Watch Trailer

Birds of Passage (2018) AKA Pájaros de verano Sinhala Subtitles | ලොවට කියනු මැන විහඟුනි…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Of Fathers and Sons (2017) අන්තවාදයේ නිරුවත…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Of Fathers and Sons (2017) අන්තවාදයේ නිරුවත…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මානය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නාවූ විශිෂ්ට සිනමාපට රැසක් අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී යන්නාවූ වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමක උපසිරැසියක් ලබා දෙන්නයි.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ කොළොම්බියානු සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. මේක IMDb දර්ශකයේ 7.8ක් rotten Tomatoes වර්ගීකරනයේ 95% ක් එක්කම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 16ක් සහ තවත් නිර්දේශවීම් 26ක් ලබාගත්තු සුපිරිම කොළොම්බියානු සිනමා සිත්තමක්. තවත් දෙයක්, මේ සිනමා සිත්තම මේ වසරේ පැවත් උන ඔස්කාර් සම්මාන උලළේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් කොළොම්බියානු ඉදිරිපත් කිරීම බවට පත් උනා වගේම ඒ සම්මානයට නිර්දේශිත අවසන් සිනමාපට 9 අතරට ඇතුලත් වන්නටත් මේ සිනමා සිත්තමට හැකියාව ලැබුනා.

මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. මේ සිනමා සිත්තම නිර්මාණය වෙලා තියෙන්නේ (1960 – 1980) අතර කාලයේදී උතුරු කොලොම්බියාවේ පිහිටි ගුආජිරා ප්‍රදේශයේ ජීවත් වූ වායූ ගෝත්‍රික ජනයා අතර සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් පදනම් කරගෙනයි. මේකේ කතාව තේරුම් ගන්න නං ඔවුන්ගේ ඒ සංස්කෘතිය ගැන අදහසක් තියෙන එක වටින නිසා ඒ දේවල් අදාල තැන් වලදී වෙනම වර්ණයකින් සබ් එකේ දක්වලා තියෙනවා.

රපායෙට් කියන්නෙ පොඩි කාලෙදීම දෙමාපියන් අහිමි වෙලා වායූ ගෝත්‍රයෙන් ඈත් වෙලා පිටස්තරයොත් එක්කම හැදී වැඩුන තරුණයෙක්. අවුරුදු ගානනාවකට පස්සේ වායූ තරුණියක්ව විවාහ කරගැනීමේ අදහසින් ආපහු ගමට එන රපායෙට්, කොහොමින් කොහොම හරි ගමේ හිටපු සුන්දරතම තරුණිය උන ගමේ නායකයගේ ඥාති දියණියව අනෙකුත් වායූ තරුණයොත් එක්ක තරග කරලා දිනා ගන්නවා. හැබැයි අමාරුම වැඩේ තියෙන්නෙ ඊළගටයි, ඒ තරුණියව විවාහ කර ගන්න නං එයාගෙ අම්මා ඒ වෙනුවෙන් ඉල්ලා සිටින දෑවැද්දක් ගෙවන්න රපායෙට්ට සිද්ධ වෙනවා. ඒ අනුව රපායෙට්ට ගෙවා ගැනීමට නොහැකි තරමේ වූ විශාල දෑවැද්දක් ඒ තරුණියගේ අම්මා රපායෙට් ගෙන් ඉල්ලනවා. යාලුවෙක් එක්ක එකතු වෙලා බොහොම සුළුවට බඩු ටිකක් විකුණගෙන ඉන්න රපායෙට් කොහොමද එච්චර ලොකු ගාණක් හොයා ගන්නෙ…? පිස්සුවෙන් වගේ සල්ලි හොයා ගන්න විදියක් ගැන හිත හිත ඉන්න රපායෙට් දකින්නේ ඇමරිකාවෙන් ආපු සුදු මහත්තුරු වගේකුත් පිස්සුවෙන් වගේ මොනවදෝ මන්දා කැලෑ කොළ වගයක් හොය හොයා ඉන්න හැටියි. ඒ සුදු මහත්තුරු පිස්සුවෙන් වගේ හොයන කැලෑ කොළ වෙන මොනාවත් නෙමෙයි මරිජුවානා…. එහෙමත් නැත්තං ගංජා…. හිත ගත්තු තරුණියව විවාහ කර ගන්න සල්ලි හොයන රපායෙට්ගේයි කැලෑ කොළ හොයන සුදු මහත්තුරුන්ගේයි ඒ හමුවීමත් සමගින්ම ඔවුන්ගේ දෛවයන් කෙසේ ලියැවේවිද….? මේ ඔබත් මමත් දිවි ගෙවනා ලෝකයේ කොනක සිදුවූ තවත් එක් කතාවක් පමණක්ම නෙමෙයි. ඒ සියලු සියලු කතාවන්හි අවසානයයි…. අවසරයි නරඹන්න ” ලොවට කියනු මැන විහඟුනි…. “

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. තවත් වෙනස්ම විදියේ චීන සිනමා නිර්මාණයක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,363 downloadsDownload Birds-of-Passage-2018.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

3,363 downloadsDownload Subtitles72 KB

69 comments

  1. hegoda

    අප වෙනුවෙන් කරන ලද සත් කාර් යට ස්තූතියි. හැකිනම් Apollo.11 - 2019 ට උපසිරිසි දෙන්න.

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි....! අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම්....

  2. MAALnath

    Thanks ..........good luck ...........zookeeper 2011 movie ekath sub denna ......................

  3. Bandaramudiyansi

    බොහොම ස්තුතියි .සුපිරි වගේ

  4. sanjeew123

    where eagles dare
    the eagle has landed
    Come and See
    patton
    the last drop

    1. හසිත මධුෂාන්

      Come and See (1985) මේ ෆිල්ම් එකටත් මම සබ් එකක් දීල තියෙනව සහෝ.... පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මේ ටිකත් හොඳ ෆිල්ම් සෙට් එකක් වගේ අනිවාර්යයෙන්ම වෙලාව තියෙන විදියට සබ් හදන්නම් සහෝ....

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request
    The Professor (2018)

    1. හසිත මධුෂාන්

      හොඳ ෆිල්ම් එකක් වගේ.... මම බලලම කියන්නං සහෝ.... මම දැක්කා ඔයා තැන් දෙක තුනකදීම ඕකට සබ් ඉල්ලලා තියෙනවා....

  6. Krishan NiShalya

    බොහොම ස්තුති පහර ෆිල්ම් වලට සබ් දෙනවට ..
    Good Luck !

    පුළුවන් ඒවාට දෙන්න හැකිනම්
    Citizen Kane (1941)
    Dead Poets Society (1989)
    Almost Famous (2000)
    Sherlock, Jr. (1924)
    The Bandit (1996)
    Amadeus (1984)
    K-PAX (2001)
    Scent of a Woman (1992)
    The Diving Bell and the Butterfly (2007)
    Magnolia (1999)

    1. හසිත මධුෂාන්

      The Bandit (1996) මම බලපු ලස්සනම කතාවක් තියෙන ෆිල්ම් එකක්. ඒකට මම සබ් එකක් දීල තියෙනව සහෝ. පොඩ්ඩක් සර්ච් කරල බලන්න. ඒක අනිවා බලන්නම ඕනෙ ෆිල්ම් එකක්.... හොඳ ෆිල්ම් සෙට් එකක් වගේ.... මම මේවටත් වෙලාව තියෙන විදියට සබ් හදන්නම් සහෝ....

  7. shiyamal

    Thanks so... Mutch
    The Legend of 1900 (year 1998)
    mema film eka balanna Bro. sub akak dennawanam loku pinak "putha". Thanks Again.

    1. shiyamal

      IMBD Raete 8.1
      Another Good Fim
      Turtles Can Fly

    2. හසිත මධුෂාන්

      Turtles can fly ෆිල්ම් එකට සබ් එකක් තියෙනව සහෝ. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.
      අනිත් ෆිල්ම් එක මම බලලම කියන්නං කොහොමද කියලා...

    3. shiyamal

      සහෝ "The Legend Of 1900" (1998) බලන්න. ඒකට සබ් නැහැ.
      අති විසිස්ට චිත්රපටයක්.

    4. හසිත මධුෂාන්

      ෆිල්ම් එක බෑවට තවම බලන්න වෙලාවක් ලැබුනෙ නැහැ සහෝ.... බලලම කියන්නං කොහොමද කියලා...

  8. Pradeepkumara

    Thanx saho

  9. Asanke

    Thanks for sub

  10. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  11. gihan perera

    මරු මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ..

  12. Thilina Jayarathna

    thx macan .pulvnm menna mevata kauru hari kmkna uba hari dipan

    The Bride (2017)
    The Professor And The Madman (2019)
    The.Kid.2019
    Casualties of War (1989)

    1. හසිත මධුෂාන්

      හොද ෆිල්ම් ටිකක් වගේ.....
      මම බලලම කියන්නම් කොහොමද කියලා....

    2. Thilina Jayarathna

      ela macan uba vitarai msg ekata mehma hari reply kre .godak ayata kiva . samahara tv seris bageta dila navattala bn tynne ocean girl tava timeless .kata hari dipanko macan krnna kiyn ko e tika ta

    3. හසිත මධුෂාන්

      Casualties of war බැලුවා... මටත් මග ඇරිලා තිබුන හොද ෆිල්ම් එකක්. මම ඒකට සබ් එකක් හදන්නම්.

    4. Thilina Jayarathna

      thx macan adarei ahh

  13. Tharaka

    THANKS........

    1. Malithsank

      Mchn උඹ මේ කරන් එන වැඩේට ගොඩාක් පින්

      මන් කලින් දවසකත් කිව්වා වගේ ලෝක සිනමාවේ විශිෂ්ඨ නිර්මාණ හොයාගෙන අපි අතරට අරන් එන එකට බොහොමත්ම ස්තූතියි !!!!

  14. malithmadhushan45

    බොහොම ස්තුතියි හසිත සහෝ උපසිරසට

  15. THE NEW FOLDER

    වටිනා කාලය වැය කරන සේවයට ස්තුතියි

  16. nish47

    ස්තූතියි මචන්

  17. Udaya Saman

    උපසිරසියට බොහොම තුති හසිත අයියා

  18. TharakaWAS

    Subata thanks saho...!!!

  19. wcr

    Thank You!

  20. Supun Nadeeke

    Branded 2012 Sub eka hadala denna puluwanda.?

    1. හසිත මධුෂාන්

      මම බලල තියෙන ෆිල්ම් එකක් නං නෙමෙයි සහෝ... මම බලලම කියන්නං කොහොමද කියලා....

  21. sampath n perera

    kalin ekath niyamai
    mekath gannawa oyata jayamawewa.......

  22. MadhuBandara

    Thank You Yaluwa

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. Eranga Sandaruwan

    උප සිරසියට බෝම ස්තූතියි
    ජය වේවා

  25. Nuwaaa

    Man samanyen commnt karnne ne. eth me wage hoda film hoya hoya sub dena ekata commnt ekak dala hari thankz kare naththn hithatath hari ne.. godak thankz machan me wage ewa hoya hoya sub denawata. keep it up..

  26. දමිත් රත්නායක

    වෙනදා වගේම සුපිරි චිත්‍රපටයකට උපසිරැසි ගෙනල්ලා.
    බොහොම ස්තුතියි හසිත සහෝ.
    ජයෙන් ජය.

    1. malinga heshan

      එල..සුප්පා..

  27. visartnadeera

    Bohoma sththi sub ekata.....jayawewa .............

  28. Thilankadissanayake

    thanks

  29. Geethi

    Thanks for sub.
    If you can pls give us subtitle for "AMONG THE BELIEVERS"

    1. හසිත මධුෂාන්

      මමත් බාල තවම බලන්න වෙලාවක් නොලැබුන ෆිල්ම් එකක් තමයි ඕක. හොද ෆිල්ම් එකක් කියලා අහල තියෙනවා.... බලලම කියන්නම් කොහොමද කියලා....

  30. IreshSampath

    thanks

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. sum

    Thank you

  33. chinthaka_priyadrshana

    Thank U Bro..........

  34. AsithaDilruwan

    ela saho thanks

  35. chinthaka_priyadrshana

    මම comment එක දැම්මෙ film එක බලන්න කලින්.. ඔය සුපිරියටම උපසිරිය කරල තියෙනව....එම ගෝත්‍රික ජනයා ගැන නොදත් බොහෝ කරුනු දන ගැනීමට ලැබුණා....ඇත්තටම ගොඩක් ස්තුතියි සහෝ.....

  36. jagath55

    THANKS

  37. malinga heshan

    එල..සුප්පා..මචං

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  39. Wicki

    සම්මානනීය සිනමා සිත්තමක් තිළින කළ ඔබට බොහොම ස්තූතියි. මම ඔබට ඉතාම කෘතවේදී වෙනවා සිටිසන් කේන් සදහාද උපසිරස ලබා දිය හැකි නමි. සුබ පැතුම්

    1. හසිත මධුෂාන්

      සමාවෙන්න සහෝ අදයි කමෙන්ට් එක දැක්කෙ.
      සෑහෙන දෙනෙක් ඉල්ලපු සබ් එකක්....
      පුලුවන් තරම් ඉක්මනටම සිටිසන් කේන් සබ් එක දෙන්නම්.

  40. Thusitha Indrajith

    english walin ne thiyenne...

    1. හසිත මධුෂාන්

      නෑ සහෝ ඒ වීඩියෝ පිටපතේම තියෙන හාර්ඩ් සබ් එක. සිංහල සබ් එක ප්ලේයරේට හරියට ඇඩ් වෙලා නෑ වගේ....

  41. Waruna Kamalawansha

    වෙනස් කතාවක් වගේ. බලමු. බොහෝම ස්තූතියි උපසිරැසියට

  42. MAALnath

    Thanks ...............good luck ....................

  43. Hassy

    Thanks a lot. Colombian movie subs are so rare in this site. Go on :)

  44. Thilina sasala

    Thanks a lot.you had always choose great films.wht is about the keeper 2019

    1. හසිත මධුෂාන්

      රියල් ස්ටෝරියක් බේස් කරන් හැදුන වෙනස්ම විදියේ ෆිල්ම් එකක් නේද සහෝ...?
      මම බලලම කියන්නම් කොහොමද කියලා...

  45. Nidi

    නියමයි හසිත.
    ෆිලුමත් සබ්ස් ටිකත්!

  46. Madhura sri

    thnx bro

  47. avishka360

    Thanks

  48. srgtd321

    Thanks Machan..

  49. Hassy

    me film eka mama baluwa meken download karan.supiri.mara culture ekak gana igenaganna puluwan meken. me wage mexican , colombian, brazilian movies walat sub denna.. thanks !!

  50. MadusankaMunasinghe

    Thanks