ඔන්න ඉතින් අද අරගෙන ආවේ වෙනම විදිහක Animation ෆිල්ම් එකක්. මේක වෙනස්ම අද්දැකීමක් වෙයි. ඉතින් මේකේ කතා කරන්නේ ගොඩක් වෙලාවට ඉස්සරහට වෙන්න තියෙන අනතුරක් කියලා කියන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ මම කියන්න හදන්නේ? ඒ තමයි වතුර ප්‍රශ්නය. ඉතින් මේ ෆිල්ම් එකෙන් කතා කරනවා, ඉස්සරහට සත්තුන්ට වතුර ප්‍රශ්නයක් ආවොත්…

ඔන්න ඉතින් අද අරගෙන ආවේ වෙනම විදිහක Animation ෆිල්ම් එකක්. මේක වෙනස්ම අද්දැකීමක් වෙයි. ඉතින් මේකේ කතා කරන්නේ ගොඩක් වෙලාවට ඉස්සරහට වෙන්න තියෙන අනතුරක් කියලා කියන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ මම කියන්න හදන්නේ? ඒ තමයි වතුර ප්‍රශ්නය. ඉතින් මේ ෆිල්ම් එකෙන් කතා කරනවා, ඉස්සරහට සත්තුන්ට වතුර ප්‍රශ්නයක් ආවොත් ඒක මොන වගේ වෙන්න පුලුවන්ද කියලා.
මුලින්ම අපි මේක යමක් තේරුමක් තියෙන කෙනෙක්ගේ කෝනෙකින් බලමු. ඒත් මම දන්නවා මේ ෆිල්ම් එක නම් ළමයින්ට හදපු එකක් නිසා එහෙම කරන්න ඕනේ නෑ කියලා, ඒත් මේකේ අපි හැමෝගෙම ගැටළුවක් කතා කරන නිසා මුලින්ම දාර්ශනික කෝණෙන් මේක බලමු. දැන් ඔඅටන් ගමු, හිතන්න මිට අවුරුදු 50 කට විතර පස්සේ මුළු ලෝකෙටම බොන්න වතුර මදි වෙනවා, නැත්නම් නැත්තටම නැති වෙලා යනවා කියලා.
හැමෝම දන්නවනේ වතුර කියන්නේ ඕන සතෙක්ට අනිවාරෙන්ම ඕන කරන දෙයක් කියලා. ඉතින් මේ වගේ දෙයක් වුනාම කවුරු වගේ බේරෙයිද? අනිවාරෙන්ම සල්ලි තියෙන කට්ටිය විතරයි ඕකෙන් බේරෙන්නේ. නැත්නම් බලය තියෙන කට්ටිය විතරයි ඔය වගේ දෙකින් බේරෙන්නේ. සරලව කිව්වොත් කැලෑ නිතිය තමයි හැම තැනම තියෙන්නේ, දුර්වලයා යට යනවා බලවතා ඉස්සරහට එනවා. ඒ වගේම තව කතාවක් තියෙනවා, බලවතාව හෝ ධනවතාව නවත්තන කෙනාත් ධනවතෙක් හෝ බලවතෙක් කියලා. ඉතින් මේ කතාවෙත් වෙන්නේ ඔය ටිකමයි. බලය තියෙන කෙනා ගාව තමයි වතුර තියෙන්නේ. ඉතින් අනිත් අයට හුලන් තමයි. ඒ වගේම වතුර තියෙන කෙනාගෙන් වතුර බෙදලා දෙන්න උදව් කරන්නේ බලය තියෙන කෙනෙක්මයි. ඉතින් ඔය විදිහට ලෝක ධර්මතාවයකුත් මේ ෆිල්ම් එක බලන යමක් කමක් තේරෙන අයට කියලා දෙනවා.
දැන් බලමු මේක පොඩි ළමයෙක්ගේ ඇසින්.. මේ කතාවේ ඉන්න ඉත්තැවා තමා අපේ කතාවේ වීරයා. ඉතින් මෙයාගේ නම ලැටේ. එයාව කවුරුත් ගණන් ගන්නේ නෑ. ඉතින් ලැටේ තමයි වලස්සුන් ගාවට ගිහින් මායා වතුර ගල අරගෙන එන්න හදන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ කියලා නම් මම කියන්නේ නෑ. අනිවාරෙන්ම කතාව බලන්න වෙනවා. හරි එහෙනම්, මම දැන් නවතින්න හදන්නේ. අනිවාරෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න නම් අමතක කරන්න එපා.
හරි එහෙනම්. ඔබට ජය වේවා, දවස සුභ වේවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
3,847 downloadsDownload Latte-and-the-Magic-Waterstone-2019.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චිරත් ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දේශාන් චිරත් ලියනගේ
Subtitles
- #2019
- #Andrea Deppert
- #Ashley Bornancin
- #Daniel Amerman
- #Danny Fehsenfeld
- #Editor's Pick
- #Martin Behnke
- #MaxxA
- #Mimi Maynard
- #Must Watch
- #Offbeat
- #Paulette Victor-Lifton
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #You Decide
- #දේශාන් චිරත් ලියනගේ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Anonymous
ශාමල් මනෝජන්
පරණ ලමා ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ. මේ වගේ. හොඳ ෆිල්ම් සහෝ මේවා.
Babe - 1995
Babe: Pig in the City - 1998Problem Child - 1990
Problem Child 2 - 1991
Problem Child 3 - 1995Flight of the Navigator - 1986
My Girl 2 - 1994
Honey, I Blew Up the Kid - 1992
Honey, We Shrunk Ourselves! - 1997Who Framed Roger Rabbit - 1988
Mars Attacks! - 1996
Trailer බලලා හොඳයි කියලා හිතෙනවා නම් සබ් කරන්න සහෝ. හොඳම ළමා ෆිල්ම් මේවා. නියමයි.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
D.Chamara
බොහොම ස්තූතියි ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank for sub bro