Watch Trailer

Hail, Caesar! (2016) with Sinhala Subtitle | දුක්ගන්නාරාළ [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නේ පසුගිය පෙබරවාරි 5 වෙනිදා තිරගත වීම ඇරඹුණු Comedy, Mystery යන කාණ්ඩවලට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය භාර දුන්නේ හසන්ත අයියා. එයාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. සෑහෙන ප්‍රමාදයි. ඒ නිසා සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්. අධ්‍යක්ෂණය සහ තිරරචනය Ethan Coen, Joel Coen විසින…

Hail, Caesar! (2016)

මේ අරන් එන්නේ පසුගිය පෙබරවාරි 5 වෙනිදා තිරගත වීම ඇරඹුණු Comedy, Mystery යන කාණ්ඩවලට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය භාර දුන්නේ හසන්ත අයියා. එයාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. සෑහෙන ප්‍රමාදයි. ඒ නිසා සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්.

අධ්‍යක්ෂණය සහ තිරරචනය Ethan Coen, Joel Coen විසින්. ප්‍රසිද්ධ රංගන ශිල්පීන් රැසක් රංගනයේ යෙදෙනවා. Josh Brolin, George Clooney, Ralph Fiennes, Scarlett Johansson, Channing Tatum සහ Alden Ehrenreich ඔවුන්ගෙන් කීපදෙනෙක්. IMDb අගය 6.6ක්. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 1950 පමණ කාලයේ හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයේ චිත්‍රාගාරයක විධායක කළමනාකරුවෙකුව සිටි Joseph Edgar Allen John “Eddie” Mannix නමැති පුද්ගලයාගේ චරිතයයි. ඔහු චිත්‍රාගාරයේ සෑම ගැටළුවක්ම විසඳමින් නළුනිළියන් සහ අනෙක් සියලු කාර්ය මණ්ඩලය පිළිබඳ සොයා බැලූ පුද්ගලයෙක් නිසා “fixer” කෙනෙකු ලෙසද හැඳින්වෙනවා. ඔහුගේ දෛනික ජීවිතයේ එක දවසක් තමයි මේ දැක්වෙන්නේ. ආදායම් සලකපුවාම නිෂ්පාදන වියදම මෙන් තෙගුණයකට ආසන්න ආදායමක් ලබලා තියනවා.

කතාව ගැන කිව්වොත් මෙහෙමයි. එඩී මැනික්ස් ඉහත සඳහන් ආකාරයට ‘ කැපිටල් පික්චර්ස් ‘ නම් චිත්‍රාගාරයේ විධායක කළමනාකාරවරයෙක්. “Hail Caesar !” කියන්නේ එම චිත්‍රාගාරයේ එම වසර සඳහා නිකුත් කරන දැවැන්තම සිනමා නිර්මාණයයි. මේකේ ප්‍රධාන චරිතය හෙවත් රෝමන් හමුදා නායක අටෝලක්ස්ගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු බෙයාර්ඩ් විට්ලොක්. හදිසියේම විට්ලොක් චිත්‍රාගාරයෙන් අතුරුදන් වෙනවා. ඔහුගේ චරිත ස්වභාවයත් එතරම් හොඳ නැති නිසා එඩී මැනික්ස් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ මෙලෙස අතුරුදන් වීම ගැන. ඒත් පසුව ඔහුට දැනගන්නට ලැබෙනවා විට්ලොක්ව පැහැරගත් බව. පැහැරගත්තේ කවුද කුමකටද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. විට්ලොක් නැතිව චිත්‍රපටයේ රූගත කිරීම් කරන්න විදියකුත් නැහැ. බෙයාර්ඩ් විට්ලොක්ව හොයාගන්න එඩී මැනික්ස් කටයුතු කරන ආකාරයයි මේ චිත්‍රපටයේ දිග හැරෙන්නේ. ඒ අතරතුර ඇතිවන වෙනත් ගැටළු රාශියකින් එඩී මැනික්ස් තමන්ගේ රංගන ශිල්පීන් , කාර්ය මණ්ඩලය සහ චිත්‍රාගාරය ආරක්ෂා කරන්න වෙහෙසෙන හැටි තමයි විනාඩි 106ක් තුළ දිග හැරෙන්නේ. මේ සියල්ල සිදුවන්නේ එක් දවසක් තුළ. ඉතිරිය ඔබට. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

Hail, Caesar! (2016) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

e2e8ecfbdacef19b0e569654f82dc139d2eea017

1.40 GB (HD) කොපිය මෙතනින් බාගන්න

5c4e055c23bb2c4425ed7c1db139d7faef84f1c1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,002 downloadsDownload Hail-Caesar-2016.zip127 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,002 downloadsDownload Subtitles127 KB

15 comments

  1. asiri

    maxxaaaa

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

    1. vishwa

      (අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
      වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.) wadak na bn katha karala. oka me kapeta wena wadak newe.

  3. mithun

    උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහොදර..
    මමත් මෙක බලනව හොදයි වගෙ ෆිල්ම් එක thx සහො සබ් එකට
    අයෙමත් එන්න අලුත් නිර්මාණයකින්. ජය

  4. සුරේෂ් ජයතිලක

    ගින්දර බ්‍රෝ ගින්දර ☺

  5. Sajith Anthony

    උපසිරැසිට බොහොම ස්තුතියි,
    ජය වේවා...!!!

  6. Asitha

    ela thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. nilantha

    thanks niyamai

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. kasun

    Thanks. Well done.

  11. indika

    Thn Q.. :)

  12. Chami.S

    Thanks...

  13. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Vihanga Raveen

    Bohoma sthuthi saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.