Watch Trailer

Coherence (2013) with Sinhala Subtitles | යථාර්තයන් කිහිපයක් ! [සිංහල උපසිරැසි සමඟ]

සමහර විටක ඔබ ස්ක්‍රොඩින්ගර්ගේ බිළාලයා පිළිබඳව දැනුවත්ව ඇති. මෙය ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥයකු වන අර්වින් ස්ක්‍රොඩින්ගර්ගේ සංකල්පිත පරීක්ෂණයක්. සංවෘත්ත වානේ පෙට්ටියක් තුළ බිළාලයෙකු ඇතුළු කර, එම වානේ පෙට්ටිය තුළට විෂ සහිත කුප්පියක්, ගයිගර් ගණකයක් සහ මිටියක් සහ විකිරණශීලී ද්‍රව්‍යයක් ද ඇතුළු කිරීමට…

Coherence (2013)

සමහර විටක ඔබ ස්ක්‍රොඩින්ගර්ගේ බිළාලයා පිළිබඳව දැනුවත්ව ඇති. මෙය ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥයකු වන අර්වින් ස්ක්‍රොඩින්ගර්ගේ සංකල්පිත පරීක්ෂණයක්. සංවෘත්ත වානේ පෙට්ටියක් තුළ බිළාලයෙකු ඇතුළු කර, එම වානේ පෙට්ටිය තුළට විෂ සහිත කුප්පියක්, ගයිගර් ගණකයක් සහ මිටියක් සහ විකිරණශීලී ද්‍රව්‍යයක් ද ඇතුළු කිරීමට සලස්වනවා. විකිරණශීලී ද්‍රව්‍යය ක්ෂය වීමට පටන්ගත් මොහොත වන විට, ඒ මඟින් මිටිය ක්‍රියාත්මක වී විෂ කුප්පියෙහි වන විෂ නිදහස් කිරීම සිදුවනවා. මෙම විකිරණශීලී ද්‍රව්‍යය ක්ෂය වීමේ ක්‍රියාවලිය සැබැවින්ම අහඹු ක්‍රියාවලියක්. එය සිදුවනවා ද නැතිද කියා කලින් කීමට කිසිවෙකුටත් හැකියාවක් ලැබෙන්නේ නෑ.

විද්‍යාඥයින් පවසන අන්දමට පරමාණුවක් එකම අවස්ථාවක් තුළ ඇති හෝ නැති අවස්ථාවක් තුළ තිබිය හැකියි. එහි අදහස පෙට්ටිය තුළ සිටින බිළාලයා ජීවත්ව සිටීමට මෙන්ම මිය යාමට හැකිවීමටත් පුළුවකමක් කමක් තිබෙනවා. එය 50න් 50ක සම්භාවිතාවක්.

නමුත් චිත්‍රපටයේ බ්‍රයන් වාද කරන විදිහට, ක්වන්ටම් භෞතික විද්‍යාවට අනුව මෙම අවස්ථාවන් දෙකම එකසමානව පැවතීමට පුළුවන්. එම වානේ පෙට්ටිය විවෘත කළ විට එය එක් අවස්ථාවක් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබෙනවා. ඔහු තවදුරටත් පවසන්නේ මෙලෙසයි,

“අවස්ථාවන් දෙකක් එකිනෙකාගෙන් වෙනස්ව ප්‍රතිවිරුද්ධව එක සමාන ලෙස පැවතීමේදී, ප්‍රතිඵලයන් දෙකක් සහිතව වෙනමම යථාර්තයක් නිර්මාණය කරන්නට පෙළඹෙනවා. ක්වන්ටම් නොගැළපීම අර්ථ දක්වන්නේ මෙම එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් දෙක එකිනෙක අන්තර් ක්‍රියාකාරී නොවන බවටයි.  “

එතකොට කොහොමද මේ සංසිද්ධිය මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ? මෙහෙමයි, එම්, හියු, මයික්, ලෝරි ඇතුළු යහළුවන් අට දෙනෙකු පමණ එක් දවසක රාත්‍රියේ ගෙදරක සාදයක් සඳහා එකතු වෙනවා. මොවුන් මෙලෙස සතුටු සාමීච්චියේ යෙදෙන අතර වාරයේ එක් වරම ගෙදර විදුලි සැපයුම ඇනහිටිනවා. නමුත්, ඒ ගෙදරින් තවත් ගෙවල් කිහිපයකට එහා එක් ගෙදරක විදුලිය ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබෙනවා. මෙහිදී වහාම ක්‍රියාත්මක වන හියු ඒ පිළිබඳව සොයා බලන්නට ඒ නිවස වෙත යනවා. නමුත් ඒ දකින දෙයින් ඔවුන් පුදුමයට පත් වෙන්නෙ නොදැනුවත්වම. ඒ නිවස තුල සිටින්නේ, ඔවුන් ආපු නිවස තුල සිටි ඔවුන්ගේම යහළුවන්. එය එසේ වන්නේ කොහොම ද!? ඔවුන් තවදුරටත් පුදුම වනවා. පසුව ඔවුන්ට වැටහෙන්නට ගන්නවා, ඒ නිවස අසලින් ගමන් කළ ධූමකේතුවක් මඟින් වෙනස් යථාර්තයන් ගණනාවක් නිර්මාණය කර ඇති බව.

එතකොට ඒ නිර්මාණය කළ යථාර්තයන් කළින් සඳහන් කරපු ක්වන්ටම් භෞතික විද්‍යාත්මක සංකල්පයට සම්බන්ධ වෙන්නෙ කොහොම ද? ඒ ගැන දැන ගන්නම නම් චිත්‍රපටිය මුල ඉඳන් හොඳින් බලන්න වෙනවා. සෑහෙන්න පැටලිලි සහගත සුපිරිතම විද්‍යා ප්‍රබන්ධයක් වෙනවා නොඅනුමානයි මේක!

Coherence (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Coherence.2013.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,615 downloadsDownload Coherence.2013.Baiscopelk.com_.rar49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/යස්මික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,615 downloadsDownload Subtitles49 KB

32 comments

  1. #EmJay#

    thanks subtitle ekata saho!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Madusha

    නියමයි.ස්තුතියි සහෝ

  4. w a thilak

    විද්‍යා ප්‍රබන්ධ කතාවලට කොහොමත් කැමතියි...බාගෙන බලමු.ස්තුතියි උපසිරසියට

  5. me

    Thanks

  6. nishadi wickrama

    tnx

  7. නිපුණ වීරසේකර

    ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව උනන්දුවක් තියෙන අයට මේ සළරුව සුපිරිම වින්දනයක්‌ වේවී. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව එකම වස්තුව දෙතැනක තියෙන එක සාමාන්‍ය දෙයක්... චුල්ල පන්ථක රහතන් වහන්සේ 500ක් රුව මවා ගත්තා කියන එක ඉතින් අතිශෝක්තියක් නෙවේනේ... සබ් එකට බොහොම ස්තුතියි... ජයෙන් ජය...

  8. Hashan

    Thanks broo

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හොඳ ෆිල්ම් එකක් වගේ. කලාතුරකින් දකින්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේ. විද්‍යා ප්‍රබන්ධ කතාවලට මමත් ගොඩාක් කැමතියි. ඔන්න බාන්න දැම්මා. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  10. Krishan NiShalya

    thanks sub ekata
    me wage patta film walata digatama sub denna
    Good LUCK......!☺
    ☺☺☺

  11. Asitha

    මේක දෙනකම් හිටියේ සහෝ..
    තෑන්ක්ස්

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  13. Sajith Anthony

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  14. lahiru

    pissu hadeyi a..... patta filumak wage thanx saho sub ekata

  15. kelum chathuganga abeysekara

    thanks

  16. chinthaka

    thankz brooo

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  19. Srimal Priyanga

    බොහොම ස්තූතියි

  20. දුෂාන් ලක්ෂිත

    ෆිලුම නම් හොදයි වගේ බාලම බලනවා ගොඩක් ස්තූතියි

  21. nidi

    Thanks Yasmika! samanyen oya sub karana film ekak gena ayemath kiyanna deyak nehe. eth comment ekak noda behene. hondai. hebei mole koloppan wuna. karakawala atha eriya wage.

  22. Henry

    Meke subtitles suport karanhane frnd???

  23. Dilan

    Thanksss sahoo

  24. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  25. HD9922

    Thank you brother

  26. thisumdeemantha

    Thanz for subtitles bro !!!

  27. vimuthi fernando

    elaaaaaaaaaaaaaaaaaaa

  28. Tharindu bandaranayake

    wow. superb movie. thnks for sub

  29. Anonymous

    Thanks Sub ekat,. Jayawewa

  30. Hasantha

    Thanks

    1. Anonymous

      Thanks

  31. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.