Watch Trailer

Hatari! (1962) with Sinhala Subtitles | කතර මැද වන සතුන් අතර… (හටාරි) [සිංහල උපසිරැසි සමඟ]

“හටාරි” ත්‍රාසජනක මෙන්ම විනෝදාත්මක සිනමා පටියකි. සත්වෝද්‍යාන සඳහා වන සතුන් ඇල්ලීමේ අතීශය අනතුරුදායක වූත්, එහෙත් ඉතා ලාභදායි, එමෙන්ම ඉතා සිත් ඇදගන්නා සුලුවූත් වෟතීයක නියැලෙන කණ්ඩායමක ක්‍රියාකාරීකම් ඇතුලත් ඉතා ජනප්‍රිය වූ සිනමාපටියකි, “හටාරි” යනු ස්වාහීලී නම් අප්‍රිකානු භාෂාවෙන් “අනතුරුදායක” යන අරුත…

Hatari! (1962)

“හටාරි” ත්‍රාසජනක මෙන්ම විනෝදාත්මක සිනමා පටියකි. සත්වෝද්‍යාන සඳහා වන සතුන් ඇල්ලීමේ අතීශය අනතුරුදායක වූත්, එහෙත් ඉතා ලාභදායි, එමෙන්ම ඉතා සිත් ඇදගන්නා සුලුවූත් වෟතීයක නියැලෙන කණ්ඩායමක ක්‍රියාකාරීකම් ඇතුලත් ඉතා ජනප්‍රිය වූ සිනමාපටියකි,

 “හටාරි” යනු ස්වාහීලී නම් අප්‍රිකානු භාෂාවෙන් “අනතුරුදායක” යන අරුත ගෙන දෙන්නකි. ඉතා කුඩා කල පාසල මගින් අපව ගෙන ගොස් කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී නැරඹීමට සැලැස්වූ මෙම සිනමා පටයේ, ත්‍රාසජනක දර්ශන මෙන්ම, මෙයට ඇතුලත් දැනටත් ලොවපුරා ජනප්‍රිය “Baby elephant walk”නම් වූ සංගීත කණ්ඩයද අදටත් මතකයෙන් ගිලිහී නොයන්නකි.

මෙය ලමුන් සඳහා විශේෂයෙන් නිර්මාණය වූවක් නොවේ. ලමා වැඩිහිටි සැමට එකසේ නැරඹිය හැකි ලෙස නිපදවා ඇති මෙය, එවකට සිටි සිනමාලෝලීන් නොවරදවා නැරඹු සිනමා පටියකි. IMDB 7.2 ක අගයක් ලබා ඇති මෙය, එම වර්ෂයේ වැඩිම ආධායම ලැබූ සිනමා පට අතරටද එක් උනා. සිනමා පටයේ පසුබිම  ගැන විස්තරයක් කරන්නම්. මෙහි අධ්‍යක්ෂක වරයා අප්‍රිකාවේ සතුන් අල්ලන්නන් ගැන සිනමාපටයක් නිර්මානය කිරීමට අදහස් කලත් සුදුසු තිර රචනයක් හෝ කථා පිටපතක් හමු නොවින. එබැවින් පලමුව නළු නිළියන් සමග අප්‍රිකාවට ගොස් වන සතුන් ඇල්ලීම හා ඒ හා සම්බන්ධ දර්ශන රූ ගත කර ගෙන ඉන්පසු එම දර්ශන ඇතුලත් කරගෙන කථාව නිර්මානය කර ගෙන තිබෙනවා.

අරූෂා නම් වූ අප්‍රිකානු නගරය මධ්‍යස්ථානය කරගෙන,”ෂෝන්” (අතිදක්ෂ ජනප්‍රිය ක්‍රියාදාම නළුවෙක් වූ John Wayne ) නම් වූ නායකයකු යටතේ සෆාරි චාරිකා ප්‍රවීණයකු වන “ඉන්ඩියන්”, මැක්සිකන් ගොන් පොර ක්‍රීඩකයකු වන “ලුවිස්” (වෟතීමය ගොන් පොර ක්‍රීඩකයකු වන Valantin Girardon), ඇමරිකානු කුලී රථ රියැදුරෙකු වන “පොකට්” ( විකට නළු Red Button ), ජර්මන් රේසිං රථ ධාවකයකු වන “කර්ට්”, සමග (මෙම කණ්ඩායම මුල් කාලයේදී රයිනෝ සතෙකු ඇල්වීමට යාමේදී මියගිය සාමාජිකයකුගේ දියනිය) “බ්‍රැන්ඩි” තරුණියද ඇතුලත්ව මෙම කණ්ඩායම ගොඩ නැඟී ඇත. පසුව වෟතීය වන සත්ව ඡායාරූප ශිල්පිනියක්ද, වෙඩික්කරුවෙකුද මෙම කණ්ඩායමට සම්බන්ධ වේ.

මෙහි  වන සතුන් අල්ලා ගැනීමේ දර්ශන සඳහා යොදා ගෙන ඇත්තේ පුහුණු කල සතුන් නොව, සත්‍ය ලෙසම වල් සතුන්ය. අල්ලා ගැනීමේ අවස්ථාවන්ද සත්‍යම අවස්තාවන් වේ. විශේෂත්වය වන්නේ, ස්ටන්ට්මන් හෝ ආදේශක නළුවන් යොදා නොගෙන, ප්‍රධාන නළු නිළියන්ටම එම අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වීමයි. සිදුවන ට්‍රක් රථ අනතුරුද සත්‍ය සිදුවීම් වන අතර පසුව සුදුසු පරිදි එක් කර ගෙන ඇත.

ආදරය, හාස්‍ය, ත්‍රාසය, මිනිසුන් අතර ඝට්ටන මෙන්ම ලෙන්ගතුකම්ද කැටිකොටනිමැවී ඇති මෙම අගනා සිනමා පටය නරඹා, මෙම උප සිරැසිය ගැන ඔබේ අදහස් දක්වන්නේ නම් ස්තූතිවන්ත වෙමි. මෙයට පෙර මා ලබාදුන් උපසිරැසි සඳහා අදහස් දැක්වූ සැමටත් ස්තූති කරමි. ස්තූතියි!

Hatari! (1962) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hatari!.1962.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

447 downloadsDownload Hatari.1962.Baiscopelk.com_.rar55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SIRIJAYA

Subtitles

447 downloadsDownload Subtitles55 KB

19 comments

  1. Udara Damith B/K

    ela

  2. අසිත

    elama saho thanks

  3. withanage priyantha

    සිරිජය සොයුර,
    එකළ ආන්දෝලනාත්මක සිනමාපටයක් වූ මෙවැනි අගනා නිර්මාණයකට සිංහල උපසිරසි සැපයීම පිළිබඳව ඔබට මුලින්ම ස්තුතිවන්ත වෙමි. මෙම සිනමාපටය මා මීට පෙර නරඹා ඇති නිසා සිංහල උපසිරසි සහිතව නරඹන්නට කැමතියි. දැනටත් මෙහි උපසිරසි නොමැති DVD තැටිය මා ළඟ තිබෙනවා. මා ඔබගේ උපසිරසි සහිත සිනමාපට මීට පෙරත් නරඹා තිබෙනවා, ඒ නිසා මෙයත් අනිවාර්යයෙන් නරඹනවා. ඔබගේ වෙහෙසට නැවතත් මාගේ ස්තුතිය!

  4. Thilakarathna

    ඔබ විසින් මීට පෙර උපසිරසි කළ ඩොක්ට ශිවාගෝ, ගෝන් විත් ද වින්ඩ් වැනි සවර්ණමය චිත්‍රපට අතරට මෙයත් අගනා එකතුවක් වේවි. ඔබට ජය!!!

  5. hiran

    gdk tnx api wenuwen krna sewayata... me wagema thwa parana english films denna kiyla illanawa.. baiscope ekata semada jaya

  6. සනත් ගුණතිලක​

    මේ වගේ පරන සිනමා නිර්මාණ සදහා උපසිරසි ලබාදීම ඉතාම අගෙයි.. අලුත් චිත්‍රපට මෙන්ම පරණ චිත්‍රපට වලටත් ප්‍රිය කරන ලොකු පිරිසක් බයිස්කෝප් අඩවියේ ඉන්නවා.. දිගටම පරණ චිත්‍රපට සදහාම උපසිරසි ලබාදෙනවානම් එය වචනයෙන් කියා නිම කල නොහැකි තරමේ ලොකු සේවයක් අපි වගේ පරන නිර්මාණ ප්‍රිය කරන අයට​..
    පුලුවන්නම් ජපන් සිනමා අධ්‍යක්‍ෂක Akira Kurasova මහතාගෙ ඉතිරි චිත්‍රපට සදහාත් උපසිරසි ලබාදීමට හැකිනම් ඉතාමත් වටිනවා. (ඔහුගේ Seven Samurai, Rashomon යන සුපිරි චිත්‍රපට දෙක පමණක් බයිස්කෝප් අඩවියේ ඇත​)

    ඉටුකරන්නා වූ සේවයට ඔබට නැවතත් බොහෝමත්ම ස්තූතියි...

  7. mithun

    ඔය ලියල තියන ලිපිය නිසාත් හොද රෙටින් එකක් තියෙන නිසාත් මට,මෙක බලන්න හිතෙනව පැරැණි චිත්‍රපට වලට මමත් ගොඩක් ප්‍රිය කරන කෙනෙක් ස්තුතියි සිංහල උපසිරැසිගැන්නුවට සහො
    බලන්නම ඔන

  8. Chalana RUkshan

    thnx bro...

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Eranga Nayanajith

    Nice film machan. kalekin balapu hodama film ekak.... ela

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. withanage priyantha

    සිරිජය සොයුර,
    මෙම වීඩියෝවේ ධාවන කාලය සහ මෙගා බයිට් ගණන හැකිනම් කොමෙන්ටුවකින් දමන්න. ඔබගේ ඉදිරි නිර්මාණවලදීත් එසේ දමනවා නම් හොඳයි. එවිට අදාළ කාලය සහිත වීඩියෝව කොහෙන් හෝ බාගත කළ හැකියි. ස්තුතියි!

  13. sirijaya

    විස්වතරයේ අඩුපාඩුවක්ව තිබුන කාලය හා මෙගා බයිට් ප්‍රමානය නැතිකම විතානගේ සහෝ පෙන්වා දී තිබුනා. සමාවන්න. මෙන්න එය.
    ප්‍රමානය ගිගා බයිට් බයිට් 1.09, ධාවන කාලය විනාඩි 157, ටොරන්ට් එක සොයා ගන්න "yify torrent hatari" යනුවෙන් Google සර්ච් කරන්න.

    1. withanage priyantha

      ස්තුතියි සොයුර! ඔබගේ විස්තරය අනුව මා එය ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් මෙහි ලින්ක් දාන්නේ නැති නිසා එම විස්තරය වැදගත් වෙනවා.

  14. ARA

    THANKZ machan...niyama film ekak..parana wunath supiri....

  15. Pushpakantha Sadaruwan

    thanks bro sub akata

  16. ricadodamien

    a very beautiful movie it was. Thank u Sirijaya brother & baiscope team for the sub, all the best to baiscope team..........

  17. sisira

    thanks saho...the mountain of the cannibal god film ekata sub denna puluwannam

  18. Anonymous

    Sub එක්ක ආපහු බැලුවා
    Thank you