[box]ඔහ්හ්..!! ඉවරයි ඔන්න එකත් එහෙනම්, මම මෙහෙම කිවුවම බලන්න එපා ඇයිද කියලා. මොකද අද මට විකියා සහෝගෙන් පොඩි චැලේන්ජ් එකක් හම්බ උනා මේකේ සබ් එක ඉවරකරලා දෙන්න කියල කොහොම හරි. ඔන්න මම එකත් ගොඩ දාගත්ත. මේ ෆිල්ම් එකත් එක්ක එතකොට අපි අද මේ අවුරුද්දේ නිකුත් වුන සුපිරිම බයිස්කෝප් 3කටම සබ් දීලා තියෙන.වා ඒකත…
ඔහ්හ්..!! ඉවරයි ඔන්න එකත් එහෙනම්, මම මෙහෙම කිවුවම බලන්න එපා ඇයිද කියලා. මොකද අද මට විකියා සහෝගෙන් පොඩි චැලේන්ජ් එකක් හම්බ උනා මේකේ සබ් එක ඉවරකරලා දෙන්න කියල කොහොම හරි. ඔන්න මම එකත් ගොඩ දාගත්ත. මේ ෆිල්ම් එකත් එක්ක එතකොට අපි අද මේ අවුරුද්දේ නිකුත් වුන සුපිරිම බයිස්කෝප් 3කටම සබ් දීලා තියෙන.වා ඒකත් එක විදියක අපේ ජයග්‍රහණයක්. කොහොම උනත් තිබුන වැඩත් එක්ක ටිකක් පරක්කු වුනා. මොකද වැඩක් කරනකොට කාටද බාධා නැත්තේ. ඔන්න ඉතින් ඒ බාධාවලුත් මැඩ ගෙන හෙන කට්ටක් කාලා මේක ඉවර කළා.
දැන් ඉතින් කියෙවුවා ඇතිනේ. ස්ටොරිය දිහාටත් ටිකක් හැරෙමු නේද? ඔයාලට කෝහොම දැනේවිද ඔයා වගකීමක් ඇති කාර්යබහුල පොලිස් නිලධාරියෙක් නම්, එක පාරටම කෝල් එකක් දීලා කවුරු හරි කිවුවොත් ඔයාගේ අම්ම නැති වුනා කියලා. හ්ම්ම්.. ඒකත් හරි, ඒ වගේම එතකොට මතක් වුනොත් ඔයාගේ අම්මා මේ ලෝකේ හැරයන්නේ ඔයාගේ වගකීමක් ආපහු ඔයාගේ හිස මත පටවලා කියලා. ඒ තමයි ඔයාගේ පුතා. හැබැයි එයාට කතා බහ කරන්න බැරි විශේෂ දරුවෙක් වුනොත් ඒ හැඟීම කොහොම වේවිද? හැබැයි මේකේදී නම් ශිවාට සිදුවෙන්නේ ඒ වගේ සිදුවීමක්. ඒ දරුවා තමයි අපේ කතාවේ කතා නායකයා ‘හරී (හරිදාස්)’.
හරී කියලා කියන්නේ මානසික දුබලතාවයක් තියෙන කතාබහ කරන්නවත් බැරි දරුවෙක්. එයා කියනදේ කාටවත් තේරුම් ගන්න බෑ. ඒ නිසාම එයා අවුරුදු 10ක් හැදෙන්නේ වැඩෙන්නේ එයාගේ ආච්චි අම්මත්. එක්ක නමුත් ආච්චිගේ මරණයත් සමග එයාට තාත්ත ළඟට එන්න වෙනවා. මට කියන්න අමතක වුනා හරීගේ අම්ම නැති වෙලා කියල. හැබැයි එයාට එයාගේ අම්ම වගේම කරුණාවන්ත එයාට ගොඩක් ආදරය කරන ටීචර් කෙනෙක් හමු වෙනවා පාසලේදී.
කොහොම හරි සිවා අඳුනාගන්නවා හරීගේ තියෙන දක්ෂතාවය මොකක්ද කියලා. ඊට පස්සේ ඔහු උත්සහ කරන්නේ හරීව කොහොම හරි ඒ මාවතේ ඉදිරියට ගෙනියන්න. ඒ සඳහා ඔහුට සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා. මොකද මම කිවුවා වගේ ඔහු කාර්යබහුල පොලිස් නිලධාරියෙක් නිසා.
ඉතින් මම තවත් වැඩිය කියවන්න යන්නේ නෑ, මොකද මේ ලිපිය ලියන්න යන වෙලාවෙත් ඔයාලට සබ් එක දෙන්න පරක්කු වෙන නිසා. ඉතිං හරී කියලා කියන්නේ මොනවගේ දක්ෂතාවයක් තියෙන දරුවෙක්ද? එයාට ඒ දක්ෂතාවය වැඩි දියුණු කරගන පුළුවන් වෙයිද? ශිවාට එයාට අවශ්‍ය විදියට හරීගේ අනාගතය සකස් කරන්න පුළුවන් වෙයිද? කියලා බලන්නනම් මේකත් අරගෙන බලන්නම වෙනවා.
ඒ වගේම මට මේ ටිකත් නොකියම බෑ. මොකද අන්තිම මොහෙතේ මම හිරවෙලා ඉන්නකොට මගේ මිත්‍ර ඉන්දිකත් මේකේ ලයින් 50ක් විතර දාලා දුන්න. ඒකත් මට ලොකු උදවුවක් වුනා.
600 MB කොපිය මෙතනින් බාගන්න 59a136a45f6304c22b137e8ecd7bab8d11414969 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,729 downloadsDownload Haridas.2013.zip132 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවීන් ලක්ෂිත
Subtitles
73 comments
Bandula
Isuru
patta patta machana
lasidu
බොහොම පින්
tharanga
ලොවෙත් නෑ සුපිරි එකක් වගේ ජයම වේවා
quik
thanks
ositha
maxxa maxxa saho aniwa balanna oen meyka
chami
thnxxxxxxxxxxxxxxx
f_live
මේක න්ම් වෙනස්ම කතාවක් රෙටින් උනත් නියමයි අපෙ සහොට බොහොම පින් ඉක්මනට මේවා අරගෙන එන එකට
elakiri
එලම කිරි කිවුවා බලන්නම ඕනෙ
vee
ජය වෙවා නවින් සහෝට
wow
wow... maru :D
MaDUKZz
goda goda ada films godai seyrama patta
ccnp
Thanks
Dilan-
jaya wewa saholata apita unu kawuma wage subs genath dena akata
was
ඔහොම යන් මචන් නවින් සහොත් දැන් වැඩට බැහැලා වගේ.. මරු
eraNga
supiri films dena oyalata godakkkkkk thxxxxxxxxxxxxxxx
rukmal
meyka aththatama hoda film akak demala sinamawe haduna... aniwa hamoma balanna..
shann
බොහොම තුති නවින් සහෝ.තවත් සබ් දෙමු
hh
gr8 :D
උදාර
බාන්න දැම්මා... නියමයි
එරංග
එලස් බාමි බාමි අද දුන්න ෆිල්ම්ස් සේරම නියමයි අනික සේරම කොල්ලෝ ටික නියමයි
kalinga
ජය වේවා සහෝට දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ishara
ela ela ela ela ela
samaith4
සුපිරි වැඩක් තාමා හෙට බාන්න දාන්නේ,. තුති
waruna
onna niyamai mata ada balana aka hitha gannath ba :( ae kohoma unath pattai
අසංක
මමත් ගන්නවා එහෙනම්
ජය
ganidu
තෑන්ක්ස් වේවා!
mahela
supiri wadak
Sidath
aniwa ballana epai dala thiyena wisathareta anuwa, ahenam bohoma pin
“චූටී මල්ලි”
දෙමළ එකක් නේ
ඇත්තටම සහෝ ලාංකිකයෙක් විදිහට දැන්
මේවා බලනවද නැද්ද කියලා දෙපාරක් හිතන්න වෙලා
මොකද මුන් ලංකාවට කරන සක්කිලි , බලු වැඩ නිසා
නමුත් ඉතින් කලාවට ජාතිබේද නෑනෙ
හැබැයි එහෙමයි කියලා අපෙ රටට කොඩිවින කරන එවුන් කර උඩ තියාගෙනත් බෑ
දැක්කනෙ කාඩ්බෝඩ් විරයෝ කරපු අවලම් වැඩෙ පහුගිය දිනවල
කමක් නෑ තව ඒවට සබ් දෙන්න
ඔබට ජය....මන් කියපු දේ ඇත්ත නේ යාළුවනෙ දාමු බලන්න රිප්ලයි එකක්
lahiru
හැමදාම වගේ දකින්නේ නැති
බොරු වැඩ නැති පට්ට කතාවක්
මේක බලන්න සේරම සුපිරි
wall e
@චුටි මල්ලි
එහෙම බැලුවොත් බන් සුද්දා එදා ඉදන් අපිට වල කැපුව එක කොලේ... අදටත් එහෙමයි එහෙම හිතුවොත් සිංහල ඇරෙන්න එක ෆිල්ම් එකක් වත් බලන්න අපිට වෙන්නේ නෑ.එහෙම පටු අදහස් ගන්න එපා කියලා අපේ සහෝලගෙන් ඉල්ලනවා.කලාවට ජාති ආගම් බේද නෑ,මේවාට ඒ වගේ ඒවා ගේන්නත් නරකයි.. අපි බලන්නේ ෆිල්ම් එකක් මිස වෙන දෙයක් නොවේ.
ජය වේවා මෙ වගේ ෆිල්ම් එකක් සබ් එක්කම ගෙනාපු එකට
tharanga
මමත් කියන්නේ ෆිල්ම් එකේ ආගම ජාතිය වැඩක් නෑ..හොද නිරමාණයක් ඒ විදියට රස විදිමු කියලයි..මොකද ලංකාවේ බලන්න පුළුවන් ටෙලියක් ෆිල්ම් එකක් ගහන රටක්ය. අර කිවුවත් වගේ එහෙනම් ඉතින් ඉංග්‍රීසි ඒවා නොබලා ඉන්නත් වෙනවා,,,
පැතුම්
පට්ට ෆිල්ම් එකක් මොන ආගමේ උනත් අපි නම් බලනවා ... ජය
chandima
dvd wikunana thanaka wela balan idin.. hamoma illane indiayawe awa . boruwata uda pannata balanne awa.bana bana.. boru wadane.film aka mona basawe unama mokada hoda nam.anika api wage podi ratak oka baluwe na kiyala un film gahana aka nawathwaida...hikzzz...thx sub akata
Thushara
good film thx share
harsha
නියමයි කොල්ලා දිගටම සබ් දෙන්න
දසුන්
එල වැඩක් තවත් සබ් දෙමු සහෝ
akila
බලමු බලමු එහෙනම් .. මමත් කියන්නේ මට නම් කොහෙත්ම මොන රටේද කියන එක වැදගත් නෑ.. ෆිල්ම් එක හොද නම් බැලුවා එච්චරයි
lakshitha
goda goda bro
Nilanka
thanks naveen saho.aniwa meka balanawa....
Menu1024
Thank you :)
nalaka
මැක්සා මචං
ශාන් විමුක්ති [වීමා]
විකිය හැමෝටම අභියෝග කරනව වගේ he he he he... :v
නියමයි කොලුවෝ
මොන බාධකේ ආවත් අන්න එහෙම තමා ඉන්න ඕන නොසැලී ඉදිරියටම
එහෙමන්ම් ජය වේවා!
උපසිරසියට බොහොම තුති මචෝ :D***වැදගත් මෙය පෞද්ගලික අදහසකි :
චූටි මලේ උබේ කතාවනම් එක අතකට හරි වගේ පෙනුනට අනිත් අතට හිතනකොට මෙන්න මේකයි කියන්න තියෙන්නෙ මටනම්
"කලාවට ජාති ආගම් බේද තියාගන්න හොද නෑ. අපේ කොල්ලො දෙන්නෙක්ට උන් IPL ගහන්න එන්න දුන්නෙ නෑ, ඒව තමා උන්ගෙ ජරා සක්කිලි වැඩ ඒත් මචං අපි එහෙම වෙන්න හොද නෑ උන්ගෙ එක එක කෑලි පැටලුනාට අපි එහෙම නොවී ඉන්න ඕන මචෝ. උන් හැම දේම උන්ගෙ වාසියටයි ඔය කරන්නෙ, නැතුව උන්ට මේ ලංකාවෙ තියන ප්‍රශ්න ගැන කතා කරනවට වඩා වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? හදාපියවුකො ටොයිලට් ටිකක් හරි තමන්ගෙ රටේ තමන්ව අදහන්න ලෑස්ති වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන්.
ඕව එක එක උන්ගෙ දේශපාලන අනාගතේ වෙනුවෙන් කරන දේවල් බන්, බලපන් ලංකාවෙ ඉන්න කලා කාරයො කී දෙනෙක් රෙදි නැතුව කඩේ යනවද කියල. දකුනු ආසියානු රටවල මිනිස්සුන්ගෙ දහ ජරා දේශපාලනේ නිසා තම මේ රටවල් ජරා ගොඩක් වෙලා තියෙන්නෙ
ලංකාව, ඉන්දියාව, පකිස්තානෙ, මාල දිවයින, බංගලාදේශ්, භූතාන්, නේපාල්..
බලපන් මේ රටවල්වල මිනිස්සුන්ගෙ ජීවන පැවත්ම, ඉන්දියාව ආසියාවෙ තියන ඉහලම ආර්ථිකයකට උරුමකම් කියන රටක් උනාට ගොඩක් මිනිස්සුන්ගෙ ජීවන තත්වය ලංකාවටත් වඩා අන්තයිනෙ.
මේ හැම දේටම මුල ජරා දේශපාලනේ තමා, ඒ නිසා මචංලා අපි කලාව කියන විශ්වීය බාශාව අනිත් දේවල් එක්ක පටලවාගන්නෙ නැතුව ඉමු"
සිංහ වංශයේ කොල්ලො විදියට මගේ ආගමේ හැටියට බුදුරජාණන් වහන්සේගෙ දර්ශණයෙ තියන විදියට උපේක්ෂාවෙන් වැඩ කරමු!
එහෙම හොදයි නේද යාළුවනේ? භ්කැළුම්
නියමයි සහෝ හොද නිර්මාණයක් වගේ
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ටයි මචන්.... එල කතාවක් වගේ.... හෙටම ඔෆිසියේ බෑවෙන්න දානවා.... වැඩිය මමනම් දෙමලඑව්වට කැමති නැහැ..ඒත් මේක ඔඅහරක් වගේ.... ජය වේවා...
ජනන්ජය
ජය :)
“චූටී මල්ලි”
@ ශාන් විමුක්ති [වීමා]
උබේ කතාව හරියට හරි සහෝ
fii
tx
නවීන් ලක්ෂිත
කමෙන්ට් කරපු ඔක්කොටම ගොඩක් තුති මොකද ඔයාලගේ අදහස් අපිට ලොකු ශක්තියක් වෙනවා මොකද අපි කට්ට කාල නිර්මාණයක් කල එකේ සතුටක් ලබන්නේ ඔයාලගේ කමෙන්ට්ස් වලින් තමයි.
@ විමා / තරංග - මචන් මම උඹලත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි කොල්ලෝ මොකද අපිට උන්ගෙන් මොන ප්‍රශ්න ආවත් ඒවා අපි සිනමා නිර්මාණයකට අදාල කරගන්න නරකයි මොකද ඒක හින්දි වුනත් දෙමල වුනත් අපි බලන්න ඕනේ නිර්මාණය ගැන මිසක් භාෂාව ගැන නෙවෙයි.
මේ ෆිල්ම් එකට සබ් දාන්න පටන් ගන්න කලින් මම මේ ෆිල්ම් එක අරගෙන බැලුවා අදහසක් ගන්නත් එක්ක.එතකොට තමයි තේරුනේ මේකත් Taare Samin Pyaar වගේ වෙනස් තේමාවක් යටතේ හැදුනු නිර්මාණයක් කියලා ඒ වගේ නිර්මාණ අපේ සිනමාවේ බිහි වෙනවා අඩුයි. ඉතින් අපි මේකෙදි භාෂාව ගැන හිතන්නේ නැතුව නිර්මාණය රස විඳිමු නේද
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ado thawath patta akak supirine thxxxxxxxxxx