Watch Trailer

Hannibal Rising (2007) Sinhala Subtitles | හැනිබල්ගේ ආරම්භය [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම..අද මං උපසිරැසි ගෙන්නෙ ගොඩක් ජනප්‍රිය ෆ්‍රැන්චයිස් එකක චිත්‍රපටයකටයි.හැනිබල් ලෙක්ටර් නම නොදන්න බයිස්කෝප් රසිකයො ඇත්තෙ නැති තරම්.තමන්ගෙ ගොදුරු වල මාංශ කොටස් ආහාරයට ගන්න මනෝ වෛද්‍යවරයෙක් විදිහටනෙ කවුරුත් හැනිබල් ලෙක්ටර් ගැන දන්නෙ.ඔහු මේ ඝාතණයන්ට පෙලඹුනේ කොහොමද කියන එක මේ චිත්‍රප…

සුබ දවසක් සියළුදෙනාටම..අද මං උපසිරැසි ගෙන්නෙ ගොඩක් ජනප්‍රිය ෆ්‍රැන්චයිස් එකක චිත්‍රපටයකටයි.හැනිබල් ලෙක්ටර් නම නොදන්න බයිස්කෝප් රසිකයො ඇත්තෙ නැති තරම්.තමන්ගෙ ගොදුරු වල මාංශ කොටස් ආහාරයට ගන්න මනෝ වෛද්‍යවරයෙක් විදිහටනෙ කවුරුත් හැනිබල් ලෙක්ටර් ගැන දන්නෙ.ඔහු මේ ඝාතණයන්ට පෙලඹුනේ කොහොමද කියන එක මේ චිත්‍රපටයෙන් පැහැදිලි වෙනවා.Peter Webber විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය IMDb මීටරයේ 6.2 ක අගයක් ලබාගෙන තියෙනවා.රංගනයෙන් Gaspard Ulliel, Aaran Thomas, Gong Li, Dominic West වැනි ජනප්‍රිය නළු නිලියන් මෙයට දායක වී තිබෙනවා.

ලිතුවේනියාවේ ධනවත් පවුලක ඉන්න පුංචි හැනිබල් දෙවන ලෝක යුධ සමයෙදි ජීවිතය බේරගන්න තමන්ගේ නංගි සහ දෙමව්පියන් සමඟ පලායනවා.ජර්මානු ගුවන් යානයක් කඩාවැටිලා හැනිබල්ගේ දෙමව්පියන් මිය යනවා.සීත කාලෙ රුසියානුවන්ගේ ප්‍රහාර හමුවේ පලා යන ජර්මන් හමුදාවෙ සේවය කරන කොල්ලකරුවො කණ්ඩායමක් හැනිබල් ඉන්න ගෙදරට කඩා වදිනවා.සීත කාලෙ කෑමට ගන්න දෙයක් නැති නිසා මේ කණ්ඩායම හැනිබල්ගේ නංගිව මරලා කෑමට ගන්නවා.පසුව රුසියානු හමුදා විසින් බේරගන්න හැනිබල් සෝවියට් සංගමයේ අනාථ නිවාසයක හැදී වැඩෙනවා.එතනින් පලායන හැනිබල් තමන්ගෙ මාමාව හොයාගෙන ප්‍රංශයට යනවා.

වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන හැනිබල් දෙවෙනි ලෝක යුධ සමයේ යුධ අපරාධකරුවෙක්ට මරණ දඬුවම දෙනවා දකිනවා.තමන්ගෙ නංගිව මරපු මිනිස්සුන්ගෙන් පලිගන්න හැනිබල් තීරණය කරනවා.ආපහු ලිතුවේනියාවට යන හැනිබල්ට තමන්ගෙ නංගිව මරපු කණ්ඩායමේ එක් අයෙක්ව සහ ඔවුන්ගේ කණ්ඩායමේ ඩෝග් ටැග් හමුවෙනවා.කණ්ඩායමේ අනිත් අය ගැන ප්‍රශ්ණ කරන හැනිබල් ඔහුව මරලා ඔහුගෙ කම්මුල් සහ හතු එකතු කරලා හෙෂ් කෙබාබ් හදලා කනවා.

මේ මරණය නිසා පොලීසිය සහ ගෘටස්ගෙ කණ්ඩායම හැනිබල්ගෙ පස්සෙන් එනවා.හැනිබල් තමන්ගෙ නංගි වෙනුවෙන් පලිගැනීම සම්පූර්ණ කරගන්නෙ කොහොමද කියලා නරඹලාම දැනගන්න.හැකි ඉක්මනින් Hannibal [2001] චිත්‍රපටයට උපසිරැසිය ගෙන එන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,558 downloadsDownload Hannibal-Rising-2007.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

3,558 downloadsDownload Subtitles31 KB

34 comments

  1. Daneesha

    සුපිරි...තෑන්ක්ස්... කාලෙක ඉදන් දානකන් බලන් හිටිපු සබ් එකක්...හැනිබල් ඉතුරු සෙට් එකටත් සබ් දාන්න....

  2. Nishan S. Ariyarathna

    Thanks

  3. Lahiru

    thanks..

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ පුළුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්න ;)
    K-PAX (2001)
    Primal Fear (1996)
    Cube Zero (2004)
    Cube²: Hypercube (2002)
    White Noise (2005)

  5. ශාමල් මනෝජන්

    ස්තූතියි සහෝ. ගොඩක්ම ස්තූතියි. සෑහෙන කාලයක් බලාගෙන හිටියා දෙනකම්.

    Hannibal 2001 ෆිල්ම් එකයි මේ සීරියස් එකේ මුල්ම ෆිල්ම් එක Manhunter 1986 ෆිල්ම් එකයි දෙකම දෙන්නකෝ. සීරියස් එක complete කරන්නකෝ. Please

    1. Anonymous

      උබ කැමති ඒවා විතරද දැන් සයිට් එකේ දෙන්න ඕන .. කොහෙබැලුවත් පරන ජරාවල් ..ඒ මදිවට තව ඉල්ලනෝ

    2. ශාමල් මනෝජන්

      මේවා විශිෂ්ට ෆිල්ම්. පරණ ජරාවල් නෙමේ. බයිස්කෝප් කියන්නේ හැම පරණ ෆිල්ම් එකකම සබ් තියෙන්න ඕන ලංකාවේ අංක එකේ සිංහල උපසිරැසි දෙන වෙබ් අඩවිය. ඔස්කා ෆිල්ම්, IMDB Top 250, AFI හොඳම ඇමෙරිකානු චිත්‍රපට 100 වගේ ලෝක සිනමා විචාරකයො අගය කරපු ශ්‍රේෂ්ඨ ෆිල්ම් ගැන නොදන්න උඹ වගේ ගොන් පොල් බූරූවන්ට මේ ෆිල්ම් වැඩක් නෑ. බලපිය ඔස්කා සිනමා උළෙලක් චිත්‍රපට කියන්නේ මොනවද කියලා තේරෙයි එතකොට. බැරිනම් පල google translate දෙන වෙබ් අඩවි වලට.

    3. Anonymous

      ඒක තමයි බුරුවෝ අපිත් කියන්නේ,imdb top/AFI top ඇතුලේ තියන ඒවට සබ් දෙන්න කියලා පරන ඒවා දෙද්දි..
      Tom hanks,al pacino වගේ නලුවන්ගේ කොච්චර පරන සබ් නොදීපුව තියෙනවද??
      උබ ඉල්ලන ගොඩක් ඒවා ඔය top ලිස්ට් එකකවත් තියෙනවද???
      ................
      උබ තමයි ගොබ්බ සයිට් වලට ගිහිල්ලා කමෙන්ට් පවා දාන්නේ,අපි නෙවෙයි

    4. ශාමල් මනෝජන්

      මට නම් AFI 100 ට සබ් ඕනේ. IMDB Top 250 ට සබ් ඕනේ. පරණ ඔස්කා ෆිල්ම් වලට සබ් ඕනේ. 90 දශකයේ 80 දශකයේ හොඳම Horror movies වලට සබ් ඕනේ. චක් නොරිස්, ජැකී චෑන්, වෑන් ඩෑම්, ආර්නොල්ඩ්, ජෙට් ලී, සිල්වෙස්ටර් ස්ටැලෝන් වගේ අයගේ ෆිල්ම් ඔක්කෝටම බයිස්කෝප් එකේ සබ් තියෙන්න ඕනේ. 90 දශකයේ හින්දි ෆිල්ම් ඕනේ. 90 දශකයේ Animal Horror movies ඕනේ. 90 දශකයේ ළමා ෆිල්ම් ඕනේ. Hannibal වගේ IMDB ලිස්ට් වල ඉහළ රෑන්ක් ගහපු horror movies වගේම ත්‍රාසජනක භීතියෙන් ඇඟ හිරිවැටෙන ඔක්කෝටම සබ් ඕනේ. බයිස්කෝප් ලංකාවේ 1 වෙන්නේ අනාගතයේ ඕනම කෙනෙකුට ඕනම සබ් එකක් හොයාගන්න ඕන නම් ඒක බයිස්කෝප් එකේ තියෙන්න ඕනේ.

    5. badu Laal

      hari bn.. okkotama denow hodai
      me eka newei oya okkoma blnna welawak thyei ithin

  6. Suranjan

    Thanks jayawewa....!

  7. Shane

    ස්තූතියි

  8. ශාමල් මනෝජන්

    AFI ලිස්ට් එකේ තියෙන්නේ පරණ ෆිල්ම් කියලා දන්නේවත් නැති එවුන් තමයි මෙතන මහ ලොකු කමෙන්ට් දාගෙන එන්නේ. අපි ඔය ඔක්කොම ෆිල්ම් බලනවා. දකුණු ඉන්දියාවේ මළ ජරා ෆිල්ම් නැතුව. ටොම් හෑන්ක්ස්, ටොම් කෲස්, අල් පැචිනෝ. රොබට් ද නීරෝ, ලෙනාඩෝ ඩිකැප්‍රියෝ ඔය ඔක්කොම හොලිවුඩ් නළුවන්ගේ ෆිල්ම් බලනවා. චක් නොරිස් කියන්නේ ජනප්‍රිය සිනමාවේ ක්‍රියාදාම නළුවෙක්, බෲස්ලී, ජැකී චෑන්, ජෙට් ලි, වෑන් ඩෑම්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආර්නොල්ඩ්, dolph, විල් ස්මිත් මේ ඔක්කොම ජනප්‍රිය සිනමාවේ නළුවො. චක් නොරිස් ගේ ෆිල්ම් ජරාවලු. චක් නොරිස් බෘස්ලී එක්ක සුපිරි සටනක් තිබුණු The Way of the Dragon 1972 සුපිරි ෆිල්ම් එකත් මළ ජරාවක් ද දන්නේ නෑ මූට. තමන්ගේ නමෙන් කමෙන්ට් දාන්නවත් බැරි මහ ලොකු සිනමා රසිකයා.

    1. Anonymous

      අපිත් දන්නෝ AFI top තියෙන්නේ පරන ඒවා බව,ඒකනෙ ගොනෝ කලින් කිව්වේ ඒවට සබ් දෙන්න කියලා,වලිගේ පාගගන්නේ නැතුව ඉදපන්
      කියපන් බලන්න imdp top 250 තියෙන චක් නොරිස්ගේ එකක් , ඉන්දීය අමරනීය ජරාවක්?
      Al pacino ලව dolph lundgren ලත් එක්ක සන්සන්දනය කරන උබත් එක්ක තව මොන කතාද??
      ඇයි නම ගම දැම්මම උබ හොයන් එන්නද?අනෙ පලයන් බන් දැන් චාටර් වුනා ඇති නෙහ්

    2. ශාමල් මනෝජන්

      සැසඳීමක් නෙමෙයි මං කළේ. ඇල් පැචිනෝ, රොබට් ද නීරෝ වගේ නළුවො ගත්තම ඒයාලා සම්මානනීය නළුවෝ. විශිෂ්ට රඟපෑම් තියෙන්නේ. Martin Scorsese වගේ විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරලා තියෙන්නේ. Dolph, වෑන් ඩෑම් වගේ නළුවෝ ජනප්‍රිය සිනමාවේ නළුවෝ. Box office ගහපු අය. අපි මේ දෙගොල්ල සසඳන එක නෙමෙයි කරන්න ඕන. තෝරන්නේ නැතුව දෙගොල්ලගෙම ෆිල්ම් බලන එක. උඹට දැන් අවුල් ගියේ මේ hannibal සීරියස් එකට සබ් දීපු එකනේ. ඉස්සරවෙලා බලපන් hannibal සීරියස් එකේ දෙවෙනි ෆිල්ම් එක The Silence of the Lambs 1991 ෆිල්ම් එක IMDB Top 250 ලැයිස්තුවේ කීයටද තියෙන්නේ කියලා.

    3. Anonymous

      Silence of lambs මන් බැලුවේ බයිස්කෝප් සබ් දීපු කාලෙමයි...මන් කියන්නෙත් ඒ වගේ සුපිරි ඒවට සබ් දෙන්න කියලා පරන ඒවා දෙද්දි..
      කමෙන්ට් එකට ගැලපෙන්න රිප්ලයි කරපන්කො බන් ඇහුවෙ එකක් කියන්නේ එකක් නැතුව...
      මන් ඇහුවේ චක් නොරිස්ගේ එකක් ගැන??

    4. ශාමල් මනෝජන්

      උඹ මහ ලොකු සිනමා රසිකයානේ. මං උඹට පොඩි අභියෝගයක් දෙන්නම්. උඹ නියම වැඩ්ඩෙක් නම් මේ ෆිල්ම් ටික බලපන්. මේ ෆිල්ම් ඉවරවෙනකම් තේරුම් අරගෙන බැලුවොත් නියම වැඩ්ඩා උඹ. පුලුවන් නම් අභියෝගය භාරගනින්. සිනමාවේ මේ වගේ පැතිකඩක් උඹ දන්නේවත් නැතුව ඇති.

      Donnie Darko - 2001
      Mulholland Drive - 2001
      Memento - 2000
      Lost Highway - 1997
      The Cell- 2000
      Antichrist - 2009
      The Machinist - 2004
      The Prestige - 2006

    5. Anonymous

      උබ කියන ඒවා මන් කරන්නේ නෑ හැබැයි උබ දැන්න්ම නියම track එකට වැටිලා වගේ..මන් කියන්නෙත් ඔය උබ කියපු විදියේ ෆිල්ම් සබ් දෙන්න කියලා පරන ඒවා දෙද්දි..අනික ඔය සෙට් එකේ ගොඩක් ඒවා මන් බලලා තියෙනෝ..උබට එකක් මිස් වෙලා dicaprio ගේ shutter island

    6. ශාමල් මනෝජන්

      මම සම්භාව්‍ය සිනමාවයි, ජනප්‍රිය සිනමාවයි ක්‍රියාදාම, හොල්මන් ෆිල්ම් ඔක්කොම බලන එකෙක්. උඹ නළුවෝ තෝර තෝර ෆිල්ම් බලන එකෙක්. වෙනස ඒකයි. මම චක් නොරිස් ගේ ෆිල්ම් වගේම අල් පැචිනෝ ටත් කැමතියි. උඹ වගේ නළුවෝ තෝරන්නේ හිපාටුවෝ තමයි.

    7. Anonymous

      හරකෙක් එක්ක කතා කරානම් මේ වෙද්දි වචනයක් දෙකක් හරි තේරිලා ඌට..උබ ඊටත් හපන්..දැන්නම් ඇති මට වෙන වැඩ තියෙනෝ

    8. ශාමල් මනෝජන්

      නළුවෝ තෝර තෝර ෆිල්ම් බලන්නේ හරක් තමයි. උඹ බලපන් මී හරකා කියලා 1993 ගහපු සිංහල ෆිල්ම් එකක් තියනවා. උඹේ ජීවත කතාව වෙන්න ඇති.

  9. Shaggy

    Thank you very much brthr

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Lakmal

    Eka deyak nm suver baiscope
    Me parana blnna taram kathawak nathi(me filumta adala na) ewa sub dena ekenui shamal wage comment ekak iwasan inna bari ayai nisa me site eke comment ekak dana seemetha pirisath nathiwena eka tamai wenne mokada comment krna ayagen bahutharayak parana ewa blnne nathi aya
    Site ekta adare nisa kiwwe dn okta reply kra kra kale knna epa kawruwath

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  14. Dewadithya

    Thanks for sub!

  15. Malith Samarawickrama

    Thanks saho sub ekata.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. Anonymous

    Thank you!
    Manhunter (1986) mekatath sub denna.

  19. Anonymous

    thank you manhunter ekath danna

  20. Ishan Madusha

    බොහෝම ස්තූතියි...