එදා 1963 වසරේ හැලෝවීන් රාත්‍රිය, එදින දස හැවිරිදි මයිකල් මයර්ස් යක්ෂයාගේ වරම සියතට ගෙන හැඩන්ෆීල්ඩ් නගරය භීතියට පත් කලා. මයිකල්ගේ වියරුව වසර 15කට අත්හිටෙව්වත් ඔහුගේ ලේ පිපාසායනම් නැති උනේ නෑ. වසර ගාණකට පස්සේ යක්ෂයා ආපහු නිදහස් උනා. නැවතත් මයිකල්ගේ පිහිය හැඩන්ෆීල්ඩ්වාසීන් රැසකගේ ලේ රස බැලුවා. මහා සංහ…

එදා 1963 වසරේ හැලෝවීන් රාත්‍රිය, එදින දස හැවිරිදි මයිකල් මයර්ස් යක්ෂයාගේ වරම සියතට ගෙන හැඩන්ෆීල්ඩ් නගරය භීතියට පත් කලා. මයිකල්ගේ වියරුව වසර 15කට අත්හිටෙව්වත් ඔහුගේ ලේ පිපාසායනම් නැති උනේ නෑ. වසර ගාණකට පස්සේ යක්ෂයා ආපහු නිදහස් උනා. නැවතත් මයිකල්ගේ පිහිය හැඩන්ෆීල්ඩ්වාසීන් රැසකගේ ලේ රස බැලුවා. මහා සංහාරයකට පස්සේ නැවතත් යක්ෂයා තාවකාලික විරාමයක් ගත්තා වගේම ඔහු ජීවමාන පුරාවෘත්තක් උනා. බූගී මෑන් ලෙස නම් පවා පට බැඳුනා. අවුරුදු ගාණකට පස්සෙ නැවතත් හැඩන්ෆීල්ඩ් වලට යක්ෂයාගේ හෝරාව උදා උනා.ඒත් මෙදාපාරනම් ආවේ අළුත්ම යක්ෂයෙක්.
නම ඇහුන ගමන් හැමෝම බය වෙන, අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවක අවසානයට ඔන්න එහෙනම් අපි ළං වෙලා. ජේසන් වූහීස්, ෆ්රේඩී කෲගර්, ලෙදර්ඩ්ෆේස්, චකී, ගෝස්ට් ෆේස් වගේ අයිකනික් ලෙජන්ඩ් කෙනෙක් තමයි මයිකල් මයර්ස් කියන්නේ. 1978 දී “හොරර් මාස්ටර්” කියලා හඳුන්වන John Carpenter මහත්මයා තමයි මේ මයිකල් මයර්ස් කියන චරිතය සහ හැලොවීන් පළමු චිත්‍රපටය නිර්මාණය කලේ. ඒ වගේම චිත්‍රපටයේ අපිට අහන්න ලැබෙන ඇඟ කිලිපොලා යන තේමා සංගීතය වාදනය කරන්නෙත් එතුමම තමයි. ඉතිං කවුරුත් නොහිතපු විදියට ලොව පුරා සිනමා ලෝලීන් මේ නිර්මාණයය ආදරයෙන් වැළඳගත්තා. විශේශයෙන්ම ප්‍රධාන චරිතය වු මයිකල් මයර්ස්ගේ සද්දන්ත රුව සහ ප්‍රේක්ෂකයන් භීතියට පතකල හැලෝවීන් වෙස් මුහුන මෙහි කැපී පෙනුනා. ජනප්‍රියත්වයත් එක්ක මේ කතා තේමාව යටතේ චිත්‍රපට 12ක් නිර්මාණය උනා. බලලා නැති අයට ඒ චිත්‍රපට සියල්ලෙම සිංහල උපසිරසි අපේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

හැලෝවීන් චිත්‍රපට මාලාව
Halloween Ends චිත්‍රපටය මේ මාසයේ හැලෝවීන් උත්සවයට කලින්ම නිකුත් කරන්න නිශ්පාදකයෝ තීරණය කරලා තිබුනා. දශක කිහිපයක්ම ඇදගෙන ආපූ මේ චිත්‍රපට මාලාවේ අවසානයත් සනිටුහන් කරන්න තීරණය උනේ කලින් චිත්‍රපටවලට ලැබුන රිනාත්මක ප්‍රතිචාර නිසයි. හොරර් මාස්ටර් ලෙස හඳුන්වන ඉතිං මේ චිත්‍රපටයෙන් වසර ගාණක් බලන් හිටපු ප්‍රේක්ෂකයන්ට හැඩන්ෆීල්ඩ් යක්ෂයාගේ අවසානය බලාගන්න පුළුවන්. බෝහෝ විට ආපහු හැලෝවීන් ෆිල්ම් එකක් හැදෙන්නේ නැති වෙයි. එහෙම හැදුනත් අපිට ලෝරී ස්ට්‍රෝඩ් විදියට Jamie Lee Curtis වනම් බලාගන්න බැරි වෙයි. එහෙනම් කතාව ගැන මම මුකුත්ම කියන්නේ නැතුව ඔයාලටම බලන්න ඉඩ දෙනවා.
Halloween Ends (2022) මේ චිත්‍රපටය 40%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත්, 5.1ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Slasher / Horror / Thriller යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. හොලිවුඩයේ 70 දශකයේ තවත් “ස්ක්‍රීම් කුයීන්” කෙනෙක් වෙන Jamie Lee Curtis සුපුරුදු විදියටම ලෝරී ස්ට්‍රෝඩ් ලෙසත්, James Jude Courtney මයිකල් මයර්ස් එහෙමත් නැත්තම් “ද ශේප්” ලෙසත්, Andi Mitichak ඇලිසන් ලෙසත්, Rohan Campbell කෝරී කනින්හැම් ලෙසත්, Will Patton ෆ්රෑන්ක් හෝකින්ස් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. කපන කොටන දර්ශන තියෙන නිසා සංවේදී දර්ශන නරඹන්න නොහැකි අය පරිස්සමින් බලන්න කියලා මතක් කරනවා. මට මේ ෆිල්ම් උපසිරැසි ගන්වන්න හොයලා දුන්න චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.
සුබ හැලෝවීන් මාසයක් වේවා !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB /Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,789 downloadsDownload Halloween-Ends-2022-Blu-Ray.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
23 comments
Supun Kaushalya
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Naveen Mbr
බලන්න ඕන! බලන්න ඕන! ;-) <3
ගොඩක් ස්තූතියි!නල්ලා
බොහොම ස්තුතියි ගුනාත්මක සබ් දෙනවට සහෝ
අර ගුනෙරු එකේ දෙකයි පනහේ සබ් වගේ නැතුවSupun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Bimsara Yashan(ඔලිව)
සබ් එක දානකල් හිටියෙ. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!
Sithika
Sub ekata thanks saho laal ssingh chaddha movie ekatath sub eka denawada
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Neo
Thanks brother
Keep it upBuddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Shanuka Perera
Thank you brother
Anonymous
Thanks for sub
Halloween
Halloween 2009 ekata sub nane hoyaganna.. ekatath sub karanan godak pin hode... Thanx wewa sub ekata .. jaya wewa!!!
lakshan
thanks .....................
Malith samarawickrama
Thanks saho sub ekata
indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thank for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
Anonymous
Thanks Suddah!
Chämàrá Sâmpáth
උපසිරැසියට බොහොම ස්තුතියි මචං!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට