Ponman (2025) Sinhala Subtitles ආයුබෝවන්. මෙන්න නවතම OTT නිකුත් උන මලයාලි dark comedy ඝනයට වැටෙන අළුත්ම චිත්‍රපටය. මේක කේරළය තුල සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබූ චිත්‍රපටයක් ලෙස හඳුන් වන්න පුළුවන්. බැසිල් ජෝශප් කියන්නෙ මලයාලි සිනමාව තුල ඉන්න අමුතුම ආකාරයේ ප්‍රභසන නළුවෙක්. ඔහුටම ආවේණික ශෛලියක…

Ponman (2025) Sinhala Subtitles

ආයුබෝවන්. මෙන්න නවතම OTT  නිකුත් උන මලයාලි dark comedy ඝනයට වැටෙන අළුත්ම චිත්‍රපටය. මේක කේරළය තුල සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබූ චිත්‍රපටයක් ලෙස හඳුන් වන්න පුළුවන්. බැසිල් ජෝශප් කියන්නෙ මලයාලි සිනමාව තුල ඉන්න අමුතුම ආකාරයේ ප්‍රභසන නළුවෙක්. ඔහුටම ආවේණික ශෛලියකින් ඇඟට නොදැනී කරන චරිත ප්‍රේක්ෂකයින් විසින් කවදත් ආදරෙන් වැළඳ ගන්නවා. ඔහුගේ බොහොමයක් චරිත එකම විදිහක උනාට ඒවාගේ ඒකාකාරී භාවයක් නම් දකින්න නෑ. ඉතිං මේකත් එහෙමම තමයි.

තරුණියකට රත්තරන් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? මේක අහන්න ඕනෙ බැසිල් ගෙන් තමයි. ඒත් රත්තරන් නැතුව මේ චිත්‍රපටයේ ඔහුට නම් ජීවිතයක් නෑ. මේකෙදිත් ඔහු සුපුරුදු විදිහටම අමාරුවේ වැටිලා ගොඩ එන්න කරන උත්සාහයේදී තව තව අමාරුවේ වැටීමක් තමයි පෙන්වන්නෙ. අන්තිමට මොකද වෙන්නෙ බලන්න.

බැසිල් සමග, සජින් ගෝපු, ලිජමොල් ජෝස්, ආනන්ද් මන්මධන්, දීපක් පරම්බිල් මෙහි ප්‍රධාන චරිත රඟපානවා. කුම්බලාංගි නයිට්ස්, ඇන්ඩ්‍රොයිඩ් කුංජප්පන්, මලයන් කුංජු වැනි චිත්‍රපට රැසක කලා අධ්‍යක්ෂක හා නිශ්පාදන අධ්‍යක්ෂක ලෙස කටයුතු කල ජෝතිශ් ශංකර් ගේ ප්‍රථම අධ්‍යක්ෂනයයි.

200 වන උපසිරැසිය. 100 වන මලයාලම් උපසිරැසිය

ඉතිං මේ උපසිරැසියත් සමගම මගේ උපසිරැසි කරණයේ 200 වන කඩ ඉම පසු කරන්න අද හැකි උනා. ඒ වගේම මලයාලි උපසිරැසියකින් පටන් ගත් මගේ ගමනේ මේ කඩ ඉම 100 වන මලයාලි උපසිරැසියයි. 2023 සැප්තැම්බරයේදී ආරම්භ කල  මගේ උප සිරැසි කරණය උප සිරැසි තුන හතරකින් අවසන් කිරීමට සිතුවත් මේ දක්වා දිගටම කර ගෙන එන්න ලැබීම මටම පුදුමයක්. ඇත්තෙන්ම ඒකට හේතුව උපසිරැසි කරණයෙන් මා ලබන තෘප්තියයි. හුදෙක් විනෝදාංශයක් ලෙස මිසක් මේකෙන් කිසිම වෙනත් වරප්‍රසාදයක් මට හෝ වෙනත් උප සිරැසි කරුවෙකුට ලැබෙන්නෙ නෑ. ඉතින් ඒවා රසිකයින්ගේ පරිහරණය වගේම ඒවායින් ලබන ප්‍රතිචාර ගැන නම් පුදුම සතුටක් තමයි තිබෙන්නේ. මේ ගමන් එද්දී මුල සිටම මා දිරි ගැන් වූ මගේ ප්‍රථම සගයා වන අශාන් විමුක්ති සහොයුරාටත් රවිඳු හේෂාන් සොහොයුරාටත් ඔවුන් දෙදෙනාටත් ගුරු හරු කම් වලට ස්තූතියි, ඒ වගේම විවිධ අවස්ථා වලදී මා සමග සම්බන්ධ වූ අනෙකුත් බයිස්කෝප් සොයුරන් රැසක් ඉන්නවා ඔවුන්ටත් සොළොස් විය සමරනු ලැබූ සමස්ථ බයිස්කෝප් පවුලටමත් රසිකයින් සියළු දෙනාටමත් ස්තූතියි.

එහෙනම් තව උපසිරැසි රැසක් දැනටමත් ලෑස්තියි. ඉක්මණින් ඒ ටික නිකුත් වෙයි. ඒ සමග සමග හමු වෙමු

Ponman (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,201 downloadsDownload Ponman-2025.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ponman (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

4,201 downloadsDownload Subtitles57 KB

13 comments

  1. Buddhika laKMal

    200වෙනි උපසිරැසියට සුබ පැතුම් බන්දුල සහෝ....
    ඔයා සබ් දීල තියෙන ඔක්කොම වගේ මූවීස් ටිකයි සීරිස් ටිකයි මං බලල තියේ.......
    ඉතිං ඔයාල වගේ අය කිසිම ලාබප්‍රෙයා්ජනයක් නැතිව විදේශිය භාශා සීරිස්වලට මූවිස්වලට සිංහල උපසිරැසි දෙන හින්ද තමයි අපි මේවා බලන්නේ..........
    බොහෝම ස්තූතියි ඒ කැපකිරීමට....
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූථියි සහෝ.........
    ජයවේවා....
    ඔයාගේ සියලුම වැඩකටයුතු සාර්තක වේවා...........!!!!

  2. Kavi

    සුභපැතුම් සහෝ 200 කඩයිමට
    ඉක්මනටම ගෙනාවට බොහොම ස්තූතියි
    ජය වේවා!

  3. රංගික සිනෙත් කාරියවසම්

    වැඩිම මලයාලම් ෆිල්ම් ප්‍රමාණයක් සිංහල සබ් කරලා අපව මායම් කරපු බෝම ස්තුතියි ලොකු සහෝ. කරපු හැම සබ් එකක්ම මලයාලම් පිස්සන්ගේ හදවතටම දැනුනා.ජය වේවා බන්දුල අයියේ.දිගටම මලයාලම් දෙන්න. ඔබගේ සියළු පැතුමන් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.ජය

  4. Deex

    Congratulations! [Bandula K]

  5. Deegayu

    Congratulations! [Bandula K]

  6. Isuru Chamara

    thanks

  7. nisa

    sub akta thankz kollo...and gd luck

  8. Hemantha De Silva

    ගොඩක් ස්තුතියි බන්දුල... සිනමා රසිකයින් වෙනුවෙන් කරන සේවයට
    ජය වේවා....

  9. Chaminda Priyanga

    ❣️❣️❣️❣️200ට සුභපැතුම්......2000කටම යන්න ලැබේවා....

  10. Kesara Withanage

    සිංහල උපසිරසියට ස්තුතියි!
    150වන කඩ ඉමට ජයවේවා සහෝදරයා!

  11. එල්. සී. ‎දමැල්

    200වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් බන්දුල සහෝ! :) බලන්නකෝ ඉතින් උපසිරැසි තුන හතරක් කරලා නැවැත්තුවානම් කොයි තරම් අඩුවක්ද! අද වෙද්දි කීදෙනෙක් මේ සබ් 200න් ප්‍රයෝජන ගන්න ඇද්ද? සබ් කරන අයට දැනෙන ඒ සතුට විස්තර කරන්න වචන නෑ. දැන් නම් සයිට් එකේ වේගයෙන්ම ළඟ ළඟ සබ් කරන කෙනෙක් ඔබතුමා.
    250ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  12. wije

    congrats brother ,wish u to keep ur good things up

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.