Watch Trailer

Hell and Back (2015) with Sinhala subtitles | මින්ට් එකක් කළ හදියක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් මේ සැරේ අරන් ආවෙ 2015 නිකුත් වුන ඇනිමේෂන් චිත්‍රපටියක්. ඇත්තටම මට ඇනිමේෂන් ෆිල්ම් එකකට සබ් කරන්න කොහෙත්ම ආසාවක් තිබුනෙ නැ. ඒත් ඉතින් අසනීප තත්වයෙන් ඉන්න නිසා හිතුවා ඇනිමේෂන් එකක් කරන්න. හේතුව තමයි මම හිතුවා ඒවගෙ ලයින් ගාන අඩු ඇති කියලා. ඒක නිසා 2015 නිකුත් වුන hell and…

Hell and Back (2015)

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් මේ සැරේ අරන් ආවෙ 2015 නිකුත් වුන ඇනිමේෂන් චිත්‍රපටියක්. ඇත්තටම මට ඇනිමේෂන් ෆිල්ම් එකකට සබ් කරන්න කොහෙත්ම ආසාවක් තිබුනෙ නැ. ඒත් ඉතින් අසනීප තත්වයෙන් ඉන්න නිසා හිතුවා ඇනිමේෂන් එකක් කරන්න. හේතුව තමයි මම හිතුවා ඒවගෙ ලයින් ගාන අඩු ඇති කියලා. ඒක නිසා 2015 නිකුත් වුන hell and back චිත්‍රපටිය මම වෙන්කරගෙන බැලින්නම් ලයින් 2000 ත් පැනලා. ආයෙ ඉතින් මොනවා කරන්නද, බැද ගත්තු බෙරේ ගහන්නම එපැයි කියලා ටික දවක් අරගෙන සබ් එක කලා.

වල්පල් ඇති, කතාව ගැන ටිකක් කියන්නම්. කතාවෙ ප්‍රධාන චරිත ටික කිව්වොත්, රෙමි, ආගි, කර්ට්, ඩීමා, ක්ලෙබ්, විල්[යක්ෂයා], ඕර්පියස්, බාර්බ්[ඒන්ජල්], මැඩම් සෝනාර්. මෙයාලා තමයි කතාව ඇතුලෙ ප්‍රධාන වශයෙන් ඉන්න චරිත ටික. රෙමි, ආගි, කර්ට්, ක්ලෙබ්, මැඩම් සෝනාර් මෙයාලා ඉන්නෙ කානිවල් එකක. හැබැයි ඉතින් මේ කානිවල් එක මහා ලොකු සාර්තක කානිවල් එකක් නෙවෙයි. ඒක බංකොලොත් වුන කානිවල් එකක්. ඉතින් මේ කානිවල් එකේ කලමනාකාරු තමයි ක්ලෙබ් කියන්නෙ. එයා දන්නවා කානිවල් එක වැහෙන්න යන්නෙ කියලා. ඒත් ඉතින් එයාට ඒක ගැන ගානක් නැ. හැබැයි අනික් අයට නම් මේකට ගොඩක් අවුල්. මැඩම් සෝනාර් කියන්නෙ පේන කියන කෙනෙක්. මෙයා ලග තිබිලා රෙමීට අමුතු පොතක් හම්බවෙනවා. රෙමි ඒ පොත මැඩම් සෝනාර්ගෙන් ඉල්ලගෙන එනවා කානිවල් එක ගොඩ දාන්න අළුත් අදහසකුත් එක්ක. ඔය අතරෙ කර්ට් රෙමිගෙන් මින්ට් එකක් ඉල්ලනවා, හබැයි රෙමි දෙන්න කැමති වෙන්නෙ නැ. මොකද කර්ට් ආපහු කවදාවත් එයාට එකක් නොදෙන නිසා. ඒත් කර්ට්ගෙ දැඩි ඉල්ලිම නිසා රෙමි ලේ දිවුරුමක් මත කර්ට්ට මින්ට් එකක් දෙනවා. එතනින් පස්සෙ මොකක් වෙයිද, ඇත්තටම මේ රෙමීට හම්බවෙන පොත මොකක්ද? එයාලට මොනවගේ අබැද්දි වලට මුහුණ දෙන්න වෙයිද කියලා ෆිල්ම් එක බලලම තීරණය කරන්න ඔයාලට බාරයි.

Hell And Back චිත්‍රපටය IMDb දර්ශකයේ 5.3/10 අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ 2015 ඔක්තෝම්බර් 2. ඒ වගේම චිතපටය නිකුත් වී සතියක් යන විට  $ 104,374 අදායමක් ලබාගෙන තියෙනවා. ඔක්තෝම්බර් 15 වන විට $ 157,768 අදායමක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා. චිත්‍රපටය අයිති වෙන්නෙ dventure/Comedy කියන ඝනයට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Tom Gianas සහා Ross Shuman විසින්. තවත් කියනවනම්, Mila Kunis, Nick Swardson, Bob Odenkirk වැනි අය විසින් හඩ දායකත්වය ලබා දී තිබෙනවා.

සැ.යු: මෙම චිත්‍රපටය පුරාවටම අසභ්‍යය වචන සහා දෙබස් ඇති බැවින් කුඩා ළමුන් හට සුදුසු නොවේ.

ජය වේවා!

Hell and Back (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hell.and.Back.2015.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

1,343 downloadsDownload Hell.and_.Back_.2015.Baiscopelk.com_.rar61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,343 downloadsDownload Subtitles61 KB

12 comments

  1. Charith Eranga

    thanks lahiru

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති ලහිරු සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. Madusha

    ස්තුතියි සහෝ

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  6. Asitha

    elama saho thanks

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  8. Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Darshana

    Thanks saho

  10. me

    Thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P