Mufasa: The Lion King (2024) Sinhala Subtitles ලයන් කිං කියන්නේ අපි කවුරුත් පුංචි කාලෙ බලපු ආසම චිත්‍රපටයක්. අපිට මේකෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් The Lion King (2019) නමින් ජෝන් ෆැව්රුගෙ අධ්‍යයක්ෂණය යටතෙ බලන්න ලැබුණා. මේක ඒ චිත්‍රපටය සීක්වල් එකක් විදිහට තමා එන්නෙ. ප්‍රීක්වල් එකක් කියන්නත් බැරි නෑ. P…

ලයන් කිං කියන්නේ අපි කවුරුත් පුංචි කාලෙ බලපු ආසම චිත්‍රපටයක්. අපිට මේකෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් The Lion King (2019) නමින් ජෝන් ෆැව්රුගෙ අධ්‍යයක්ෂණය යටතෙ බලන්න ලැබුණා. මේක ඒ චිත්‍රපටය සීක්වල් එකක් විදිහට තමා එන්නෙ. ප්‍රීක්වල් එකක් කියන්නත් බැරි නෑ. Photorealistically animated තාක්ෂණය පාවිච්චි කරලා හදපු මේ ෆිල්ම් එක අධ්‍යයක්ෂණය කරන වැඩේ භාර වුණේ Barry Jenkins අතට. ඉතින් මේ ෆිල්ම් එකේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඔයාලම බලල තීරණය කරන්න.
මේ වෙද්දි 6.6/10ක IMDb මනාපයක් 46000කගෙන් අරගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි, මේක සම්මාන 15 සඳහා නිර්දේශ ලබලා තියෙනවා. Kelvin Harrison, Jr. Kelvin Harrison Jr., Tiffany Boone සහ Kagiso Lediga විසින් ප්‍රධාන ලෙස හඬ නළු දායකත්වය සපයල තියෙනව. මේ වෙනකොට අපි සිංහල උපසිරැසි දීල තියෙන ලයන් කිං ෆිල්ම් සෙට් එකම මෙතන අපේ කලෙක්ෂන් පේජ් එකට ගියානම් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.
කතාව ගැන ගත්තොත් 2019 ෆිල්ම් එක ඉවර වෙලා වැඩි කාලයක් නොගිහින් මේකෙ කතාව ආරම්බ වෙනව කියලා හිතන්න පුලුවන්. සිම්බාටයි, නාලාටයි තවත් පැටියෙක් ලැබෙන්න ඉන්න නිසා, එයාලගේ දුව කියාරාව පුම්බා සහ ටීමෝන්ට බාර දීල ඒ දෙන්නා යනවා. මේ අතරේ මෙතනට එන රෆීකි, කියාරාට එයාගේ සීයතාත්තා නොහොත් මුෆාසාගේ කතාව කියනවා. මේ කතාව තමයි අපිට ෆිල්ම් එකේ දකින්න ලැබෙන්නෙ. මුෆාසාගෙ දෙමාපියො ගැන, එයාගෙ පසුබිම ගැන, එයාට මුහුණ දෙන්න සිදු වෙන දේවල් වගේම ස්කා කියන්නේ කවුද, එයා මුලදි මොන වගේ කෙනෙක්ද කියන දේවලුත් තව ගොඩක් කාරණාත් අපිට මේ කතාවෙන් දැනගන්න පුලුවන්.
හැමෝටම පවුලක් විදිහට මේ ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා!
තවත් උපසිරසකින් හමුවෙමු…
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip PSA පිටපත් සඳහා ආදාළ වේ.
6,719 downloadsDownload Mufasa-The-Lion-King-2024.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mufasa: The Lion King (2024) Sinhala Subtitles
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
- #2024
- #Editor's Pick
- #MaxxA
- #Mufasa
- #Mufasa: The Lion King
- #Mufasa: The Lion King (2024)
- #Mufasa: The Lion King (2024) Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #The Lion King
- #You Decide
- #උපසිරැසි
- #එල්. සී. දමැල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika laKMal
Risika Samaranayake
Thanks sub ekta.Dune prophecy tv series ekatath sub one.
kushan
thanks dr
Sahan Gayantha
thanks a lot brother sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑනක්ස් මචං උපසිරැසියට