Hameshaa (1997) Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි මං මේ වතාවේ පැරණි හින්දි සිනමාපටයකට සිංහල උපසිරැසි ගැන්වුවා. රන්බීර් පුෂ්ප් විසින් රචනා කළ පිටපතකට අනුව සංජය ගුප්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ Hameshaa චිත්‍රපටය IMDb දර්ශකයේ 5.1/10ක අගයක් ගන්න සමත් වුණා. 1997 සැප්තැම්බර් 12 වැනිදා මුල්වරට තිරගත…
Hameshaa (1997) Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි මං මේ වතාවේ පැරණි හින්දි සිනමාපටයකට සිංහල උපසිරැසි ගැන්වුවා. රන්බීර් පුෂ්ප් විසින් රචනා කළ පිටපතකට අනුව සංජය ගුප්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ Hameshaa චිත්‍රපටය IMDb දර්ශකයේ 5.1/10ක අගයක් ගන්න සමත් වුණා. 1997 සැප්තැම්බර් 12 වැනිදා මුල්වරට තිරගත කෙරුණු මේ චිත්‍රපටය මිනිත්තු 138ක ධාවන කාලයකින් යුක්තයි. 90 ගණන්වල ළමයින්ට නම් සයිෆ් අලී ඛාන් සහ කාජල් මුකර්ජි ප්‍රධාන චරිත වලින් දායක වෙන ආත්ම දෙකක් පුරා දිව යන ආදර කතාව, Hameshaa (1997) චිත්‍රපටය මතක ඇතැයි හිතනවා. ඉතාම මියුරු ගීත හතකින් සමන්විත වෙන මේ සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ අනූ මලික් සහ සලීම් – සුලෙයිමාන් සහෝදරයන් විසිනුයි. පසුගිය මාර්තු දසවැනි දිනට යෙදුණු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ 16 වැනි සංවත්සරය වෙනුවෙන් පැරණි බොලිවුඩ් සිනමා නිර්මාණයක් ලෙසින් මේකට සිංහල උපසිරැසි ගන්වන්න මට භාර දුන්නේ රවිඳු හේෂාන් සහෝදරයා විසින් පහුගිය 08 වැනිදායි. එහෙත් Manvat Murders කතා මාලාව අවසන් කිරීමට කාලය ගතවුණු නිසා මට මේක නියමිත වෙලාවටම එවන්න නොහැකි වුණා. ඒත් අද ඔබට මේක සිංහල උපසිරැසි එක්ක බලන්න පුළුවන් වෙයි. මෙහි අඩංගු මියුරු ගීත වලටත් සිංහල උපසිරැසි යොදලා තියෙනවා.
| Hamesha (1997) – Soundtrack | |||
| No | Title | Singer(s) | Lyricist |
| 1 | “Hameshaa Hameshaa” | Kumar Sanu, Sadhana Sargam | Rahat Indori |
| 2 | “Neela Dupatta” | Abhijeet, Sadhana Sargam | Dev Kohli |
| 3 | “Ae Dil Hamen Itna Bata” | Udit Narayan, Sadhana Sargam | Rahat Indori |
| 4 | “Aisa Milan Kal Ho Naa Ho” | Kumar Sanu, Alka Yagnik | Dev Kohli |
| 5 | “Dil Tujhpe Fida” | Kumar Sanu, Alka Yagnik | Dev Kohli |
| 6 | “Marke Bhi Laut Aayenge” | Abhijeet | Dev Kohli |
| 7 | “Rangtadi Rangtadi” | Alka Yagnik, Ila Arun | Maya Govind |
| 8 | “Beyond Eternity” (Theme From Hameshaa) | Instrumental | |
Hamesha (1997) චිත්‍රපටයේ 23 වැනි සංවත්සරය සමරමින් කාජල් විසින් පළ කළ ඡායාරූපය (වමේ) එහි පෝස්ටර කිහිපයක් (දකුණේ)
මේ චිත්‍රපයේ කතාවේ මොකක්ද තියෙන්නේ?රාජා (සයිෆ් අලී ඛාන්) සහ යශ් වර්ධන් (ආදිත්‍ය පංචෝලි) ළමා කාලයේ මිතුරන්. ඔවුන් වෙනස් පසුබිම්වලින් පැමිණියත්, රාජා මධ්‍යම පාන්තිකයෙකු වන අතර යෂ් ධනවත් වුවද, ඔවුන් එකිනෙකා සහෝදරයන් ලෙස සලකනවා. ඔවුන් දෙන්නා ඔට්ටුවක් අල්ලලා මෝටර් රථ ධාවන තරඟයකට සම්බන්ධ වෙනවා. එහිදී යශ් තම මිතුරාගේ ජීවිතය අවදානමේ හෙළමින් ඔට්ටුව දිනන්න උත්සාහ කරනවා. මේ අතර හදිසියේම වෛද්‍යවරයෙකුගේ දියණියක සහ දක්ෂ ශිෂ්‍යාවක් වන රාණි ෂර්මා (කාජල් මුකර්ජි), ඔවුන් දෙදෙනාම යන විද්‍යාලයට ඇතුළත් වෙනවා. රාජා තම විද්‍යාලයේදී රාණි හමුවෙනවා. පළමු බැල්මෙන්ම ක්ෂණිකව ඇය කෙරෙහි ආදරයක් ඔහු තුල හටගන්නවා. රාණි මුලින් මෙයට අකමැති වුණත් නමුත් රාජාගේ ආකර්ශනීය බව ක්‍රමයෙන් ඇය කෙරෙහි බලපානවා. රාජා ඇයට තම ආදරය ප්‍රකාශ කිරීමට ඇයව සන්සෙට් පොයින්ට් නම් සුන්දර දර්ශනයක් සහිත බිහිසුණු ප්‍රපාතයක් ලඟට එන්න කියනවා. එය වැසි සහිත දිනයක් වන නිසා රාණි කුණාටුවකට හසුවෙනවා. යශ් අහම්බයෙන් සිය මෝටර් රථයෙන් එතැනින් මාර්ගයේ යද්දී රාණි ඔහුගෙන් ඉල්ලනවා තමන්ව සන්සෙට් පොයින්ට් වෙත ඇරලවන ලෙස. ඇයගේ සුන්දරත්වය දකින යශ් ඇය කෙරෙහි ආදරයෙන් බැඳෙනවා. යෂ්ගේ ලේන්සුවෙන් සිය ශරීරයේ තෙත පිසදමන රාණි ඒ ලේන්සුව නැවත ඔහු වෙත ලබාදෙනවා. එය ඔහුට ආදරයේ සිහිවටනයක් වෙනවා. කෙසේ හෝ ඔහු ඇයව සන්සෙට් පොයින්ට් වෙත ඇරලවනවා. ඔහු ඇයට එහි කතා කළේ මන්දැයි සොයා ගැනීමට ඇය රාජා හමුවීමට දිව යනවා. රාජා ඇයට තම ආදරය ප්‍රකාශ කරනවා, එහෙත් ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනවා. රාජාට නොසලකා හරින ලද බවක් දැනෙන අතර ඇය කෙරෙහි ඇති ඔහුගේ ආදරය ඔප්පු කිරීම සඳහා, ඇයගේ ප්‍රතිචාරය බැලීමට පර්වතයේ අද්දර සිට පසුපසට යාමට උත්සාහ කරමින් ඔහු සියදිවි නසා ගැනීමට උත්සාහ කරනවා. රාණි ඔහු වෙනුවෙන් ඉතා පහසුවෙන් තම ජීවිතය දීමට ඇති කැමැත්ත දකින අතර ඔහුගේ ආදරය සැබවින්ම සැබෑ විය යුතු බව වටහා ගන්නවා. අවසාන මොහොතේ රාජා පර්වතයෙන් වැටීම වළක්වා ගැනීමෙන් පසු, ඔවුන් එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් ප්‍රකාශ කරනවා.
මේ අතර යශ් විවිධ හේතු යොදාගනිමින් රාණි හමුවීමට නිවසට යන අතර සිය මිත්තණියගේද ආධාරයෙන් රාණිව විවාහ කරගන්නට සැලසුම් කරනවා. යශ්ගේ ආදරවන්තියත් රාජාගේ ආදරවන්තියත් එකිනෙකා හඳුන්වා දීමට යශ් සහ රාජා තීරණය කරමින් ඔවුන් දෙදෙනා සිය පෙම්වතියන් ද සමඟ සන්සෙට් පොයින්ට් වෙත පැමිණීමට එකඟ වෙනවා. රාජා රාණි සමඟ පැමිණෙන අතර එතැනට පැමිණෙන යශ් ඔවුන් එකට සිටිනු දැක කම්පනයට පත් වෙනවා. පසුව රාජා යශ් හමුවීමට ප්‍රපාතය අද්දරට යනවා. එහෙත් යශ්ගේ පෙම්වතිය තමන් ආදරය කරන පෙම්වතියම බව රාජා දන්නේ නැහැ; යශ් තමන්ට ආදරය කරන බව රාණි දන්නෙත් නැහැ. එතැනදී ඇතිවන සංවාදයෙන් පසුව රාජා පර්වතය අද්දරදී සිය මිත්‍රයා කෙරෙහි ඇති විශ්වාසය පෙන්වීමට යෂ්ගේ අත අල්ලාගෙන ප්‍රපාතයට නැඹුරු වෙනවා. මෙය අවස්ථාවක් කරගන්නා යශ් සිය පෙම්වතිය රාජා ආදරය කරන රාණිම බව පවසමින් රාජාගේ අත අතහැර ඔහුව ප්‍රපාතයට වැටෙන්න සලස්වනවා. මෙය දකින රාණි එතැනට දුව එන විටත් සියල්ල සිදුවී අවසානයි. මේ වෙලාවේ රාණි මොකක්ද කරන්නේ? යශ්ට කෝපයෙන් බැණවදිමින් සත්‍ය ආදරය වෙනුවෙන් තමන් දෙදෙනා යළි ඉපදෙන බව පවසමින් ප්‍රපාතයට පැන දිවිනසා ගන්නවා. යශ්ට ඇයව නතර කරගන්නට නොහැකි වෙනවා. සිනමාපටයේ ඉතුරු කොටසේ තියෙන්නේ ඔවුන් දෙදෙනාගේ ඊළඟ ආත්මයේ කතාව. වසර ගණනාවකට පසුව, රේෂ්මා නමින් යළි උපදින රාණි නළඟනක් ලෙස රැකියාවේ යෙදෙන අතර අහම්බෙන් සඟරාවක පළ වුණු ඇයගේ රුව, මැදිවියේ සිටින යශ්ගේ නෙත ගැටෙනවා. ඔහු ඇය වෙත ලඟා වීමට උත්සහ කරනවා. ඔහුගේ උත්සාහය සාර්ථක වෙයිද? රේෂ්මා යශ්ට කැමති වෙයිද? මේ අතර රාජා දැන් ඉපදී සිටින්නේ කොහෙද? රාජාගේ නැවත ඉපදීමට රේෂ්මා සමඟින් එකතු වන්නට හැකි වෙයිද? මේ දේවල් සිනමාපටය බලලම දැනගන්න.
මං මේ උපසිරැසි ගැන්වූ චිත්‍රපටයට ගැළපෙන පිටපතක් ඔබට බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබාගන්නට හැකිවෙයි.
මේක මගේ එකසිය හතළිස් හතර වැනි සිංහල උපසිරැසියයි.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි! Hameshaa (1997) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
547 downloadsDownload Hameshaa-1997.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Agni (2024) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
4 comments
Anonymous
Shiranga Roshan
සුපිරිම සුපිරි මේ වගේ අනූව දශකයේ ෆිල්ම් ටිකක් දාන්න
Pradeep
බයිස්කොප් ඩවුන්ලොඩ් සයිට් එකේ Hamesha ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරන්න නෑ
Navodh
අඩෝ අඩෝ පුංචි කාලේ බලලා ලාවට මතක ෆිල්ම් එකක්. එකපාර මතක් වෙලා හෙව්වා දවසක්. මේකට සබ් දීපු එක නම් වටිනවා. ආයේ බලනවා දැන්. තෑන්ක්ස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub ekata godak isthuthi...video fil eka thama anith sait eke dala nane