පහුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලබාගත්ත Netflix සමාගමේ තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. අපෝ ඔන්න තවත් Netflix ෆිල්ම් එකක් ගෙනල්ලා කියයි නේද? මේකත් ඔය වෙනදා බලන සාමාන්‍ය බජට් ෆිල්ම් එකක්ද? අපෝ නැහැ. ඔය වගේ සැක ඇති කරගන්න කොහොමටවත්ම ඕන නැහැ මොකද. මේක සුපිරියක්. ඒ ඇයි කියලා ඉස්සර…

පහුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලබාගත්ත Netflix සමාගමේ තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. අපෝ ඔන්න තවත් Netflix ෆිල්ම් එකක් ගෙනල්ලා කියයි නේද? මේකත් ඔය වෙනදා බලන සාමාන්‍ය බජට් ෆිල්ම් එකක්ද? අපෝ නැහැ. ඔය වගේ සැක ඇති කරගන්න කොහොමටවත්ම ඕන නැහැ මොකද. මේක සුපිරියක්. ඒ ඇයි කියලා ඉස්සරහට කියාගෙන යන්නම්.
හුගක් රජයන්වල වෙන දෙයක් තමයි තවත් කෙනෙක්ගෙන් සේවයක් අරගෙන පස්සෙ කාලෙක එයාලා විශ්‍රාම ගියාම ඒ හැටි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව යන එක. විශේෂයෙන්ම රට වෙනුවෙන් ජීවීත කැප කරන රණ විරුවන්ට. ඒ වගේ රට වෙනුවෙන් සෑහෙන මෙහෙවරක් කරපු විශේෂ පුහුණු බලකායේ සෙබළුන් පිරිසක් මේ වෙද්දී හරිම අමුතු ජීවීත ගත කරන ගමන් ඉන්නෙ. සමහර අය දිරි ගැන්වුම් කතා පවත්වන්න විතරක් සීමා වෙලා. තවත් සමහරු බොක්ෂින් ශුරයෝ වෙලා. තවත් සමහරු ගෙවල් විකුණන අය වෙලා. තමන් අතට ලැබෙන විශ්‍රාම වැටුපෙන් සෑහෙන රෝලක් ගහන් යන, පවුල් දෙක බලාගන්න වෙච්ච අය මේ අතරේ ඉන්නවා. දවසක් මේ අය එක්කම සේවය කරපු කෙනෙක් හොයාගන්නවා කාටෙල් එකක් අස්සේ සල්ලි කන්දරාවක් ගොඩ ගහගෙන ඉන්න මිනිහෙක් ගැන. මේ කෙනා තීරණය කරනවා මේ මිනිහා ගොඩ ගහන් ඉන්න සල්ලි වලින් මංකොල්ලකන්න ඕන කියලා. ඉතින් මේ වැඩේ තනියම කරන්න බැරි නිසා එයා තීරණය කරනවා තමන්ගේ පරණ ටීම් එක ආපහු වතාවක් එකතු කරගන්න ඕන කියලා. තමන්ගේ ජීවීතේ හැමදේම පැත්තකට දාලා සල්ලි අරගන්න යන මේ සෙබළුන්ට මේ වැඩේ ලේසි වෙන්නෙ නැහැ. සෑහෙන දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. සෑහෙන සාර්ථකත්වයෙන් පටන් ගන්න මේ මෙහෙයුම අන්තිමේදී කෙළවරක් වෙන්නෙ කිසිම කෙනෙක් නොහිතන විදිහට.
අහලා ඇතිනේ සමහර ස්ට්‍රීම් සර්විස් හරහා නිර්මාණය වෙන චිත්‍රපට සිනමාශාලා වලටත් දාලා සල්ලි හොයනවා කියලා?! අන්න ඒ විදිහේ නිර්මාණයක් තමයි Triple Frontier කියන්නෙ. ඇමරිකානු එක්සත් රාජධානියෙ තවමත් යොද නැඹුරුවක් තියෙන, වැඩි කතාබහකට ලක් වෙච්ච චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. පුරා සතියක් පුරාවට ඒ කිව්වේ පසුගිය මාර්තු 06’වැනිදා ඇමරිකානු එක්සත් රාජධානියෙ වගේම ස්පාඤ්ඤයෙ සීමිත සිනමාශාලා කිහිපයක අති සාර්ථක විදිහට තිරගත කිරීමක් සිද්දවුණා. අවාසනාවට චිත්‍රපටයේ ආදායම්/වියදම් වාර්තා නම් තවමත් සදහන් වෙලා නැහැ. හැබැයි චිත්රපටයබලද්දී ඔයාලට තේරෙන්න ගනීවි මොන තරම් ගුණත්වයෙන් චිත්‍රපටය නිර්මාණය කරලද කියලා.
මේකට වැඩි හරියක්ම දායකත්වය ලැබිලා තියෙන්නෙ DCEU රගපාපු කෙනෙකු වගේම ඒ චිත්‍රපට නිර්මාණයට දායක වුන අයයි. Atlas Entertainment සමාගම හරහා නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්දවෙන්නෙ J. C. Chandor යටතෙ. Charles Roven කියන නම නම් අහලා ඇති. මං අර මුලින් සදහන් කරපු විදිහට DCEU හි වගේම තවත් කොමික් චිත්‍රපට බොහොමයක් නිර්මාණයට දායක වූ කෙනෙක් තමයි මේ චිත්‍රපටයෙ නිෂ්පාදකවරුන් අතරේ මුලින්ම ඉන්නෙ චාර්ල්ස් තමයි. ඊට අමතරව Neal Dodson, Alex Gartner, Andy Horwitz කියන පිරිසත් මෙහි නිෂ්පාදක වරුන් විදිහට වැඩ කරලා තියෙනවා. Netflix හරහා ලොව පුරා බෙදාහැරිම ආරම්භ කරන්න කලින් සීමිත සිනමාශාලා තුල ප්‍රදර්ශනය කරන කාලෙ අතරතුර IMDb දර්ශකය තුල 8.7/10 ක අගයක්ද, Rotten Tomatoes දර්ශකය තුල 70% ක නැවුම් ප්‍රතිශතයක්ද ලබා ගන්න හැකියාවක් ලැබුණා. පැය දෙකකුත් විනාඩි පහකුත් පුරාවටම ධාවන කාලයක් අරගත්ත මේ චිත්‍රපටය Action, Adventure, Crime කියන කැටගරි වලට අයත් වෙනවා.
චිත්‍රපටයෙ ප්‍රධාන චරිත ගැන කතා කරනවානම් DCEU එකේ වසර ගණනාවක් පුරාවටම බැට්මෑන්ගේ චරිතයට රංගනයෙන් දායක වූ Ben Affleck තමයි මේ චිත්‍රපටයේ “ටොම්ගෙ” චරිතයට දායක වෙලා තියෙන්නෙ. මීට අමතරව Pacific Rim (2013), King Arthur: Legend of the Sword (2017) වගේ තවත් හුගක් ජනප්‍රිය චිත්‍රපටවල දායක වූ Charlie Hunnam තමයි මෙහි “විලියම්” විදිහට දායක වෙලා තියෙන්නෙ. මීට අමතරව X-Men: Apocalypse (2016) චිත්‍රපටයෙ හිටිය Oscar Isaac වගේම Adria Arjona, Garrett Hedlund, Pedro Pascal, Sheila Vand වගෙ හුගාක් ජනප්‍රිය නළු නිලියන් රැසක් තමයි මේ චිත්‍රපටය සදහා එක්වෙලා තියෙන්නෙ.
ක්‍රියාදාම, මංකොල්ලකෑම් ඔය දෙකම එක්කාසුවුණු චිත්‍රපටයක් බලන්න හොයනවනම් මේක අරගෙන බලන්න කියලා කියනවා. එහෙනම් ඉතින් මේ කියනවා වගේම චිත්‍රපටය හොදද කියලා බලලම කියන්නකො. ගිහින් එන්නම්. සුපර්නැචුරල් වගේම ස්ට්‍රයික් බැක් කොටස් දෙකෙන් මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
40,641 downloadsDownload Triple-Frontier-2019.zip103 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
133 comments
සමීර චතුරංග
Eranda Malith 2.0
සබ් එකට ස්තූතියි මචෝ
Prabodha Madhusankha Hettiarachchi
Sub ekata sthuthi broooo....
PaSindu MaDumal
තුති වේවා චාමර අයියා ❤
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
gihan perera
මරු මචෝ...මේකට උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
prageeth chamalka
බොහොම ස්තූතියි සහෝ ජය වේවා
dsdkavishka
Thenks for sub bro
Mahesh ruwan
bohoma sthuthi sub ekat
chandika1975
thank you for the subtitle.good worked.
vas0303
Thank you very much
Hemal
thank you <3
SHEHAN350
thanks machoo
harshani11112
බලන්න ආසම වර්ගයේ චිත්‍රපටයක්
ස්තුති යාලුවා
තෙරැවන්සරණයිD.Chamara
bohoma sthuthi sahooo jaya....
Aruna101
Thank you very much...
ak
Thanks!
ravinduz
Biscopedownloads වල ෆිල්ම් එක දාලා හුග වෙලාවකට පස්සේ සබ් දුන්නේ download කරලා බලන් හිටියා. But thanks
asankachathuranga
thanks bro
subodha
Thanks
Chokzi
Thanks......
darshana100
thanks bro ==================================
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..එනකම් බලන් හිටපු ෆිලුමක්..ජය වේවා..බුදුසරණයි!
dinesh88
ස්තුතියි ඔබට ජය
Pradeepkumara
Thanx saho
Nuwan-milinda
Thanks saho
Lt.Snk
Woow Amazing one!!!
thank u for the sub.Happy anniversary baiscopelk.com
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Indika Aruna Kumara
Thanks bro...
indika75
thanks..
rangika Kariyawasam
ඒක සුපිරියක්.තැන්කු සහෝ සබ දුන්නට.ජය
Mawan Geethanjana
Thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!rockz2020
බොහොම ස්තූතියි සහෝ ජයවේවා!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
The Cloverfield Paradox (2018) එකටත් sub දෙනවද.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥M.W. Dilhani
Thank you mary poppins ekata sub nadoooooo
දමිත් රත්නායක
බැට් මෑන් ඉන්න නිසා මේක නම් සුපිරි එකක් වෙන්න ඇති.
ජයෙන් ජය චාමර සහෝ.sathya
thanks bro
Rukshan37
Ela ela
Kanchaka
Thanks bro
Ayesh Prashan
Thank You
suranuwan
thanks bro...
Sandunprabath1230
බොහොම ස්තූතියි සහෝ
wajira
Thanks for sub
sahancharuka
THANK YOU
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
aks
Thanks...
Sandaru
Thanks for sub.good luck bro
nisalasewana
supiri
gayan215
sthuthi saho..
Advertisement
නිකමට ආවෙ දාලඩ බලන්ට. තෑක්ස් මෙයා...