Watch Trailer

Halkaa (2018) Sinhala Subtitles | මලපහ විප්ලවය [සිංහල උපසිරැසි සමග]

නාහෙට දැනුනු මල් සුවඳත් එක්ක මං ඇහැරුනා. එළියේ දාස්පෙතියා ගහේ මල් පිපිලද කොහෙද. මං නිදි ගැට කඩ කඩ එලියට ඇවිත් බැස්සා. වැටෙන් එහා තිබ්බේ නිල් පාටට දිලිසෙන කුඹුරු යාය. මිනිස්සු ගෑනු ටිකක් උදළු, කැති අරන් කුඹුරු වලට බහිනවා. මීදුම අඩුවෙන්න අරන්. සීතල හුළං රැල්ලක් මාව ඉඹගෙන ගියා. මම අම්මා දීලා ගියපු කිර…

නාහෙට දැනුනු මල් සුවඳත් එක්ක මං ඇහැරුනා. එළියේ දාස්පෙතියා ගහේ මල් පිපිලද කොහෙද. මං නිදි ගැට කඩ කඩ එලියට ඇවිත් බැස්සා. වැටෙන් එහා තිබ්බේ නිල් පාටට දිලිසෙන කුඹුරු යාය. මිනිස්සු ගෑනු ටිකක් උදළු, කැති අරන් කුඹුරු වලට බහිනවා. මීදුම අඩුවෙන්න අරන්. සීතල හුළං රැල්ලක් මාව ඉඹගෙන ගියා. මම අම්මා දීලා ගියපු කිරි එක උගුර උගුර බොන්න ගත්තා. තාත්තත් කුඹුරට බහින්නද කොහෙද උදැල්ලත් අරන් ආවේ. ළඟට ඇවිදින් ඔලුව අතගෑවේ හරිම ආදරෙන්.

“මයේ පුතා, ඉක්මනට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න. අද විබාගේ නේද? හොඳට ඉගෙන ගන්න ඕන, මගේ පුතා. ඉගෙන ගෙන දොස්තර මහත්තයෙක් වෙන්න ඕන. ඒක තමා මගේ එකම හීනේ”

තාත්තගේ මූණේ ආදරේ බේරෙනවා. මමත් ආදරෙයි තාත්තට ගොඩක්. තාත්තා හරි ආදරෙන් මගේ ඔලුව අතගානවා. ඒ අත හෙමින් හෙමින් මගේ කන ගාවට ගියා. කන අදිනවා අදිනවා වගේ මට දැනුනේ. මට රිදෙන්න ගත්තා. මං තාත්තගේ මූණ බැලුවේ එතකොට. කලින් තිබ්බ ආදරේ හිතෙන මූණක් නෙමේ දැන් තිබ්බේ, යක්සාවේස වෙච්ච මූණක්. මූණ රතු වෙලා. තරහ දෝර ගලනවා, අබ දැම්මොත් පුපුරන ගානයි.

“තෝ, අදත් ගේ අස්සේ රිව්වා නේද?” තාත්තා ගොරෝනවා.

ඒත් එක්කම මම ඇඳෙන් බිමට වැටුණේ. දෙයියනේ හීනයක්!! යන්තම් ඇති.
හැබැයි තාත්තා තාමත් මගේ කන අල්ලන්.
දෝස්මුර කෝටියයි, මගේ නිදිමතත් කොහෙන් ගියාද නෑ.
තව ටිකකින් පිට හරහා පාරක් මට ෂුවර්.

“තෝ හින්දා ගෙදර නාහේ තියන් ඉන්න බෑ. වටපිටට මූණක් දෙන්න නෑ. යකෝ රීපිය අනිත් උන් වගේ රේල්පාරට ගිහින්. ළමිස්සි වගේ මේකේ අස්සෙම ඉන්නැතුව. තෝ මගේ නම්බුව කාලා තමා නවතින්නේ”

හම්බෙච්ච තප්පරෙන්, මං එලියට පැනගෙන දුවන්න ගත්තා. හීනේ තිබ්බා වගේ මගේ නාහෙට ආවේ මල් සුවඳක් නෙමේ, එහාපැත්තේ කුණු ඇලේ පල්වතුර ගඳ.කුඹුරු, වෙල්යායවල් මුකුත්ම තිබ්බේ නෑ. එක ළඟ එක හදලා තිබ්බ ගෙවල් පේලි. ඒවටම ඈදලා තිබ්බ කුකුල් කොටු, හරක් මඩු. පොඩි එකෙක් පාර මැද්දේ දාලා තිබ්බ කක්කා ගොඩක් උඩින් මං පැන්නා, තව ටිකෙන් පෑගෙනවා. රේල් පාර පැත්තට බාල වයස කවුරුත් කඩිමුඩියේ දුවන ගමන්, සරම් කරේ තියන් වතුර බෝතල් අරන්. ඒ කලාපේ හතරවටේට මට දැනුනේ කක්කා ගඳ විතරමයි. මට වමනෙට යන්න වගේ එනවා.

2018 වසරේදී කළ එහි බැස්ස තවත් හොඳ වගේම කවුරුත් බැලිය යුතුම චිත්‍රපටියක් තමයි හල්කා කියන්නේ. පවුලේ හැමෝම එක්ක, විශේෂයෙන්ම මේ පාසල් නිවාඩුකාලේ නිසා පොඩි ඈයොත් එක්කම කැත නැතුව බලන්න පුළුවන් අපූරු කතන්දරයක්. IMDb අගය ලෙස 7.3 ක් සටහන් වෙනවාත් එක්කම සම්මාන කිහිපයකටත් උරුමකම් කියනවා. සංගීතය ගැන කිව්වොත්, Shankar-Ehsaan-Loy කියන තුන්කට්ටුව මේත් එක්කම මියුරුම ගීත කිහිපයක් බොලිවුඩයට දායාද කරලා ඇති. සැකයක් නෑ තමන්ගේ ප්ලේ ලිස්ට් එක ඇඩ් කරගන්න වටිනා ගීත ටිකක්. විශේෂම ක්‍රෙඩිට් එක යන්න ඕන එයාලට ඉතින්.

එහෙනම්, පුළුවන් හැමෝටම රස විඳින්න කියන ගමන්, සමුගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

5,647 downloadsDownload Halkaa-2018.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

5,647 downloadsDownload Subtitles42 KB

40 comments

  1. supun priyanath

    Thank you
    Digatama sub denna
    jaya wewa

    1. Ishara_suneth

      Film eka download karanne link ekak ewannako

  2. snak

    thanks machoo

  3. Rumesh dhanushka

    බොහොම ස්තුතියි

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. IreshSampath

    thanks

  6. හසිත මධුෂාන්

    ටසිරි කිව්වලු ඒ කවර්ස්ටෝරිය නං...
    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....

  7. gihan perera

    ස්තුතියි සහෝ..නියම කතාවක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  8. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි මයුර සහෝ..
    ජය...!!! :D

  9. Hemantha De Silva

    සස්තුතියි මයුර.....

  10. Kulanjana Maduranga

    subata thanks saho....

  11. Tharaka

    THANKS,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  12. Tharaka

    THANKS................................

  13. N_R

    Thanks.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Theshan077

    Thanks saho.. all the best

  16. kavinuweerakkody

    දීලා...!!

  17. shanuka.manohara

    අපේ ආතල් එක වෙනුවෙන් ඔබේ කාලය කැපකරනවට තෑන්ක්ස් මචෝ...

  18. neelanethra

    ස්තූතියි .

  19. බොබී

    මයුර සහෝ මොකක්හරි වෙනස් කතාවක්මයි ගේන්නේ. ඔන්න එහෙනම් මාත් ගත්තා.

  20. Bandara 1976

    යකෝ රීපිය අනිත් උන් වගේ රේල්පාරට ගිහින්. ළමිස්සි වගේ මේකේ අස්සෙම ඉන්නැතුව....Thanks saho

  21. Sandaruwan wishwajith

    Thank you සහෝ ❤️❤️

  22. AsithaDilruwan

    ela saho thanks

  23. madhu1114

    Thanks Bro!

  24. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා..
    කවුරු හරි ගෙනත් දෙනකල් ඉඳලා බලනවා.
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  25. ushan

    godaak tnx

  26. rangika Kariyawasam

    බෝම තුති ..ජයවේවා

  27. nish47

    thanks bro

  28. ashanrupasinghe

    ela

  29. nethula

    නියමයි සහෝ...

  30. Nuwan_sri

  31. ආසිරි ප්‍රියන්ත

    ඔන්න කියන්නැහේ මේකත් බලන්නම්කෝ.

  32. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  33. Emi

    Thank you

  34. MAALnath

    Thanks ..................good luck ................

  35. shiyamal

    Niyamai.
    super

  36. yeshu

    tnx

  37. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  38. Thilesh De Silva

    Thank you

  39. Manjula Kumara Gamage

    Thank you very much. :-)