28 Years Later (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ තවත් බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියත් අරගෙනයි. මං දන්නව කට්ටිය මේකට සබ් එක අරගෙන එකනම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ කියල.දවසකින් උනු ප්‍රමාදයට සමාව ඉල්ලා සිටින ගමන් ම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන උපසිරැසි…

28 Years Later (2025) Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ තවත් බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියත් අරගෙනයි. මං දන්නව කට්ටිය මේකට සබ් එක අරගෙන එකනම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ කියල.දවසකින් උනු ප්‍රමාදයට සමාව ඉල්ලා සිටින ගමන් ම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන උපසිරැසිය මට භාර කරපු බිම්සර යශාන් සහෝට! එහෙනම්,අපි යමු කතාව පැත්තට. මේ 28 years later චිත්‍රපටයේ කතාව දෙදාහෙ මුලටම දුවයන ඉතිහාසයක්. 2001 වසරේ 28 day later සිනමා පටයෙන් ඇරඹි මේ ලොවක් බියෙන් සලිත කර සොම්බි චිත්‍රපට මාලාවේ දෙවැන්න 2007 වසරේ 28 Weeks Later නමින් ජනතාව අතරට එන්නෙ මේ කතාවෙ තියෙන වස්තු භීජය වගේ ඒ වටා එක් රැස් වූ රසික ජනතාව ද තව තව පුළුල් කරමින්.පළමු චිත්‍රපට ද්විත්වය නිකුත් වූ මුල් කාළවකවානු වලදී ලොව පුරා ජනතාව Living Truma එකක නතර කරන්න තරම් මේ කතා ද්විත්වය භීෂණකාරී මෙන්ම තාත්වික මුහණුවරක් ගත්තා. මොකද ඒ වෙනකොටත් Zombie පාදක සිනමා නිර්මාණ බිහිවෙලා තිබුනෙ බොහොම අතලොස්සයි.ඉතින් ඒ සිනමා නිර්මාණ අතරේ මේ සිනමා පට මාලාව ඉතා ප්‍රාධාන සන්දිස්තානයක් ගත්තා ප්‍රේක්ෂක හදවත් තුල. ඉතින්,2007 වසරේ දෙවන චිත්‍රපට නිකුත් වී වසර 18 කට පමණ පසුව,එහි තෙවන චිත්‍රපටය වන 28 Years Later අපිට මේ විදියට බලා කියාගන්න හැකියාව ලැබිල තියෙනව ඔන්න. මේ චිත්‍රපටයට මම පෞද්ගලිකව ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න හේතුව උනේ මේ චිත්‍රපටයේ තිර පිටපත රචනා කරල තියෙන්නෙ මම අදටත් ආසාවෙන් නැවත නැවත නරඹ චිත්‍රපට අතලොස්සට Annihilation,Men,Ex machina වගේ සිනමා පට තිළිණ කරපු ප්‍රවීන තිර පිටපත් රචක වගේම,අධ්‍යක්ෂක Alex Garlend විසින්. ඔහුගෙ දැනුම් වපසරිය හේතුවෙන් පිටපත නිර්මාණය වූ නිසා ද මංදා මේ චිත්‍රපටය අනික් චිත්‍රපට දෙකෙහිම නොවූ විදියෙ බොහොම පොහොසත් කතාවක් මේකෙ අන්තර්ගත වෙලා තියෙනව. ඒ වගේම තමයි,මේ සිනමා සිත්තමේ තවත් විශේෂ කාරණයක් වෙන්නෙ සාම්ප්‍රදායික කැමරා වලින් වෙන් වෙලා, Apple iphone cameras වලින් මෑත කාලයේ සිදු කරපු ඉතා Rare shooting එකක් විදියටත් මේ සිනමාපටය හඳුන්වා දෙන්න පුළුවන්.Apple 15 pro සහ 15 pro max Camera තමයි මේ විදියට මේ සිනමා පටයේ රූගත කිරීම් වලට භාවිතා කරල තියෙන්නෙ. මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතර වැඩි කතා බහකට ලක් වෙන්න ඒකත් විශාල හේතුවක් උනා.
28 Years Later චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා I phone Camera 20ක් රඳවා තැබීමට හැකිවන ලෙස නිර්මාණය කෙරූ Rig එක.
දැන් යන්න හදන්නෙ චිත්‍රපටයේ කතාව පැත්තට. මේකෙ දි වෙන්නෙ අර පළවෙනි ෆිල්ම් එකේ තිබුනු Virus outbreak එකෙන් අවුරුදු 28කට පස්සෙ කතාවක්,අනික් චිත්‍රපට නොබලපු කෙනෙකුට උනත් බොහොම උද්‍යෝගයක් ඇතිව රසවිඳින්න පුළුවන් ආකාරයට තමයි මේ කතාව ගොඩ නඟල තියෙන්නෙ. Main Land එහෙමත් නැත්තම් වෛරස ආසාදිතයින් පිරී සිට්න ” මරණයේ මිටියාවත” තරණය කර තම මවට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයෙකු සොයා යන පුංචි ගැටවරයෙකුගෙ වීර චාරිකාවක් තමා මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ. ඒ වගේම අපිට පළවෙනි ෆිල්ම් එකෙන්,අවුරුදු 28කට පස්සෙ කිලියන් මර්ෆි ගෙ ස්වරූපයත් මේ චිත්‍රපටය තුළ දී අපිට දැකබලාගන්න හැකියාව ලැබෙනවා. මේ වෙද්දි ඉතා හොඳ රේටිං සහ රීවීව්ස් අරගෙන Box office වාර්ථා වල ඉතා ඉහල තැනක මේ classic film series එකේ New Version එක වැජබෙනවා කියන එකත් විශේෂ කාරණයක්. ඒ Classic ගතිය ඒ විදියටම නොඅඩුව ලබාදෙන්න මෙවර චිත්‍රපටයේ නිශ්පාදක කණ්ඩායම බොහොම දක්ෂ විදියට සමත් වෙලා තියෙනව. එහෙනම්,කොහොමත් මොන ෆිල්ම් එකට සබ් කරත් මගෙ ලිපි එච්චර දීර්ඝ වෙන්නෙ නෑනෙ.ඒ ඉතිං හැටි එහෙනම් පමාවට නැවත වරක් සමාව අයැද සිටිනවා! එසේනම්,සබ බාගත කොට උපසිරැසිය සමගම නරඹමු.හැමෝටම සුභ දවසක්,තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු! ජය!
28 Years Later (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,063 downloadsDownload 28-Years-Later-2025.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
28 Years Later (2025) Sinhala Subtitles
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
11 comments
Asanga Basooriya
රේමන් ඇන්තනී
thanks brother
Sahan Gayantha
thanks a lot saho sub ekata
Minuk
Thanks machn sub ekata
Buddhika laKMal
තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Tharu
Reviver වල සබ් දෙන්නකෝ
Janithadilan
Thanks Bro Sub ekata
Malith samarawickrama
thanks saho sub ekta
Anonymous
Thank you
Advertisement

sub ekata bohoma sthuthi,jayama wewaa