ඔන්න තවත් චිත්‍රපට එකතුවක් අරගෙන ආව ඔයාලට. මේ චිත්‍රපට මාලාවෙ ඇරඹුම 1978 වසර. අවසන් වෙන්නෙ 2009 දි. අදියුරුව ජෝන් හොවාර්ඩ් කාපෙන්ටර්. කට්ටිය හුරතලේට කිව්වෙ හොරර් මාස්ටර් කියල. එතකොට හිතාගත්තහැකිනෙ මෙයාගෙ චිත්‍රපට මොන කාණ්ඩයෙද කියල. ඔව්, චිත්‍රපටනම් හොරර්. ඒ උනාට මෙයා හොඳ සංගීත වේදියෙක්, තනු නිර්මාණ…

ඔන්න තවත් චිත්‍රපට එකතුවක් අරගෙන ආව ඔයාලට. මේ චිත්‍රපට මාලාවෙ ඇරඹුම 1978 වසර. අවසන් වෙන්නෙ 2009 දි. අදියුරුව ජෝන් හොවාර්ඩ් කාපෙන්ටර්. කට්ටිය හුරතලේට කිව්වෙ හොරර් මාස්ටර් කියල. එතකොට හිතාගත්තහැකිනෙ මෙයාගෙ චිත්‍රපට මොන කාණ්ඩයෙද කියල. ඔව්, චිත්‍රපටනම් හොරර්. ඒ උනාට මෙයා හොඳ සංගීත වේදියෙක්, තනු නිර්මාණ ශිල්පියෙක්. සාමාන්‍ය හොරර් චිත්‍රපට වලට වඩා ටිකක් වෙනස් චිත්‍රපට මාලාවක්. එකම චරිතයකට සම්බන්ධ චිත්‍රපට පෙලක්.
අපි බලමුකො කතාව මොකක්ද කියල. මයිකල් මයර්ස් කියන්නෙ අවුරුදු හයක පොඩි කොල්ලෙක්. ගෙදර කවුරුත් නෑ. ඉන්නෙ අක්ක විතරයි. මේ හොලෝවීන් දවසෙ රෑ. කිසිම හේතුවක් නැතුව පිහියකින් ඇනල මේ කොල්ල අක්කව මරණව. ඒ කරල ගෙයි දොරකඩට වෙලා ඉන්නව අම්මල එනකම්. එතෙන්ට එනකම් එච්චරයි.
අවුරුදු 16 කට පස්සෙ ස්මිත් ග්‍රෝව් මානසික රෝහලට වාහනයක් එනව ලෙඩෙක් අරගෙන යන්න. ඒත් හොලෝවීන් දවසට කලින් දවසෙ රාත්‍රිය. රෝහලට ලංවෙනකොට තමා දකින්නෙ පිස්සන් කොටුවෙ පිස්සො ටික එලියට පැනල කියල. ඒ අතරින් එකෙක් ලෙඩා ගෙනියන්න ආපු වාහනේ හිටපු දොස්තරව එළියට ඇදල දාල. වාහනෙත් අරගෙන පනිනව. කවුරු කියලද හිතන්නෙ? වෙන කවුරුත් නෙමේ මයිකල් මයර්ස්. ඉලක්කය තමන් උපන් ගමට යන එක.
පිස්සන් කොටුවෙන් පිස්සෙක් පනින එක සාමාන්‍ය දෙයක් උනාට මයිකල් අසාමාන්‍යයි කියන්න දන්නෙ එයාට බෙහෙත් කරපු දොස්තර විතරයි. ඔහු දන්නව මයිකල් කෙහෙද යන්නෙ මොකටද යන්නෙ කියල. ඒ එච්චර හොඳ වැඩකට නෙමේ. මේ වතාවෙ තමන්ගෙ නංගිව හොයාගෙන. මයිකල්ගෙ ඉලක්කය පවුලෙ හැමෝම මරල දාන එක. පොලිසියට මේ ගැන කිව්වට දොස්තරගෙ කතාව පිලිගන්න පොලිසිය සූදානම් නෑ. සෑහෙන විනාශයක් උනාට පස්සෙයි පොලිසිය මේ ගැන ක්‍රියාත්මක වෙන්නෙ. හොලෝවීන් කියන්නෙ එක එක විකාර ඇඳුම් ඇඳගෙන (හරියට අපේ විකට ඇඳුම් තරඟෙ වගේ) සමරන දවසක්. මේ විදියට ඇඳගෙන පාරෙ යන මිනිස්සු නිසා පොලිසියට මයිකල්වත් අදුනගන්න බෑ.
නමුත් අවසානෙදි සෑහෙන ජීවිත ගානකට වග කිව්වටත් පස්සෙ දොස්තර තමන්ගෙ රිවෝල්වරේ උණ්ඩ ටික ඔක්කොම මයිකල්ට තියනව.උඩ තට්ටුවෙන් පහලට වැටෙන මයිකල්ට මොකද උනේ බලන්න දොස්තර පහලට එනකොට මයිකල් එතන නෑ. වෙඩි කාපු මයිකල්ට මොකද උනේ, මුලින් අක්කව මැරුව, නංගිවත් මරන්න පුලුවන් වෙයිද? මයිකල්ට මොනව වෙයිද? දැනගන්න චිත්‍රපටය රසවිඳින්න.
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extraa torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි. දෙවනි එකෙන් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
525 downloadsDownload Halloween-1-1978.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
23 comments
අසිත
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මම ආසම කරන චිත්‍රපට එකතුවක් තමයි ඔයා මේ දෙන්නට යන්නේ. චිත්‍රපට මාලාවටම සබ් දෙන තුරු මම නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
සුපිරි.ස්තුතියි සබ් එකට සහෝ
kavinda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
Web බුවා
ඔච්චර ලොකු size බාන්න අමාරු නම් දුක් වෙන්න එපා. y - s. a_ (හිස්තැන් දෙකට එන්න ඕන පිළිවෙලින් tසහ g) මේ site එකට ගිහිං halloween නමින් search කරන්න film 6ක් තියේ. ජය!
Sajith Anthony
නියමයි සහෝ,
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!තනිකඩ කොල්ලෙක්
තෑන්ක්ස් බ්‍රෝ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Đęą Aļonę
Sub file 1 open wenne neane
පිනා
උපසිරසියට ස්තූතියි..!
nilupul anuruddhaka
pack akama ba gaththa.15GB.THANX SUB AKATA.ITHURU TIKATH IKMANIN DENNA.JAYAWEWA.
Udara Damith B/K
බොහොම ස්තූතියි අනිත් ටිකටත් සබ් දෙන්න
සොඳුරු සිහින
පරණයි කියල අඩුම 2014 වත් නම් කමක් නෑ 1978 හයියෝ ....... ඇයි බං 2015 2016 ෆිල්ම් නැද්ද බං ....... කොච්චර ලයින් ටිකක් ටයිප් කරන්න ඕනිද බං ... එච්චර මහන්සි වෙලත් ඇයි බං අලුත් ඒවා නොදෙන්නේ .... මේක මගේ විතරක් නෙවි ගොඩක් අයගේ මතය ඒත් එකෙක් වත් මොකුත් කියන්නේ නෑ උන්ව බ්ලොක් කලොත් අවාරෙට පොල් වැටෙනවා වගේ හරි එන අලුත් ෆිලුමක් බලන්න වෙන එකක් නෑ කියල..... කොමෙන්ට් නේම් ඒකෙන් fb ඇවිත් මාව ඕපන් කරල මගේ කතාව ඇලජික් උන් බැනපල්ලා ඉන්බොක්ස් වලින්
Chamara
Mithraya. Film ekak aluth/parana wuna paliyata rasaya nathi wenne naha. Anika amathak karanna epa aluthen ena ewath parana wena bawa.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ධනුක
පරන උනත් සුපිරි film මචං ... Collection එකම කරන්න.. ජය වේවා !
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
sasindu kavish
Niyamai
Dewadithya
Thanks for sub!
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama sho thanks
series ekatama sab demu
jaya wewa!!!