Uncle Buck (1989) Sinhala Subtitles ”අංකල් බක්, එහෙමත් නැත්තම් බක් මාමා” 1989 වසරේ සිට මේ දක්වා බොහොමයක් එකල දෙනාගේ සිත් ඇදගත්, හාස්‍යජනක චිත්‍රපටියකි. ජෝන් හියුස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ විනෝදකාමී තරබාරු බක් මාමාගේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන්නේ ජෝන් කැන්ඩි විසිනි. මේ වෙද්දි නම…
Uncle Buck (1989) Sinhala Subtitles
”අංකල් බක්, එහෙමත් නැත්තම් බක් මාමා” 1989 වසරේ සිට මේ දක්වා බොහොමයක් එකල දෙනාගේ සිත් ඇදගත්, හාස්‍යජනක චිත්‍රපටියකි. ජෝන් හියුස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ විනෝදකාමී තරබාරු බක් මාමාගේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන්නේ ජෝන් කැන්ඩි විසිනි. මේ වෙද්දි නම් මෙයා අපි අතරේ නෑ. වයස අවුරුදු 43ක් වගේ බොහොම කෙටි වයසකින් මෙයගේ ජීවිත ගමන අවසන් වෙලා තියනවා. ඒ හදිසියේ ඇතිවුන හෘදයා බාධයකින්. කොහොමවුනත් මේ අංකල් බක් චරිතය අදටත් හොලිවුඩ් සිනමා රසිකයින් බොහෝ දෙනෙකුගෙ මතකයේ සුන්දරව රැදිලා තියනවා.

කවුද මේ අංකල් බක් කියන්නේ ?

අංකල් බක් කියන්නේ බොහොම ආකර්ශනීය පෙනුමක් තියන විනෝදකාමී, තරබාරු, මැදිවියේ ඉන්න තනිකඩයෙක්. ගොඩක්ම මෙයා වගකීම් විරහිත හා නොසැලකිලිමත් ලෙස වැඩ කරන්න හුරු වුන කෙනෙක්. මෙයාට මෙහෙම අඩුපාඩුකම් තිබුනා වුනත් මෙයාට රත්තරන් හදවතක් හා ජීවිතයේ අභියෝග හමුවේ ඊට මුහුණ දීමට බොහොම අපූරු අද්විතීය හැකියාවක්ද තියනවා.
කතාව ගැන කෙටියෙන් පුංචි විස්තරයක්,

බොබ් සහ සින්ඩි යන යුවලට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ගැනු ළමයින් දෙන්නයි, එක පිරිමි ළමයයි. මෙයාලගේ දෙන්නෙක් හරිම පොඩියි, ඒ තමා මයිල්ස් සහ මේයිසි. ලොකම කෙනා වයස අවුරුදු 15ක නව යොවුන් වියේ පසුවන මුරණ්ඩු නාහෙට නොහාන ටියා. දවසක් අනපේක්ෂිත විදියට පවුලේ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් බොබ් සහ සින්ඩිට හදිසියේම නගරය අත ඇරලා යන්න වෙනවා. ඉතින් මේ හදිසියේ ළමයින් බලාගන්න කෙනෙකුව හොයාගන්න විදියක් දෙන්නටම නැතුව බැරිම තැන බොහොම අකමැත්තෙන් බක්ට මේ ළමයි තුන්දෙනාව බලාගන්න එන්න කියලා මේ යුවල කතා කරනවා. විශේෂයෙන්ම මේ බොබ්ගේ බිරිඳ ඒ කියන්නේ සින්ඩි නම් කැමතිම නෑ මේ බක්ට. කොච්චරද කිව්වොත් ආයේ කැමතිම නෑ. කරකියා ගන්න දෙයක් නැතිම කමට තමා මේ මනුස්සයට අවසානයේ කතා කරන්න තීරණය කරන්නේ. මේ සින්ඩි කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයට ”බක් වගේ මනුස්සයෙක් ළඟ තමන්ගේ ළමයින්ව තියලා යන්න ආරක්ෂාකාරී බවක් දැනෙන්නේ නෑ” කියලා, මේ කොහොමින් කොහොමහරි අවසානයේ මෙයාලා ළමයින්ව බක්ට බලාගන්න දීලා යනවා. කතාව පටන් ගන්නේ මෙන්න මෙතනින්.

එහෙනම් කතාව ගැන මම ඔයාලට තවත් දුරට විස්තර කියන්න අදහස් කරන්නේ නෑ.
අරගෙනම එහෙනම් බලලා රසවිඳින්න.
පවුලේ හැමෝම එක්ක මේ චිත්‍රපටිය බලන්න පුළුවන්.
Uncle Buck (1989) Sinhala Subtitlesආ… මට දෙයක් කියන්න අමතක වුනා, අර Home Alone එකේ පොඩි කොල්ලත් මේකේ ඉන්නවා. මේක තමා මිනිහා රඟපාපු 3 වෙනි චිත්‍රපටිය වුනේ. පස්සේ අවුරුදු කිහිපයකින් තමයි තව චිත්‍රපටිත් රඟපාලා Home Alone එකට එන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
1,428 downloadsDownload Uncle-Buck-1989-Sinhala-Subtitles.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Uncle Buck (1989) Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
6 comments
Ajith
Kavindu Nethmina
Sub ekata thanks bro
Buddhika Lakmal
ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට....
ජයවේවා..............Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!CW
Thanks,
අන්කල් කිව්වට මාම නෙවෙයි බක් බාප්පාnilanka1212
thanks....
Advertisement
පරණ අහලා තිබෙන ෆිල්ම් එකක්. ස්තුතියි.