ආයුබෝවන්… සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. මේ දවස් වල වැඩත් ටිකක් අඩු එකේ මේ සිංහල උපසිරසි මට ටිකක් ඉක්මණට අරන් එන්න පුළුවන් වුනා. හැබැයි මං මේ චිත්‍රපටය තෝරගත්තේ මං The Odessa File (1974) චිත්‍රපටයට උපසිරසිය අරන් ආවට පස්සේ. ඒත් දවසින් දවස කල් ගිහිල්ලා ඔන්න මං අද ඔයාල වෙනුවෙන් තවත් පැරණි යුධ…

ආයුබෝවන්… සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම.
මේ දවස් වල වැඩත් ටිකක් අඩු එකේ මේ සිංහල උපසිරසි මට ටිකක් ඉක්මණට අරන් එන්න පුළුවන් වුනා. හැබැයි මං මේ චිත්‍රපටය තෝරගත්තේ මං The Odessa File (1974) චිත්‍රපටයට උපසිරසිය අරන් ආවට පස්සේ. ඒත් දවසින් දවස කල් ගිහිල්ලා ඔන්න මං අද ඔයාල වෙනුවෙන් තවත් පැරණි යුධ ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා.
The Eagle Has Landed (1976)
දෙවන ලෝක යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි වින්ස්ටන් චර්චිල් පැහැරගන්න හදන කුමන්ත්‍රණයක් ගැන ගෙතුන කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ. 1975 දී Jack Higgins විසින් රචනා කර ප්‍රකාශයට පත්කල නවකතාවක් වන The Eagle Has Landed නවකතාව ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ.

(The Eagle Has Landed නවකතාවේ පළවෙනි සංස්කරණය)
ඒ වගේම මේ චිත්‍රපටය John Sturges විසින් අධ්‍යක්ෂණය කල The Magnificent Seven, The Great Escape, Last Train from Gun Hill වැනි චිත්‍රපට අතරින් ඔහුගේ අවසාන චිත්‍රපටය ලෙස සැලකෙනවා. බොක්ස් ඔෆීස් ආදායම ගැන සඳහන්ව නැතත් චිත්‍රපටය, තිරගතවීම පටන් ගත්තට පස්සේ අති සාර්ථකව තිරගත වූ බව කියවෙනවා. මෙම චිත්‍රපටය නවකතාව ඇසුරින් තිරරචනය කර ඇත්තේ Tom Mankiewicz විසිනි. නිෂ්පාදනය David Niven Jr. සහ Jack Wiener විසිනි.

(සිනමා ශාලා සඳහා එකල නිර්මාණය කල පෝස්ටරය)
මෙහි කර්නල් කර්ට් ස්ටයිනර් ලෙස Michael Caine එක්වන අතර ලියම් ඩෙව්ලින් ලෙස Donald Sutherland එකතු වේ. එයට අමතරව Robert Duvall, Jenny Agutter, Donald Pleasence, Anthony Quayle, Jean Marsh, Sven-Bertil Taube, Judy Geeson, Siegfried Rauch, John Standing, Treat Williams, Larry Hagman ද රංඟනයෙන් එකතු වේ. චිත්‍රපටය 1976 දෙසැම්බර් මස 25 වනදා ෆින්ලන්තයේ සහ ස්වීඩනයේත්, 1977 මාර්තු 31 වනදා එක්සත් රාජධානියේත්, 1977 අප්‍රේල් 2 වන දා එක්සත් ජනපදයේත් තිරගතවීම ආරම්භ කර ඇත.
මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.9ක්, Rotten Tomatoes 67% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 84%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,749 downloadsDownload The-Eagle-Has-Landed-1976.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
11 comments
ශාමල් මනෝජන්
නිරෝෂ්
ස්තුතියි රොෂාන් සහෝ.ජයවේවා!
SaDuN
නියමයි.
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබට!Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
මොහොට්ටි
බාගන්නවාා ස්තූතියි ඔයාට
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
sudesh
Law Abiding Citizen sub wade na ne bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තරිඳු පෙරේරා
ලබා දී ඇති උපසිරස ගොනුව yts එකෙන් ගත්ත එකට ගලපෙන්නෙත් නැ බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙන්නෙත් yts කොපි එක සබ් ෆයිල් එකේ නමින් තියෙන එකත් බෑවා එකෙත් ගැලපෙන්නේ නැ බලපු කෙනෙක් ඉන්නවා නම් මට සබ් එකට ගැලපෙන කොපි එක ගන්න සයිට් එක කියනවද ස්තුති .
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
තවත් විශිෂ්ට ෆිල්ම් ලැයිස්තුවක් තියනවා. ඔබට හොඳයි කියා හිතෙන ෆිල්ම් මොනවාහරි මෙතන තියනවා නම් උපසිරැසි කරන මෙන් යෝජනා කරමි.
Seven year Itch - 1955
Baby Doll - 1956
Giant - 1956
Exodus - 1960
Cleopatra - 1963
Romeo and Juliet - 1968
American Graffiti - 1973
The Iceman Cometh - 1973
The Rocky Horror Picture Show - 1975
Annie Hall - 1977
Grease - 1978
The Deer Hunter - 1978
Animal House - 1978
Caligula - 1979
Manhattan - 1979
Life of Brain - 1979
Popeye - 1980
Moonwalker - 1988
The Abyss - 1989
Malcolm X - 1992
Hamlet - 1996
Romeo + Juliet - 1996
Bringing out the Dead - 1999