Watch Trailer

Shoplifters AKA Manbiki kazoku (2018) Sinhala Subtitles | හිත නැවතුන තැන… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Cold War (2018) මමයි නුඹේ වියපත් බඹරා…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල බල ඉන්නකො…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Cold War (2018) මමයි නුඹේ වියපත් බඹරා…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල බල ඉන්නකොට හම්බ උන වෙනස්ම විදියේ ජපාන ෆිල්ම් එකක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 8.1ක් rotten Tomatoes වර්ගීකරනයේ 99%ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 27ක් සහ නිර්දේශවීම් 83ක් ලබාගත්තු සුපිරිම ජපාන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී වගේම ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදීත් හොදම විදේශ භාශා චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක්. ඒ වගේම 2018 වසරේදී ප්‍රංශ Cannes සිනමා උළෙලේදී එහි ඉහලම සම්මානය වන “Palme d’Or” සම්මානයෙන් පිදුම් ලැබුවෙත් මේ ෆිල්ම් එකමයි. දැන් හිතා ගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම ෆිල්ම් එකක් ගැනද කියලා. ඇත්තම කිව්වොත් පළවෙනිම විනාඩි පනහ ගත වෙනකොට මට හිතුනා දැන් මේ කතාව මෙතනින් ඉවර උනා නම් හරිම ෂෝක් නේද කියලා. හැබැයි මට එහෙම ලේසියෙන් මාරුවෙලා යන්න ලැබුනේ නෑ. කෙටියෙන්ම කිව්වොත් ඉතිං වාසනාවන්තයෝ නරඹත්වා කියලා තමයි ඉතිං කියන්න තියෙන්නෙ.

අම්මලාට එපා වුනු දරුවෝ….
දරුවොන්ට එපා වුනු අත්තම්මලා….
පවුලෙන් අත්ඇරල දාපු දියණියක්….
දරිද්‍රතාවයත් එක්ක පොර බදින මිනිස්සු….
මේ අවතැන්වුනු හරි හමන් හව්හරණක් නැත්තවුන් අහඹු ලෙස එක්කාසුවෙලා ගොඩනැගෙන කතාවක්….
මේ අත්ඇරල දාපු ඒ මිනිසුන්ගේ හෘදසාක්ෂියේ කතාවක්….
මේක දැනුනු විදියට මන් දන්නවා…
මේ ගැන කියන්න උත්සාහ කරන එක මහම මහ බොරු වැඩක්…
ඒත් ඉතිං පුලුවන් විදියකට උත්සාහ කරන්න එපැයි…

අපි මේ ලෝකෙට බිහි වෙනකොටම අපි පවුලකට අයිති වෙලා. ඒ පවුලේ සාමාජිකයෝ හොඳ අය වෙන්නත් පුලුවන් නරක අය වෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් ඒ අපේ පවුල කියන එක කාටවත්ම වෙනස් කරන්න බෑ. කොටින්ම කියනවනන් අපි ඉපදෙන පවුල මොකද්ද කියලා අපිට තීරණය කරන්න බෑ. ඒත් අපේ පවුල අපිටම තෝර ගන්න දෙනවනන්…? හත්සුයි ආච්චි අම්මාට ඉන්නවා පවුලක්. පවුලේ වැඩිමල් පිරිමියා එනෝකි ෂෝතා, කම්කරුවෙක්. එයාගේ නෝනා නොබුයෝ ෂිබාතා, වැඩ කරන්නෙ ලොන්ඩරියක. අකී ෂිබාතා, සේවය කරේ මුදල් වෙනුවෙන් සිරුර පිරිමින්ට පෙන්වන තැනක. පවුලේ කුඩා සාමාජිකයා උන ෂෝතායි එනෝකියි කරන්නෙ සුපර් මාකට් එකෙන් ගෙදරට ඕනෙ කරන දේවල් හොරකම් කරන එක. සීතල හිම වැටෙන එක රෑක මේ දෙන්නා කඩේකින් බඩු හොරකම් කරන් එනකොට ගෙයක් පිටිපස්සේ දෙමාපියන් විසින් නොසලකා හැරලා අත් ඇරලා දාපු බඩගින්නෙන් හාමත් වෙලා හිටපු පුංචි ගෑණු ළමයෙක්ව හම්බ වෙනවා. අන්තිමට මේ ගැහැණු ළමයත් ඒ පවුලටම එකතු වෙනවා. ඒ තමයි යූරි. හොඳම දේ වෙන්නේ මේ පවුලේ අය එකිනෙකාට ලේ නෑකමක් නැති උනාට විවිධාකාරයේ සිදුවීම් නිසා මේ පවුලට එකතු වෙලා ඉන්න එකයි. එදා වේල අමාරුවෙන් ගැට ගහන් හිටියත් පවුලක් විදිහට එයාල හැමෝම එකා වගේ එකමුතුව ඉන්නවා. ඒත් මේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ යූරි අලුතින් පවුලට එකතු වීමත්, ආච්චි අම්මගේ හදිසි මරණයත්, ෂෝතා සොරකමකදී අහු වීමත් එක්කමයි. ඒත් එක්කම පවුලේ සාමාජිකයො හැම දෙනෙකුගේම සැගවුන රහස් එලිවෙන්න පටන් ගන්නවා. ඉතින් අවසානයේදී මේ පවුලට මොනවා වෙයිද? ඒ එළි උන රහස් මොනාද?

Shoplifters කියන්නෙ කඩවලින් බඩු හොරකම් කරන පිරිසකගෙම කතාවක් නෙමෙයි. ඒක තමන්ට අහිමි වුණු එක එක දේවල් සොයමින් යන පවුලකගෙ කතාවක්. මේ සිනමා සිත්තම ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි විදියේ එකක් නිසා. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ සිනමා සිත්තම රසවිඳින්න. පුලුවන්නම් මේ සිනමා සිත්තම රසවිඳින අතරේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න පුලුවන් වෙයිද කියලා බලන්න. “අපිටම අපේ පවුල තෝර ගන්න බැරි වෙයිද? “

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. මෙවර ඔස්කාර් නිර්දේශිත තවත් සුපිරිම සිනමා සිත්තමක් සමගින් ළගදීම හමුවෙමු. ඔබට ජය….!

” සතුට කියන්නෙ සල්ලිමයි කියලා හිතන් ඉන්න ලෝකේ
සතුට කියන්නෙ සල්ලිම නෙමෙයි… “

ප.ලි.

මේ ලිපිය ලියනකොට මේ ෆිල්ම් එක ගැන අදහස් දක්වලා අන්තර්ජාලයේ පලකරලා තිබුන ලිපි කීපයකින්ම අදහස් උපුටා ගත්තා. ඒ ලිපි වල හිමිකරුවන් වන Malith Sankhapaliha සහ Adhithya Denuwanට බොහොමත්ම ස්තූතියි…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Web-DL පිටපත් සඳහා අදාළ වේ.

4,331 downloadsDownload Shoplifters.2018.Baiscopelk.com_.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

4,331 downloadsDownload Subtitles44 KB

55 comments

  1. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    1. Kantha_DLA

      Request :

      Kursk (2018)
      Mary Poppins Returns (2018)
      A.I. Rising (2018)

    2. හසිත මධුෂාන්

      Kursk පට්ටම ස්ටෝරියක්. සතියක් ඇතුලත සබ් එක දෙන්නම්. අනිත්වා නං ලැබෙන කාලයත් එක්ක තමයි බලන්න ඕනෙ සහෝ. ඔයා ඉල්ලපු Caphernam එකේ සබ් එකත් දීලයි තියෙන්නෙ.
      ඒක අද හෙටම පලවේවි.

  2. gayan4

    බොහොම ස්තූතියි හසිත මධුෂාන්. ඉතාම වටිනා සිනමා නිර්මාණ මේ තරම් ඉක්මණින් උපසිරැසි ගන්වා අප වෙත ලබා දෙනවාට. bohemian rhapsody, The Favourite කියන සිනමා නිර්මාණ දෙකටද උපසිරැසි ගන්වන ලෙස කාරුණික ඉල්ලීමක් කරනවා. ජය.

    1. හසිත මධුෂාන්

      Bohemian Rhapsody සබ් එක නං දැනටම දීලනෙ තියෙන්නෙ. The Favorite වෙන කෙනෙක්
      කරන්න බාර අරගෙනලු. ඒ සබ් එක ලගදීම ලැබේවි.

    2. gayan4

      ජය.

  3. Hashan M. Priyadarshana

    Thank you bro

  4. හසිත මධුෂාන්

    සබ් එක බාගෙන හොරෙන්ම මාරු නොවී එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි.....!

  5. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි හසිත සහෝ.
    වෙනදා වගේම ඔයාගේ උපසිරැසිය පුසිරියටම ඇතියි කියලා හිතනවා.
    ජයෙන් ජය.

  6. sathira529

    වැඩකට ඇති ෆිල්ම් වලට සබ් දෙන සහ මේ සයිට් එකේ නම ඉන්දියන් බයිස්කෝප් lk නෙවෙයි කියල අපිට මතක් කරල දෙන තුන් හතර දෙනාගෙන් එක්කෙනෙක් ඔබ..බොහොම ස්තූතියී සබ් එකට..

    1. හසිත මධුෂාන්

      ඉන්දියන් බයිස්කෝප්.එල්කේ...
      මටත් සෑහෙන පාරක් ඕකම හිතිල තියෙනව සහෝ...

  7. Tharaka

    THANKS....................

    1. Tharaka

      puluwannam "Mary Poppins Returns (2018)" film ekatath sub dena.............

    2. හසිත මධුෂාන්

      දැනට කරන්න බාර ගත්තු සබ් ටිකක් තියෙනවා ඒ ටික ඉවර කරල්ස උත්සාහ කරන්නම් සහෝ.

  8. Chanu mikhail

    thank u..

  9. D.Chamara

    bohoma sthuthi sahooo ...

  10. Bandara76

    වාසනාවන්තයෝ නරඹත්වා...බොහොම ස්තූතියී සබ් එකට..

  11. Rumesh dhanushka

    Thanks hasitha & all admins

  12. sanjeewakbg

    thanks bro...

  13. kalindulove

    a pawlata hamadama ekata inna tibunanam hodai wage

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Nirosha Nirosha

    thanks

  16. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  17. James DC

    හැමදාමත් වගේ වටිනා කියන නිර්මාණ වලට උපසිරස ලබා දෙනවට බොහොම ස්තූතියි සහෝ.

  18. Mnamal

    Thanks u

  19. mahinda

    thanks..bro..

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. samrulz

    mekanan supiri film akka saho

  22. NuwanK

    Thank u bro..

  23. cpzedgh

    Thanks this is best site for Sinhala Sub

  24. jaani

    කොමන්ටුවක් දාන්නම ඕනි කියලා හිතුණා.නැත්නම් හරි අසාධාරණයි.කාලෙකින් බලපු වෙනස්ම කතාවක්.හරිම දුක හිතෙන ආදරණීය කතාවක්.පොඩ්ඩක්වත් කම්මැලි නැතුව ආසාවෙන් බැලුවා.හසිත ඔයාට ගොඩාක් ස්තූතියි.ආයෙමත් මේ වගේ හොදම එකක් අරන් එන්න.

  25. indika75

    thanks..

  26. Achi

    Thanks ❤️

  27. Achi

    මෙකේ 2 ආවනම් මරු...නැත්නම් අවසානේ වෙනස් කරන්න තිබ්බේ රෙද්ද උන්ට

    1. හසිත මධුෂාන්

      එහෙම සතුටු හිතෙන අවසානයක් තියෙන්නෙ සුරංගනා කතා වලට විතරයි සහෝ...
      ඒත් අවාසනාවකට වගේ අපි ඉන්නෙ සුරංගනා ලෝකෙත් නෙමෙයි, මේක සුරංගනා කතාවකුත් නෙමෙයි....

  28. MadhuBandara

    thank you yaluwa

  29. AsithaDilruwan

    ela saho thanks

  30. Sisitha Chamika

    Thanks machn.
    japanese ewwa thawa puluwannam dennna

  31. Jana

    Ela ❤️❤️

  32. isu1996

    ありがとうございました。

  33. Gangaanupama

    Lassana kathawak.thxx sub dunnata.goda kalekin hoda film ekk baluwa

  34. Gayan Chathuranga

    thanks saho!

  35. kasun@rko

    Elama sahoo

  36. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  37. Emi

    thank you

  38. Dananjaya Basnagoda

    The.Kindergarten.Teacher.2018 මේ සිනමා පටයට සබ් එක හදන්න පුලුවන් සහෝ කෙනෙක් පොඩ්ඩක් බලන්න පුලුවන්ද... මේක පොඩි දරුවන්ට උගන්නන අම්මල ගුරුවරු බලන්නම ඕන හරි වැදගත් සිනමා පටයක්...

    1. හසිත මධුෂාන්

      සමාවෙන්න සහෝ අදයි දැක්කේ... පට්ටම ෆිල්ම් එකක් වගේ සහෝ මම බලලම කියන්නම් කොහොමද කියලා...

  39. bayern munchen

    tnx ayye sub ekata thawa me wage film walata sub hadala denna

  40. sathyajith

    thanks for the sub

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  42. Anonymous

    blue ray ekatath sub eka daanna puluwanda saho

  43. Madushan Abeysinghe

    අංක එක : මේ ලිපිය කියෙව්වේ ෆිල්ම් එක බැලුවට පස්සේ.
    අංක දෙක : මේ ෆිල්ම් එක 3, 4 සැරයක්ම බලන්න අරගෙන මුල් හරියේ හිතුනෙම, මේ ෆිල්ම් එක තවත් එක සුරංගනා කතාවක් වගේ, මෙයාල සොරකම් කරනවා, පස්සේ පොලිසියට අහුවෙනවා, ඊට පස්සේ මේගොල්ලන්ට අවසානයේදී හොද දේවල් වෙලා ජිවිත සාර්ථක වෙලා යන හැපී එන්ඩින් එකක් තියෙන එකක් කියල. ඒ නිසා මේක බලන එක 3, 4 සැරයක්ම කල් දැම්මේ.
    අංක තුන.: මේක විශිෂ්ඨ ම ගනයේ ෆිල්ම් එකක්. කෙතරම්ද යත් හසිත ගේ විස්තරයේ තියෙන විදියටම තේරුම් කරවන්න අපහසු, එත් මේ ලෝකේ මේ තත්වයන් යටතේ ජිවත් වෙන තවත් කොටසක් ගැන ගැඹුරින් හිතන්න සරල දේවල් වල එකතුවක්. හසිත කියල තියෙනවා වගේ, මේ ලෝකේ ජිවිත වල සුරංගනා ලෝක වල දේවල් නෑ. කතාව ඉවර වෙලා සතුටින් නැගිටලා යනවට වඩා, හිතන්න දෙයක් ඉතුරු කරලා නැගිටලා යන ෆිල්ම්ස් වල තියෙනවා අමුතු දෙයක්. ජපාන පොලිසිය, පවා මේ මිනිස්සුන්ගේ පැත්තෙන් යමක් තේරුම් ගන්න විදිය, කරලා තියෙන වැරදි වලට නිසි දඩුවම දෙන හැටි උනත් ජපානය ගැන ප්‍රේක්ෂකයාට ඇති කරන්නේ වෙනස්ම හැගීමක්.
    අංක හතර. : ගොඩක් ස්තුතියි හසිත සහෝදරයා උපසිරැසි ය ට. කතාවේ හරිම තේරුම දැනෙන්න හරිම විදියට වචන දීල තියෙනවා. අයාලේ යමින්, ෆිල්ම් එක බලන්නේ නැතුව කල් දමපු ඒවා සේරම ඒ වචන නිසා, අවසානය තෙක්ම පුටුවේ රන්දල තිබ්බ. ජයවේවා !

  44. Yasindu Kalana

    Thank You!

  45. Hasitha erathna

    ඉදලා ඉදලා වෙනස් විදිහේ සෙට් වෙන ෆිල්ම් හොයාගෙන එකේ sub එක තියෙනවාද බැලුවොත් ඒක කරලා තියෙන්නේ හසිත මධුශාන් තමයි ගොඩක් වෙලාවට. මොකද foreign language movies වලට මාත් මාර ආසයි. keep it up bro

  46. baiscopelkISHU

    sub ekta thx saho