ආයුබෝවන්.. සුභ දවසක් වේවා බයිස්කෝප් සාමාජිකයින්ට. මම රොෂාන් ශමීර ජයසිංහ. මාසයක් වගේ කාලෙකට පස්සෙයි මම ආයෙත් ඔයාලව හම්බවෙන්න ආවේ. පහුගිය කාලේ ටිකක් කාර්යබහුල වූ නිසා මේ පැත්තේ එන්නත් බැරිවුනා. ගොඩක්ම හිස් අතින් එන්න බැරි නිසයි ආවේ නැත්තෙත්. පළමුවෙන්ම පසුගිය එක් අවාසනාවන්ත දිනයක අපේම සහෝදර සහෝදරියන්ට…

ආයුබෝවන්.. සුභ දවසක් වේවා බයිස්කෝප් සාමාජිකයින්ට. මම රොෂාන් ශමීර ජයසිංහ. මාසයක් වගේ කාලෙකට පස්සෙයි මම ආයෙත් ඔයාලව හම්බවෙන්න ආවේ. පහුගිය කාලේ ටිකක් කාර්යබහුල වූ නිසා මේ පැත්තේ එන්නත් බැරිවුනා. ගොඩක්ම හිස් අතින් එන්න බැරි නිසයි ආවේ නැත්තෙත්.
පළමුවෙන්ම පසුගිය එක් අවාසනාවන්ත දිනයක අපේම සහෝදර සහෝදරියන්ට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සැමට මාගේ බලවත් ශෝකය පිරිනමමි. තුවාල වූ සැවොම ඉක්මන් සුවය ලැබේවා..
හොදයි.. අද මම අරන් ආවේ 2002 වසරේ පෙබරවාරි 15 වන දින තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයකට සිංහල සබ් අරගෙනයි. මේ මගේ හතරවන උපසිරැසි නිර්මාණයයි.
දෙවන ලෝක යුද්ධය සමයේ යුධ සිරකරුවන් පිළිබද John Katzenbach ලිවූ නවකථාවක් ඇසුරෙන් සිනමාවට නැගුනු Hart’s War (හාට්ස්ගේ යුද්ධය) සිනමා නිර්මාණයයි.
ලුතිනන් ටොම් හාර්ට් යනු දෙවන ලෝක යුද්ධයේ රාජකාරී කල හමුදා බුද්ධි නිළධාරියෙක්. ඔහුගේ පියාගේ ඇති දේශපාලන බලය, සහය නිසා බොහෝ වෙලාවට යුධ පෙරමුණට නොයා මොහුගේ රාජකාරිය කදවුරට සීමා වෙයි. එක් දිනක් හමුදා රියදුරෙක් වෙනුවට තමාට ඉහල නිළධාරියෙක් සමග යන හාර්ට් අතර මගදී ජර්මන් හමුදාව විසින් අල්ලාගනී. මොහුගෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමට දීර්ඝ ප්‍රශ්ණකිරීමකින් අනතුරුව මොහුව යුධ සිරකරුවන් රදවා තබන හිර කදවුරකට මාරුකර යවයි. එහිදී ඔහුට ඇමරිකානු නිළධාරියකු වන කර්නල් මැක්නමරා හමුවෙයි. තෝමස් හාර්ට් ද නිළධාරියකු වුවත් මැක්නමරා සමග සම්මුඛ සාකච්චාවකින් පසු ඔහුව සොල්දාදුවන් සිටින බැරැක්කයකට යවයි. එහිදී ඇමරිකන් ජාතිවාදියකු වන මාණ්ඩලික සැරයන් වික් බෙඩ්ෆෝඩ්ව හමුවෙයි. මේ අතර තවත් යුධ සිරකරුවන් දෙදෙනෙක් මේ බැරැක්කයටම පැමිණෙයි. ඔවුන් ගුවන් බලගනයේ සිටි කළු ජාතික දෙදෙනෙක් වන ලුතිනන් ලාමර් ආචර් සහ ලින්කන් ඒ. ස්කොට්ය. මොවුන්ගේ පැමිණීම වික් බෙඩ්ෆෝඩ් ට කේන්ති දනවන කරුණක් විය. එයට හේතුව එක් පැත්තකින් ඔවුන් කළු ජාතිකයින් වීමත් අනෙක් පසින් ඔවුන් දෙදෙනා තමාට වඩා ඉහල නිළයන් වීමත්ය. කදවුරේ ප්‍රතිපත්ති වලට පටහැනිව ආයුුධයක් ළග තබාගැනීමේ වරදට ලුතිනන් ලාමර් ආචර් ට මරණ දඩුවම ක්‍රියාත්මක වේ. ලින්කන් සිතන්නේ මෙය වික්ගේ කුමන්ත්‍රණයක් බවයි. මේ අතර අභිරහස් ලෙස බැරැක්කයෙන් පිටතදී වික් ගේ මෘත ශරීරය හමුවේ. මේ මරණය සම්බන්ධයෙන් සියල්ලන්ගේම ඇගිලි ලින්කන් වෙත යොමුවේ. ලින්කන් ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සැරසෙන විට කර්නල් මැක්නමරා හිර කදවුර භාර අණදෙන නිළධාරී වර්නර් විසර් ගෙන් මේ සදහා නඩු විභාගයක් ඉල්ලයි. සැකකරුගේ නිතීඥයා ලෙස යුද්ධයට පෙර දෙවන වසරේ නීති ශිෂ්‍යයකු වූ හාර්ට් ට කටයුතු කිරීමට සිදුවේ. නඩු විභාගය අතරතුර හාර්ට් ට දැනගන්නට ලැබෙන්නේ මේ සියල්ල ව්‍යාජ රගපෑමක් බවත් මෙහි යටි අරමුණ කර්නල් මැක්නමරා සමග කණ්ඩායමක් කදවුරෙන් පලායාමට උත්සහ කරන බවත්ය.
අවසානයේ…
– මැක්නමරාගේ උත්සහය සාර්ථක වේද ?
– වික් බෙඩ්ෆෝඩ්ගේ සැබෑ මිනීමරුවා කවුද ?
– නඩු විභාගයෙන් ලින්කන් ස්කොට් ජය ගනීද ?
මේ සියල්ලටම පිළිතුරු දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
කර්නල් විලියම් මැක්නමරා ලෙස Bruce Willis ද
ලුතිනන් තෝමස් හාර්ට් ලෙස Colin Farrell ද
කදවුරේ අණදෙන නිළධාරී කර්නල් වර්නර් විසර් ලෙස Marcel Iures
ලින්කන් ස්කොට් ලෙස Terrence Howard ද සහ වික් බෙඩ්ෆෝඩ් ලෙස Cole Hauser ද රංගනයෙන් එක්වේ.
තවද අද වන විට ප්‍රධාන චරිත වලින් අපි දකින කීප දෙනෙක්ම මෙහි සෙසු චරිත වලින් දැක බලාගන්න පුළුවන්. පුරා පැය 2යි විනාඩි 5ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය IMDb 6.3/10 ක අගයක් ලබාගෙන ඇත. තවද හොදම නළුවා ලෙස Golden Goblet සම්මානයද මෙම චිත්‍රපටයට ලැබී ඇත. MGM සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය Gregory Hoblit ගේ අධ්‍යක්ෂණයකි.
නැවතත් මේ වගේ චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන මම එන්නම් ඔයාලව හමුවන්න.
ඔයාලා සැමට ආරක්ෂිත සුබදායී සති අන්තයක් වේවා…

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
2,888 downloadsDownload Harts.War_.2002.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
19 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ......!
පුලුවන්නම් දිගටම මේ වගේ පරන උනත් හොද ෆිල්ම් වලටම සබ් දෙමු සහෝ....malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
Suranjan
Thanks jayawewa......!
damindabg
good job
machan
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි.. මේ දවස් වල ටිකක් උපසිරැසි අඩුවක් තියේ වගේ නේද.. පිලුම් බලන්න ඇබ්බැහි වෙලා පිලුමක් නැතිවුනාම නිකම් මොකක්දෝ වාගෙ..
sampath n perera
thanks
Wicki
ස්තූතියි
Sktmdb Karunarathne
thanks
chinthaka_priyadrshana
Thank U Very much bro..............
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Asanke
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dlen
thank you.
AsithaDilruwan
ela saho thanks
jagath55
Thanks
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි උපසිරැසියට
santhusha319
elama machan
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සහෝ සබ් එකට....
ජය වේවා.!