කොහෙන්ද පටං ගන්නේ…හම්මේ..ඔන්න වැඩිය දෙයක් කියන්න නැහැ…මේ මගේ 50 ස් වෙනි උපසිරැසිය.. වැඩිය දෙයක් කියන්න නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා..තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා. මමත් මුලින්ම කළේ සයිට් එකෙන් උපසිරසි බාගෙන ගියපු එකම තමයි. බොරු ඕනේ නැහැ, මමත් ඒ දවස් වල කමෙන්ට් නම් දැම්මේ…

කොහෙන්ද පටං ගන්නේ…හම්මේ..ඔන්න වැඩිය දෙයක් කියන්න නැහැ…මේ මගේ 50 ස් වෙනි උපසිරැසිය.. වැඩිය දෙයක් කියන්න නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා..තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා. මමත් මුලින්ම කළේ සයිට් එකෙන් උපසිරසි බාගෙන ගියපු එකම තමයි. බොරු ඕනේ නැහැ, මමත් ඒ දවස් වල කමෙන්ට් නම් දැම්මේ නැහැ, බාගෙන ගියා විතරයි. පස්සේ පස්සේ මට හිතුනා උපසිරසියක් කරන්න ඕනේ කියලා..ඊට පස්සේ මම කමෙන්ට් කළා සයිට් එකේ මමත් කැමතියි උපසිරසි කරන්න කොහොමද කරන්නේ කියලා. ඒත් මට කාගෙන්වත් රිප්ලයි නම් ආවේ නැහැ..කොහොමහරි මගේ ෆේස්බුක් එකේ යාලුවෙක් හිටියා අපේ සයිට් එකෙන් නිතරම වගේ උපසිරැසි බාගත්තු. මම එයාගෙන් තමයි මේ උපසිරිසි කෙරුවාව පටන් ගත්තේ. එයා නොහිටින්න මම නැහැ කියන්න පුළුවන්. ඒ තමා “ලෙස්ලි නිරංජන්“. මම පොරට දීපු වදයක්. මුලින්ම එයාට මම ස්තුතිවන්ත වෙනවා. හරි කොහොම කොහොම හරි පස්සේ මට රිප්ලයි ආවද කොහෙද සයිට් එකෙන්. ලොකුවට මතකයක් නැහැ. ඊටපස්සේ තමයි කොටි වලිගෙ අඳුන ගත්තේ. අපේ විකියා සහෝ. ඔයවිදියට ඉතින් මමත් මගේ මුල්ම උපසිරැසිය “Bbuddah Hoga Terra Baap (2011) | බොලයි අප්පච්චි වෙන්න ඇති නාකියා..” 2012 ජූලි 25 ස් වෙනිදා පළවෙනවා.ඒ මළ පැනපු නාකියගෙන් පටං ගත්තු වැඩේ මේ වෙද්දී ඉංග්‍රීසි චිත්‍රපට 3 ක්, ටි වී එපිසෝඩ් 3 ක් සහ ඉතිරි සියල්ලම හින්දි වලින් තමා දැනට අවසන් වෙලා තියෙන්නේ.
ඒ වගේම ඉතා කෙටි කාලෙකින් අද දවසේදී බයිස්කෝප් අඩවියේ උපසිරසි 50 සපුරපු 20 වෙනියා තමා මම. මෙම අවුරුදු දෙකයි මාස පහට බයිස්කෝප් අඩවිය නිසා ගොඩාක් හිතවත් යාළුවො පිරිසක් හම්බුණා. මුලින්ම මතක විදියට කියනවා නම් “විකියා“. එයා තමා මේක කරමු මේක කරමු කියලා නිතරම වගේ පස්සෙන් උන්නේ. ඒ දවස් වල කරපු වැඩි හරියක්ම විකි කිව එව්වම තමා. දැන් දැන් නම් අනේ මංදා විකි අපි එක්ක අමනාප වෙලාද කියලා. වැඩි කතාබහක් නැහැ. ( ඒ මම කරමු කියන හැම එකකටම බැහැ කියන නිසා වෙන්න ඇති).
ඊටපස්සේ මතක විදියට “හසන්ත” සහෝ ද කොහෙද? පිළිවෙලක් නැහැ, මතක විදියට කියන්නම්. පොර එක්කනම් මම යාලු උනේ පොඩි තරහකුත් එක්ක. මොකද පොර උපසිරිසි කරපු ස්පාටකස් එකේ දීපු ටොරන්ට් ලින්ක් හෙන සයිස්. අපි ගැන පොඩ්ඩක්වත් හිතලා තිබ්බේ නැහැ, මම ඇහුවම ඇයි මේ ලොකු සයිස් දෙන්නේ ඇයි කියලා පොර කිව්වා පොඩි සයිස් දුන්නම මුන් මුළු සීරිස් එකම බාගෙන සිංහල සබ් දෙන්න කලින් බලනවා කියලා. ඒකලු ලොකු සයිස් ලින්ක් දුන්නේ. ඉතින් තවත් මල. ඔයවිදියට තමා හසන්ත සහෝව හිතවත් වුනේ. හැම අමාරු අවස්තාවකම හසන්ත සහෝ හිටියා උදව්වට, තාමත් ඉන්නවා.
ඔහොම ඔහොම “සමීර කරුණාරත්න” හම්බුණා. මම ඒ දවස් වල පොරට කිව්වේ පොර ඇවිත් යම් කිසි ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ආයේ නොදන්නා දෙයක් නැහැ. පස්සේ පස්සේ ආරංචි උනා පොර ආහාර එහෙමත් ගන්නවා කියලා. පොරගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඊටපස්සේ “රොයිලි අයියා“. නොදන්නා වචන ගොඩක් එයාගෙන් අහගන්නවා, හැබැයි ගොඩක් වෙලාවට උත්තර එන්නේ මම උපසිරැසිය කරලා ඉවර උනාට පස්සේ. (විහිළු හොඳේ). ඊටපස්සේ කාගේත් හිතවතා. “අශාන්/ශාන්/BA විමුක්ති“. අනේ මංදා පොරගේ හරි නම තාම හොයාගන්න බැරි වුනා. ඕනෙම දෙකදී පිහිටට. 24*7 සේවාවක් ලබාදෙනවා.
ඒ වගේම “වාසල අයියා“, මම චැට් කරන්න එහෙම හරිම බය මනුස්සයෙක්. ගොඩක් පරිස්සමින් පොර එක්ක කතාබහ කරන්නේ. ඒත් ඕනෙම වෙලාවක උදව්වට ඉන්නවා. ඊටපස්සේ “දිනිඳු සම්පත්” සහෝ..කරපු උදව් නම් කියලා නිම කරන්න බැහැ. ඊටපස්සේ “සැමී පාර්ට් 2 නොහොත් සමීර චතුරංග“. (ඇත්තම කියන්නම්ද? මෙයා සහ විමා නැත්නම් මගේ 50 ස් වෙනි උපසිරැසිය තවත් පරක්කු වෙන්න තිබ්බා (ඔන්න දැන් බනින්න ලැහැස්ති වෙන්න එපා) ඕනෑම කරදරයකදී ඉන්න කෙනෙක් තමා මෙයා. (වැඩේ කියන්නේ මේකා මේකාගේ සුදු මැණිකේ කියලා හිතලා මටමයි මැසේජ් කරන්නේ). ඔන්න වරහන් ඇතුළේ දැම්මේ හොඳේ.
පස්සේ මේ ගැන ආරංචිය පිටින් කොහෙන් හරි ලීක් උනාම මම අල්ලගන්න එපා මම කිව්වා කියලා. කලින් පාරත් උනේ එහෙමනේ. නිකං මම වැරදිකාරයා වුනා. ඒ වගේම ෆේස් ටු ෆේස් හම්බෙලා තියෙන දෙන්නගෙන් කෙනෙක් තමා “කැලුම් ගුණසේකර“. සුපිරි ඩයල් එකක් ආයේ දෙකක් නැහැ. අනිකා තමයි “ඩිල්ශාන් කාලිංග“. ලිපියක් කාරියක් ලියාගන්න ඕනේ නම් මෙන්න අමතනවානම් බුවා. ( ඔය ලිපි ලියාගන්න කැටගරියේ අශාන්/ශාන්/ BA විමුක්තිත් ඉන්නවා හොඳේ) ඩිල්ශාන් එක්ක මම ෆිල්ම් දෙකක්ද කොහෙද කරලා තියේ. එළ කොල්ලෙක්. අනිකා තමයි “උදා“. මම ඒ දවස් වල උපසිරසි කළේ මේකාගේ කමෙන්ට් එකක් බලාගෙනයි. දැන් නම් ආරංචියක්වත් නෑ වගේ. ඒ වගේම සුපිරිම උපසිරැසි විලාශයක් තියෙන “නිලන්ත පියසිරි” අයියාවත් මතක් කරනවා.
ඔය විදියට ඉතින් පුබුදු සුපුන්, යශෝධ ශ්‍රීමාල්, ගයාන් ගමගේ, ගයාන් රූකාන්ත, අපේ කිනා, බ්ලැක් පැන්තර්, ඔය වගේ එකී නොකී අය සේරම මතක් කරනවා. ඒ වගේම මගේ ගෙදර උදවියත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. මොකද අලුතින් එන උපසිරසියක් කරන්න ගියාම අම්මා මට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම මම උපසිරැසි කරන එව්වට කමෙන්ට් දාන සේරම අයව මතක් කරනවා ආදරයෙන්. ඒ අය නිසා තමයි ඉඳලා හිටලා හරි උපසිරසියක් කරන්න හිතෙන්නේ.
අනික තමයි “කමෙන්ට් නොකර උපසිරැසි බාගෙන යන එකෙක්වත් සත පහකට මතක් කරන්නේ නැහැ, එවුන්ට ස්තුති කරන්නෙත් නැහැ“.මොකද මම හැමදාම වගේ උපසිරැසි කරන්නේ කමෙන්ට් බලාපොරොත්තුවෙන්. දැන් දැන් උපසිරැසි කිරිල්ල එපා වෙලා තියෙන්නෙත් මේ කමෙන්ට් නොවැටෙනා නිසයි. ඉතින් ගොඩක් කියෙව්වා.

චිත්‍රපටිය ගැන නම් ලොකු දෙයක් කියන්නේ නැහැ. මොකද හැමෝම දන්න නිසා. ආදායම් වාර්තා කිහිපයක්ම බිඳ දමපු වසරේ අති දැවැන්ත සිනමාපටය මේක තමයි කිව්වම හොදටම ඇති. ශාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, බෝමන් ඉරානී, සෝනු සූද් රංගනයෙන් එක්වෙනවා. imdb හි 6.2 ක අගයක් ලැබිලා තියෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, තමන්ගේ තාත්තට වුනු අසාධාරණය වෙනුවෙන් පළිගන්න හදන පුතෙක් සහ යහළුවෝ සෙට් එකක් ගැන තමා කතාව දිවෙන්නේ. වැඩිය දෙබස් එහෙමත් තිබ්බේ නැහැ මේකේ මට කරන්න. දෙබස් 3060 යි තිබ්බේ. ඒ වගේම ලස්සනම ලස්සන සින්දු ටිකකුත් තියේ කියලා කියන්නම ඕනේ. ෆිල්ම් එකේ අන්තිමම සිංදුවත් මරු හොදේ. ලස්සන තේරුමක් තියෙන්නේ. එහෙනම්, බොහෝ දුරට මේ මගේ අවසාන උපසිරැසිය වෙන්න පුළුවන් (කමෙන්ට් වට්ටගන්න එහෙම කිව්වේ හොඳේ) එහෙනම් හැමෝම රසවිඳින්න. සියලු දෙනාටම සුභ නත්තලක්, ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා!! ජයත් වේවා!! හැමදාම වගේ.
“ලෝකයේ දෙවිදියක මිනිසුන් ඉන්නවා. ජයග්‍රාහකයන්…සහ පරාජිතයන්!
ඒත් ජීවිතේදී……හැම පරාජිතයෙකුටම දෙවෙනි අවස්ථාවක් ලැබෙනවා…
…එමගින් ඔහුට ජයග්‍රාහකයෙක් වීමට හැකිවෙන්න….ඉතිං, හදවතින්ම උත්සහ කරන්න”
1.3 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න
34413D94DBB1CD7B4FF23F6820090C0D835D2A7E796 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
EB43A46618BC09F8A3B48138C897AF6BA89CB1D41.30 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
F9D51F018E6C101446A57A767D0DC66551364C67 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
51,954 downloadsDownload HappyNewYear2014baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
393 comments
“චූටී මල්ලි”
“චූටී මල්ලි”
අර සුපර්නැචුරල් එකට කමෙන්ට් කරන්න ගිහින්
එක බල්ලෙක්ගෙ කතාවක් නිසා
http://www.baiscopelk.com/supernatural-s08-e01-with-sinhala…
බිදුනු මගෙ හිත ඌට හොදවයින් එකක්
කියලාවත් නොහැදුනු වෙලාවෙ :( :(
ටිකක් හරි හැදුනෙ මේ සබ දැකලා බන් :Dඅඩෝ පට්ටයි බන්
50නි එකට දිලා තියෙන්නෙ පට්ටම එකක්
හැබැයි ඒ වෙනුවෙන් කාපු කට්ටනම් ලේසි නෑ
ලයින් 3500ක් වගෙ නෙහ්
අනිවා බැලීමක්
50 සුභ පැතුම්
හෙමින් හෙමින් 100ත් දෙමු
සුභ නත්තලක් ඔයාට හ්ම්....
සබට තුති
ඔබට ජය......“චූටී මල්ලි”
අර සුපර්නැචුරල් එකට කමෙන්ට් කරන්න ගිහින්
එක බල්ලෙක්ගෙ කතාවක් නිසා
baiscopelk.com/supernatural-s08-e01-with-sinhala-subtitle/
බිදුනු මගෙ හිත ඌට හොදවයින් එකක්
කියලාවත් නොහැදුනු වෙලාවෙ :( :(
ටිකක් හරි හැදුනෙ මේ සබ දැකලා බන් :Dඅඩෝ පට්ටයි බන්
50නි එකට දිලා තියෙන්නෙ පට්ටම එකක්
හැබැයි ඒ වෙනුවෙන් කාපු කට්ටනම් ලේසි නෑ
ලයින් 3500ක් වගෙ නෙහ්
අනිවා බැලීමක්
50 සුභ පැතුම්
හෙමින් හෙමින් 100ත් දෙමු
සුභ නත්තලක් ඔයාට හ්ම්….
සබට තුති
ඔබට ජය……kasun
thanks yalu hoda gamanak yanna suba pathanawa
sameera
ela mchan. nosali idiriyata............
dilrangi
suba pathum........
haritha prabuddha
thanks for subs,,, b.s,
saji
hackrish ge comment 1 dakala matath mara duka hithuna. kagen hari film 1k hamba una gamanma mama karanne ikmanatama biscopelk 1n sub ganna eka. aththatama sub hadanna kochchara amaru adda. e wenuwen meyala kalaya kohoma hari wen karanne api wenuwen. eyalata e wenuwen labenne ape comment 1 witharai. ithin ehema eke mehema comment karapu 1 nam godak duka hithenawa. :-(
Malinda Landewela
subapathum saho.... digatama karagena Yamu..
I'm the first..
ThanksLORD RAM
Suba pathum… ^_^ Thanks
jp kasun
sub valata thanx kollo ,, me dila tyena formats hodaida? 720p DVD cop ekek nadda
Star Prince
Suba pathum... meka denakan balagena hitiye ^_^ Thanks
Sam
50th sub unusum suba pathum sahooo...mekat sub denkn ada dawasema baln hitiyaa...elzzzzzzzzzzz....//
aruna demel
sabata thanks
DilanH
50 වෙනි උපසිරසියට සුබ පැතුම් ජයෙන් ජය ඉදිරියටත් මේ වැඩේ කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා
කරනවාවිකියා
උණුසුම් සුභ පැතුම් සහෝ
දිගටම සබ් දෙමු
ජය වේවා~!
madusanka jayasooriya
Niyamai aiya. suba pathum 50 weni sub ekata. digatama sub demu. jaya wewa
නලින් පෙරේරා
කවදත් අපි වෙනුවෙන් උපරිම හින්දි රසයක් අරන් ආපු හේවා.. මෙන්න ආඩම්බරෙන් 50 ගෙනැල්ලා.. නියමයි හේවා.. හින්දි නම් හේවා.. හේවා නම් හින්දි..
දිගටම අපිට හින්දි ෆිලුම් වගේම තව තව හොද ඉසව් වලටත් එක්ක ගෙන යන්න හේවාට හැකිවේවා..
ජය වේවා
czRGsl
ela ela........ 50 suba pathum.... ada ude danagatta asiri saho thama meke sub eka danne kiyala. ude idalama balagena hithiye koi wele sub eka deida kiyala.... onna dan hari... godaaak pin sub ekata....
"hindi nam asiri asiri nam hindi"
jayawewa.... :) :)sahan
thanks saho
Nipuna
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්!!!...
මේක දෙනකල් අද උදේ ඉදන් බලාගෙන හිටියේ...
දිගටම සබ් දෙන්න...
එළ කිරි...!!!තරුෂ දිනුජය
Thanks.
para
aiiiiiyaaaaaaaaaaaaaa balagena hitapuma 1k meeka. mama ogollanta email 1 kuth damma me gana ahala. copy ya hodai neeee?????????????
Nuwan Dewappriya
නත්තලට හම්බුන හොදම තෑග්ග මචන්
බොහොම ස්තුතියිSaDuN dAnUsHkA
මුලින්ම සුභපතන්න ඕන 50 වෙනි උපසිරැසියට
කවදත් වාර්තා පිට වාර්තා තියන (භාගත කිරීම් වලින්) හේවා ලුණුවිලගේ සහෝදරයට
හිස නවා අචාර කරනව කාටත් කලින් උපසිරැසි ලබා දුන්නට.
එකම දවසෙ උපසිරැසි දෙකක් වැටිලා නේද ?
බොහොම ස්තුතියි උපසිරැසිට
නැවතත් අලුත්ම හිංදි එකකින්ම හමුවෙමු
ඔබ ජය....!kushan charith
එල හේවා සහෝ නියම film එකකින්නෙ 50 ගැහුවෙ,ඉක්මනටම 100 ගහන්ඩ පුලුවන්වෙන්ඩ කියල සුබ පතනවා..අර නවත්තල දාල තියෙන the originals එකට ඔයාවත් sub දෙන්ඩකෝ.............
darshana
50weni sub ekata suba pathum..
food luck..murad
thank u bro
රවිඳු නිපුන්
ඔන්න එහෙනම් අපෙනුත් හදපිරි සුබපැතුම්!!!
දැනගෙන් හිටියා 50ට සුපිරිම එකක් ගේනවා කියලා...
දිගු ගමනක් යමු...
බොහොම ස්තූතියි...!!!KP
CONGRATZ MACHAN...TAWA TAWATH SUB IKMANTA DENNA PULUWAN WENNA KIYALA WISH KARANAWA..
අදිත ප්‍රවීන්
සුභ පැතුම් හේවා අයියා 50 වෙනි උපසිරැසියට !
ඔහොම ගිහින් 100ත් ඉක්මනටම දෙමු.
ඉතින් කොහොමහරි හොඳ කට්ටක් කාලා , ඒත් ඉක්මනටම දුන්නා නේද ?
මේ අවුරුද්ද පුරාම බලාගෙන හිටපු මේ සුපිරි චිත්‍රපටිය හේවා අයියම දුන්න එක ගොඩක් වටිනවා .
කලින් ෆිල්ම් එක බාලා තියාගත්තේ ඔයාගේ සබ එක්කම බලන්නමයි .
ස්තුතියි සබට !කවිඳු ගිම්හාන් (පැතුම්)
මේ තියෙන්නේ නත්තල් තෑග්ග උණු උණුවෙම දාලා. හේවා අයියට මාගේ උණුසුම් සුභ පැතුම.. . . . ^_^
ලේසි නෑ ෆිල්ම් වලින්ම 50ක් සබ් දෙනවා කියන එක. අනික අයියගේ සබ්වල වැඩිපුරම තියෙන්නේ හින්දි ෆිල්ම්නේ. ඒවගේ අඩුම ලයින් 2500+වත් පන්නනවා. කජු ඇටද කොස් ඇටද ඉතින්.. . . :D ඒ වගේම මම හරි නම් වැඩිපුර කටිටිය බාගෙන තියෙන්නෙත් අයියගේ සබ්ම තමයි. ඒකෙන්ම කියවෙනවා අයියගේ සබ්වල තියෙන ගුනාත්මක භාවය. (වැඩිය බටර් එපා නේද? :D )
ඉතින් වරහන් ඇතුලේ තිබුන වගේ සබ් නවත්වන්නේ නැතිව ඉක්මනින්ම 1000 වෙනි සබ් එක දාන්න'
(වරහන් ඇතුලේ මොනවා කිවත් මේ කෙරුවාව පටන්ගත්තොත් නවත්වන්න බෑ කියලා කරන අය තමයි දන්නේ. නේද සහෝ? :D )ඔබට ජය.. . . !
darshi
නියමයි. ගොඩාක් ස්තුතියි
දමිත්
ෂාරුක් ගේ එකක් නම් ඉතින් BRrip එනකම් නොබලා ඉන්නේ කොහොමද..
ඔන්න බාන්න දැම්මා..
50 වෙනි උපසිරැසියට මගේ හද පිරි සුබ පැතුම් සහෝ..
දිගටම අපිට සබ් දෙන්න හැකියාව,
ශක්තිය...
ධෛර්යය...
වාසනාව ලැබේවා..
ජයෙන් ජය...Rumesh
නියමයි මචන්..
සුබ පැතුම් ඔයාගේ පනස්වෙනි සබට...
මමත් බෑවා ඔන්න..akila
නියමයි බොහොම ස්තුතියි ඔබට
DilzHan
Ela Elaaa!!! ikmanatama 100th danna lebenna kiyala prarthana karanawa :)
dinesh
ස්තුතියි..
දෙයි කියලා බලාගෙන හිටපු චිත්‍රපටිවක් මේක.
වැස්ස කියලා බැලුවේ නෑ ඔන්න ලොවෙත් ගත්තා...
උණුසුම් සුබ පැතුම් සහෝthisal
අම්මො සුප්පා නෙහ් මම මෙකෙ ස්කිරින් කොපිය බැලුවා මැක්සා ඇඩෙනවා එකෙන්ම එල කින්ග් ඔෆ් හින්දි හෙවා සහො සබට තැන්ස් & good luck
Lakith
Thanks Bro.........Good Luck
Lakshitha
THANX MCN MMA MESSAGE 1K DALA 10 MINUTES WALADI SUB DEMMATA
Lasitha
NIYAMAI BRO.subapathum...digatama me wage hoda film tikakata sub karanna.thaks & gud luck (y)
සමන්ත
නියමයි ලුණුවිලගේ සහෝදරයා..50ට උණුස්ම් සුබ පැතුම්
මාත් ෂාරුක්ගේ එකක් ආවොත් නම් අතඅරින්නේ නෑ බලනවාමයි.
මම හිතුවේ හොඳ කොපියක් තාම නැතුව ඇති කියලා.
කොහොම හරි ඕං මමත් ගත්තා.සමන්ත
නියමයි ලුණුවිලගේ සහෝදරයා..50ට උණුස්ම් සුබ පැතුම්
මාත් ෂාරුක්ගේ එකක් ආවොත් නම් අතඅරින්නේ නෑ බලනවාමයි.
මම හිතුවේ හොඳ කොපියක් තාම නැතුව ඇති කියලා.
කොහොම හරි ඕං මමත් ගත්තා.
chamuditha
50 subapatanawa thanx ayye jayawewa
umesh
meka enakal blagena ayye idia.gdk tnxxxxxxxxxxxxxxx.
ruwan kasun
thanks saho..
digatama sub. denna ..
jayen jayaaa..චන්න
පනහෙන් පන්සීයට සුබ පැතුම් සහෝ..
කින්ග් ඛාන්ගේ එකක් මග අරින්නේ කොහමොද..
අනිවා බලනවා..Amil
50 වෙනි උපසිරසියට සුබ පැතුම්
Chamath
යකෝ ඔය ටිකට වැටිලා තියෙන කමෙන්ට් ගොඩ දැක්කම බය හිතෙනවනේ..
ඔන්න මමත් ගත්තා.
අපේ ෂාරුක් අයියගේ එකක් නොබලන දෑස් කුමටද...:)uda
බොට ඉතින් නොදා බැරිකමට එකක් දානවා... මා ගැන කියලා තියෙන නිසා!
ඇත්තටම කියනවානම් කීප දෙනෙක්ම ඔය කතාව කියලා තියෙනවා. කොටිම්ම ඇඩ්මින්වරුත් කීවා කමෙන්ට් නොකර අරින්න එපා; උඹේ කමෙන්ට් එකක් හුඟාක් දෙනා බලාපොරොත්තු වෙනවා කියලා. අන්න ඒ හින්දමයි මම කමෙන්ට් නොකර ඇරියේ. තේරෙනව ඇති කියන එක!
මෙහෙම හිතමු කෙනෙක් තව කෙනෙකුගේ කමෙන්ට් එකක් බලාගන උපසිරැසියක් කරනවා කියන එක එතරම් හොඳ දෙයක් නොවෙයි! එතරම් නොවෙයි; කොහෙත්ම හොඳ දෙයක් නොවෙයි. මොකද එක් පුද්ගලයෙක් කියන දෙයක් දැනගන්නම සබක් කරනවා කියන ගාණට කෙනෙක් එනවා නම් මගේ කමෙන්ට් එකෙන් මම එයාට කරන්නෙ හොඳක් නොවෙයි, නොහොඳක්. මම දිගටම කාලාන්තරයක් තිස්සෙ කමෙන්ට් කරලා කරලා යම් හේතුවකින් එක්වරම නොකර හිටියොත්, අර කෙනාට ඒක බලපෑමක් ඇති නොකරාවි ද? අනික කෙනෙක් කියන දේ දැනගන්න අදහස සබ් එකක් කරන නොකර එකට ප්‍රධාන හේතුවක් බවට හරවාගන්න එක කොච්චර සුබදායක ද? ඒක හොඳ නැත්තේ සයිට් එකටයි/ සබ් කරන අයටයි.
කමෙන්ට් එකකින් තව ගොඩකින් එනවාට වැඩි ගැම්මක් දෙනවා නම්, ඒකට ඇබ්බෑහි වුණාට පස්සේ ඒක නැතිව යාමත් කුඩ්ඩෙකුට කුඩු නැති වුණා වගේ වෙයි! අනිත් එක කෙනෙක් කරන්න අක්මැත්තෙන් වුණත් අරූ මොකක් කියාවිද බලන්නම සබ් එකක් කළොත්? ඒ වගේමයි ඒ වගේ අදහසක් දීම කෙනෙකුගේ ස්වාධීන තීරණයකට බලපෑම් ඇතිකරන්නත් ඉඩ තියෙනවා. නමුත් එහෙම නොවී සබ් කරනවානම් ඒකට බලපාන්නේ වෙනත් හේතු මිසක් අදහසක් ගැන කුහුලක් නොවෙයි. දිරිගැන්වීමක් හොඳ වෙන්න පුළුවන්. නමුත් ඕනෑවට වඩා වැඩි වුණොත් ඒකම නරක වෙන්නත් පුළුවන්.
බාගවිට මම හිතනවා බරපතළ වැඩි ඇති. ඒත් කමක් නෑ. උපසිරෑසි කරන බොහෝ දෙනෙකුට මම හන්දා ඇති විය හැකිව තිබූ අසාධාරණයක් නවත්වන්නයි මම කමෙන්ට් නොකර හැරියේ. ඒ ගැන වරදවා හිතන්න එපා... පවාරණේට වඩා නිවාරණේ හොඳයි කියලා හිතලායි එහෙම කෙරුවේ...!
එහෙනම් ඉතින් හේවාට සුබ පතනවා! 50ක්ම ගැහුවාට... උඹට විශේෂ උදව්වක් නොකළා වුණත්; කාලයත් එක්ක වැඩි දෙනෙකුට අමතක වෙලා යන අපිව අඩු ගාණේ මතක තිබුණ එකවත් ඇතිනෙව. හැමදාමත් වගේ ජයවේවා කීවා හේවා!
Chamli Karunasekara
Thank you..
sudesh
mama mekata sub denna koi tharam uthsaaha karaada eth me site eke admin waru mata eka aluth film ekakwath dun naaaa.alth ewaa denne eyaalage hithawathunta.aluth ekak kawadaawath althen sub daana kenekuta den naa.eka nisaa mama me site ekata sub dana eka nawaththuwaaaa
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
දුක තමා රංජනී....
sachi
tnq wewaaaaaaaaaa brow.. blagenma hitiye.. :)
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට......
ඒ වගේම 50 වෙනි එක වෙනුවෙන් මගෙන් සුභ පැතුම්!
ලයින් 3060 ක් කියලා දැක්කම ඇස් උඩ ගියා....
මං දන්නවනේ මට ලයින් 900ක් ගහන්න යන වෙලාව...
අපි වෙනුවෙන් කන කට්ට වෙනුවෙන් අපේ ආචාරය....
ජය!!!හැමෝටම සුභ නත්තලක් වේවා!!!
Amila Kaushalya
50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
hashan madusanka
Patta machan, thanx machaaaaaa
MIhan
50 ta suba pahtum sahoo jaya weewaaa !!!
සිසිත සමරතුංග (සිසියා)
බොහොම ස්තූතියි උපසිරැසියට.. දෙවනුව සුබපැතුම් 50ස්වෙනි උපසිරැසියට, හින්දි ෆිලුමක් කරන්න කොච්චර කට්ටක් නම් කොරන්න ඕනෙද,
ඒ කට්ට අපි වෙනුවෙන් කනවට බොහොම ස්තුතියි.... ළඟදී ආපු බ්ලොක්බස්ටර් හින්දි මූවීස් බැලුවේ ඔයාගේ සබ්වලින් තමා චෙන්නායි එක්ස්ප්‍රස්, ආශිකී 2, ඒක් විලන්... ඒ වගේම දැන් මේකත්... හින්දි වචනයට හරියටම හරියන සිංහල වචනේ දෙනවා නම් ඉතිං මෙයාම තමා... ගෝ ගෝවා ගෝන්, කයි පෝ චේ , යම්ලා පග්ලා දීවානා මේවා බැලුවෙත් ඔයාගේ සබෙන් තමා.. බයිස්කෝප් අඩවියේ වැඩියෙන්ම බාගත කිරීමේ වාර්තා තියලා ඇත්තෙත් හේවා වෙන්න ඕනේ.. මේක හෝල් එකෙන් බැලුවත් හේවාගේ සබ් එක්ක අනිවා බලනවා.. සතකලී, මන්වා ලාගේ, ලව්ලි, ෂරාබි, ඉන්ඩියාවාලේ ඒ සිංදු වලට හරියටම හරියන සිංහල වචන දීලා ඇති කියලා හිතනවා...ඒ වගේම මගෙත් පලවෙනි උපසිරැසියේ ඉඳන් මේ දක්වා සහයෝගය දුන් කෙනෙක් තමා හේවා.... බැරි වචන කියලා දීලා, ටොරන්ට් ලින්ක් පවා හොයලා දෙනවා.. මම කරපු ගන්චක්කර් මූවී එකටත් මාරම සහයෝගයක් දුන්නේ...මේ මෙහෙවර තවදුරටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා!!!.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔහ් යෙස් බේබි මන් 1