එක පුතෙකුට එයා වෙනුවෙන් ජීවිතයම කැප කරපු, අවුරුදු විසි ගානක් වෙලත්, පුතාට කොලේජ් ගෙනියන්න කෑම පෙට්ටියක් හදල දෙන, එයාට එන කෝල් වලට හොරෙන් ඇහුම් කන් දෙන, යන එන තැන් හොයල බලන, එයා ගැන ඕනෙවටත් වැඩිය හොයල බලන අම්ම කෙනෙක් හිටියා. ඒත් ඒ අම්මගෙ ආදරේ මේ පුතාට සමහර වෙලාවට වදයක් වුනා. එයාට අම්මගෙ ආදරේ අඳුන ගන…

එක පුතෙකුට එයා වෙනුවෙන් ජීවිතයම කැප කරපු, අවුරුදු විසි ගානක් වෙලත්, පුතාට කොලේජ් ගෙනියන්න කෑම පෙට්ටියක් හදල දෙන, එයාට එන කෝල් වලට හොරෙන් ඇහුම් කන් දෙන, යන එන තැන් හොයල බලන, එයා ගැන ඕනෙවටත් වැඩිය හොයල බලන අම්ම කෙනෙක් හිටියා. ඒත් ඒ අම්මගෙ ආදරේ මේ පුතාට සමහර වෙලාවට වදයක් වුනා. එයාට අම්මගෙ ආදරේ අඳුන ගන්න සෑහෙන කාලයක් ගියා.
ගොඩක් වෙලාවට අපිටත් ඔය වැඩේ වෙනවා. අපේ අම්මා තාත්තලා අපි ගැන ඕනෙවට වැඩිය අපි ගැන හොයනවා බලනවා. එක එක තහංචි දානවා. ඒත් තරුණ වයසෙදි අපිට ඒවා මහ වදයක් වෙනවා. අපිට ඒගොල්ලන්ගෙ ආදරේ තේරුම් ගන්න අමාරු වෙනවා. ඒත් අපිට තේරෙනකොට සෑහෙන කල් ගිහින්. සමහරවිට පරක්කු වැඩි වෙන්නත් පුලුවන්. අපේ අම්මල තාත්තල අපි වෙනුවෙන් එයාලගෙ ජීවිතයම කැප කරනවා. සමහර වෙලාවට එයාලගෙ වැඩ නවත්තලා අපි වෙනුවෙන් ඉන්නවා. නොකා නොබී හරි අපිට උගන්නනවා. අපිට ඕනෙ දේවල් අපි කැමති දේවල් අපිට ලබා දෙනවා. සමහර වෙලාවට එයාල එයාලගෙ ඉගෙනීම, රස්සාව උනත් අපි වෙනුවෙන් අතාරින්න ඇති.
මේ කතාවෙත් එහෙම අම්මෙකුයි පුතෙකුයි ඉන්නවා. අම්මා ඊලා රායිතුර්කර්. ගායිකාවක් වෙන්න සිහින මවපු සහ, දශක දශක දෙකකට විතර කලියෙන් ප්‍රසිද්දම වෙච්චි සිංදු කියපු කෙනෙක්. මෙයාගෙ මහත්තයා මෙයාවයි පුංචි පුතා විවාන්වයි දාල යන්න යනවා. ඉතින් ගායන වෘත්තියටත් සමු දෙන ඊලා විවාන්වත් බලාගෙන ඉන්නවා.
බලා ගැනිල්ලක් කිව්වට ඒක එසේ මෙසේ බලා ගැනිල්ලක් නෙවෙයි. ඉස්කෝලෙන් යන ට්‍රිප් එකටත් දහසක් නීති රීති දාල, අන්තිමට යන බස් එක පස්සෙන් ඊලත් යනවා, විවාන්ගෙ පරිස්සමට. හොඳම ටික පටන් ගන්නෙ විවාන් කොලේජ් යනකොට. කෑම පෙට්ටිය අරන් යන්න ඕනෙ. හැමදාම අම්මත් එක්ක කතා කර කර ඉන්න ඕනෙ. රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕනෙ. මේ කරදරෙන් බේරෙන්න බැරි තැන විවාන් අම්මවත් කොලේජ් එකේ රෙජිස්ටර් කරනවා එයාගෙ ඉගෙනීම සම්පූර්න කරගන්න කියල.එතනින් එහාට වෙන්නෙ මොකද කියල කතාව බලලම දැනගමු.
2018 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 12 වෙනිද තමයි මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කරන්නෙ.අධ්‍යක්ශනය කරන්නෙ Pradeep Sarkar. නිශ්පාදනය Ajay Devgn සහ Jayantilal Gada. රංගනයෙන් දායක වෙන්නෙ කාජල් සමගින් රිදී සෙන්. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi සහ Raghav Sachar.
2018 දි තිරගත වුනු life of the party කියන චිත්‍රපටිය ඇසුරෙන් නිපදවපු මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබෙනවා. කාජල් අන්තිමට රඟපාපු දිල්වාලේ චිත්‍රපටියෙන් අවුරුදු 3කට පස්සෙ තමයි මේ චිත්‍රපටියෙ රගපාන්නෙ. හැබැයි දිල්වාලේ වගේම මේ චිත්‍රපටියත් අසාර්තක වෙනවා.
හොඳ කොපියක් ඇවිත් සෑහෙන දවසක් උනත් ඉංග්‍රීසි සබ් එකක් තවම ආවෙ නෑ. වෙන භාශාවක සබ් එකක් තිබුනත් ඒකෙත් ටයිම් ලයින් අවුල් වුන නිසා මුල ඉඳලම ලයින් හදලා අසා ලිවීමක් කරල තමයි මේ චිත්‍රපටිය අරගෙන ආවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.
8,081 downloadsDownload Helicopter-Eela-2018.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
42 comments
හසිත මධුෂාන්
Shamal manojan
දහරා මුතු අමා සොහොයුරිය,
90 දශකයේ හින්දි ෆිල්ම් වලට සිංහල සබ් දෙමින් ඔබ කරන මෙහෙය ඉතාම වටිනවා. පුලුවන් තරම් 90s movies වලට සබ් කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ මෙහෙවර ඉතා වටිනවා. මේ ෆිල්ම් එකට ඉංග්‍රීසි සබ් නැතුව පවා ඉතා අමාරුවෙන් හදලා තියනවා නම් හැමෝම මෙහි වටිනාකම තේරුම් ගත් යුතුයි. බොහොම ස්තූතිය! දහරා මුතු අමා සොයුරිය.
KH2130
Thank you sis !
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..maikee
මං මේ කතාව සබ් දෙන සයිටි වලින් ඉල්ලුවා comment දදා. අන්තිමට බයිස්කෝප් එකෙන් ගන්න පුලුවන් උනේ. තැන්ක්ස් දහරා ඔයාට. මං කැමති හංදි බලන්න , දිගටම සබ් දෙන්න ඉස්සරහටත් හිංදි වලට.
Indika Aruna Kumara
බොහොම ස්තූති අක්කේ සබ් එකට. ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා !!!
Pradeepkumara
thank u sis
kelumchathuranga
thanks
Asanke
Very nice
subodha
Thanks..
Shamal manojan
මේ ෆිල්ම් ටික ගැනත් සලකා බලන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි මම, දහර මුතු අමා ඇතුළු බයිස්කෝප් අඩවියෙහි හිංදි චිත්‍රපට වලට උපසිරැසි දෙන, උපසිරැසි කරන සේවයේ නියුතු සැමදෙනාගේම.
Yamla Pagla Deewana: phir se - 2018
Mulk - 2018
Mohalla Assi - 2018
Manto - 2018
Mulk - 2018
rangeela Raja 2019
Bhaiaji Superhit 2018
Aa gaya Hero 2017Nilush Angana
Sub ekata thanx
harshani11112
ස්තුති අමා...
තෙරැවන්සරණයිKanchaka
Thanks bro
Ayesh Prashan
Thank You
gihan perera
ස්තුතියි අමා නංගා්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා......
para
ela.....amma nangiga sub nam super..and films super
D.Chamara
bohoma sthuthi sister
Bandara76
බොහොම ස්තූතිය! දහරා මුතු අමා සොයුරිය!!!!
Lasantharathnasirirox
ස්තුතියි නංගීයේ......සුබපැතුම් !!!!ජයවේවා !"
Rumesh dhanushka
Thanks all
gayan215
bohoma sthuthi nangi
Lalani Maduwanthi
Thank you dahara
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි උපසිරැසියට…
Lakindu2003
instant family 2018 sub eka gennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malithmadhushan45
මුතු අක්කේ බොහොම ස්තුතියි උපසිරසට
N_R
Thank You.
yukthi123
සබ් එකට ගොඩක් ස්තූතියි අමා සොහොයුරිය. Simmba ෆිලුමටත් ඉක්මනින් සබ් එක දෙන්නකො...
damith_janaranjana
එලම
vas0303
Thanks bro
Achi
Thanks ❤️
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති අක්කේ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!shani anji
Thank you for the subtitles... it's great
dimuthukanz
thanks for the sub......!!!
Pramukmili
thanxxxx ........
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!CHOOTA
thanks sis
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!raviwikey
Thank you for the hard work.. Really appreciate the effort
Anonymous
sub ekata godak stutii...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි.....!