Watch Trailer

Hell of a Summer (2023) Sinhala Subtitles | සුන්දර ගිම්හානයේ බිහිසුණු අපාය [සිංහල උපසිරසි]

Hell of a Summer (2023) Sinhala Subtitles සුබ දවසක් වේවා බයිස්කොප්වාසී සියලු දෙනාටම අද මම ඔයාලට අරං ආවෙ හිනා වෙන්නත් පුළුවන් බය වෙන්නත් පුළුවන් ලස්සන චිත්‍රපටයක්. මුලින්ම කියන්න මේ මගෙ කුළුදුල් උපසිරැසි ගැන්වුම. මට උපසිරැසියක් කරන්න බාර දුන්න රවිදු හේෂාන් පෙරේරා මල්ලිට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. co…

Hell of a Summer (2023) Sinhala Subtitles

සුබ දවසක් වේවා බයිස්කොප්වාසී සියලු දෙනාටම අද මම ඔයාලට අරං ආවෙ හිනා වෙන්නත් පුළුවන් බය වෙන්නත් පුළුවන් ලස්සන චිත්‍රපටයක්. මුලින්ම කියන්න මේ මගෙ කුළුදුල් උපසිරැසි ගැන්වුම. මට උපසිරැසියක් කරන්න බාර දුන්න රවිදු හේෂාන් පෙරේරා මල්ලිට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

comedy horror කාණ්ඩයට අයත් මේ චිත්‍රපටිය 2023දි නිර්මාණය වෙච්ච 2025දි නිකුත්වුන චිත්‍රපටයක්‍. Billy Bryk, Finn Wolfhard දෙන්නගෙ අධ්‍යයක්ෂණයක් වෙච්ච මේ චිත්‍රපටය IMDb දර්ශකයෙ 5.3 කුත් Rotten Tomatoes දර්ශකයෙ 51% කුත් ගන්න සමත් වෙලා තියනවා‍. කතාව ගත්තොත් පයින්වේ කියන ගිම්හාන ඍතු ගතකරන කදවුරකට පැමිණෙන තරුණ  ළමුන් ඒකොළොස්දෙනෙක්  වටා දිනක් ඇතුලත ගෙවී යන සිදුවීම් මාලාවක් අලලා කරපු නිර්මාණයක්.

මෙහි ඒන ප්‍රධාන චරිතය වන ජේසන් හොච්බර්ග් කියන තරුණයා මෙම පයින්වේ ගිම්හාන ඍතු කදවුරේ භාරකාරයන් වන ජෝන් සහ කැතීගෙ ආරාධනාවෙන් ඒ්ගොල්ලොන්ගෙ සහයට අමතර සහයෙකු විදිහට සේවය කරන්න ඒනවා හැබැයි ඒයා ඒනකොටත් ජෝන් කැති දෙන්නා කදවුරේ නැහැ. ඊටපස්සෙ ජේසන් තීරණය කරනවා කදවුරේ ගත කරන්න ආපු ළමයින්ගෙ නායක උපදේශකයා විදිහට කටයුතු කරන්න ජෝන් සහ කැතී දෙන්න ඒනකං.

ඒ් අතරෙ මේ කදවුරේ අත්භුත දෙයකුත් සිදුවෙනවා මිනීමරුවෙක් ඇවිල්ලා මේ ළමයින් ඒක ඒක්කෙනාව මරණ්න හදනවා.ඇයි ඒ් මිනීමරුවා ළමයින්ව ගොදුරු කරගන්න හදන්නෙ? කවුද ඒ් මිනීමරුවා? නායකයා විදිහට ජේසන්ට මේ ළමයින්ව බේරගන්න පුළුවන්වේවි ද? කෝ ජෝනුයි කැතීයි? මේ ප්‍රශ්න වලට උත්තර පැයයි විනාඩි 37 පුරා දිවෙන මේ චිත්‍රපටය නරඹලා හොයාගන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..

අන්තිමටම කියන්න ඔනෙ මේ මගෙ පළවෙනි උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු ගොඩක්  තියෙන්න පුළුවන්. ඉතිං ඒ් වැරදි අඩුපාඩු ඔයාලගෙ අදහස් උදහස් යෝජනා චෝදනා පුංචි comment දාගෙන යන්න අමතක කරන්න ඒපා කියලත් ආදරයෙන් මතක් කරනවා ඒහෙනං සියළු දෙනාටම ජය වේවා..

Hell of a Summer (2023) Sinhala Subtitles


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,211 downloadsDownload Hell-of-a-Summer-2023.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර සමරවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-01
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hell of a Summer (2023) Sinhala Subtitles

Subtitles by

උදාර සමරවික්‍රම

Subtitles

1,211 downloadsDownload Subtitles44 KB

7 comments

  1. යුරාන් ධනුක

    නියමයි සහෝ. මේ වගේ ෆිල්ම් වලට දිගටම සබ් දෙමු.

  2. Buddhika laKMal

    පළවෙනි සබට සුබපැතුම් මචං.....
    ඉස්සරහටත් වෙලාවක් තියෙන විදිහට මේවගේ ඒවට සබ් දෙමු..........
    ජයවේවා........

  3. Asanga Basooriya

    jayama wewa..

  4. Visal Ashintha

    Gd luck

  5. Asela chathuranga

    ජයවේවා මිත්‍රයා, දිගටම මේක කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    බුදු සරණයි

  6. Anonymous

    Jaya...!!

  7. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණා කමෙන්ට් එකක් දාන්න ගොඩක් ප්‍රමාද වුණාට.
    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් උදාර සහෝ
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
    දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
    ජය! ✌