්. අද ආයෙමත් අළුත්ම මලයාලි චිත්‍රපටයක් OTT නිකුත් උනා. මෙන්න උණු උණුවෙම ඒකෙ උපසිරැසිය. ඉතා උණුසුම් මාස හතරකට පස්සෙ අන්තර්ජාලයේ මලයාලි විවේක ගත්ත වගේ දැනුනා චිත්‍රපට නිකුතුව අඩු උන නිසා. දැන් ආයෙ ඒක සක්‍රිය වේගන එනවා. නම ටිකක් කියව ගන්න නම් අමාරුයි තමයි.ගුරුවයූර් කෝවිල ඉදිරිපිට කියන තේරුම තමයි නමේ එන්නෙ. දැනට IMDB 7.0  අගයක් තියෙන මේ චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් අතින් ඉතා ඉහලින් ඒ කියන්නෙ මේ වන විට කෝටි 90 ඉක්මවල ආදායම් ලබපු එකක්. මේ දිනවල විවිධ ශානර වල මලයාලි චිත්‍රපට වලින් ඉහළ ප්‍රතිචාර ලබා ගත්තා. මේක නම් මලයාලින්ටම ආවේණික සාමාන්‍ය සරල කොමඩියක් හැටියට හඳුන්වන්න පුළුවන්. ලොකු ලොකු ටොපික් නෑ ඉතා සරල කතාවක් බොහොම විනෝදෙන් රස විඳින්න පුලුවන් ජාතියෙ ප්ලොට් එකක් තමයි මේකෙ තියෙන්නෙ.

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles

මේකෙ කතාව තියෙන්නෙ අපූරු මස්සිනාල දෙන්නෙක් ගැන. එක්කෙනෙක් ආනන්ද් කේරළේ අනිකා විනූ මැදපෙරදිග රැකියාවක. විනූට මගුල් යෝජනාවක් එන්නේ ආනන්ද්ගෙ සහෝදරිය අංජලී සම්බන්ධයෙන්. දෙමස්සිනෝ අතර සම්බන්ධය ගොඩ නැගෙන්නෙ එතනින්, තමන්ගෙ පෙම්වතියගෙ බූට් පාර කාල තනිකඩව ඉන්න අදහස් කරපු විනූව කසාදෙට නම්ම ගන්නෙ ආනන්ද්. අමතක කරන්න බැරිව හිටිය පරන පෙම්වතිය ජීවිතෙන් අයින් කර ගන්නත් ඒ වෙනකොට වෙන වෙනම හිටිය ආනන්ද්ගෙ බිරිය ආයෙමත් ඔහුගෙ ජීවිතයට ඇතුල් කර ගන්නත් දෙමස්සිනෝ එක මොහොතෙ එකඟතාවයකට එනවා. සඳහා ආපසු කේරළේට එන විනූ ප්‍රථම වතාවට තම මස්සිනා මුණ ගැහෙනවා.ඒ සමගම වෙන්නෙ හිතන්නෙ නැති පෙරළියක්.( හැබැයි නරඹන්නො ඒ වෙන කොට සීන් එක දන්නවා හොඳට ඇහැ ගහ ගෙන හිටිය නම්) මළ මගුලක් තමයි වෙන්නෙ. මේ මගුලට වැටෙන විවිධාකාර බාධක මැද්දේ මගුල් දිනය උදා වෙනවා.ඉතින් නරඹන්න.

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles

ප්‍රීතිවිරාජ් සමග බැසිල් ජෝශප් තමයි මේ දෙමස්සිනාලා. අනස්වරා රාජන් සහ නිකිතා විමල් අනිත් පැත්තෙන් ප්‍රධාන චරිත දෙක. බැසිල්ම යොදාගෙන මේ වගේම ලස්සන ට්විස්ට් සහිත ජය ජය ජය හේ සහ අන්තරාක්ශරී චිත්‍රපට අධ්‍යක්ෂනය කල විපින් දාස්ගේ වැඩක් මේක.   

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

9,402 downloadsDownload Guruvayoor-Ambalanadayil-2024-Sinhala-Subtitles-1.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

9,402 downloadsDownload Subtitles71 KB

10 comments

  1. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. Netflix පිස්සා

    බන්දුල සහෝදරයා කාලෙකින් සුපිරියක් බස්සවා එල, සහෝ අපිට දෙන්නකො හොද suspension thriller tv series එකක්

  3. Anonymous

    file eka download karaganne kohomada ?

  4. Kaveen

    thank you.

    1. Rashmika

      Film eka nane baiscopedownload

  5. Arawinda

    thanks sub ekata jayawewa

  6. Buddhika Lakmal

    හම්මට ගැම්මට ආපුගමන්නම සබ දීලා බන්දුල සහෝ....
    ස්තූතියි මචං ඔයාගේ මහන්සියට...
    ජයවේවා.......

  7. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata..

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤