ඉතින් කොහොමද? ගොඩාක් කාලෙකින්. ඇත්තටම කාර්යබහුල වෙච්ච නිසා සබ් එකක් දෙන්න තියා ෆිල්ම් එකක් ගන්නත් මේ පැත්තට ආවෙ නැති තරම්. යාළුවො බාගනිපු ෆිල්ම් තමයි බැලුවේ. අන්තිමට සබ් එකක් දීල දැන් මාස 5කුත් වෙනවා. මේකත් බාර අරගෙන සතියක් විතර ගියා. මගේ අටවෙනි සබ් එක විදියට මම අරන් ආවෙ නෝර්වේ රටේ ෆිල්ම් එකක්. නෝර…
ඉතින් කොහොමද? ගොඩාක් කාලෙකින්. ඇත්තටම කාර්යබහුල වෙච්ච නිසා සබ් එකක් දෙන්න තියා ෆිල්ම් එකක් ගන්නත් මේ පැත්තට ආවෙ නැති තරම්. යාළුවො බාගනිපු ෆිල්ම් තමයි බැලුවේ. අන්තිමට සබ් එකක් දීල දැන් මාස 5කුත් වෙනවා. මේකත් බාර අරගෙන සතියක් විතර ගියා.
මගේ අටවෙනි සබ් එක විදියට මම අරන් ආවෙ නෝර්වේ රටේ ෆිල්ම් එකක්. නෝර්වේ රටේ එකක් නිසා ඉන්න නළු නිළියෝනම් එච්චර පුරුදු නැතිව ඇති. නම් කියන්නත් අමාරුයි. Crime, Thriller වර්ගයට අයිති IMDB එකේ 7.6ක් ගත්ත මේ සුපිරි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Morten Tyldum කියන කෙනා. සම්මාන උළෙලවල් කීපයකම සම්මාන ගොඩකට නිර්දේශ වෙලා කීපයක් දිනාගත්ත මේ වගේ සුපිරි එකක් මෙච්චර කල් ගිහිල්ලත් බයිස්කෝප් එකේ නැති එකට හේතුව මේක වෙනත් භාෂාවක එකක් වීම වෙන්න ඇති.
මේකේ කතාව පැත්තට පොඩ්ඩක් ගියොත් ප්‍රධාන චරිතය රොජර් බ්‍රවුන් කියල හෙඩ්හන්ටර් කෙනෙක්. ඒ කියන්නේ විවිධ ආයතන වල රැකියා සඳහා සුදුසු අය නිර්දේශ කරන කෙනෙක්. හැබැයි මෙයා පොඩ්ඩක් මිටි කෙනෙක් (ඒ රටේ හැටියට). මෙයාගෙ වියදම් අධික ජීවිතේ නිසා සල්ලි හොයන්න හොරකම් කරනවා. හොරකම් කරන්නේ වටිනා චිත්‍ර. මේක ගැන දන්නේ උදව් කරන එකම යාළුවෙක් විතරයි. හොරකමට සැලසුම හදන්නෙත් රැකියා වලට ඉන්ටර්වීව් කරන අයගෙන්ම තොරතුරු අරගෙන. මෙයා ගොඩාක් ආදරේ කරන ඔහුට වඩා උස බිරිඳක් ඉන්නවා. ඇය මගින් හඳුනගන්න කෙනෙක් රැකියාවකට යොමු කරන්න උත්සාහ කරන අතරේ මෙයා දැනගන්නවා ඔහු ළඟ වටිනා චිත්‍රයක් තියන බව. මේක හොරකම් කලත් එක්කම තමයි මෙච්චර කල් සුපිරියට කරගෙන ආපු ඔක්කොම දේවල් අනිත් පැත්තට හැරෙන්නේ. මේ පුද්ගලයත් එක්ක තමන්ගේ බිරිඳගේ සම්බන්ධයක් තියනවා කියල දැනගන්නවා වගේම, හොරකම් වලට උදවු කරපු යාළුවා තමන්ගේ ගෙදර ගැරේජ් එකේ තමන්ගෙම කාර් එක ඇතුලේ මැරිලා වැටිලා ඉන්නවා මෙයාට හම්බ වෙනවා.
බිරිඳ හරහා මොහුට සම්බන්ධ වෙන කෙනා කවුද? එයාගේ අරමුණ මොකක්ද? චිත්‍ර හොරකම් පස්සේ එලවන පොලීසියෙන් වගේම, මිත්‍රයාගේ මරණයේ චෝදනාව එල්ල වීමෙන් බේරෙන්න මෙයාට පුළුවන් වේවිද? මේ ටික දැනගන්න ෆිල්ම් එක අරගෙන බලන්න තමයි තියෙන්නෙ. හැබැයි මේකේ පොඩි 18+ සීන් ටිකක් තියන නිසා ළඟ තියාගත්තොත් පොලීසියෙන් බේරෙන්න මේ වගේම ගේමක් දෙන්න වෙයි. එහෙනම් ආයෙමත් පුළුවන් වුණු ගමන්ම තවත් සබ් එකක් අරන් එන්නම්. තෙරුවන් සරණයි…
849 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
4598DC053417428774EB6DA75B21AB2EA38783F5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,170 downloadsDownload Headhunters-2011.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
17 comments
Jack
SEO SPIDER
"මේකේ පොඩි 18+ සීන් ටිකක් තියන නිසා ළඟ තියාගත්තොත් පොලීසියෙන් බේරෙන්න මේ වගේම ගේමක් දෙන්න වෙයි."
බුදු අම්මෝහ්.
රාං කුරුල්ලා
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.
කතාව විස්තර කරල වැඩියි වගේ කියලා හිතෙනවා
එහෙම වුනාම කුතුහලය අඩුවෙන්න පුලුවන්දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජය
Kulanjana Maduranga
niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
nelson
thanks brither
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!rajitha
Thanks machan........!
නලින්
ස්තුතියි දිල්ෂාන් සහො!
ජය වෙවා!Sajith Anthony
නියම ෆිල්ම් එකක්නේ
බොහෝම ස්තුති සබ් එකට
ජය වේවා...!!Thisara Fernando
Thanks..Bro!!!!!!!!!!!!
harsha
ඔන්න සබ් එක්ක ෆිල්ම් එක බැලුවා. පට්ට!!. සබ් එකට තෑන්ක්ස් සහෝ..!!
රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
Lakshansilva18
Thanks
Anonymous
පට්ට ෆිල්ම් එක
එක
Thank you bro.....සසි
සබ් එක නියමයි තව කරන්න ගුඩ් ලක්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Headhunters (2011) with Sinhala Subtitles | උස අඩු වුණත් මොළේ කොහොමද..? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Headhunters-2011.jpg)

නියමයි සහො.
පට්ට කතාවක් වගේ.
බෝහෝම ස්තුතියි සබ් එකට.
ජය...