Watch Trailer

Max (2015) with Sinhala Subtitles (100) | මිනිසාගේ ලබැඳි මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ. කොතනින් කොහොම පටන් ගන්නද මන්දා. මෙහෙම පටන් ගන්නම්කො. අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ අරන් ආවෙ මගෙ සිය වෙනි උපසිරසිය. මෙච්චර දුර එන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මෙච්චර දුර එන්න ලැබුනෙ මගෙ පවුලෙ අයත්, අපේ බයිස්කොප් අඩවියෙ සහෝදර සහෝදරියො වගේම මේ උපසිරසි අරගෙන බලන අදහස් කමෙන…

Max 2015

ඉතින් යාළුවනේ. කොතනින් කොහොම පටන් ගන්නද මන්දා. මෙහෙම පටන් ගන්නම්කො. අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ අරන් ආවෙ මගෙ සිය වෙනි උපසිරසිය. මෙච්චර දුර එන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මෙච්චර දුර එන්න ලැබුනෙ මගෙ පවුලෙ අයත්, අපේ බයිස්කොප් අඩවියෙ සහෝදර සහෝදරියො වගේම මේ උපසිරසි අරගෙන බලන අදහස් කමෙන්ට් වලින් දක්වන අපේ සහෝදර සහෝදරියොත් නිසා. 2013 දෙසැම්බර් මාසෙ Puss in Boots (2011) ඇනිමේෂන් චිත්‍රපටියෙන් පටන් අරන් 2015 පෙබරවාරි මාසෙ Night at the Museum Secret of the Tomb (2014) චිත්‍රපටියෙන් 50 වෙනි උපසිරසිය සම්පූර්ණ කරලා 100 වෙනි උපසිරසිය අද අරන් එන්න පුළුවන්කම ලැබුනා. වැඩිපුරම අරන් ආවෙ ඇනිමේෂන් චිත්‍රපටි නිසාම කාර්ටුන් අක්කා/ඇනී වගේ අනවර්ථ නාමත් ලැබුනා. 😀 මං හිතන්නෙ මතක හැටියට මට ඒ ගෞරවේ ලබා දුන්නෙ චූටි මල්ලියි අමල්ක මල්ලියි. හෙහ් හේ. ස්තූතියි දෙන්නටම.මේ වෙද්දි ඇනිමේෂන් චිත්‍රපටි, ඇනිමේෂන් නොවන චිත්‍රපටි, ඉංග්‍රීසි නොවන චිත්‍රපටි,  TV කතා මාලා වලට උපසිරසි අරන් ඇවිල්ලා තියනවා. කොහොමින් කොහොම හරි දැන් 100 යි. 😀 ඒත් බයිස්කෝප් අඩවිටට සම්බන්ධ වෙලා උපසිරසි 100ක් කරා කියනවාටත් වඩා මට ගොඩක් සතුටු වෙන්න පුළුවන් තව කාරණයක් තියනවා. ඒ තමයි බයිස්කෝප් අඩවියෙන් මට මං වගේම පිස්සු සහෝදර සහෝදරියො ටිකක් මුණගැහුනු එක. අපි ඉතින් ෆිල්ම් පිස්සොනෙ 😀 ගොඩක් වෙලාවට අපේ යාළුවො හැම කෙනෙක්ම මෙහෙම නෑ. අපට අපි කැමති ෆිල්ම්ස් ටීවි සීරිස් ගැන අපේ හැම යාළුවෙක් එක්කම කතා කරන්න බෑ ( අපට පිස්සු කියලා හිතයි නෙ 😀 ) ඉතින් ඒ අතිනුත් අංග සම්පූර්ණ හොද වටින සහෝදර සහෝදරියො පිරිසක්ම මට බයිස්කෝප් අඩිවියෙන් මුණගැහුනා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

ඉතින් මේ ආපු ගමනෙ උදව් කරපු අය දිරි ගන්නපු අය බොහොමයි. දැන් ස්තූති කරමු නෙ හැමෝටම. මගෙ පවුල හැමෝම මුලින්ම කියන්න ඕන. අම්මයි අක්කයි නම් පාඩම් කරන්න කියලා බැන බැනම උපසිරසි දාන්නත් උදව් කරනවා තේ එහෙම ලඟට ගෙනත් දීලා. 😀 ඊටපස්සෙ බයිස්කොප් අඩවියෙ ඇඩ්මින්ලා සෙට් එකම. හසන්ත අයිය, රොයිලි අයිය, විකිය, නලින් අයිය, ආසිරි අයිය, සමීර චතුරංග අයිය, සමීර කරුණාරත්න මල්ලි, විමා, යශෝධ, ගයාන් මල්ලි, සුරේනි අක්ක, සමන් මල්ලි/පූසා, දහරා නංගි, ගයේෂ නංගි, රවිදු මල්ලි, තිසර…. අපොයි නම් මතක් වෙන්නෙත් නෑනෙ. ඒ නිසා මෙහෙම කියන්නම් බයිස්කෝප් අඩවියෙ හැමෝම. නම් සදහන් නොවුනා කියල තරහ වෙන එකක් නෑ කියලා හිතනවා. ඉතින් ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි. ඒ වගේම මගේ උපසිරසි අරන් බලන මගෙ යාළුවො හැමකෙනෙක්ටම අදහස් කමෙන්ට් දාලා මාව දිරිමත් කරන හැම යාළුවෙක්ටමත් සතූතියි.

 

Nirmani 100 Wish

එහෙනම් අපි බලමු අද අරන් ආව චිත්‍රපටිය පැත්ත. මේක නම් මම ගොඩක් ආසාවෙන් හිටිය චිත්‍රපටියක්. විමා එක්ක රන්ඩුත් වුනා මේක ගන්න 😀 පස්සෙ ඉතින් විමා මට අනුකම්පා කරලා මටම කරන්න ඉඩ දුන්නා. චිත්‍රපටියෙ නම Max (2015).මේක බල්ලෙක් ගැන කතාවක්. බල්ලො කියන්න හරි ලස්සන මාතෘකාවක්. දැන් මම හදන්නෙ ඔයාලට බල්ලො ගැන ලෙක්චර් එකක් කරන්න. 😀 නෑ නෑ එහෙම නෙවෙයි. හෙ හේ. “බල්ලො කියන්නෙ හරිම පුදුම සත්තු කොට්ටාසයක්. හොද බුද්ධියක් තියන පක්ෂපාතිකම තියන සත්තු කොට්ටාසයක් තමයි බල්ලො කියන්නෙ. ඔයාලටමේ චිත්‍රපටිය බලද්දි තේරෙයි බල්ලෙක්ට කොයි තරම් මනුස්සයෙක්ට ආදරය කරන්න පුළුවන්ද කියලා. බල්ලෙක් කියන්නෙ හරියට පුංචි ළමයෙක් වගේ. අවුරුදු 10ක් වයස බල්ලෙක් කියන්නෙ හරියට වයස අවුරුදු 4ක 5ක ළමයෙක් වගේලු. අවුරුදු 4ක 5ක ළමයෙකුගෙ මානසිකත්වයලු තියෙන්නෙ. ඒ කියන්නෙ ආදරේම බලාපොරොත්තු වෙන සෙල්ලමටම කැමති, රතිඥ්ඥා වගේ ගිනිකෙලි වලට බය කෙනෙක්. මේ චිත්‍රපටියෙ තැනක තියනවා ගිනිකෙලි වලට බයෙන් මැක්ස් හැසිරෙන විදිය. අපිත් අවුරුද්දට ඇති තරම් ගිනිකෙලි පාවිච්චි කරන්නෙ ගෙදර ඉන්න බල්ලා ගැන හිතලා නෙවෙයිනෙ. මේක දැක්කාම නම් ඒකෙ වෙනසක් වෙයි කියලා හිතනව.” අපොයි. නෑයි කිව්වට මේක බල්ලො ගැන ලෙක්චර් එකක් වේගන යනව වගේ. ඒ හන්දා බලමු කතාව. මේ කතාව මැක්ස් කියන හමුදා සෙබලා ගැන. සෙබලෙක් කිව්වට මෙයා බල්ලෙක්. සේවය කරන්නෙ හමුදාවට. මෙයාගෙ අයිතිකාරයා කායිල් මිය යනවා. ඊටපස්සෙ එයාව පාලනය කරන්න අපහසු වෙනවා. ඒත් කායිල්ගෙ මල්ලි ජස්ටින්ට පුළුවන් වෙනවා මැක්ස් එක්ක යාළු වෙන්න. මොකද මැක්ස් කැමති එයාට විතරයි. වෙන කාටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. ඒ වගේම කායිල්ගෙ මියයාම පිටිපස්සෙ තියනවා රහසක්. බලමු මැක්ස් ඒක හොයාගනීද කියලා. මැක්ස් නිසා ජස්ටින්ගෙ පවුලෙ වෙන වෙනස්කම්, මැක්ස් නිසා ජස්ටින්ගෙ ජීවිතේ වෙන වෙනස්කම්, ඇත්තටම බල්ලෙකුට අපේ ජීවිත ගොඩක් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටියේ ඉන්න වර්ගයේ බල්ලක් තමයි ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වෙලා තියෙන්නෙත්. එහෙනම් කියෙව්වා ඇති. බලන්නකො චිත්‍රපටිය. තව කතාවකින් හමුවෙමු. ජය…..

Let us die young or let us live forever We don’t have the power,

but we never say never Sitting in a sandpit,

life is a short trip The music’s for the sad man!

Max (2015) on IMDb

 

 

816 MB(720p BR) කොපිය මෙතනින් බාගන්න

5D6EC7A663867174EB0CDF3900133032982F0614

1.65 GB(1080P BR) කොපිය මෙතනින් බාගන්න

F182277220133E50BD2E8C621DB0B6732DD16B00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,633 downloadsDownload Max.2015.sinhala.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

6,633 downloadsDownload Subtitles81 KB

75 comments

  1. Rashi

    mekata sub ekak enakalmai hitiye.. thanks ..

  2. සමන් ප්‍රසාද් [පූසා]

    අප්පා...
    තවත් අන්තර්ජාල උපසිරසි ආච්චි කෙනෙක්... :P
    අපේ සයිට් එකේ දෙවනි ආච්චි මම හිතන්නෙ. පළවෙනි ආච්චි සුරේනි අක්කනේ...
    මේ ෆිල්ම් එක ගන්න කොච්චර වලි කෑවද කියලා දන්නෝ දනිති... :3
    එහෙනම් 100 වෙනි සබ් එකට අක්කට හදවතින්ම සුභ පතනවා...!!!
    තවත් උපසිරැසි කරන්න ශක්තිය, විශේෂයෙන්ම වෙලාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ඊළඟට ඉතින් 150...
    ඒකත් ඉක්මනටම ගේමු නේ... :D
    ජය වේවා එහෙනම්...!!!
    ආ... මාව මතක් කළාටත් ස්තූතියි අඩෝ... :D

  3. මධුකප්‍රිය පෙරේරා

    100වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා ..
    ඒවගේම ඉක්මනින් 150 කඩඉමත් පසු කරන්න ලැබේවා.
    උපසිරසියට ස්තුතියි.ඔබට ජය.

  4. ප්‍රණීත් චින්තක

    එහෙනං 100ත් ගැහුවා. බලන්න පෙරුම් පුරාගෙන හිටපු චිත්‍රපටියක්. උපසිරැසියටත් ස්තුතියි. ඒ වගේම ඔයා දුන්නු ඇනිමේශන් ඔක්කෝම වගේ බැලුවා. උපසිරැසිත් බොහෝම පංකාදුවට තිබුණා. මේ විදියටම තවත් දිගටම 150,200,250... වශයෙන් කඩයිම් අතරින් දිගින් දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :) :) :) ආයු -බෝ -වේවා !!!

  5. විමා

    මුලින්ම සියවැනි උපසිරසට උණුසුම් සුභ පැතුම් අක්කේ :)
    බයිස්කෝප් එකේ දෙවැනි ආච්චි වීම බල්ලන්ගේ ෆිල්ම් එහෙකින්ම කරන්න ලැබීම ලොකු සතුටක් වෙන්ට ඇති
    එකනේ මාත් එක්ක වලි දාගත්තේ මේක ඉල්ලලා
    මේක දුන්නේ බයකට නෙමේ උබ ගැන දුක හිතුන නිසයි :P
    මේ සතුට නිමිත්තෙන් පාටිය තියන තැන කියන්න මැසේජ් එකක් දාලා
    එහෙමනම් ඉතින් ගුණ වයන්නම් මේ විදියට
    අක්ක බයිස්කෝප් එකට ආවත් හරි එච්චරකල්
    මං වගේ පොඩි එවුන් ටික කර කර හිටපු කාර්ටුන් ටික පොඩි උන්ට නැතිවුනා
    හැම කාටුන් එහෙකටම සබ් දෙන්න පටන් ගත්ත
    ඒ පලිය ගන්ටම ඕනා දවසක :P
    ඒ විතරක් නෙමේ
    මම කරන්න හිටපු ෆිල්ම් හොරෙන් ඉස්සුවා
    ඒකේ පලියත් ගන්නවා , ඔව්.
    ඒ විතරක් නෙමේ ඉතිං මං බාරගත්තු ඒවා කරගන්න බැරුව අමාරුවේ වැටුණු වෙලාවටත් හෙල්ප් එකට ඇවිත් තියනවා
    එකටනම් මුකුත් කරන්නෙ නෑ ඉතිං ඉස්සරහට තවත් කරදර කරනව මිසක් :D
    එහෙමනම් ඉතිං පනහ සියය ඉස්සරහට එකසිය පනහත් ගහන බව විස්වාසයි
    එතනින් නවතින්නේ නැහැ කියලත් විස්වාසයි
    එහෙනම් තව මොකුත් නොකියා සබත් එක්ක ෆිල්ම් එක බලන්න ගන්නම්
    කරන කියන හැම රාජකාරියක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා, ජයෙන් ජය වේවා! :D

  6. ලහිරු චානක

    සුබ පැතුම් සහෝදරී....

  7. lashan

    100වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා ..

  8. දිනිඳු සම්පත්

    නියමයි.. මගෙනුත් ඔන්න දිගු ගමනක් යන්න මුලු හදින්ම සුභපැතුම්!! එ් වගේම උපසිරැසියටත් තුති!! ජයවේවා...!!!

  9. Suu

    Congtz Akkiyoo :)
    thank u Sub 1kta

  10. තිසර නියෝ

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුබ පැතුම් අක්කේ.
    ඔයා දීපු ඇනිමේෂන් නම් ඔක්කොම වගේ බලල තියෙනවා...
    කොහොම උනත් ඉක්මනටම මේකත් බලන්න ඕනි.
    ඉක්මනටම 150,200 කඩයිම් වලට ළඟාවෙන්න සුබ පතනවා..

    ජයවේවා

    #Hail_Hydra

  11. madusanka jayasooriya

    100 වන උපසිරැසට හදවතින්ම සුභ පතනවා. 150ත් ගහමු. ජය වේවා

  12. achi

    100 වැනි උපසිරැසියට සුබ පතනව අක්කේ.
    ඔයාගෙ උපසිරැසි ගොඩක් බලල තියනව.
    ඉදිරියට තව තවත් උපසිරැසි කරන්න ශක්තිය
    ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.
    ජය වේවා!!!

  13. lahiru

    100 වන උපසිරසියට උණුසුම් සුබපැතුම් අක්කියෝ.........දිගටම සබ් ඕනේ.........

  14. Kulanjana Maduranga

    ahhhhhh ape cartoon akkath ehenm 100 gahuwa ne......wish u All the best..NIRMANI sis.....

    sis krna me sewaya ihalinma agaya krnwa....me sewaya digatama krnna shakthiya , dairya ladewa...sis ge hugak film balala thiyanawa....Thank you very much dear…. methuwak kal dunna sub walata.....wish u'r great future.....

  15. නලින්

    සන්තෝෂයි!!! නිර්මාණි, උපසිරස 100 ක්, වැඩ රාජකාරි මධ්‍යයේ කරනවා කියන්නෙත් ලොකු ගේමක්ම තමයි. ඉක්මනට ඉතින් ඉතුරු කඩඉම් වලටත් ලගා වෙමු, ඒවගේම එදිනෙදා වැඩ කටයුතුත් සාර්ථකව කර ගන්න ලැබිලා, ජිවිතේ ජය සතුට වාසනාව ලගා කර ගන්න ශක්තිය ලැබෙන්න ඕනේ,

    ජය වේවා!!!

  16. widuranga

    jaya weva 100ta. ohomama 200th gahamu neeee.....?
    thanx sister sub walata methuwak dipu...

  17. Ravindu T Thenabadu

    ඔන්න එහෙනම් දෙයියන්ගෙ පිහිටෙන් 100ත් ගැහුවලු. සුභ පැතුම් එහෙනම්. තව ඉලක්කම් තියෙනව අක්කේ. 150, 200 වගේ. :-D.
    සබ් එකටත් බොහොම තුති.

  18. Keshan Wasala

    උණුසුම් සුබ පැතුම් අක්කේ 100 වැනි උපසිරැසියට :D අක්කගේ ගොඩක් ඇනිමේෂන් තමා බැලුවේ..
    ඒ වගේම ඉදිරියටත් මේ වගේ 150 >>200>>250>>>>... කඩඉම් පහුකරන්න තියනවා ඔන්න.. :D
    කරන කියන සියලුම වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා !!
    ඔන්න එහෙනං මේ කතාවත් බලන ලිස්ට් එකට දාගත්තා ,,බොහොම ස්තුතියි :)
    ජය වේවා !!

  19. තිසල්

    100වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා ..

  20. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් නිර්මාණි අක්කේ!
    ඒවගේම 100වෙනි උපසිරැසියට සුභ පතනවා!
    ජයවේවා!!!!!!

  21. Chämàrá Sâmpáth

    ෂා..!! මේ අවුරුද්දේ අඩවියේ කට්ටිය හිටු හිටු කියලා කඩයිම් වළට එනවා.! පට්ට.!!
    හම්මේ උණුසුම් සුභපැතුම් 100 වෙනි උපසිරැසි ගැන්වීමට....
    මේක නම් කොහොමත් සුපිරි ෆිලුමක් අනිවා සබ අරන් බලනො.
    උපසිරැසි කලාට කමක් නැහැ ඉගනීම් කටයුතු හරි හැටි කරගන්නඩ..
    එහෙනම් 150 ත් හමුවෙන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒවගේම 200,250,300 ඔහොම කඩයිම් වළටත්.!
    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.
    ජය.!!

  22. paisndu

    සුබ පැතුම්.පුලුවන්නම් මේ කතාවටත් sub දෙන්න.මේ ලින්ක් එකේ ඩිරෙක්ට් ගන්න පුලුවන් english sub සින්හලට හරවන්න තමා තියෙන්නෙ.මන් try කලා වැඩේ අවුල් මට.sub දෙන්න පුලුවන්නම් හමෝටම බලන්න පුලුවන් කතාවක්.http://myasiantv.se/drama/scholar-who-walks-the-night/

  23. Jack

    ඉස්සෙල්ලම 100 වෙනි උපසිරැසි කඩයිමට සුබ පැතුම් අක්කේ.
    අක්කේ කාටුන් ඒවා නම් ඔක්කොම වගේ බලලා තියනවා.
    එහෙනම් සියලු වැඩකටයුතු සාර්තක වේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    දිගටම සබ් දෙමු...
    ජයෙන් ජය.
    :):):)

  24. Purnima

    මේ ෆිල්ම් එක බලලා අඬපු තරම දන්නේ මම විතරයි. බොහොම ස්තුතියි නිර්මානි නගේ මෙ සබ් එකට

    1. Purnima

      Lol.. mko mayura mail address eka varadiyatada ketuwe :P

  25. විකියා

    100 වන උපසිරසියට උණුසුම් සුබපැතුම්!!

    ජයෙන් ජය!

  26. “චූටී මල්ලි”

    බල්ලොත් එක්ක බෑ
    හෑ කවුද කියන්නෙ , බල්ලොත් එක්ක පුලුවන් :P
    නියමයි නියමයි නියමයි
    මාත් බලන්න හිතන් හිටපු එකක්
    හැබැයි ඔයා දෙයි කිය්ල නම් හිතුවෙ නෑ
    අනික 100නි එක විදිහට
    සුභ පතනවා..
    150ත් ඉක්මනට දෙමු කියනවා
    ඒ 50න් ගොඩකුත් ඇනි ඒවා වේවා යැයි පතනවා
    සබට තුති
    ඔබට ජය කාටූන් අක්කේ...

  27. Thepul

    100 වන උපසිරසියට උණුසුම් සුබපැතුම්

    meka nan enakammai hitiye
    Thanx wewa

  28. Siraj Priyantha

    නියමයි නියමයි අක්කේ
    100 වෙනි උපසිරැසියට හදවතින්ම උණුසුම් සුබ පැතුම් !!
    කාටුන්ම දෙන නිසා, ඇත්තටම කියනවා නම්, ඔයාගේ සබ් එක්ක මං වැඩිපුර ෆිල්ම් බලලා නෑ
    එක එක්කෙනාගේ කැමැත්ත නොවෑ.
    එහෙනම් මෙ ආපු ගමන, ඔය විදිහටම ඉදිරීයේදීත් කරගෙන යන්න සුබ පතමි

    අද දීපූ ෆිලුම නම් බලන්න වටිනවා වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!
    ජයෙන් ජයම වේවා !!!¡

  29. sajeevi

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.........

  30. සංජීව

    සියවෙනි උපසිරසියට මගේ උනුසුම් සුබ පැතුම් ඉදිරියටත් තවත් මෙවැනි උපසිරස අපිට ලබාදෙන්න ඔයාට ශක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරනවා.... ඔබට තෙරුවන් සරණයි.....

  31. Nelson

    Congrats my Dear Friend. Thanks for the Sub

  32. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  33. Global

    හදවතින්ම ඔබට සුභ පතමි..!

  34. Ravin

    Thanks for the sub

  35. Yenu

    බොහොම ස්තුතියි ඔයාට...මට මතකයි ඔය දීපු සමහර උපසිරසි වලදී හිත රිදෙන විදියට කට්ටිය comment දාල තිබුන.එත් ඔය ඒවා ගණන් ගන්නේ නැතුව අඛණ්ඩව අපි කැමතිම ෆිල්ම් වලට උපසිරසි දුන්නට හුගක් පින්......ඔයාට සුභ පතනවා.....................

  36. කැලුම් ගුණසේකර

    100ට උණසුම් සුභපැතුම්. බොහොම ස්තුතියි උපසිරැසියට. :)

  37. Asel Ishan

    Elaz
    Congratz

  38. එල්.සී.දමැල්

    හරිම සතුටුයි කාටූන් අක්කේ! (ඔය කීවට මේ අපේ දෙවෙනි බයිස්කෝප් ආච්චි. :P )
    ඔයාගෙ සබ් එක්ක ගොඩක් ෆිල්ම් බලල තියෙනවා. ඒවා අංග සම්පූර්ණ උපසිරැසි...
    ඒ වගේම ගොඩක් ඉවසිලිමත් (ඇයි ඉතින් හිටි ගමන් මං ඔයාගෙ ඇනිමේශන් උස්සනවනෙ, :D ඒත් ඔයා මුකුත් නොහිත) මටත් ගොඩක් තැන්වලදි උදව් කරල තියෙනවා. :)
    හදවතින්ම 100 වෙනි උපසිරසට සුභ පතනවා.
    මේ වේගෙන්ම 150ටත් යමු.
    ෆිල්ම් එක ගැන කිව්වොත් ලස්සනම නිසා බ්ලූ රේ ආව දවසෙම ගත්තා. ඒ තරම් ආසාවෙන් හිටියෙ ෆිල්ම් එකට.
    මේ දැන්ම උපසිරස ගන්නවා...
    උපසිරසට බොහොම ස්තුතියි...

  39. Sajith Anthony

    100වෙනි උපසිරසියට සුබ පතනවා ..
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  40. Amalka Himeshan

    ආනෙ අපේ ඇනී අක්ක එහෙනම් 100ත් ගහල උනුසුම් සුබ පැතුම් ඇනී අක්කෙ 100වෙනි උපසිරැසියට ඉක්මනටම 150ටත් යමු
    ෆිල්ම් එක නම් අනිවා බලනව. ආ ඒ වගේම අක්කෙ උපසිරැසියට බොහෝම ස්තූතියි

  41. Thisara Fernando

    100 ta jaya veva!!!!!!! Thawa duratath karan yanna kalaya labeva!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

  42. Sureni Athurugiri

    සිය වෙනි නිර්මාණයටහදවතින්ම සුභපතනවා නංගා... ඒ වගේම ඉක්මනින්ම 150 කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. මෙනවා උනත් ඔයා කියලා තයෙන විදියටම අපි අතරේ තියෙන සහෝදර බැදීම තමයි මේ කොටි වලිගෙන් අපිට ලැබුන හොදම දේ නේද...

    1. නිර්මාණි

      අනිවාර්යෙන්ම අක්කෙ. ඒක තමයි හොදම දේ.සුභ පැතුමට ස්තූතියි

  43. ආසිරි ප්‍රියන්ත

    අප්පේ, මාවත් මතක් කරලා තියෙන්නේ..
    ඒත් අයියේ කිව එකනම් එච්චර අල්ලලා ගියේ නැහැ...
    කොහොම වුනත් සුභම සුභ පැතුම් 100 වෙනි උපසිරසියට...
    තව තවත් කරන්න ශක්තිය ධෛර්ය වගේම ජීවිතේ සියලු දේවල් සාර්ථක වේවා කියල පතනවා!!
    ෆිල්ම් එක ගන්න ඕනේ...

  44. කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් හදවතින් ම සුබ පතනවා නිර්මාණි............
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.

  45. හසන්ත

    සොරි වෙන්ට ඕනේ ප්‍රමාද උනාට. ගොඩක්ම සතුටුයි එදා ඉඳලා මේ වැඩේ මෙච්චර කාලයක් කරගෙන ආවට. මොකද වැඩ රාජකාරි එක්ක මේ වගේ විනෝදාංශයක් එක දිගට කරගෙන එන එක තරමක් අපහසු දෙයක්. ඒ වගේම ගොඩක් සතුටුයි හැමෝම එක්ක සුරේනි, නිර්මානි වගේ සොහොයුරියන් මේ කර්තව්‍යට දිගටම එක්කාසු වෙලා ඉන්න එකටත්. ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල පතනවා !!! ඉක්මනින්ම 150 න් මුණ ගැහෙමු

  46. oshada

    100ta suba patum akki tax 150th ikmaninma krm

  47. වරුණ රංගජිත් (වරූ)

    ආ.. නංගි 100 සීමාවට ගිහින් නේ...
    නියමයි නියමයි..
    ලස්සන කතාවක් නොවැ ගෙනල්ලා තියෙන්නේ..
    අනිවා ඉතින් බාන්න ඕනි මේක..
    ඇත්තටම සබ් 100 කියන්නේ ඉතින් සුළුපටු ගානක්යැ නේ..
    තමන්ගේ වටිනා කාලයෙන් වෙලාව අරන් මේ කරන කැපවීම ඇත්තටම අගයන්න ඕනි
    ඒක තමයි සබ් කරන කෙනෙකුට ලැබෙන එකම දේ
    කමෙන්ට් එකකින් සුබ පතනවා කියන්නේ තව තවත් සබ් කරන්න පොළඹවන එකයි..
    ඉතින් ඉක්මනින්ම 150 ඉලක්කයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    පෞද්ගලික ජීවිතෙත් වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    ජයෙන් ජයම වේවා...

  48. Ayesh Hasanga

    godak thnx sis.... sub 100.... wow great.. congrtz sis.. thnx again..

  49. kasun

    Pattai.... උණුසුම් සුබ පැතුම්... දිගටම කරගෙන යන්න

  50. tharanga

    thanks

Load more comments