ආයුබෝවන්… සුබ දවසක් වේවා… සොහාන් ජයසූරිය කියන්නේ මම බයිස්කෝප් අඩවියෙන් අදුරගත්ත සහෝදරයෙක්. ළඟදි දවසක් උදේම පණිවිඩයක් එවනවා “අයියේ, බයිස්කෝප් එකේ සබ් නොදීපු 90 ගනන් වල හොඳ ෆිල්ම් දෙකක් තියෙනව, බයිස්කෝප් එකේ නෙමේ කොහෙවත්ම සබ් දීලා නෑ තාම, බලලා කරන්න කියලා. 90 ගණන් කියන්නේ ඉතින් මගේ ප්‍රියතම චිත්‍රපටි…

ආයුබෝවන්… සුබ දවසක් වේවා…
සොහාන් ජයසූරිය කියන්නේ මම බයිස්කෝප් අඩවියෙන් අදුරගත්ත සහෝදරයෙක්. ළඟදි දවසක් උදේම පණිවිඩයක් එවනවා “අයියේ, බයිස්කෝප් එකේ සබ් නොදීපු 90 ගනන් වල හොඳ ෆිල්ම් දෙකක් තියෙනව, බයිස්කෝප් එකේ නෙමේ කොහෙවත්ම සබ් දීලා නෑ තාම, බලලා කරන්න කියලා. 90 ගණන් කියන්නේ ඉතින් මගේ ප්‍රියතම චිත්‍රපටි ආපු කාලෙනේ. ඉතින් මාත් ඒ ගැන හොයලා බලලා සිංහල උපසිරසිය හදන්න ගත්තා.
Hard Rain (1998)
පොඩි නගරයකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් එක්ක ඒ නගරයට ඉහළින් ඇති ජලාශයක් වාන් දාන්න හදනවා. ආදි කාලේ වේල්ලක් එක්ක තියන මේ ඉපැරණි ජලාශයට මේ මහා වතුර කන්දරාව ඔරොත්තු දෙන්නේ නෑ. නගරය ටිකෙන් ටික යටවෙද්දි ආරක්ෂක අංශ මුළු නගරයම හිස් කරනවා. ඒ අතරේ බැංකු වල සල්ලි අරන් යන ට්‍රක් එකක් මේ වැස්ස මැද්දේ වතුරේ හිර වෙන්නේ සල්ලි මංකොල්ලයක ආරම්භයක් එක්කයි.
1998 ජනවාරි 16 වෙනිදා එක්සත් ජනපදයේ මුලින්ම තිරගත වීම ආරම්භ වුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන ටොම් ලෙස Christian Slater සහ ජිම් ලෙස Morgan Freeman එක්වෙනවා. ඊට අමතරව Randy Quaid, Minnie Driver, Edward Asner, Richard Dysart සහ Betty White රංඟනයෙන් එකතු වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Mikael Salomon විසිනි. නිෂ්පාදනයෙන් Allison Lyon Segan, Ian Bryce, Mark Gordon, Gary Levinsohn සහ Christian Slater එකතු වෙනවා.
මෙය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ජපානය අතර ජාත්‍යන්තර සම නිෂ්පාදනය වන අතර 1998 අප්‍රේල් 03 වන දා එක්සත් රාජධානියේත්, 1998 අප්‍රේල් 06 වනදා ජර්මනියේත්, 1998 මැයි 29 වන දා ඩෙන්මාර්කයේත් 1998 සැප්තැම්බර් 5 වන දා ජපානයේත් තිරගත වීම ආරම්භ කර ඇත. විනාඩි 96ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇ. ඩොලර් මිලියන 70 ක් වුවත් බොක්ස් ඔෆීස් ආදායම ඇ. ඩොලර් මිලියන 20 ක් පමණ වී ඇත. Hard Rain චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.9ක්, Rotten Tomatoes 30% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 82%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
සොහාන් ජයසූරිය සහෝදරයට මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා මට මේ චිත්‍රපටිය ගැන කිව්වට. ළඟදීම සහෝදරයාගේ ඊළඟ ඉල්ලීමත් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තූතියි සොහාන් මල්ලී..
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,289 downloadsDownload Hard-Rain-1998.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
17 comments
Sohan Jayasooriya
kasun max
Thank you lokka
hamadama wage supiri film ekakAnonymous
1990-2000 ත් අතර ආපු සබ් නොදීපු ෆිල්ම් තව දෙන්න සහෝ....ඒවා සුපිරියි....
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Shaggy
Morgan Freeman Love it..Thanks for the sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
indika75
thanks..
Anonymous
Thnkz
Priyantha Dayakeerthi
රොෂාන් ජයසිංහ සොයුර,
ඔබට ස්තුතියි සබ් එකට, හැකිනම් IMDb ඉහළ අගයක් ඇති එකකටත් සබ් දෙන්න.Chaminda Lakruwan
ගොඩක් ස්තූති සබ් එකට
Pramukmili
Thanx bro..................
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dewadithya
Thanks for sub!
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
නියමයි අයියේ ගොඩක් ස්තූතියි සබ් එකට.. ගොඩක් අය ෆිල්ම් බලන්නෙ ෆිල්ම් එකේ අවුරුද්ද බලලා.. ඒ වගෙ අයට ඉතින් මේ වගේ සුපිරි ෆිල්ම් මිස් වෙනවා..අද කාලේ තරම් තාක්ෂණයක් නොතිබ්බ කාලෙක ඒ තාක්ෂණයෙ අඩුව නොදැනෙන විදියට හොඳටම මේ ෆිල්ම් හදලා තියෙනවනේ.. ස්තූතියි අයියෙ සබ් එකට එහෙනම්..අනිකත් ගේමු ඉක්මනට.. ජය වේවා