ආදි පුංචි කාලේ ඉදන්ම සංගීතයට බොහෝ ආදරයක් දක්වනවා. සංගීතය තමයි එයාගේ තනිකම පළුව මැකුවේ. එයාට සතුටක් ගෙනත් දුන්නෙත් සංගීතය නිසාවෙන්ම සංගීතය එක්කම ආදි ජීවිතය ගත කරනවා. ඒත් ආදිට අම්මා ලඟ නැති නිසා ඇතිවුණ සාංකාව නම් අවුරුදු 20ක් ගත වෙලත් මගහැර ගන්න බැරිවුණා. ආදිගේ පෙම්වතිය, ආදිට සංගීතයෙන් ඉස්සරහට යන්න න…

ආදි පුංචි කාලේ ඉදන්ම සංගීතයට බොහෝ ආදරයක් දක්වනවා. සංගීතය තමයි එයාගේ තනිකම පළුව මැකුවේ. එයාට සතුටක් ගෙනත් දුන්නෙත් සංගීතය නිසාවෙන්ම සංගීතය එක්කම ආදි ජීවිතය ගත කරනවා. ඒත් ආදිට අම්මා ලඟ නැති නිසා ඇතිවුණ සාංකාව නම් අවුරුදු 20ක් ගත වෙලත් මගහැර ගන්න බැරිවුණා. ආදිගේ පෙම්වතිය, ආදිට සංගීතයෙන් ඉස්සරහට යන්න නොයෙකුත් ආකාරයෙන් සහය වුණත් ආදිට තිබුණ වේදිකා බය ආදිව තවත් අධෛර්යමත් කලා. රස්සාවක් නොකර සංගීතය පස්සෙ කිසිම තේරුමක් නැතිව යනවා කියලා එයාගේ තාත්තා නිතරම දොස් කියනවා. ආදිට චෛතූ/ කදිර්, සීනු/ පාණ්ඩි කියලා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. දන්න වයසෙ ඉඳන්ම මේ තුන්දෙනා එකටමයි ඉන්නෙ. සීනු/පාණ්ඩි දේපළ වෙළඳාම් තැරැව්කරුවෙක්. චෛතූ/ කදිර් නම් රස්සාවට වඩා කලේ මනමාලියෝ බලන එක. සීනු/ පාණ්ඩි ඉගෙන හරියට ගත්තෙ නැති නිසා සමාජයේ එයාට පිළිගැනීමක් නැහැ කියලා දන්න නිසාම එයාව සීනු මහත්තයා/ පාණ්ඩි මහත්තයා කියලා කියා ගන්නවා.
මේ කතාව වෙනම පැත්තකට හැරෙන්නෙත් සීනුට/ පාණ්ඩිට විද්‍යාඥයෙකුගෙන් ලැබෙන දුරකථන ඇමතුමකින්. විද්‍යාඥ පෝල්, සීනු/පාණ්ඩිගෙන් එයාට නවතින්න ගෙදරක් හොයලා දෙන්න කියලා ඉල්ලනවා. සීනු/ පාණ්ඩි පෝල් ඉල්ලුව විදිහටම ගෙයක් හොයලා දෙනවා. සීනු/ පාණ්ඩිට ඉංග්‍රීසි බැරි නිසා ගනුදෙනුව කතා කරගන්න ආදිවත්, චෛතූ/ කදිර්වත් එක්කගෙන යනවා. අහම්බෙන් පෝල්ගේ බඩුමුට්ටු අතරෙ ආදිට දිනයක් සලකුණු කරපු පෙට්ටි දකින්න ලැබෙනවා. ඒත් එක්කම ආදිගේ හැසිරීම වෙනස් වෙන්න ගනිද්දි පෝල් ඒ ගැන ආදිගෙන් අහනවා. අවුරුදු 20කට කලින් මේ දිනයේ සම්බන්ධයක් දෙදෙනාටම තිබුණා. ඒ ගැන බලෙන්ම ප්‍රශ්න කරපු පෝල්, ආදිට අතීතයට ගිහින් එයාගේ අම්මව බේරගන්න පුළුවන් අවස්ථාවක් දෙන්න පුළුවන් කියලා කියනවා. ඒ පෝල් නිර්මාණය කරපු කාල යන්ත්‍රයෙන්. පුදුමයට පත් වුන ආදි මේ යෝජනාවට එකහෙලාම කැමති නොවුණත් ඒ ගැන කිහිප වතාවක්ම කල්පනා කරලා කාල තරණය කරන්න එකඟ වෙනවා.
ආදි විතරක් නෙවෙයි සීනූ/ පාණ්ඩි, චෛතූ/ කදිර් දෙන්නත් මේ ගමනට එකතු වෙනවා. සීනු/ පාණ්ඩි ඉගෙන ගත්තෙ නැති නිසා වර්ථමානයේදී විවිධ අපහසුතාවයන් වලට මෙන්ම අපහාස වලට මුහුණ දෙන්න වුණා. චෛතූ/ කදිර් ගේ කතාව නම් වෙනස් එකක්. ඉස්කෝලේ යන කාලෙදි එයාගේ පස්සෙන් ගෑනු ළමයෙක් ඇවිත් තියෙනවා. ඒ දවස්වල ඒ තරම් හැඩයක් නැති උනත් දැන් කාලේ පොටෝ එකක් චෛතූ/ පාණ්ඩිට දකින්න ලැබෙනවා. එයාට කසාදයක් කරගන්න දවස ගානේ වගේ මනමාලියෝ බලලම එපා වෙලයි හිටියේ. ඒ කාලෙදි චෛතූ/ කදිර්ගෙ පස්සෙන් ආව කෙල්ල මේ තරම් ලස්සන වෙනවා කියලා දැනගෙන හිටියා නම් එයාටම ආදරේ කරනවා කියලයි එයා කියන්නෙ. කොහොම හරි මේ තුන්දෙනා කාල තරණය කරන්න ලැහැස්ති වෙනවා. දෙවියෙකුට පවා බැරි අවස්ථාවක් දෙන විද්‍යාඥ පෝල් මේ වෙනුවෙන් කළගුණ සැලකීමක් විදිහට උදව්වක් ඉල්ලනවා. ඒ වගේම එයාලව යවන්නෙ හරියටම 1998 මාර්තු 01දාට. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් මේ විදිහට ආදියි එයාගේ යාළුවෝ දෙන්නයි 1998ට කාල තරණය කරනවා.
1998 සුන්දර භෞතිකය ආයෙමත් විඳින්න ලැබීමෙන් එයාලට පුදුමාකාර සතුටු ඇති කරනවා. ආදි එයාගේ අම්මව හමුවෙලා, එයා එක්ක කාලය ගත කරන්න ක්‍රමයක් හොයාගන්නවා. අම්මා ලඟින් ඉන්නව නම් එයාට කිසි බයක් නැතිව ලෝකය ඉස්සරහා සින්දු කියන්න පුළුවන් කියලා ආදි විශ්වාස කලා. චෛතූ/ කදිර් එයාගේ පොඩිකාලේ චෛතූ/ කදිර්ව, සීතා/ සවීතා එක්ක ජෝඩු කරන්න සැලැස්මක් හදා ගන්නවා. එතකොට සීනු/ පාණ්ඩි එයාටම උගන්වන්න ඉස්කෝලෙ පියුන් රස්සාවට බැඳෙනවා. අවුරුදු 20ක් තිස්සෙ සාංකාවෙන් ඉන්න ආදිට මේ ලැබුණ අවස්ථාවෙන් අම්මව අනතුරෙන් බේරගන්න පුළුවන් වෙනවද? මෙයාලා කරන්න යන දේවල් ප්‍රශ්නයක් නැතිව කරගන්න පුළුවන්ද? පෝල් ආදිගෙන් ඉල්ලුව උදව්ව අමතක නොකර කරාවිද? “එකම එක ජීවිතයේ” “මොහොතක” ලැබෙන අවස්ථාවක් අපේ ජීවිතය වෙනස් කරනවා.
මේ තුන්දෙනා ඒ මොහොත හොයාගෙන යන චාරිකාව බලන්න. මුලින් වෙන සිද්දි එක්ක පස්සට තේරුමක් තියෙනවා. අනිවාර්යයෙන්ම වෙන්නෙ මොනවද කියලා නම් අනුමාන කරන්න බැහැ. චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ අම්මා-පුතා අතරේ බැඳීම ගැනයි. නිකන්ම නාට්‍යමය චිත්‍රපටියක් නොකර මායාවක් ගැබ් කරලා සමහර දර්ශන හැබෑවටම අපිව අඬවන්න පුළුවන් ආකාරයට නිර්මාණය කරලා තිබුණා. සමහර වෙලාවක එක වචනයකින් පවා හැඟීම හදවතටම දැනෙන්න සලස්වනවා. ඊටත් අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් තියෙන ආදරය මෙයින් අත් විඳින්න පුළුවන්. ඔයාලට අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්. “Key to Your Immortality.” ඔබේ අමරණීයත්වයට යතුර.
අතීතයට ගිහින් තමන්ගේ ආදරණීයන්ගේ මතක එක්ක ආයේමත් ජීවත් වෙන්න සුළු මොහොතක් හරි ලැබෙනව නම් වටිනවා නේද? සමහර වෙලාවට අපට අමතක වෙලාම ගිය අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගන්න මේක අවස්ථාවක්. මේ චිත්‍රපටය, චිත්‍රපටයකයට වඩා සංචාරයක් කියලා කිව්වොත් නිවරදියි. සමාන්‍ය කාල තරණ චිත්‍රපටයකින් ලැබෙන කතාවකට වඩා දෙයක් මෙමගින් ලබා දෙනවා. ඒ ආදරය, සුන්දර මතකයන් හරියට ඖෂධයක් වගේ. ළමා කාලයේ අපි දඟකාරකමට පොඩි පොඩි වැරදි කරනවා. ඒවා තේරුම් ගන්න, වැරදි හදාගන්න, රස තැන් විඳින්න මේක එක විදියක පුනුරුප්පත්තියක් තමයි.
මේ චිත්‍රපටය තෙලිඟු හා දෙමළ භාෂා වලින් සමගාමීව රූගත කරන ලද කාල තරණ චිත්‍රපටයක්. ශ්‍රී කාර්තික් නම් නවක අධ්‍යක්ෂක වරයාගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මේ Oke Oka Jeevitham නැත්නම් Kanam චිත්‍රපටයයි. අධ්‍යක්ෂකවරයෙකු වීමට පෙර කාර්තික් මීට Arrambam (2013), Yagavarayinum Naa Kaakka (2015) දෙමළ චිත්‍රපටවල සුළු චරිත වලට ඉදිරිපත් වෙලා තියෙනවා. කාර්තික් පවුලේ සැමට නැරඹිය හැකි නාට්‍යමය චිත්‍රපටයක් විදිහට තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. කාර්තික් මේ චිත්‍රපටය ඔහුගේ වියෝ වූ ආදරණීය මව වෙනුවෙන් පුද කර තිබෙනවා. ඉතින් තමන්ගේ පලමු චිත්‍රපටයෙන්ම බ්ලොක්බස්ටර් හිට් එකක් ගහන්න තරම් ශ්‍රී කාර්තික් වාසනාවන්ත වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Dream Warrior Pictures විසින්. මේ නිෂ්පදන ආයතනය ශිවකුමාර් පවුලේ සමීපතමයෙකගේ ආයනයක්. බොහෝ වෙලාවට නළු කාර්තිගේ චිත්‍රපටියක් එන්නෙ මේ නිෂ්පාදන ආයතනයෙන් තමයි.
වර්ථමානයේ තෙලිඟු සිනමාව පැත්ත බලද්දි කල්‍යාන් රාම්ගේ Bimbisara (2022), නිඛිල් සිද්ධාර්තනාගේ Karthikeya 2 (2022), දුල්කර්ගෙ Sita Ramam (2022), සිද්දු ජොනාලගඩ්ඩාගේ DJ Tillu (2022) ආකාරයට මේ නළුවන්ගේ චිත්‍රපට මේ වසරේදි සාර්ථකත්වයක් අත්කර ගන්නවා. ශර්වන්ද්ගෙ ගිය වසරේ නිකුත් වූ Maha Samudram (2021) වගේම මේ වසරේ නිකුත් වූ Aadavallu Meeku Johaarlu (2022) අසාර්ථක චිත්‍රපට අතරට එක්වුණා. ශර්වානන්ද්ගේ වෘත්තීය දිවියේ ඉහළම ආදායම් ලබපු චිත්‍රපට වෙන්නේ Santhamanam Bhavati (2017) හා Mahanubhavudu (2017) පමණයි. ඉන් පස්සෙ නම් ශර්වන්ද්ට සැලකිය යුතු තරමේ සාර්ථකත්වයක් අත්කර ගන්න බැරිවෙනවා. කොහොම වුණත් ශර්වානන්ද්ට කාලයකට පස්සෙ හිට් එකක් මේ චිත්‍රපටයෙන් හිමි වෙනවා. ලඟදි තිබුණ සාකච්ඡාවකදී ශර්වානන්ද් එයාට අතීත කාලයට යන්න අවස්ථාවක් ලැබුණොතින් Padi Padi Leche Manasu (2018) චිත්‍රපටයේ අවසන් ජවනිකාව වෙනස් කරනවා කියලයි කිව්වෙ.
අමලා අක්කේනි Mythili Ennai Kathali (1986) චිත්‍රපටයෙන් දමිළ සිනමාව ඔස්සේ රංගන දිවියට පිවිසෙනවා. එහි රඟපෑම වෙනුවෙන් ෆිල්ම්ෆෙයා සම්මානයක්ද හිමි කරගන්නවා. එම කාලයේ ඉල්ලුමක් තිබුණ නිළියක් විදිහට දෙමළ විතරක් නෙවෙයි, තෙලිඟු, හින්දි, කන්නඩ, මලයාලම් චිත්‍රපටවල පවා රංගනයෙන් දායක වෙනවා. කමල්හසන් වැඩි වියදමක් දරා නිපදවූ Sathyaa (1988) චිත්‍රපටයටද ඇයව එකතු කරගන්නවා. ඒ වගේම රජිණිකාන්ත්ගේ Velaikkaran (1987) හා Mappillai (1989) චිත්‍රපටවල රජිණි සමඟින් යුගලය ලෙස රඟපානවා. කොහොම හරි ඒ කාලයේ ඒ තරම් ඉල්ලුම තිබුණත් ඇය විවාහ වීමෙන් පස්සෙ චිත්‍රපටියක දකින්න පුළුවන් වුනේ කලාතුරකින්. මෑත කාලයේදි Manam (2014), Karwaan (2018) චිත්‍රපටිවල ඇයව දකින්න පුළුවන් වුණා. කොහොමින් හරි ඇයව ආයේ දෙමළ චිත්‍රපටයක දකින්න පුළුවන් වෙන්නෙ මේ චිත්‍රපටයෙන්.
ප්‍රියදර්ශි, වෙන්නෙලා ක්‍රිෂෝර්, සතීෂ්, රමේෂ් තිලක් යන අය ආදිගේ යහළුවන් දෙදෙනාගේ චරිත නිරූපණය කරනවා. යාළුවන් දෙදෙනාගේ චරිත නිරූපණය කරන මේ හතර දෙනාගේම චරිත ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තා වගේම එයාලට ප්‍රශංසා එක් කර තිබුණා. රිතූ වර්මා ආදිගේ පෙම්වතිය ලෙසත්, ජ්‍යෙෂ්ඨ නළු නාසර් විද්‍යාඥ පෝල් ලෙසත්, රවී රාගවේන්ද්‍රා ආදිගේ පියා ලෙසත් මෙහි රඟපානවා. අලී සහ එම්. එස්. බාස්කර්, වායාපුරි යන අය මෙහි චරිත සුළු නිරූපණය කරනවා. ඉතින් මේ අය චිත්‍රපටවල චරිත මවද්දි, මීට කලින් චිත්‍රපටයක දැකලා නැති බලාපොරොත්තු නොවෙන අවස්ථා කිහිපයක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම වෛෂ්ණවි(රිතූ) කුට්ලුව මුණගැහෙන අවස්ථාව.
මෙම චිත්‍රපටයට සංගීතය සපයන්නේ ජේක්ස් බෙජෝයි. මේ චිත්‍රපටවල “මාරිපෝයේ” සහ “මාරිපෝචේ” යන ගීත ගායනා කරන්නේ දමිළ නළු කාර්ති. මේ ගීත නිර්මාණයේදී Anjali (1990) චිත්‍රපටයේ “අන්ජලී” ගීතයත්, Taare Zameen Par (2007) චිත්‍රපටයේ “කෝ කෝලෝ” ආභාෂය අරගෙන තියෙනවා. කාර්තිව මේ ගීතය වෙනුවෙන් නිර්දේශ කරලා තියෙන්නෙ චිත්‍රපටයේ නිෂ්පාදක එස්. ආර්. ප්‍රභූ විසින්. ගීතය පටිගත කිරීමෙන් පස්සෙ කාර්තික්ට ආව නිර්මාශීලී අදහසක් අනුව නළු කාර්තිව යොදාගෙන මේ ගීතයට වෙනම වීඩියෝවක් පටිගත කරනවා.
අධ්‍යක්ෂක කාර්තික් දරුණු රජිණිකාන්ත් රසිකයෙක් විදිහට කනම් චිත්‍රපටය පුරාවටම රජිණිගේ References(සඳහන් කිරීම්.) යොදාගෙන තියෙනවා දකින්න පුළුවන්. තෙළිඟු චිත්‍රපටයේත් ඒ සමානව චිරන්ජීව යොදාගෙන තියෙනවා දකින්න පුළුවන්. ඒත් චිත්‍රපට දෙකම බලපු කෙනෙක්ට මේ සඳහන් කිරීම් වලදී දෙමළ චිත්‍රපටයෙන් වඩා වෙනසක් දකින්න පුළුවන්.
මේ චිත්‍රපටයට විචාරකයන්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගේ ධණාත්මක ප්‍රතිචාර ලැබී තිබුණා. මෙහි Imdb අගය කිරීම 8.5/10ක්. ඉ.රු. කෝටි 4-5 වැනි අඩු වියදමකින් නිෂ්පාදනය කරද්දි, බොක්ස් ඔෆිස් ආදායම ඉ. රු. කෝටි 24+ ට වැඩි අගයක් හිමිකර ගන්නවා. මේ අවුරුද්දෙ 13 වෙනි Clean Hit එක කියලයි කියන්නෙ. ඇමරිකාවේ තිරගත කිරීමෙන් ඇ.ඩො. ලක්ෂ 5කට වැඩි මුදලක් උපයා ගන්නවා. අධ්‍යක්ෂක ශ්‍රී කාර්තික්ට දවස් තුනක් ගිහිල්ලත් ටිකට් එකක් ලැබුණෙ නැහැ කියලයි කියන්නෙ.

තෙළිඟු චිත්‍රපටයට ලැබුණු විවිධ අගය කිරීම්
දෙමළ චිත්‍රපටියට ලැබුණු විවිධ අගය කිරීම්.
මේ වසරේ ශර්වන්ද්ගේ බ්ලොක්බස්ටර් හිට් චිත්‍රපටයේ සිංහල උපසිරැසිය තමයි මේ විදිහට අරගෙන ආවේ. තෙළිඟු, දෙමළ භාෂා දෙකටම ගැලපෙන උපසිරැසි වෙන වෙනම සකස් කරලා තියෙන්නෙ. මොකද විස්තරය කියෙව්වම තේරෙනවා ඇතිනේ චිත්‍රපටි දෙක දෙකක් කියලා. චිත්‍රපට දෙකේම දෙබස්වල සැලකිය යුතු වෙනස්කම් තියෙනවා. ඒ නිසා බලද්දි භාෂාවට ගැලපෙන උපසිරැසිය තෝරගන්න. ආයෙත් පුළුවන් ඉක්මනින්ම උපසිරැසියකින් හමුවෙන්නම්. පහළින් ඔයාලගෙ අදහස් එහෙම සඳහන් කරන්න. ඉතින් හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
“දමිළ පිටපත සහ තෙළිඟු පිටපත යන පිටපත් ද්විත්වයම සඳහා
උපසිරැසිය ලබා දීමට කටයුතු කර ඇත.”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Tamil සහ Telugu භාෂා ද්විත්වයේමHQ HDRip පිටපත සඳහා අදාළ වේ.
8,910 downloadsDownload Kanam-2022-Updated.zip165 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
48 comments
Samadhi
Anonymous
Ane mcho telugu ekta sub update krnnko
Eeye mn download kre telugu copya
Sub ekatath pattama thanks mchoමයුර
සබට තුති වේවා. මේ වීකෙන්ඩ් එකේ අනිවා බලමි.
Naveen Mbr
ගොඩාක් ස්තූතියි මයුර අයියේ! ;-)
Anonymous
ඉස්සර වගේ වෙනස් වෙනස් ඒවා ගේන්නකෝ සහෝ..පරණ මයුර අපිට දෙන්නකෝ සහෝ
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Naveen
උපසිරසියට තුති
Samith
Thanks brother
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
saman
thanks bro........
gods blaze .....
Telugu version aub please ........Anonymous
අඩේහ් තෑම්ක්ස් බොම්ක❤️
lakmal
malli ube sub ekak nam
post eka kiyawala
aniwa download karala blanwa
well done bro.Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
oshanda
mechchara loku wistharayak thiyenakotama mama hithuwa oyaa thamai karanna eththe kiyala malli... patta .. ikmanatama deelaa.... thanks
Naveen Mbr
;-) ගොඩක් ස්තූතියි ඔෂධ අයියේ.
Nuwan Asela
Bimbisara ekata sub eka oya gahanawa da
Naveen Mbr
නැහැ.
Anonymous
Patta
bunny
Thanks buddy
Anonymous
thanks for the sub
Neo
Thanks brother
Keep it upRedrux
Thnkz bro
dulan
ස්තුතියි !
Naveen Mbr
තෙළිඟු චිත්‍රපටය සඳහාද උපසිරැසි ලබා දී ඇත.
Anonymous
Thanks mcho
Denkn hityeAnonymous
Pata bro
නල්ලා
බොහොම ස්තුතියි ගුනාත්මක සබ් දෙනවට සහෝ
අර ගුනෙරු එකේ දෙකයි පනහෙ සබ් වගේ නැතුවRavindu_Heshan
බොහොම ස්තූති මල්ලි සබ් එකට
Naveen Mbr
ස්තූතියි අයියේ!
Anonymous
Bimbisara telugu film ektath sub dennko
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥saman
thanks telugu update..
keep up ..Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thusitha
බොහෝම ස්තුති සහෝදරයා .....
Sheron
Great movie..superb subtitles..keep going..
Naveen Mbr
අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි!
Anonymous
මරු ෆිලුම
හැමෝම බලන්න
සබට තැන්ක්ස් බ්‍රදර්Anonymous
Thank you
indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan
බොහෝම ස්තුති උපසිරසියට
Anonymous
බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකේ මේ ෆිල්ම් එකේ නම ගැහුවට එන්නෙ නැනේ යකෝ,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith samarawickrama
Thanks bro sub ekata
Advertisement
Thank you